රාජපක්ෂගේ වෘෂභවාදී වහලුන් මෛත්‍රී රනිල්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම උනොත් බං ඌ අගමැති කියන පට්ටම දරණ එකෙක් නෙමේ තවදුරටත් .

    මචං තනතුරක් නාමික වෙන්න පුළුවන්. ලෝකේ කොහෙවත් පිළිගත්තා සම්මතයක් නැහැනේ. අගමැතිට මෙහම බලය තියෙන්නේ ඕනි. ජනදිපතිය මෙහෙම බලය තියෙන්නේ ඕනි කියල. ඒ නිසා බලය වෙනස් වෙන්න පුළුවන්. අදික බලතල හෝ නාමික වෙන්න පුළුවන්. දැන් සරත් පොන්සේකාට දුන්නේ මාණ්ඩලික ප්‍රධානි. එකේ ගොඩක් බලය අඩු කරලා දුන්නේ. එකනේ ඔරොප්පූ උනේ. ඒවගේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වරම හම්බ උනේ ජනමත විචාරණයකට යන්නේ නැතුව ජනාධිපත් ගාව තියෙන විධායක බල තල අහෝසි කරන්න. 19 න් රනිල් හැදුවේ ජනමත විචාරණයකට විතරක් වෙනස් කරන්න පුලුවන් දේවලුත් පාර්ලිමේන්තුවේ 2/3න් වෙනස් කරන්න. ඒ විතරක් නෙවෙයි ගොඩක් බලතල අගමැතිට එන විදියටයි හැදුව. නිමල් සිරිපාල පාඨලී චම්පික විරුද්ධ උන නිසා අධිකරණයට ගියාම අධිකරණයෙනුත් කිව්වේ ජනාධිපතිගේ බල තල අගමැතිට පැවරෙන වගන්ති අයින් කරගන්න කියලා.

    කලින් ගෙනාපු 19 විදියට වෙන්න තිබ්බේ විධායක ජනාධිපති කෙනෙක් වෙනුවට විධායක අගමැති කෙනෙක් පත් වෙන එක.

    :baffled: :eek:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,799
    28,985
    113
    ‘අලුත්වුණු ජනපතිට බලතල ගැන ජයම්පති කියයි‘

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 100% ක් සාර්ථක නොවුණත් එම ව්‍යවස්ථා සංශෝධනයට දායකවූ ව්‍යවස්ථා සම්පාදකයෙක් ලෙස 65% කින් පමණ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ සාර්ථකත්වයක් තමා දකින්නේ යැයි ව්‍යවස්ථා සම්පාදක කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ජනපති සිරිසේන මහතා ජනාධිපතිවරණයට පෙර පොරොන්දුවූ ලෙසම විධායක ජනාධිපති බලතල සීමාකර අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් මෙම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර තිබෙන බවද වික්‍රමරත්න මහතා කීවේය.

    ‘පාර්ලිමේන්තුවෙ සහ ජනපති ධූර කාලය වසර පහකට සීමාකර තිබෙනවා. නමුත් දැන් තනි කැමැත්තට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. පාර්ලිමේන්තුවේ ධූර කාලයෙන් පළමු වසර හතරහමාර තුළ විසුරුවා හැරීමේ හැකියාවක් නැහැ. ජනපතිගේ මුක්තියද සීමා වෙනවා. ජනපතිවරයා කිසියම් වරදක් සිදුකර ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ හැකියාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි ජනපතිට අගමැතිවරයකු පත් කිරීමේ හැකියාව තිබුණත් අගමැති ඉවත්කිරීමේ බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන සරල බහුතර විශ්වාසභංගයකින් අගමැති ඉවත් කළ හැකිවනවා. එසේ නැතිනම් අයවැය පරාජයට පත් වුවහොත් කැබිනට් මණ්ඩලයද ඉවත් වෙනවා. ඇමැතිවරු පත්කිරීම හා විෂයන් ලබාදීම අගමැති උපදෙස් අනුව එකඟතාවයකින් ජනපතිවරයා සිදුකරනවා. ඇමැති මණ්ඩලය උපරිම වශයෙන් 30 කට සීමාකර තිබෙනවා. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 40 කට සීමාකර තිබෙනවා. ඊළඟ පාර්ලිමේන්තු කාලය තුළ විශාලතම පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව ඇමැතිවරු සංඛ්‍යාව වැඩිකළ හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස්කර තිබෙනවා. එය ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 7 ක් හා සිවිල් පුද්ගලයන් තුන්දෙනකුගෙන් සමන්විත වෙනවා.‘


    - http://www.lankadeepa.lk/index.php/articles/313269
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    මචං තනතුරක් නාමික වෙන්න පුළුවන්. ලෝකේ කොහෙවත් පිළිගත්තා සම්මතයක් නැහැනේ. අගමැතිට මෙහම බලය තියෙන්නේ ඕනි. ජනදිපතිය මෙහෙම බලය තියෙන්නේ ඕනි කියල. ඒ නිසා බලය වෙනස් වෙන්න පුළුවන්. අදික බලතල හෝ නාමික වෙන්න පුළුවන්. දැන් සරත් පොන්සේකාට දුන්නේ මාණ්ඩලික ප්‍රධානි. එකේ ගොඩක් බලය අඩු කරලා දුන්නේ. එකනේ ඔරොප්පූ උනේ. ඒවගේ

    mokak da ban sf ge kathawa?


    :confused::confused: