රාගම වෛද්‍ය විද්‍යාලයේ සිට මාලබේ දක්වා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රෝගීන්ගේ වම් අත වෙනුවට දකුණු අත කපා දමා කිසි දෙයක් නොවුනා සේ පසු දිනයේත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ පමණි. ඒ රජයේ වෛද්‍ය පීඨ උපාධිධාරීන්ගේ ඉහළ ප්‍රමිතියයි.

    me sin eka nam aththga machn. onna owa nam navaththnna oni
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    Too late to regret..... these left oriented selfish people who want everything provided by the government free are a bane on a country like Sri Lanka, and any futuristic vision for the country..
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    රාගම එක්ක සසඳන්න කියන එක නෙමෙ මචං මෙතන කියන්නේ. මෙතන කියන්නේ එදා ඉඳන් තියෙන කුලය රැකීමෙ පරමාථයෙක් ඊනියා දේශප්‍රේමය ආරෝපණය කරගත්ත කුහකයෝ පිරිසකගෙ ක්‍රියාකලාපය නිස ඇතිවෙලා තියෙන විනාශය. සයිටම් එක කවදා හරි වැහෙයි. ඒත් කුහක කම එහෙම්මමයි. ප්‍රයිවට් එව්වා පැත්තක දාපන්. ආණ්ඩුවෙම එව්වට මුන් බකට් ඇදගන්නවානේ ? ඔය ලිපියෙම කියලා තියෙනවා පැහැදිලිව .ඇයි එහෙම වෙන්නේ ??
    නරුම කුහක ගතිය නිසා .



    සහතික ඇත්ත....
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    සෞක්‍ය සේවය රැකගන්න පෞද්ගලික රෝහල් , චැනලින් සේවා තහනම් කරන්නත් ඔන හරිනම්...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රෝගීන්ගේ වම් අත වෙනුවට දකුණු අත කපා දමා කිසි දෙයක් නොවුනා සේ පසු දිනයේත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ පමණි. ඒ රජයේ වෛද්‍ය පීඨ උපාධිධාරීන්ගේ ඉහළ ප්‍රමිතියයි.

    me sin eka nam aththga machn. onna owa nam navaththnna oni
    :lol::lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    The issue in NCMC was that they were to obtain the identical degree of Colombo Medical Faculty though they study in NCMC. This was the objection of the GMOA as well as Medical Students. But JVP (Champika Ranawaka the then convenor of Inter Uni Student Federation)and others wanted to Nationalize it . They met Mrs B who was a candidate for the Presidency n 1989 and she readily included that in her manifesto. So, it was also pledged by Mr . Premadasa and he did it !
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රෝගීන්ගේ වම් අත වෙනුවට දකුණු අත කපා දමා කිසි දෙයක් නොවුනා සේ පසු දිනයේත් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ලංකාවේ පමණි. ඒ රජයේ වෛද්‍ය පීඨ උපාධිධාරීන්ගේ ඉහළ ප්‍රමිතියයි.

    me sin eka nam aththga machn. onna owa nam navaththnna oni

    :yes::yes::yes:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රාගම එක්ක සසඳන්න කියන එක නෙමෙ මචං මෙතන කියන්නේ. මෙතන කියන්නේ එදා ඉඳන් තියෙන කුලය රැකීමෙ පරමාථයෙක් ඊනියා දේශප්‍රේමය ආරෝපණය කරගත්ත කුහකයෝ පිරිසකගෙ ක්‍රියාකලාපය නිස ඇතිවෙලා තියෙන විනාශය. සයිටම් එක කවදා හරි වැහෙයි. ඒත් කුහක කම එහෙම්මමයි. ප්‍රයිවට් එව්වා පැත්තක දාපන්. ආණ්ඩුවෙම එව්වට මුන් බකට් ඇදගන්නවානේ ? ඔය ලිපියෙම කියලා තියෙනවා පැහැදිලිව .ඇයි එහෙම වෙන්නේ ??
    නරුම කුහක ගතිය නිසා .



    සහතික ඇත්ත මචං ! මේ කරන වැඩේ තියෙන්නේ තනිකරම කුහකකම විතරයි!! මට තේරෙන්නේ නැත්තේ ඇයි මුන් හැමවෙලේම A/L result එකේම එල්ලෙන්නේ ? රජයේ හෝ පුද්ගලික විස්වවිද්යාලයකින් දෙස්තර කෙනෙක් විදිහට එලියට එන මිනිස්සු ප්‍රතිකාර කරන්නේ ඔවුන්ගේ A/L දැනුමෙන් නෙමේ, ඔවුන් අදාල විස්වවිද්යාලයකින් ලබාගත් දැනුමින් . එහෙනම් ඔවුන් සුදුසුකම්ලත්ද නොලත්ද කියල බලන්නඕනේ ACT16 වගේ පරීක්ෂණයක් බාවිතා කරලා ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාදැනුම පරික්ෂකරලයි.එතකොට එකෙන් අසම්ත්නම් reject කරන්න පුළුවන් .. දැන් කියන්නෙපා SITAM ACT16වලටලියන්න කැමති නෑකියල එහෙම ...මම ගුවන්විදුලි වැඩසටහන් දෙකතුනකම ඇහුව ඔවුන් අබියෝගකරනවා පුලුවන්නම්
    ACT16 වලටඅපේ ළමයිවාඩිකරවන්න කියලා
    :nerd:


    හොද ලිපියක් !!:D

     
    Jul 5, 2012
    1,773
    265
    0
    රටට අහිමි වූ ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය
    මේ සියල්ලටම වඩා වැදගත් සාධකය වන්නේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ශ්‍රී ලංකාව පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමට තිබූ හැකියාවයි. මහාචාර්ය හීන් නිලමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ සිහින දකින හැත්තෑව දශකයේදී ආසියාවේ කිසිදු රටකට පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමට අදහසක් හෝ නොතිබිණ. ආසියාවේ අද පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන සිංගප්පූරුව පවා ඒ දිනවල වැඩි අවධානය යොමුකර තිබුණේ සිය රාජ්‍ය විශ්ව විද්‍යාලය ශක්තිමත් කිරීම පිලිබඳව ය. ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය, වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අද ප්‍රමුඛයන් වී සිටින රටවල් මහාචාර්ය හීන් නිලමේලා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවධියේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිලිබඳ කිසිදු අවධානයක් යොමු කර තිබුනේ නැත.

    ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්ව විද්‍යාල ගිනි තබමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛරී සමාජ ව්‍යාපාරයක් බිහි නොකෙළේ නම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වඩාත් පුළුල් වී විදේශ සිසුන්ගේ විශාල ආකර්ශනයක්ද දිනා ගැනීමට විශාල හැකියාවක් තිබිණ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමෙන් පහෙන් එකක් විදේශ සිසුහු වූහ. හෙහෙත් එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා මතුවීමත් සමග නව විදේශ සිසුන්ගේ ආකර්ශනය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ගිලිහී ගියේ ය. රටට අහිමි වූ විදේශ විනිමට ඩොලර් මිලියන ගණනකි. දැවැන්ත අලාභය වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමයි. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනන ප්‍රමුඛයෙකු වී සිටින මැලේසියාව සිය පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කෙළේ වසර 1989 දීය. තායිලන්තට සහ දකුණු කොරියාව එම ප්‍රවාහයට එක් වූයේ 90 දශකයේ මුල් භාගයේය. සැබැවින්ම මෙය පටු දේශපාලන අවස්ථාවාදය හේතුවෙන් අපට අහිමි වූ ඓතිහාසික අවස්ථාවකි.


    රාගම දී කළ වරද වසර 30 ක පසු මාලබේදී යලිත්..

    ඉතිහාසයේ එකම වරද දෙවරක් කරන්නේ නම් එය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වරද අද අපි මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටිමු.

    මාලාබේ වෛද්‍ය විද්‍යාලය යනු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය මෙන් ලාබ ලැබීමේ අරමුණින් බැහැරව වෛද්‍ය සංගමයක් විසින් ආරම්භ කරන ලද ආයතනයක් නොවේ. එය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු නමැති හිටපු දේශපාලනඥයා ලාබ ලැබීමේ අරමුණින් ආරම්භ කළ ආයතනයකි. වසර 2009 දී මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ රුසියාවේ Nizhuy Novgorod State Medical Academy නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙසය. මාලාබේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන් අවසන් වසරේ අධ්‍යාපනය සඳහා එම රුසියානු වෛද්‍ය විද්‍යාලයට යා යුතුය. මෙම සංකල්පය යටතේ ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාලය නොහොත් ‘පෞද්ගලික විද්‍යාල‘ ගණනාවක් ස්ථාපිත කර තිබේ. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂනය, ඉංජිනේරු විද්‍යාව, මූල්‍ය හා කළමණාකරනය ඇතුලු විෂයන් ගණනාවකට උපාධි ලබා දෙන විද්‍යාලයන් හි මව් විශ්ව විද්‍යාල ඇමරිකාව, අයර්ලන්තය, තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, වැනි රටවල පිහිටා තිබේ. අදාල උපාධියේ අවසාන වසර හෝ දෙක සම්පූර්ණ කිරීමට අදාල මව් විශ්ව විද්‍යාලයට යෑමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන සිසුන්ට සිදුවෙයි. මෙම පෞද්ගලික විද්‍යාලයන් වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ විරෝධතාවයක් සමාජය තුල නොමැත. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේ සිට ජවිපෙ, පෙරටුගාමී මෙන්ම පාදෙණිය, හේරත්, සොයිසා මාර පුත්‍රයන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසර 1980 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වාදනය කළ පරණ තැටියම වාදනය කරමින් සිටිති. මෙම වාදනය වියරුවක් බවට පත් වූයේ 2011 අගෝස්තු 30 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ විශ්ව විද්‍යාලයට ඔවුන්ගේ වෛද්‍ය උපාධි පිරි නැමීමේ අවස්ථාව ප්‍රදානය කිරීමත් සමග ය.