රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීරණය කරනු ලැබුණි. එහි දඩුවම වූයේ නඩු ගාස්තුව ලෙස එක් අයෙකුගෙන් ලක්ෂ එකහමාර බැගින් පෙත්සම්කරුවන්ට ගෙවීම යන්නයි.
කෙසේ වෙතත් එම තීන්දුව ඊට වඩා ප්‍රබල දේශපාලන හැඟවුමක් වූ අතර ඒ තුළින් රාජපක්ෂ පාලනය රටට කළ බරපතල විනාසයක් ගැන තීන්දුවක් ලබාදී තිබේ.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර තිබුණි.
මෙම නඩුව පැවැත්වෙන අතරවාරයේ රාජපක්ෂවරුන්ට ගුවන් ගමන් පවා තහනම් කර තිබූ නමුත් ඇතැම් කාල වල ඔවුන් එය ලිහිල් කරගෙන විදෙස් ගතවී පැමිණ තිබුණි. අරගලය සමයේ පැවරූ මෙම නඩුව ජනතාවගේ වේදනාව සමග මුසුවූවකි.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඊයේ ලෝකයේ ජනමාධ්‍ය විශේෂ වාර්තා පළ කර තිබුණි. බීබීසී ලෝක සේවය සිය සවස ප්රවෘත්ති ප්රකාශයටද මේ ගැන විස්තර ඉදිරිපත් කළ අතර 2022 අරගලය ගැනද මතක් කර තිබුණි.
මේ අතර විදෙස් ප්රවෘත්ති ජාලා හා වෙබ් අඩවි රැසක් ද මෙම පුවත වාර්තා කර තිබුණි. විශේෂයෙන් අද (15) ඉන්දියාවේ මුද්‍රිත මාධ්‍ය තුළ මේ ගැන වැඩි ඉඩක් වෙන් විය.
පහත පළවන්නේ එම පළකිරීම් කිහිපයකි.
madamulana gu kapu wesa baiyo warella @2osama @N A K A M U R A @hirashgeff @hirugalbandara @weer 11 @erozan @nicjosh83 AKA @John Dutton
