රහස් තැනක් බලන්න යමු...

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රහස් තැනක් බලන්න යමු...

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඉතිහාසයේ ප්‍රථම වතාවට ත්‍රීකුණාමල නාවික හමුදා කදවුර එක්සත්ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් විසින් පරීක්ෂාකර එහි වධකාගාරයක් තුබූබවට සාක්ෂි ඇතැයි ප්‍රකාශයකුත් නිකුත් කලාය කියන්නේ හැබෑද?

    -අද උදේ සිටි එෆ්එම් පුවත්පත් විස්තරේට කිව්වේ.

    යකෝ කෝ අපේ රටේ ස්වෛරීභාවය. මොකාද මේකට අවසර දුන්නේ.

    (මුන් ග්වොන්ට්ටනාබේ ගිහින් බැලුවෙ නැද්ද??)

    කෝ චම්පික ?? කෝ රතන??

     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ත්‍රී'මලේ නාවික හමුදා මූලස්‌ථානයට එජා කණ්‌ඩායමක්‌ පනී

    මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ.

    මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.

    ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මතය. එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.s මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.



    http://www.divaina.com/2015/11/20/news11.html
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    වධකාගාරය විමර්ශනයට නාවික හමුදාවේ 3ක් අත්&#3461

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ත්‍රිකුණාමල නාවික හමුදා සංකීර්ණයේ පවත්වාගෙන යනු ලැබූ වධකාගාරය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු සහ නාවිකයකු අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තාවේ.

    නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'රේඩියෝ ගගන' වෙබ් අඩවියට කියා සිටියේ වධකාගාරය ගැන කෙරෙන රහස් පොලිස් පරීක්ෂණ වලට නාවික හමුදාවද සහාය දෙන බවයි.

    අත් අඩංගුවේ සිටින අයගේ නම් හෙළි කිරීම ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර පොලිසිය කියා සිටියේ රහස් පොලිස් පරීක්ෂණ සම්බන්ධ තොරතුරු ජනමාධ්‍ය වෙත ලබාදිය නොහැකි බවයි.

    ත්‍රිකුණාමල වරාය සංකීර්ණයේ වනගත කඳුගැට මත පිහිටි ‘ගෝටාස් කෑම්ප්’ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය (ITJP) 2015 ජූනි මාසයේ හෙළි කළ පරිදි 2010 දක්වා වධකාගාරයේ අණදෙන නිලධාරියා ලුතිනන් කොමදෝරු කේ සී වෙලගෙදරය. ඉන් අනතුරුව ලුතිනන් කොමදෝරු රණසිංහ කඳවුරේ ප්‍රධානියා වශයෙන් කටයුතු කොට තිබේ.


    http://sinhala.lankanewsweb.net/news/item/1607-3
    :no::no::no:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    owa gena katha karana untaa dan jathi wadhiyo kiyalane bn kiyanne. Eksath jathin enneth podi ratawal walata case danna thamai unta loku ratawalwala ewun kohoma war gehuwath awlak na.
     
    Last edited: