රාජපක්ෂගේ වෘෂභවාදී වහලුන් මෛත්‍රී රනිල්

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    රාජපක්ෂගේ වෘෂභවාදී වහලුන් මෛත්‍රී රනිල්

    ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අතිශය තීරණාත්මක 19 වන ව්‍යවස්ථා සංශෝධනය විශිෂ්ඨ ආකාරයට තුනෙන් දෙකකටත් වඩා අති බහුතරයකින් සම්මත කර ගැනීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අනුගමනය කළේ වරක් රුසියාව යුද්ධයේදී සතුරු හමුදා පරාජයට පත් කිරීමට අනුගමනය කළ ආකාරයේ උපක්‍රමයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    වරක් රුසියාව සතුව යුද ගුවන් යානා 40 ක් පමණක් තිබූ එක් අවස්ථාවකදී එම සංඛ්‍යාව 100 ක් වශයෙන් නිරූපිත ඩමි ගුවන් යානාවලට පහරදීමට සතුරාට ඉඩ සලස්වා තම සැබෑ ගුවන් යානා ආරක්ෂා කර ගනිමින් එවා භාවිතා කරමින් සතුරු යානා විනාශ කර සතුරා පරාජයට පත් කළ ආකාරයෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී ද රාජපක්ෂ වහලුන් පරාජයට පත් කළ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

    10458463_831747730240433_2425132717976469734_n.jpg

    රාජපක්ෂගේ වහලුන් ලෙස ක්‍රියා කළ බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, ජී ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝත්‍රවාදීන්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ රාජපක්ෂගේ වෘෂභවාදී වහලුන් වූ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි කුමන්ත්‍රණකරුවන්ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට උපක්‍රමශීලිව අන්තර්ගත කර තිබූ ඩමි යෝජනා පසුපස අධි වේගයෙන් හඹා යෑමට ඉඩ සලස්වා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය අපේක්ෂා කළ වැදගත්ම යෝජනා කිසිදු බාධාවකින් තොරව සම්මත කර ගැනීමට හැකි වී ඇතැයි එම විචාරකයෝ පවසති.

    හොඳම උදාහරණයක් මෙසේය. පළමු කෙටුම්පතේ ජනාධිපතිවරයා නොමැති විට වැඩ බැලීමට සඳහන් කර තිබුනේ කතානායකවරයා ය. රාජපක්ෂගේ වහලුන් මුල සිටම මේ සංශෝධනය දෙස බලන්නේ පුද්ගල කේන්ද්‍රීයවය. ඔවුන්ට ව්‍යවස්ථාවේ අගමැති කී විට පේන්නේ රනිල් ය. කතානායක කී විට පේන්නේ චමල්ය. ඉන් එහා කිසිවක් නොපෙනේ. එබැවින් ඔවුන් දුටුවේ “අප්පට සිරි මෛත්‍රී නැතිවූ විට වැඩ බලන්නේ මහින්ද සමග දැන් නැති ලොකු අයියා චමල්, ඒකට ඉඩ දෙන්න බෑ. අපි ඊළඟ මැතිවරණයෙන් මහින්ද ලොක්කා අගමැති කරවලා මෛත්‍රීට වැඩේ දීලා මහින්ද ලොක්කාව ආයිත් ජනාධිපති කරවන්න පුළුවන් ආකාරයට සංශෝධනයක් ගේමු“ යැයි කල්පනා කර ජනාධිපතිවරයා නොමැති විට වැඩ බැලීමට කතානායක නොව අගමැතිවරයා විය යුතු යැයි සංශෝධනයක් ගෙන ආවේය. වහලුන් සිතුවේ ආණ්ඩුව මෙයට අකමැති වනු ඇති බව නමුත් ආණ්ඩුව ඊට කැමැති විය. වහලුන්ට වැඩේ තේරුම් ගියේ පසුදාය. ඉන්පසු පසුදා යලිත් ‘‘නෑ නෑ ජනාධිපති නොමැති විට වැඩ බැලීමට කතානායක වරයාම හොඳයි‘‘ යනුවෙන් යලිත් සංශෝධනයක් ගෙනාවේය. නමුත් ඒ වන විට ආණ්ඩුවට හේතු තිබූ බැවින් “ඊයේ එකක් කියා අද එකක් කියන්න බෑ. ඊයේ ඔබලා කියූ එකට අපි එකඟ වුනා. දැන් ආයිත් වෙනස් කරන්න බෑ“ යි කී විට මේ මෝඩ නාටකය රඟ පෑ ජීඑල්ට දෙමුඛ පියාගන්නට සිදුවිය.

    මෙවැනි උදාහරණ බොහෝ ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට රජයෙන් ඉදිරිපත් කර ඩමි යෝජනා රැසක මෙලෙස විපක්ෂයේ වහල් බලවේග එල්ලීගෙන ඊට තදින්ම පහරදීම නිසා රජය අපේක්ෂා කළ විධායක ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමේ අරමුණ සියයට අසූවක්ම පාහේ සාක්ෂාත් කර ගැනීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් බව දේශපාලන විචාරකයෝ හඳුන්වති.

    19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයෙකුට දෙවරකට වඩා වැඩි අවස්ථාවක් ධුර දැරීමට පැවරී තිබූ අසීමිත අවස්ථා අහෝසිකර, ජනාධිපතිවරයාට තිබූ මුක්තිය ඉවත් කර, ජනාධිපතිට හිතුමතයේ ඇමැති වරුන් පත්කිරීම අත්හිටුවා, ස්වාධීන කොමිෂන් සභා තිබුනාටත් වැඩියෙන් ස්ථාපිත කරගැනීමට රජයට පහසුවෙන් හැකිවීම නිසා ප්‍රතිගාමී විපක්ෂ බලවේග නොදැන ගොස් ඇත්තේ අතරමග බව විචාරකයෝ පවසති.

    තවද විචාරකයින් පෙන්වා දෙන්නේ විපක්ෂයේ ප්‍රතිගාමී කුමන්ත්‍රණකරුවන් පවා ‘නාන්න අකමැති බල්ලා දම්වැලකින් ගැට ගසා ඇදගෙන ගොස් නෑව්වා‘ වැනි ආකාරය හෝ භාවිතා කර ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වඩාත් පහසු වූයේ මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය රාජීව විජේසිංහ වැනි ව්‍යවස්ථා නීතිය නොදන්නා සේම ජනතා හද ගැස්ම ද නොදන්නා පිරිසක් විපක්ෂයේ න්‍යායාචාරියන් ලෙස කටයුතු කළ නිසා බවයි.

    - http://www.lankaenews.com/news/1799/si
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අනේ මන්දා වෙන්න ඇති.
    හැබැයි 19න් සුපිරිම ගේමක් දෙන්න ගියා රනිල්. මෛත්‍රීටත් කෙලෙවෙන්නම. අධිකරණ තීන්දුවෙන් තමයි ඔක්කෝම නැවතුනේ. ඒක නෑ කියන්න එපා :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    විමල්ට නයා ගැරඬියා මාරැවෙයි

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19වන සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් තිබුණු බලවත් ජනතා පෙලගැස්ම හමුවේ විමල් වීරවංසටද එයට පක්ෂවීමට සිදුවූ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් ඔහු නන් දෙඩවීමට පටන්ගෙන තිබේ.

    එම ව්‍යවස්ථා සංශෝධනයට තමන් ඇතුළු මහින්දවාදී පිරිස 19ට ඡන්දය දුන්නේ නාගයෙකු යැයි සිතා වුවද මේ වන ගැරඬයෙකු බවට පත්ව ඇති බව එම නන්දෙඩිවලින් ප්‍රකාශ කර ඇත. ඔහුග් වෙබ්අඩවිය මේ සම්බන්ධයෙන් මත පල කිරිම තුළින් මේ බව තහවුරු වේ.

    කෙසේ නමුත් විමල් වීරවංසගේ එම ප්‍රකාශය හා ඔහුගේ භාවිතාව සම්බන්ධයෙන් සමා‍ජයේ ඇති මතය දෙරන කාටුන් ශිල්පියා ප්‍රතිනිර්මාණය කර ඇත්තේ මෙසේය.

    derana.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ මන්දා වෙන්න ඇති.
    හැබැයි 19න් සුපිරිම ගේමක් දෙන්න ගියා රනිල්. මෛත්‍රීටත් කෙලෙවෙන්නම. අධිකරණ තීන්දුවෙන් තමයි ඔක්කෝම නැවතුනේ. ඒක නෑ කියන්න එපා :P

    mokadda ban ee case eka? :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    mokadda ban ee case eka? :oo:

    වරම හම්බ උනේ ජනමත විචාරණයකට යන්නේ නැතුව ජනාධිපත් ගාව තියෙන විධායක බල තල අහෝසි කරන්න. 19 න් රනිල් හැදුවේ ජනමත විචාරණයකට විතරක් වෙනස් කරන්න පුලුවන් දේවලුත් පාර්ලිමේන්තුවේ 2/3න් වෙනස් කරන්න. ඒ විතරක් නෙවෙයි ගොඩක් බලතල අගමැතිට එන විදියටයි හැදුව. නිමල් සිරිපාල පාඨලී චම්පික විරුද්ධ උන නිසා අධිකරණයට ගියාම අධිකරණයෙනුත් කිව්වේ ජනාධිපතිගේ බල තල අගමැතිට පැවරෙන වගන්ති අයින් කරගන්න කියලා.

    කලින් ගෙනාපු 19 විදියට වෙන්න තිබ්බේ විධායක ජනාධිපති කෙනෙක් වෙනුවට විධායක අගමැති කෙනෙක් පත් වෙන එක.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    19 vivsathawa haduwe kawuda vidayaka agamAthi kiyana yugala deke theruma dannawada e ekama giyapu iskoleth daapan.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    19 vivsathawa haduwe kawuda vidayaka agamAthi kiyana yugala deke theruma dannawada e ekama giyapu iskoleth daapan.

    machan umba giyapu skole mokakda ? eka danna epa metana hari nane. :D:D
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/04/sc-decision-on-19th-amendment-revealed_9.html
    kiyawapan akuru dannawane ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    19 vivsathawa haduwe kawuda vidayaka agamAthi kiyana yugala deke theruma dannawada e ekama giyapu iskoleth daapan.

    පට්ටම වලට, ධූර වලට කියන නම් වලින් වැඩක් නෑ. බලය එක පුදගලයෙක් වටේ එකතුවෙන එක රටට හොද නෑ. එක්කෙනෙක්ට අඩු වැඩි වෙන්නත් බෑ. අගමැතිට බලේ ආවොත් කැබිනට එකේ අදහස් වලට කන් දේවී කියලා හිතන්න අමාරුයි.
    සම්මත උන 19න් නම් බලය සමතුලිත වෙලා. ජනාධිපති ධූරයේ අනිසි බලතල නෑ. අගමැතිටත් බලය ආවා. පාර්ලිමේතුවටත් බලය අවා. අධිකරණයටත් හොදයි.

    කුමන්ත්‍රණ නම් පරාදයි :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පට්ටම වලට, ධූර වලට කියන නම් වලින් වැඩක් නෑ. බලය එක පුදගලයෙක් වටේ එකතුවෙන එක රටට හොද නෑ. එක්කෙනෙක්ට අඩු වැඩි වෙන්නත් බෑ. අගමැතිට බලේ ආවොත් කැබිනට එකේ අදහස් වලට කන් දේවී කියලා හිතන්න අමාරුයි.
    සම්මත උන 19න් නම් බලය සමතුලිත වෙලා. ජනාධිපති ධූරයේ අනිසි බලතල නෑ. අගමැතිටත් බලය ආවා. පාර්ලිමේතුවටත් බලය අවා. අධිකරණයටත් හොදයි.

    කුමන්ත්‍රණ නම් පරාදයි :rofl:

    kumanthrana dinna nisaa thamai MY3 dinne. Ayi ubata mathaka nAdda wimalta wadaa sadden e dawas wala uba oya kiyana champikayai nidimatha sisripaalaikathaa kara. rajithayage tape ahapan kumanthranaya pAhadilwa thiyenawa.

    parlimenthuwata sampurna vidayak balaya pawarana ekata kumanthranayak wenne kohomada.
     
    මහින්දව පරද්දන්න ගහපු සැලසුම, ගේම් ප්ලෑන් එකට නේ බයියෝ ටික කුමන්ත්‍රණේ කුමන්ත්‍රණේ ගාන්න ගත්තේ. ඒ පැත්තෙන් බලද්දි ඒක කුමන්ත්‍රණයක් විදියට පේන්වා ඇති.

    මැන්ඩේට් එක ලැබුනේ 2/3න් සම්මත කරන්න පුලුවන් වෙන ප්‍රතිසංස්කරණ කරන්න මිසක්, ජනමත විචාරණ පවත්වන දේවල් ගේන්න නෙවෙයි. හැමෝම විරුද්ධ වෙද්දි කඩිමුඩියේ ගැසට් කරේ සමහර විට ගේම් ප්ලෑන් එක නිසා වෙන්න ඇති.

    හරි එහෙනම් මෙහෙම කියමුකෝ, කුමන්ත්‍රණය ඇතුලේ තිබ්බ කුමන්ත්‍රණේ පරාදයි :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    පට්ටම වලට, ධූර වලට කියන නම් වලින් වැඩක් නෑ. බලය එක පුදගලයෙක් වටේ එකතුවෙන එක රටට හොද නෑ. එක්කෙනෙක්ට අඩු වැඩි වෙන්නත් බෑ. අගමැතිට බලේ ආවොත් කැබිනට එකේ අදහස් වලට කන් දේවී කියලා හිතන්න අමාරුයි.
    සම්මත උන 19න් නම් බලය සමතුලිත වෙලා. ජනාධිපති ධූරයේ අනිසි බලතල නෑ. අගමැතිටත් බලය ආවා. පාර්ලිමේතුවටත් බලය අවා. අධිකරණයටත් හොදයි.

    කුමන්ත්‍රණ නම් පරාදයි :rofl:

    යකෝ තනි පුද්ගලයෙක් වටා බලය සංකේන්ද්‍රගත උනහම තමා ඒක විධායක වෙන්නේ .ඒහෙම ව්‍යවස්ථාවක් තමා 77 දී ජේ ආර් හැදුවේ .කෙලින්ම කිව්වොත් පාර්ලිමේන්තු බලය වැඩක් නැහැ වගේ .වැඩ්ක් වෙන්නේ ඔළුගෙඩි ටිකේ ගාන විතරයි පනතක් සම්මත කරගන්න .ජනාධිපති දෙවියා වගේ .කාටවත් බැහැ එයා මැදිහත් වෙනා ගේන පනත් වලට විරුද්ධ වෙන්න .විධායක අගමැති කියලා එකක් නැහැ .අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුපක්ෂයේ කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙන පුද්ගලයා .ඒ කෙනා පක්ෂේ නායකයා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් .බොහෝ විට පක්ෂේ නායකයා තමා අගමැති වෙන්නේ .ඒත් එක එක රටවල් වල දේශපාලන සංස්කෘතීන්ට අනුව ඒ දේ වෙනස් වෙනවා .ඉතිං අගමැතිට බලය එනවා කියන්නේ පාර්ලිමේන්තුවට බලය එනවා කියන එක මිසක් තනි පුද්ගලයෙක්ට ලැබෙන ආතල් එකක් නෙමේ .ඒ කිව්වේ මොකක් හරි තීරණයක් ජනාධිපති ගෙනාවොත් ඒක පාර්ලිමේන්තුව හරහා අභියෝගයට ලක් කරන්න අගමැතිට පුළුවන් .ඒක කරන්නේ පාර්ලිමේන්තුවේ විවාද පවත්වලා ,ඡන්ද තියලා .ඒත් මේ බයියෝ හිතන් ඉන්නේ අගමැති කියන තැනට ජනාධිපති බලතල ඇවිල්ලා මෛත්‍රීට වඩා රනිල් බලවත් වෙනවා සහ එහෙම උනහම රනිල්ව එලවලා මහින්දව අගමැති කරන්න .මුන් ගේ ඔළුවලට රාජපක්ෂ රෙජීමය අවුරුදු 10 තිස්සේ රීපු නිසා මොකුත් කියන්න බැහැ .ඒත් රීපුවා හෝදගෙන ඉන්න එවුන්ට යමක් කමක් තේරෙනවා .

    ජනාධිපතිගේ බලතල අගමැතිට ගියාම අගමැති දෙවියා වෙනවා. ඒකයි ප්‍රායෝගිකව වෙන්නේ. මැති ඇමතිලා සෙටි එකම කඩේ යයි අගමැතිට. ප්‍රශ්නේ තියෙන්නෙ තනතුර නෙවෙයි. ලැබෙන බලයේ ප්‍රමාණය. බලය සමතුලිත උනාම කිසි අව්ලක් නෑ.

    19න් නම් හොදට සමතුලිත උනා. මම නම් බයියෙක් නෙවෙයි ඈ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kumanthrana dinna nisaa thamai MY3 dinne. Ayi ubata mathaka nAdda wimalta wadaa sadden e dawas wala uba oya kiyana champikayai nidimatha sisripaalaikathaa kara. rajithayage tape ahapan kumanthranaya pAhadilwa thiyenawa.

    parlimenthuwata sampurna vidayak balaya pawarana ekata kumanthranayak wenne kohomada.

    අගමතිට\
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනාධිපතිගේ බලතල අගමැතිට ගියාම අගමැති දෙවියා වෙනවා. ඒකයි ප්‍රායෝගිකව වෙන්නේ. මැති ඇමතිලා සෙටි එකම කඩේ යයි අගමැතිට. ප්‍රශ්නේ තියෙන්නෙ තනතුර නෙවෙයි. ලැබෙන බලයේ ප්‍රමාණය. බලය සමතුලිත උනාම කිසි අව්ලක් නෑ.

    19න් නම් හොදට සමතුලිත උනා. මම නම් බයියෙක් නෙවෙයි ඈ.

    උබ කියන එක හරි. ලනකාවේ හැටියට අගමැති උනත් කැබිනට් මණ්ඩලයට වග නොකියන තත්වෙට පත්වෙනවා බලය වැඩි උනාම,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ජනාධිපතිගේ බලතල අගමැතිට ගියාම අගමැති දෙවියා වෙනවා. ඒකයි ප්‍රායෝගිකව වෙන්නේ. මැති ඇමතිලා සෙටි එකම කඩේ යයි අගමැතිට. ප්‍රශ්නේ තියෙන්නෙ තනතුර නෙවෙයි. ලැබෙන බලයේ ප්‍රමාණය. බලය සමතුලිත උනාම කිසි අව්ලක් නෑ.

    19න් නම් හොදට සමතුලිත උනා. මම නම් බයියෙක් නෙවෙයි ඈ.
    මචං ජනාධිපතිගෙන් අගමැතිට බලය එනවානම් ඒ කෙනා තවදුරටත් අගමැති නෙමේ .වෙන මොකක් හරි නමක් දාගන්න ඕනේ .අගමැති කියන චරිතya වටා ගොනුවෙච්ච සාම්ප්‍රදායක් තියෙනවා ,සීමාවන් තියෙනවා .දැන් බලපන් පර්ලිමේන්තුවේ නායකයා කවුඩ ?? කථානායක .කථානායකගෙ බලය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ඇමතිට ගියහම ඒ කෙනා තවදුරටත් කථානායක වෙනවද ?? අන්න ඒ වගේ තමා .මෙතන රනිල් තනියෙන් බුදුවෙන්න යනවා වගේ කතාවක් තමා අර මෝඩ බයියෝ කිය කිය යන්නේ .අනික ඔය විමල්ලා ,ගම්මන්පිළලා ඔය කෑගහන්නේ වෙන අහවල් එකක් කොරන්න නෙමේ .මොකද උන් රට ගැන හිතුවානම් මහින්ද බලය වැඩිකරගනිද්දි ඒක වළක්වන්න තිබ්බා .ඒත් එහෙම උනේ නැහැ නේ ?? උන් කරන්නේ තමන්ගේ පුටුව රැකගන්න වෙරදැරිමක් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    උබ කියන එක හරි. ලනකාවේ හැටියට අගමැති උනත් කැබිනට් මණ්ඩලයට වග නොකියන තත්වෙට පත්වෙනවා බලය වැඩි උනාම,
    එහෙම උනොත් බං ඌ අගමැති කියන පට්ටම දරණ එකෙක් නෙමේ තවදුරටත් .
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bp දහනමය තමා මන් හිතන්නේ වැඩිම ප්‍රජාතන්ට්‍රවාධි විදිහට සම්මත වෙචච ආණ්ඩුක්‍රම වියවස්තාව
    මොකෝ සුළු බහුතරයක් සහිත රජයක් ,ප්‍රබල විපක්ෂයක් තිබීමත් ,ජනතාව තුල කරනු නොසගවා පල කිරීමත්
    නිසා කාටවත් ඕනේ විදිහට නෙමේ පොදු අවශ්තා වලට අනුව සම්මත උනා
    එකයි 215 ක් චන්ද අවේ ඔය අගය පාරලිමෙන්තුවෙත් වාර්තා අතරට යනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබ කියන එක හරි. ලනකාවේ හැටියට අගමැති උනත් කැබිනට් මණ්ඩලයට වග නොකියන තත්වෙට පත්වෙනවා බලය වැඩි උනාම,

    අනිවා :yes::yes:

    මචං ජනාධිපතිගෙන් අගමැතිට බලය එනවානම් ඒ කෙනා තවදුරටත් අගමැති නෙමේ .වෙන මොකක් හරි නමක් දාගන්න ඕනේ .අගමැති කියන චරිතya වටා ගොනුවෙච්ච සාම්ප්‍රදායක් තියෙනවා ,සීමාවන් තියෙනවා .දැන් බලපන් පර්ලිමේන්තුවේ නායකයා කවුඩ ?? කථානායක .කථානායකගෙ බලය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ඇමතිට ගියහම ඒ කෙනා තවදුරටත් කථානායක වෙනවද ?? අන්න ඒ වගේ තමා .මෙතන රනිල් තනියෙන් බුදුවෙන්න යනවා වගේ කතාවක් තමා අර මෝඩ බයියෝ කිය කිය යන්නේ .අනික ඔය විමල්ලා ,ගම්මන්පිළලා ඔය කෑගහන්නේ වෙන අහවල් එකක් කොරන්න නෙමේ .මොකද උන් රට ගැන හිතුවානම් මහින්ද බලය වැඩිකරගනිද්දි ඒක වළක්වන්න තිබ්බා .ඒත් එහෙම උනේ නැහැ නේ ?? උන් කරන්නේ තමන්ගේ පුටුව රැකගන්න වෙරදැරිමක් .

    ජනාධිපතිගෙන් අගමැතිට බලය එනවානම් ඒ කෙනා තවදුරටත් අගමැති නෙමේ.
    උබ ඔය කියන විදියටම බැලුවොත්, ජනාධිපතිගේ බලතල අයින් කරාම ඒ ජනාධිපති කෙනෙක් නෙවෙයි නේ. උබ කිව්වා වගේ, වෙන මොකක් හරි නමක් දාගන්න ඕනේ. ලක්ෂ 62ක ඡන්ද ගත්තු මනුස්සයට ජනවරමෙන් ලැබුනු බලේ ට්‍රාන්ෆර් කරලා පඹයෙක් කරන්නනේ ගියේ.

    මෙතන වෙන්නේ තනතුරු තානන්තර එහෙම්ම තියෙද්දි ඒ වටා එකතුවෙන බලේ අඩු හෝ වැඩි කිරීමෙන් වෙනසක් කරන්නයි ගියේ.
    තනතුරු වල එල්ලීගෙන කතා කරලා වැඩක් නෑ මචන්.

    කථානායකගෙ බලය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අධ්‍යාපන ඇමතිට ගියා කියමුකෝ. එතකොට ඉතින් කථානායක "නිශ්ශබ්ද වෙන්න" කිව්වම මීහරක් ටික හූ තියයි :rofl: අධ්‍යාපන ඇමති "නිශ්ශබ්ද වෙන්න" කිව්වොත් නිශ්ශබ්ද වෙයි.
    නමින් කථානායක ඒත් බලයක් නෑ.

    ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ හිතා ගන්න බැරි දේශපාලනයක්. දැක්කානේ දයාසිරිලා කොන්ද කඩාගෙන වදින වැදිල්ල. වදින්නේ ජනාධිපති ධූරයට නෙවෙයි ඒකේ තියෙන බලයට. බලය ඔක්කෝම අගමැතිට ගියොත් අගමැතිට වදින්න ගනීවී :D

    විමලේ ගැනයි ගම්මන්පිල ගැනයි කතා කරන්න කමති නෑ. උන්ට ඕනේ ඔක්කෝම අවුල් කරලා දාන්න.

    මුලින් ආපු 19යට SLFP JHU විරුද්ධ උනා නේ, මම කියන්නේ ඒ විරුද්ධ වීම සාධාරණයි. උසාවියෙනුත් කිව්වා එහෙම කරන්න බෑ ජනමත විචාරණයකට යන්න කියලා.
     
    Last edited: