රහසින් මුමුනා කියූ
රහසින් මුමුනා කියූ...
ඉගියක් මට ඇසුනා......
හිත පතුලේ කෑ ගැසූ...
සිතුවිල්ලක් පිබිදුනා.....
දිය ඇල්ලක් සේ ගැලූ...
කදුලැල්ලක් නිවා උනා...
මේ හිරිමල් යෞවනේ.....
දෙහදක මල් පීදුනා........
නිදියන්නම් සුහදිනියේ...
ඔබෙ උකුලට හිස තියලා.....
සැගවෙන්නම් ඔය තුරුලේ...
නව ජීවිතයක් සොයලා.....
නොදුටුව පෙම් ලෝකයේ....
කව්ලුව ඇත විවර වෙලා...
සැනහෙන්නම් ඒ ලොවේ....
සුරපුරයක් මට ලැබිලා........
කදුලැලි දුක් ගිනි නිවුනා...
හිත රැදි සෝ ගී නෑසීලා...
සිහිලැල්ලේ යා වුනා...
දෙසවන ඔය හඩ අසලා.......
මේ සුන්දර රාත්‍රියේ...
තරු පොකුරට රැජින වෙලා...
දිලිහෙනවද සදවතියේ
ඉන්නම් මං මග බලලා.......
ඉගියක් මට ඇසුනා......
හිත පතුලේ කෑ ගැසූ...
සිතුවිල්ලක් පිබිදුනා.....
දිය ඇල්ලක් සේ ගැලූ...
කදුලැල්ලක් නිවා උනා...
මේ හිරිමල් යෞවනේ.....
දෙහදක මල් පීදුනා........
නිදියන්නම් සුහදිනියේ...
ඔබෙ උකුලට හිස තියලා.....
සැගවෙන්නම් ඔය තුරුලේ...
නව ජීවිතයක් සොයලා.....
නොදුටුව පෙම් ලෝකයේ....
කව්ලුව ඇත විවර වෙලා...
සැනහෙන්නම් ඒ ලොවේ....
සුරපුරයක් මට ලැබිලා........
කදුලැලි දුක් ගිනි නිවුනා...
හිත රැදි සෝ ගී නෑසීලා...
සිහිලැල්ලේ යා වුනා...
දෙසවන ඔය හඩ අසලා.......
මේ සුන්දර රාත්‍රියේ...
තරු පොකුරට රැජින වෙලා...
දිලිහෙනවද සදවතියේ
ඉන්නම් මං මග බලලා.......
Last edited:
