රාජපක්ෂලාට ඌව්වා වූ ඌවේ ප්‍රතිඵලය ආණ්ඩුව

monson

Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    රාජපක්ෂලාට ඌව්වා වූ ඌවේ ප්‍රතිඵලය ආණ්ඩුව

    කෙමෙන් කෙමෙන් අවසානය කරා යන රාජපක්ෂ පාලනය මෑත මැතිවරණයකදී ලද විශාලතම පසුබෑම ඊයේ අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිපල මගින් සටහන් විය. ඒ ඌවේ ජනතාව රාපක්ෂලාගේ ඡන්ද පදනම 17% ක්ෂය කර මන්ත්‍රීධූර 6 ක් උදුරා ගෙන ප්‍රධාන විපක්ෂය වූ එජාප යේ ජන්ද පදනම 112% කින් සහ මන්ත්‍රීධූර 6 කින් වැඩි කර දීමත් සමගය.

    බදුල්ලේදී රාජපක්ෂලාට 50% සීමාවට ලඟා වීමට නොහැකි විය. ඒ මැතිවරණ බල ප්‍රදේශ 3 ක් පරාජය වන අතරේය. තවත් 3 ක් ජයගත්තේ ඇස්සෙනි. මීට පෙර රාජපක්ෂලා පරාජය වූයේ උතුරු නැගෙනහිර හැරුනු විට නාගරික ප්‍රදේශ වන කොළඹ, මහනුවර, ගාල්ල යන මැතිවරණ බල ප්‍රදේශ වලදී පමනි. සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වන ග්‍රාමීය ප්‍රදේශයක රාජපක්ෂලා පරාජය කරන්නට හැකි වීම ම විශ්මයකි.

    රාජපක්ෂලා ජනාධිපතිවරණයට පෙර පවත්වන අවසන් මැතිවරණය ලෙස ඌව තෝරා ගත්තේ ඔවුන්ට වඩාත් වාසිදායක පළාත එය නිසාය. රාජපක්ෂලා බලාපොරොත්තු වූයේ පහසු ජහග්‍රහණයකි. නමුත් මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යන විට විශේෂයෙන්ම එජාපය විසින් ජනප්‍රිය තරුණ නායකයෙක් වන හරීන්ව මහ ඇමති අපේක්ෂකයා ලෙස නම් කර තරඟ බිමට පිවිසෙන විට ජයග්‍රහණය පහසු එකක් නොවන බව රාපක්ෂලාට තේරුම් යන්නට විය. හරීන්ව තෝරා ගැනීමේ සම්පූර්ණ ගරුත්වය එජාප නායකයාට වඩා නායකත්ව මණ්ඩලයටත් එහි සභාපති කරු ජයසූරියටත් ලැබිය යුතුය. මන්ද යත් හරීන් මන්ත්‍රීධූරයෙන් අස් කර තරඟ බිමට දැමීමට මුලදී නායක රනිල් අකමැති වුවද එය නායකත්ව මණ්ඩලය විසින් තීරණය කිරීමත් නිසාය. හරීන්ගේ දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීමට කරු ජයසූරියට පුද්ගලිකවම ඔවුන් හමුවී සාකච්ඡා කිරීමට පවා සිදුවිය.

    ඉන් පසුව අප අත්දැක්කේ මේ රටේ මැතිවරණයකදී පාලක ආණ්ඩුවක් විසින් තම රාජ්‍ය බලය පාවිච්චි කල නින්දිතම ආකාරයයි. මැතිවරණ නියෝජ්‍ය කොමසාරිස් වරයෙකුට තර්ජනය කිරීමන් ආරම්භ වී තමන්ට හීලෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුග්‍රහයෙන් ඡන්දදායකයින්ට මුදල් ඛෙදා දීමේ සිට ජනාධිපතිවරයා සජීවීව මාධ්‍යයට පැමිණ ඉන්ධන මිල සහ විදුලි බිල අඩු කිරීම දක්වා පරාසයක මේවා විහිදින. ප්‍රචණ්ඩත්වය කෙතරම්දැයි කිවහොත් මැතිවරණයට පෙරදා ජවිපෙ මහ ඇමැති අපේක්ෂකයාගේ නිවසකට පවා පහර දී ගිනි තැබුවේය. මේ සම්බන්ධයෙන් අති තරම් වාර්තා මැතිවරණය අතරතුරේදී විපක්ෂය විසින් පෙන්වා දුන් බැවින් නැවත කියා සිටීම අනවශ්‍යය.

    හරීන් විපාක්ෂිකයාට ජයග්‍රහණයේ ස්පර්ශය ද රාජපක්ෂලාට පරාජයේ භීතිකාවද ගෙනවිත් තිබේ. හරීන් ගේ මැදිහත් වීම මගින් සමස්ත ජනතාවට ආර්ථීක සහනයන් ද ලබා දී එය අර්ථවත් බවට පත් කර තිබේ. අනාගත මැතිවරණයන්ට ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දීමේ හැකියාව විපක්ෂයට ලබා දී තිබේ. එජාපයට තිබූ තරුණ ආකර්ශණය සහිත නායකයෙකුගේ රික්තය හරීන් විසින් පියවා දමා ඇත. වාර්තාගත මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන හරීන් තරගයේ වීරයා බවටත් විපාක්ෂිකයින්ගේ තාරකාව බවටත් පත් වී තිබේ. එජාපය බස්නාහිරෙන් සහ දකුණෙන් තැබූ කුඩා පියවර දැන් තවත් ඉදිරියට ගෙන ගොස් ශක්තිමත් පියවරක් බවට පත් කරගෙන ඇත. ජයග්‍රහණය අත මායිමට පැමිණ ඇත. නව ආකර්ශණය දෙවන පෙළ නායකයින් සහ ජනතාව විසින් ලබා දී තිබේ. එජාපය කළ යුතුව ඇත්තේ මේ ජනතාව තෝරා දුන් නායකයින්ට ඉදිරි මග සලසා දීමය. පරිත්‍යාගයන්ට කෘත ගුණ සැලකීම මිස පුද්ගල ඇජෙන්ඩාවන්ට හදිසි පාවාඩ එළීමෙන් නැති ප්‍රශ්න ඇති වනවා ඇත.

    මැතිවරණ ප්‍රතිඵලය රාජපක්ෂලාට කීවේ කුමක්ද ?
    ----------------------------------------------------
    මෙම මැතිවරණ ප්‍රතිඵල මගින් ඉදිරි දේශපාලන අවකාශයේ කුමන වෙනස් කම් වලට හේතු විය හැකිද යන්න විමසා බැලිය යුතුව තිබේ. ජනවාරියට පෙර ජනාධිපතිවරණයක් පවත්වා තම බලය තවත් වසර 6 කට තහවුරු කර ගැනීමේ රාජපක්ෂ ව්‍යායාමය ඉතා අසීරු ඉලක්කයක් බවට පත් වෙමින් තිබේ. ඌව පලාතේ සැලකිය යුතු ප්‍රගතිශතයක් වන වතු ජනතාවගේ නිල පක්ෂ වල සහාය හිමි වූයේ සන්ධානයටය. සන්ධානයේ ආන්තික ජයග්‍රහණය පිටුපස ඇත්තේ වතු ජනතාව ගේ ඡන්දය. ඉදිරි ජනාධිපතිවරණයකදී මේ පක්ෂ වල සහාය රාජපක්ෂලාට පහසුවෙන් හිමි කර ගැනීමට විපක්ෂය ඉඩ නොදිය යුතුය. පළාත සුළු ජන්ද ගණනකින් දිනා ගත්තද රාජපක්ෂ පරාජය වීමට නියමිත නායකයෙක් බවට පත් වී ඇත. ඔහු තවදුරටත් වර්ණවත් නායකයෙක් නොවේ. වර්ණය දියවී යමින් සිටින නායකයෙකි. ඔහුට තවදුරටත් ආත්ම ශක්තියකින් යුතුව පක්ෂය තුල සහ සන්ධානය තුල තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම කළ නොහැකිය.

    සන්ධානය තුල සිටින සුළු පක්ෂ වලට නව වටිනා කමක් ලැඛෙනු ඇත. අහිමි වී තිබූ කේවල් කිරීමේ හැකියාව නැවත ලැඛෙනු ඇත. මෙතෙක් යටපත් වී තිබුණු සන්ධානයේ ප්‍රතිවිරෝධතා ද ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ගැටළුද අළුත් වටයකින් ඉදිරියට එනු ඇත. රාජපක්ෂලාට විරුද්ධ ශ්‍රීලනිප කොටස් වලට අවදානමකින් තොරව දේශපාලන තීන්දු ගැනීමේ හැකියාව දැන් ලැබී තිබේ. හදිසි ජනාධිපතිවරණයකට යෑමේ අදහස පරිස්සමින් සලකා බලන තැනකට රාජපක්ෂ තල්ලූ වී යනු ඇත. ජනාධිපතිවරණය කල් දමා ගැනීමෙන් රාජපක්ෂ ඌවෙන් ඇතිවූ ආතතිය වර්ධනය කර ගන්නවා මිස අඩු කරගන්නේ නැත. එබැවින් ඔහු යොදා ගත් පරිදි හැකි පළමු අවස්ථාවේම ජනාධිපතිවරණයකට යනු ඇති අතර ශ්‍රීලනිපයේ කලකිරී ඇති කණ්ඩායම සමග නව වටයකින් සමගි ගිවිසුමකට යෑමට උත්සාහ කරනු ඇත. එය සමහර විටෙක මෛත්‍රීට හෝ නිමල් සිරිපාලට අගමැති ධූරය දීම වුවද විය හැකිය.

    මැතිවරණ ප්‍රතිඵලය එජාපයට කීවේ කුමක්ද ?
    --------------------------------------------------
    එජාපයට මේ ප්‍රතිඵලය යලිත් වරක් පවසා ඇත්තේ එකම කතාවකි. එනම් රනිල් සජිත් එක වේදිකාවක නැග්ගා කියා එක්සත් ජාතික පක්ෂයට තනිවම ආණ්ඩුව පරාජය කළ නොහැකි බවයි. අඩුම ගණනේ මෙම මැතිවරණයේදී බදුල්ලේ දෙමළ පක්ෂයක් සමග එකඟතාවයකට පැමිණියා නම් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආණ්ඩුව පරාජය කළ හැකිව තිබිණ. ඉන් ගම්‍ය වන්නේ අනාගත ජනාධිපතිවරණයකදී දෙමළ සන්ධානය, ජවිපෙ, මුස්ලිම් කොන්ග්‍රසය, වතු පක්ෂ එක් පැත්තකට පැමිණිය හොත් ආණ්ඩුවට නියත පරාජය හිමි වන බවයි

    එබැවින් දැන් ඌව මැතිවරණය නිමවූ වහාම එජාප නායකයන් තම පක්ෂයේ කල්ලි කණ්ඩායම් එක් කිරීම සිදුකර අතරේම පළමුතැනෙහි ලා සැලකිය යුත්තේ ජනාධිපතිවරණයකට මුහුණ දීම සඳහා පොදු පෙරමුණක් ගොඩ නගා ගැනීමට කැපවීම ය. ඒ සඳහා මේ වන විට ඉදිරියට පා තබා ඇති කණ්ඩායම් ශක්තිමත් කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකෙරෙන නව ව්‍යවස්ථාවක් ගොඩ නගා ගැනීමේ කාරියට මුළු බර යොදා විපක්ෂයේ අනෙකුත් පක්ෂ පොදු පෙරමුණකට ගොණු කර ගැනීමට කැප විය යුතුය.

    තනිව තරඟ කර ජය ගත හැකිය යන මෝඩ උද්දාමයක් ඇති කර ගැනීමට තරම් මෙම ප්‍රතිඵලය එජාපයට හුස්මක් ගෙන දී නැත.

    කිලී සහ ටිරාන් වැනි පුස්සන්ට බයවීම
    -----------------------------------------
    එජාප නායකයා බ්ලැක්මේල් වී සිටින කිලීගේ සහ ටිරාන් අලස්ගේ මාධ්‍ය ද්විත්වයට විපාක්ෂිකයාගේ මහජන මතයට කවර නම් හෝ බලපෑමක් කළ නොහැකි බව මේ ප්‍රතිඵලය දෙවන වරටත් කියා දී තිබේ. එය පළමුවරට කියා දුන්නේ මාතර මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් දමා සැබෑ එජාපය එය යයි එම ඔවුන්ගේ මාධ්‍ය මගින් හැකිතරම් ප්‍රචාරය කළද ඔවුන්ට ඡන්ද දෙදහසක් හෝ ගැනීමට නොහැකි වීමෙනි. එසේ නමුත් කුමන හෝ කරුමයකට එජාප නායකයා කිලීට සහ ටිරාන්ගේ මාධ්‍ය ද්විත්වයට පුදුමාකාර අයුරින් බිය ය. තීන්දු ගන්නේ ක්‍රියා කරන්නේ නායකත්ව මණ්ඩලයේ තීන්දු අනුව නොව කිලී ටිරාන්ගේ තර්ජනයන්ට යටත්ව ය. එය හුඹස් බියක් බව මෙවර ඡන්ද ප්‍රතිඵලයද කියා දී තිබේ. මුළු ඌව ඡන්ද ව්‍යාපාරය පුරාම කිලීගේ සහ ටිරාන්ගේ මාධ්‍යයන්ට හරීන් කියා අපේක්ෂකයෙක් ඡන්දය ඉල්ලනවාද කියා වගේ වගක් තිබුනේ නැත. ඔවුන් පුම්බා උඩ අරින ලද්දේ ජවිපෙ සහ ෆොන්සේකාව ය. නමුත් ඒ පක්ෂ දෙකම වාර්තාගත අන්දමින් පරාජය ලබා ඇත. එබැවින් එම මාධ්‍ය අල්ලාගෙන එජාපය බ්ලැක්මේල් කරන්නට හදන අවස්ථාවාදීන්ගෙන් ගැලවීමට අවස්ථාවක්ද එජාපයට මේ ප්‍රතිඵලය ලබා දී ඇත.

    ජවිපෙ
    --------
    ජවිපෙ මෙම මැතිවරණයට විශාල බරක් සහ වැදගත් කමක් දුන් බව රහසක් නොවේ. ඔවුන් මැතිවරණ ව්යාපොරයට පිටස්තර කාඩර්වරුන් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පවා එක් කර ගත්තේය. මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කෙළේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම චතුර කථිකයෙකු වූ සමන්ත විද්‍යාරත්නය. ආවේනික මුඛරිකම මගින් මහ ඇමති අපේක්ෂකයින් තිදෙනා අතරින් වැඩිම මාධ්‍ය ඉඩක් උදුරා ගන්නට විද්‍යාරත්න සමත් විය. එහෙත් ඒවා පෙරළා ඡන්ද බවට පත් වී නැත. මහ මැතිවරණයකදී ආසනයක් ලබා ගැනීමට අවශ්‍ය 5% සීමාවට යාන්තමට ලඟා වීමට ජවිපෙට හැකියාව ලැඛෙන්නේ මොනරාගලින් පමණි.

    ජවිපෙ උපාය මාර්ගය වූයේ සැලකිය යුතු ඡන්ද ප්‍රමානයක් ලබා ගෙන විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වීමට වඩා සුදුසු තමන් බව විපාක්ෂිකයින්ට සන්නිවේදනය කිරීමය. එය ඔවුන්ගේ මුවින් නිතරම පුනරුච්ඡාරණය වූයේ සැබෑ විපක්ෂය ඔවුන් බවත් සැබෑ විපක්ෂ නායකයා අනුර බවත් කීමෙනි. මැතිවරණය කාලය තුලදී එජාපය විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ කෙරෙහි සහනශීලී පිලිවෙතක් අනුගමනය කළේය. මහඇමති අපේක්ෂකයා ලෙස හරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන්ට ඡන්දය දෙන ලෙස නොව විපක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන ලෙසය. එජාප මැතිවරණ වේදිකාවේ ජනප්‍රිය කථිකයෙක් වූ රන්ජන් රාමනායක සමන්ත විද්‍යාරත්නටත් ඡන්දය ලබා දෙන ලෙස එජාප වේදිකාවේ සිට ඉල්ලා සිටීමට තරම් නිහතමානී විය. එහෙත් ජවිපෙ අවස්ථාවක් ලද වහාම එජාපයට පහරදීමේ පිලිවෙතක් පවත්වා ගෙන ගියේය.

    ජවිපෙ මැතිවරණ ව්‍යාපාරයේ තිබූ ආකර්ෂණය හේතුවෙන් ආණ්ඩුවේ මැරයින්ගේ ඉලක්ක බවට ඔවුන් පත්වන විට බොහෝ මාධ්‍ය ඌව මැතිවරණය හැඳින්වූයේ දෙපිල තරඟයක් ලෙස නොව තුන් කොන් සටනක් ලෙසය. විශේෂයෙන්ම මොනරාගලින් ජවිපෙ ආසන තුනක් දිනා ගනු ඇති බවට බොහෝ අනාවැකි පල විය. නමුත් ජවිපෙ යනු විපක්ෂයේ ආන්තික කොටසක් මිස බලවේගයක් නොවන බව මේ ප්‍රතිඵලයෙන් නැවතත් ඔප්පු වී ඇත. රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමේ ඇත්ත උවමනාවක් ඇත්නම් විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කළ යුතුය සහ වෙන්ව නොව එක්ව ගමන් කළ යුතුය යන පණිවිඩය ජවිපෙට මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් කියා දී ඇත.

    ෆොන්සේකා පව්: වීරවංශ කුජීතයි

    -------------------------------------
    සරත් ෆොන්සේකාට වයඹ, මධ්‍යම, බස්නාහිර සහ දකුණ පළාත් සභා වලදී ලබා ගත් කැපී පෙනෙන ඡන්ද ප්‍රමාණය මෙවර ලබා ගැනීමට නොහැකි වී තිබේ. පක්ෂ සංවිධානයකින් තොරව නිශ්චිත ප්‍රතිපත්තියකින් තොරව හුදු පුද්ගලික ප්‍රතිරූපයක් හරහා යා හැකි දුර අවම බව ඔප්පු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රධාන දේශපාලන දහරාවෙන් ඉවතට විසිවී ඇත.

    ෆොන්සේකා සතුව තිහකට ආසන්න පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් සිටියද පක්ෂයට හෝ ෆොන්සේකාට මේ පිරිසෙන් සැලකිය යුතු සහායක් ලැබී නැති බව සහ සහායක් වීමට තරම් මේ අය දේශපාලනික නොවන බව පැහැදිලිය. සිරස විසින් ආණ්ඩුවට සටනක් දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බවට ගෙන ගිය මාධ්‍ය මෙහෙයුමද තනිකරම විකාරයක් බවට ප්‍රතිඵල විසින් පත් කර තිබේ. සරත් ෆොන්සේකා ගේ පරිහානිය නැවත ප්‍රතිශ්ඨාපණය කර ගත හැකි බවට කිසියම්ම හෝ සාධකයක් ඉතිරි වී නැත. එය වරෙක ශෝචනීය වන්නේ කාඩ්බෝඩ් යුද වීරයා වූ වීරවංශට වඩා අඩුවෙන් සැබෑ යුද වීරයා බදුල්ලේදී ඡන්ද ලබා තිඛෙන හැටි දුටු විට ය.

    පළාත් සභා මැතිවරණ වටය දැන් අවසන්ය. ඉදිරියට එන්නේ ජාතික මට්ටමේ මැතිවරණයන්ය. ෆෙන්සේකාට මහ මැතිවරණයකදී එක් හෝ ආසනයක් දිනා ගැනීමට නොහැකි බව මේ ප්‍රතිඵලය අපට කියයි. මේ අනුව ෆොන්සේකා දේශපාලන සිතිජයෙන් මැකී යාමට ආසන්න බව තවදුරටත් සැඟවිය යුතු කාරණයක් නොවේ. ඊට සමානුපාතිකව ෆොන්සේකාගේ දේශපාලන වැදගත්කම මෙන්ම කේවල් කිරීමේ හැකියාව ද වියැකී යනු ඇත. නමුත් ෆොන්සේකා යනු රාජපක්ෂ විරෝධී අරගලයේදී කොන්දේසි විරහිත සටන් කරුවෙකු බව අමතක කළ යුතු නැත. හිටපු හමුදාපති ලෙස සහ යුද්ධය දිනා දුන් නායකයා ලෙස දේශපාලනයට පැමිණි පසුව ඔහු කිසිදු විටෙක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පැන්නේ නැති නීති ගරුක පුද්ගලයෙකු ලෙස ඔහුව සැමගේ ගෞරවයට ලක් වී ඇත. ඉදිරියේදී බිහිවිය යුතු විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක සරත් ෆොන්සේකා නම් සටන් කරුවාට හිමිවිය යුතු වැදගත් භූමිකාවක් ඇති බව අපගේ විශ්වාසයයි.

    වීරවංශට තනි දේශපාලන ගමනක් නැති බවත් ඔහුගේ දේශපාලන අනාගතය රාජපක්ෂලාගේ අනුකම්පාව සහ සටකයේ දිග පළල මත තීරණය වනු ඇති බවත් මේ ප්‍රතිඵලය විසින් පෙන්වා දී ඇත.

    විපක්ෂයට ඉදිරිය වාසිදායකය. කොන්දේසි කරුවන්, බ්ලැක්මේල් කරුවන් කුමන්ත්‍රණකරුවන්ට යටත් නොවී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් නොනවත්වා සටන් කරන ප්‍රතිපත්තියක් යටතේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ වගකීම දැන් විපක්ෂයට ඇති බව මතක් කර දිය යුතුව තිබේ. දැන් දේශපාලන සිතියම ඇඳිය යුත්තේ රාජපක්ෂලා නොව විපක්ෂය ය.

    -විසල් කරුණාරත්න විසිනි-
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුර කුමාර නායකත්වට පැමිණීමෙන් පසුව මතිවරණ වලදී jvp වෙනස් කම් කීපයක් හා වැඩි බරක් දී හා වැදගත් කමක් දී කටයුතු සිදුවූ බව ඇත්තය. එයට හේතුව සාම්ප්‍රදායික උපක්‍රම බවිතාව නව දේශපාලන හා මිනිසුන්ගේ නව සිතුම් පැතුම් හා උචිත නොවන බව තේරුම් ගැනීම නිසාත්ය. වැඩවර්ජන හා උද්ගෝෂණ වලට ලබාදෙන තැන මැතිවරණ වලට ලැබීමට ප්‍රදානම හේතුව එයයි
    සමන්ත විද්‍යාරත්නගේ හෝ යම් පුද්ගලයෙක්ගේ කතිකත්වයම පමණක් jvp මතවාදය හා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාමේ හොදම ක්‍රමය නොවේ. එයින් එහා ගිය පුළුල් වැඩපිලිවෙලක් නිර්මානය කළයුතුය..බස්නාහිරින් ජවිපෙ උගත් පාඩම ඌවට යොදාගෙන නොමැති බව චන්ද ප්‍රතිපල දුටුවිට පෙනීයයි. ප්‍රදානම කාරනාව වන්නේආණ්ඩුවේ වංචාන දුෂණ හොරකම් ගැන ජවිපෙ වේදිකා වල පැවසූ කරුණු හා කතා වලින් 15% වත් ජනතාව අතරට ගියේද කියම ප්‍රශ්නයයි. එමගින් කියවෙන්නේ ජවිපෙ ජනතාව අතරට යාමේදී සිදුවූ අඩුපාදඩුවයි. ජවිපෙ මිට වඩා මිනිසුන් අතරට යායුතුය. යායුතු ක්‍රමය ජවිපෙ විසින්ම සොයාගත යුතුය. එය සොයා නොගතහොත් මුලු රටම කෙමෙන් කෙමෙන් විනාශයට ගමන් කරනු නිසැකය.

    නිසැකවම ප්‍රදාන විපක්ෂය ජවිපෙය. අඩු මන්ත්‍රි සංඛ්‍යාවකින් හෝ විපක්ෂයේ භූමිකාව අද සිදුකරන්නේ ජවිපෙය. එජාපය ජවිපෙට සාපේක්ෂව ඇල්මැරුන සභාවයක් ගනී. ජවිපෙ හුදෙක් බලාපොරොත්තුවෙන්නේ ක්‍රමයේ වෙනසක් පමණි. එහෙයින් ශෂින්ද්‍ර එළවා හරින් පත්කරගැනීම නම් තට්ටුමාරු ක්‍රමය ජවිපෙ අනුමත නොකරයි. ප්‍රදාන පක්ෂ දෙකම එකම ධාරාවේ ගමන් කිරීම් නිසා කුමන පක්ෂය බලයට පත්වුවත් සමානය. එමනිසා වෙනත් පක්ෂයකට චන්දය දීමට කීම ජවිපෙට විහිළුවකි. ජවිපෙ ප්‍රදාන අරමුණ පවත්නා ක්‍රමය වෙනස් කර ඊටවඩා හොද ක්‍රමයකට යාම මිස ආණ්ඩු පෙරලා, එනම් මහින්ද එළවා රනිල්ට බලය දීම නොවේ. එමනිසා හරින්ගේ හා රන්ජන්ගේ ප්‍රකාෂ වලට කෙලෙහිගුණ සලකා ජන්දය එජාපයට දීමට කීම ජවිපෙ ප්‍රතිපත්තිවලට පටහැනිය. එජාපය හා සන්දානය යන දෙකම එකම ප්‍රවේශයක එකම දිශාවට ගමන් කරනා පක්ෂ 2ක් පමණි. එමනිසා ඔලුගඩි මාරුවකින් විසදුම් ලබාගත නොහැකිය. සන්දානය හා එජාපය දෙකම විවේචනය කරන්නේ එබැවින් බව මෙමෙ ලියුම්කරු තේරුම් ගත යුතුය. එහේතුවෙන් ජවිපෙ යනුමෙම ක්‍රමයේ ප්‍රදාන විපක්ෂයයි. තවදුරටත් ජවිපෙ මෙමෙ ආණ්ඩුවට පමණක් විපක්ෂයක් නොවේ. මේ සමස්ථ ජරා ජීර්ණ ක්‍රමයටම විපක්ෂය ජවිපෙය.
    පොදු එක්සත්කමක් මගින් මැතිවරණ කල අවස්ථා රටට ඉතා තීරණාත්මක අවස්ථා විය
    සුනාමි සහන මන්ඩලය
    රනිල්ගේසාම ගිවිසුමෙන් රටට වු තත්වය
    යුද්දයේදී ආණ්ඩුවට දියයුතු සහය
    සරත් ෆොන්සේකා සමග සන්දානය
    මෙවැනි සියලුම අවස්තා වලදී ඒ ඒ අවස්ථා සලකා බලා වන්නට ගිය විනාශයන් වලක්වා ගතයුතු නිසා කොන්දේසි මාලාවක් යටතේ එක්ව කටයුතු කළේය. එහෙත් රාජපක්ෂ රෙජීමය පරාද කර තවත් එවැනිම වු පක්ෂයක් බලයට ගෙන එම නොකළ යුතුය. එය හිසේ අමාරුවට කොට්ටය මාරු කිරීමකි. එකට ගමන් කිරීම හෝ වෙන්ව ගමන් කිරීම තීරණය කලයුත්තේ හුදු සිල්ලර කාරනා සලකා නොව තීරණාත්මක සංදිස්ථාන වලදී පමනක්ය
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔක්කොටම වඩා වටින්නේ ආණ්ඩු බලය තියෙන, රජයේ දේපල උපරිම ලෙස පාවිච්චි කරන පසුබිමක, තමන්ගේ පාර්ලිමේන්තු අසුන කැප කරලා සටනට එන්න ඉදිරිපත් උන හරීන්ගේ කැපවීම සහ බය නැති ඉදිරිපත් වීම...
    අනික තමයි තනි පක්ෂයක් විදියට 40%ක් ඡන්ද ගන්නවා කියන්නේ ලොකු දෙයක්, මේක හොඳ ආරම්භයක් කරගෙන ඉස්සරහට යන්න ඕන..

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    විපක්ෂයට ඉදිරිය වාසිදායකය. කොන්දේසි කරුවන්, බ්ලැක්මේල් කරුවන් කුමන්ත්‍රණකරුවන්ට යටත් නොවී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් නොනවත්වා සටන් කරන ප්‍රතිපත්තියක් යටතේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ වගකීම දැන් විපක්ෂයට ඇති බව මතක් කර දිය යුතුව තිබේ. දැන් දේශපාලන සිතියම ඇඳිය යුත්තේ රාජපක්ෂලා නොව විපක්ෂය ය.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔක්කොටම වඩා වටින්නේ ආණ්ඩු බලය තියෙන, රජයේ දේපල උපරිම ලෙස පාවිච්චි කරන පසුබිමක, තමන්ගේ පාර්ලිමේන්තු අසුන කැප කරලා සටනට එන්න ඉදිරිපත් උන හරීන්ගේ කැපවීම සහ බය නැති ඉදිරිපත් වීම...
    අනික තමයි තනි පක්ෂයක් විදියට 40%ක් ඡන්ද ගන්නවා කියන්නේ ලොකු දෙයක්, මේක හොඳ ආරම්භයක් කරගෙන ඉස්සරහට යන්න ඕන..

    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔක්කොටම වඩා වටින්නේ ආණ්ඩු බලය තියෙන, රජයේ දේපල උපරිම ලෙස පාවිච්චි කරන පසුබිමක, තමන්ගේ පාර්ලිමේන්තු අසුන කැප කරලා සටනට එන්න ඉදිරිපත් උන හරීන්ගේ කැපවීම සහ බය නැති ඉදිරිපත් වීම...
    අනික තමයි තනි පක්ෂයක් විදියට 40%ක් ඡන්ද ගන්නවා කියන්නේ ලොකු දෙයක්, මේක හොඳ ආරම්භයක් කරගෙන ඉස්සරහට යන්න ඕන..

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුර කුමාර නායකත්වට පැමිණීමෙන් පසුව මතිවරණ වලදී jvp වෙනස් කම් කීපයක් හා වැඩි බරක් දී හා වැදගත් කමක් දී කටයුතු සිදුවූ බව ඇත්තය. එයට හේතුව සාම්ප්‍රදායික උපක්‍රම බවිතාව නව දේශපාලන හා මිනිසුන්ගේ නව සිතුම් පැතුම් හා උචිත නොවන බව තේරුම් ගැනීම නිසාත්ය. වැඩවර්ජන හා උද්ගෝෂණ වලට ලබාදෙන තැන මැතිවරණ වලට ලැබීමට ප්‍රදානම හේතුව එයයි
    සමන්ත විද්‍යාරත්නගේ හෝ යම් පුද්ගලයෙක්ගේ කතිකත්වයම පමණක් jvp මතවාදය හා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාමේ හොදම ක්‍රමය නොවේ. එයින් එහා ගිය පුළුල් වැඩපිලිවෙලක් නිර්මානය කළයුතුය..බස්නාහිරින් ජවිපෙ උගත් පාඩම ඌවට යොදාගෙන නොමැති බව චන්ද ප්‍රතිපල දුටුවිට පෙනීයයි. ප්‍රදානම කාරනාව වන්නේආණ්ඩුවේ වංචාන දුෂණ හොරකම් ගැන ජවිපෙ වේදිකා වල පැවසූ කරුණු හා කතා වලින් 15% වත් ජනතාව අතරට ගියේද කියම ප්‍රශ්නයයි. එමගින් කියවෙන්නේ ජවිපෙ ජනතාව අතරට යාමේදී සිදුවූ අඩුපාදඩුවයි. ජවිපෙ මිට වඩා මිනිසුන් අතරට යායුතුය. යායුතු ක්‍රමය ජවිපෙ විසින්ම සොයාගත යුතුය. එය සොයා නොගතහොත් මුලු රටම කෙමෙන් කෙමෙන් විනාශයට ගමන් කරනු නිසැකය.

    නිසැකවම ප්‍රදාන විපක්ෂය ජවිපෙය. අඩු මන්ත්‍රි සංඛ්‍යාවකින් හෝ විපක්ෂයේ භූමිකාව අද සිදුකරන්නේ ජවිපෙය. එජාපය ජවිපෙට සාපේක්ෂව ඇල්මැරුන සභාවයක් ගනී. ජවිපෙ හුදෙක් බලාපොරොත්තුවෙන්නේ ක්‍රමයේ වෙනසක් පමණි. එහෙයින් ශෂින්ද්‍ර එළවා හරින් පත්කරගැනීම නම් තට්ටුමාරු ක්‍රමය ජවිපෙ අනුමත නොකරයි. ප්‍රදාන පක්ෂ දෙකම එකම ධාරාවේ ගමන් කිරීම් නිසා කුමන පක්ෂය බලයට පත්වුවත් සමානය. එමනිසා වෙනත් පක්ෂයකට චන්දය දීමට කීම ජවිපෙට විහිළුවකි. ජවිපෙ ප්‍රදාන අරමුණ පවත්නා ක්‍රමය වෙනස් කර ඊටවඩා හොද ක්‍රමයකට යාම මිස ආණ්ඩු පෙරලා, එනම් මහින්ද එළවා රනිල්ට බලය දීම නොවේ. එමනිසා හරින්ගේ හා රන්ජන්ගේ ප්‍රකාෂ වලට කෙලෙහිගුණ සලකා ජන්දය එජාපයට දීමට කීම ජවිපෙ ප්‍රතිපත්තිවලට පටහැනිය. එජාපය හා සන්දානය යන දෙකම එකම ප්‍රවේශයක එකම දිශාවට ගමන් කරනා පක්ෂ 2ක් පමණි. එමනිසා ඔලුගඩි මාරුවකින් විසදුම් ලබාගත නොහැකිය. සන්දානය හා එජාපය දෙකම විවේචනය කරන්නේ එබැවින් බව මෙමෙ ලියුම්කරු තේරුම් ගත යුතුය. එහේතුවෙන් ජවිපෙ යනුමෙම ක්‍රමයේ ප්‍රදාන විපක්ෂයයි. තවදුරටත් ජවිපෙ මෙමෙ ආණ්ඩුවට පමණක් විපක්ෂයක් නොවේ. මේ සමස්ථ ජරා ජීර්ණ ක්‍රමයටම විපක්ෂය ජවිපෙය.
    පොදු එක්සත්කමක් මගින් මැතිවරණ කල අවස්ථා රටට ඉතා තීරණාත්මක අවස්ථා විය
    සුනාමි සහන මන්ඩලය
    රනිල්ගේසාම ගිවිසුමෙන් රටට වු තත්වය
    යුද්දයේදී ආණ්ඩුවට දියයුතු සහය
    සරත් ෆොන්සේකා සමග සන්දානය
    මෙවැනි සියලුම අවස්තා වලදී ඒ ඒ අවස්ථා සලකා බලා වන්නට ගිය විනාශයන් වලක්වා ගතයුතු නිසා කොන්දේසි මාලාවක් යටතේ එක්ව කටයුතු කළේය. එහෙත් රාජපක්ෂ රෙජීමය පරාද කර තවත් එවැනිම වු පක්ෂයක් බලයට ගෙන එම නොකළ යුතුය. එය හිසේ අමාරුවට කොට්ටය මාරු කිරීමකි. එකට ගමන් කිරීම හෝ වෙන්ව ගමන් කිරීම තීරණය කලයුත්තේ හුදු සිල්ලර කාරනා සලකා නොව තීරණාත්මක සංදිස්ථාන වලදී පමනක්ය
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    ආන්ඩුවට 50% ට වඩා අඩුවෙන් චන්ඩ හිමිවීම සම්පුර්න විපක්ශයේම ජයග්‍රහනයක්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආන්ඩුවට 50% ට වඩා අඩුවෙන් චන්ඩ හිමිවීම සම්පුර්න විපක්ශයේම ජයග්‍රහනයක්.

    අනිවාර්යෙන්ම. දැක්කේ නැද්ද ඊයේ TV එකේ සුසිල්ගේ දයාසිරිගේ මූණවල් වල හැටි. චන්දෙට කලින් කෙප්ප බාපු ඩලස් ආගිය අතක් නෑ :D:D:D
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ekenma

    janadi pati waranedi ranilta hari ghnna one bn man nm kiynne..podk anduwa holla ganna kawuru hari inna one bn unp eke ranila natwa wena ekek

    :angry::angry::angry::angry::angry:

    ඔක්කොටම වඩා වටින්නේ ආණ්ඩු බලය තියෙන, රජයේ දේපල උපරිම ලෙස පාවිච්චි කරන පසුබිමක, තමන්ගේ පාර්ලිමේන්තු අසුන කැප කරලා සටනට එන්න ඉදිරිපත් උන හරීන්ගේ කැපවීම සහ බය නැති ඉදිරිපත් වීම...
    අනික තමයි තනි පක්ෂයක් විදියට 40%ක් ඡන්ද ගන්නවා කියන්නේ ලොකු දෙයක්, මේක හොඳ ආරම්භයක් කරගෙන ඉස්සරහට යන්න ඕන..

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    අනුර කුමාර නායකත්වට පැමිණීමෙන් පසුව මතිවරණ වලදී jvp වෙනස් කම් කීපයක් හා වැඩි බරක් දී හා වැදගත් කමක් දී කටයුතු සිදුවූ බව ඇත්තය. එයට හේතුව සාම්ප්‍රදායික උපක්‍රම බවිතාව නව දේශපාලන හා මිනිසුන්ගේ නව සිතුම් පැතුම් හා උචිත නොවන බව තේරුම් ගැනීම නිසාත්ය. වැඩවර්ජන හා උද්ගෝෂණ වලට ලබාදෙන තැන මැතිවරණ වලට ලැබීමට ප්‍රදානම හේතුව එයයි
    සමන්ත විද්‍යාරත්නගේ හෝ යම් පුද්ගලයෙක්ගේ කතිකත්වයම පමණක් jvp මතවාදය හා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාමේ හොදම ක්‍රමය නොවේ. එයින් එහා ගිය පුළුල් වැඩපිලිවෙලක් නිර්මානය කළයුතුය..බස්නාහිරින් ජවිපෙ උගත් පාඩම ඌවට යොදාගෙන නොමැති බව චන්ද ප්‍රතිපල දුටුවිට පෙනීයයි. ප්‍රදානම කාරනාව වන්නේආණ්ඩුවේ වංචාන දුෂණ හොරකම් ගැන ජවිපෙ වේදිකා වල පැවසූ කරුණු හා කතා වලින් 15% වත් ජනතාව අතරට ගියේද කියම ප්‍රශ්නයයි. එමගින් කියවෙන්නේ ජවිපෙ ජනතාව අතරට යාමේදී සිදුවූ අඩුපාදඩුවයි. ජවිපෙ මිට වඩා මිනිසුන් අතරට යායුතුය. යායුතු ක්‍රමය ජවිපෙ විසින්ම සොයාගත යුතුය. එය සොයා නොගතහොත් මුලු රටම කෙමෙන් කෙමෙන් විනාශයට ගමන් කරනු නිසැකය.

    නිසැකවම ප්‍රදාන විපක්ෂය ජවිපෙය. අඩු මන්ත්‍රි සංඛ්‍යාවකින් හෝ විපක්ෂයේ භූමිකාව අද සිදුකරන්නේ ජවිපෙය. එජාපය ජවිපෙට සාපේක්ෂව ඇල්මැරුන සභාවයක් ගනී. ජවිපෙ හුදෙක් බලාපොරොත්තුවෙන්නේ ක්‍රමයේ වෙනසක් පමණි. එහෙයින් ශෂින්ද්‍ර එළවා හරින් පත්කරගැනීම නම් තට්ටුමාරු ක්‍රමය ජවිපෙ අනුමත නොකරයි. ප්‍රදාන පක්ෂ දෙකම එකම ධාරාවේ ගමන් කිරීම් නිසා කුමන පක්ෂය බලයට පත්වුවත් සමානය. එමනිසා වෙනත් පක්ෂයකට චන්දය දීමට කීම ජවිපෙට විහිළුවකි. ජවිපෙ ප්‍රදාන අරමුණ පවත්නා ක්‍රමය වෙනස් කර ඊටවඩා හොද ක්‍රමයකට යාම මිස ආණ්ඩු පෙරලා, එනම් මහින්ද එළවා රනිල්ට බලය දීම නොවේ. එමනිසා හරින්ගේ හා රන්ජන්ගේ ප්‍රකාෂ වලට කෙලෙහිගුණ සලකා ජන්දය එජාපයට දීමට කීම ජවිපෙ ප්‍රතිපත්තිවලට පටහැනිය. එජාපය හා සන්දානය යන දෙකම එකම ප්‍රවේශයක එකම දිශාවට ගමන් කරනා පක්ෂ 2ක් පමණි. එමනිසා ඔලුගඩි මාරුවකින් විසදුම් ලබාගත නොහැකිය. සන්දානය හා එජාපය දෙකම විවේචනය කරන්නේ එබැවින් බව මෙමෙ ලියුම්කරු තේරුම් ගත යුතුය. එහේතුවෙන් ජවිපෙ යනුමෙම ක්‍රමයේ ප්‍රදාන විපක්ෂයයි. තවදුරටත් ජවිපෙ මෙමෙ ආණ්ඩුවට පමණක් විපක්ෂයක් නොවේ. මේ සමස්ථ ජරා ජීර්ණ ක්‍රමයටම විපක්ෂය ජවිපෙය.
    පොදු එක්සත්කමක් මගින් මැතිවරණ කල අවස්ථා රටට ඉතා තීරණාත්මක අවස්ථා විය
    සුනාමි සහන මන්ඩලය
    රනිල්ගේසාම ගිවිසුමෙන් රටට වු තත්වය
    යුද්දයේදී ආණ්ඩුවට දියයුතු සහය
    සරත් ෆොන්සේකා සමග සන්දානය
    මෙවැනි සියලුම අවස්තා වලදී ඒ ඒ අවස්ථා සලකා බලා වන්නට ගිය විනාශයන් වලක්වා ගතයුතු නිසා කොන්දේසි මාලාවක් යටතේ එක්ව කටයුතු කළේය. එහෙත් රාජපක්ෂ රෙජීමය පරාද කර තවත් එවැනිම වු පක්ෂයක් බලයට ගෙන එම නොකළ යුතුය. එය හිසේ අමාරුවට කොට්ටය මාරු කිරීමකි. එකට ගමන් කිරීම හෝ වෙන්ව ගමන් කිරීම තීරණය කලයුත්තේ හුදු සිල්ලර කාරනා සලකා නොව තීරණාත්මක සංදිස්ථාන වලදී පමනක්ය

    මමත් සම්පූර්ණයෙන් එකගයි මේකට...
    යුඑන්පී... ආවත් ආණ්ඩුවම තමයි කිසි වෙනසක් වෙන්නේ නෑ... ආණ්ඩුවේ ඉන්න භාගයක් අලියෝ.... යුඑන්පි එක දිනුවත් ූන් ටික පැත්ත මාරු කරයි... වෙනසක ්වෙන්නෙ නෑ... ඒ නිසා
    ප්‍රධාන විපක්ෂය ජේවීපී.....විය යුතුමයි....