රාජපක්ෂ ණය උගුල

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රාජපක්ෂ ණය උගුල

    මට බලපාන මගේ ප්‍රශ්ණය මා අසන්නේ නැත්නම් කවුරු අසන්නද ?

    මම වෘතියෙන් ඉංජිනේරුවෙකු වන නිසා මම ඉලක්කම් පරිශීලනය ප්‍රිය කරමි. මම වෘතියෙන් ගණකාධිවරයෙකුද වන නිසා මට ඉලක්කම් අතර බොහෝවිට කතන්දරයක් පෙනේ. මම වරලත් අලවිකරුවෙකු වශයෙන්ද වෘතීය සුදුසුකම් ලබා ඇති නිසා ඉලක්කම් හරඹයෙන් කරන ප්‍රචාරණ කටයුතු තුල සත්‍යය හා අසත්‍යය වෙන් කර දකින්නට යම් හැකියාවක්ද මට ඇත.

    රටේ ණය බර පිලිබඳව කරුණු පහදමින් මුදල් අමාත්‍යාංශය විසින් ජනවාරි 26දා නිකුත් කර ඇති ප්‍රවෘතී නිවේදනය දුටුවිට මගේ මනස ක්‍රියාත්මක වූයේ පහත ආකාරයටය.

    මෙම නිවේදනයේ මූලික අරමුණ මහින්ද රාජපක්ෂ සමයේ ගත් ණය නිසා රට ණය උගුලක පැටලී ඇතැයි යන යහපාලන රජයේ ප්‍රසිද්ධ සටන්පාඨයට සවියක් ලබා දීමය. ඒ සඳහා 2015 සිට 2020 දක්වා ලංකාව විසින් විදේශ රට වලට ගෙවිය යුතු ණය වාරික පහත අයුරින් පෙන්වා ඇත්තේ කියවන්නා තුල පසුගිය පාලනය ගැන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුනෙනි.

    2015 වසරේදී ගෙවූ මුදල රු.බි. 276
    2016 වසරේදී ගෙවූ මුදල රු.බි. 269
    2017 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 355
    2018 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 377
    2019 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 586
    2020 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 509

    මේ අනුව 2015 සිට 2020 දක්වා කාලය තුල ගෙවීමට සිදුවන මුදල රුපියල් බිලියන 2,372 කි. ප්‍රවෘතී නිවේදනය මගින් රාජපක්ෂ විසින් ගත් ණය දැඩි විවේචණයකට ලක් කර ඇති අතර 2019 ගෙවන්නට වන රුපියල් බිලියන 586 ඉතිහාසයේ ලංකාව විසින් ගෙවනු ලබන විශාලතම ණය වාරිකයයි සඳහන් කර ඇත.

    බැලූ බැලමට මෙය භයානක තත්වයකි.

    නමුත් හොදින් විමසා බැලූ විට පෙනෙන චිත්‍රය මීට තරමක් වෙනස්ය. ඒය ඔබගේ බුද්ධියෙන්ද විමසා බලන්නට කරුණු කිහිපයක් මෙහි සඳහන් කරමි.

    මෙම වාර්තාවට අනුව 2015 හා 2016 තුල ගෙවා ඇති මුලු ණය මුදල රුපියල් බිලියන 545 කි ( 276 + 269).

    නමුත් රජයේ අනෙකුත් වාර්තා අධ්‍යයනය කරන විට මෙම වසර දෙක තුල රජය රුපියල් බිලියන 2,311 ක් අලුතින් ණය ලබා ගෙන ඇති බව පෙනී යයි.

    මීට අමතරව වත්මන් රජය රජය ණය ගෙවීමට යැයි කියමින් ජනතාවට බදු වැඩි කලා ඔබට මතක ඇත. මහ බැංකු වාර්ථා අනුව 2015 දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන 306 ක් හා 2016දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන382 ක් රජය බදු අයකර ඇත. මේ අනුව 2015-2016 කාලය තුල 2014ට සාපේක්ෂව ලැබු අමතර බදු ආදායම රුපියල් බිලියන 688කි.

    එසේනම් අමතර බදු හා අලුත් ණය මගින් වත්මන් රජය 2015 2016 වසර දෙක තුල එක් කල මුදල රුපියල් බිලියන 2,999 කි.

    එම මුදලින් 2020 දක්වා ගෙවන්නට ඇති සියලු ණය ගෙවූවද තවත් රුපියල් බිලියන 627 ක් ඉතිරි විය යුතුය.

    සුදු අලියෙකු කියා සමහරු කෑ මොර දෙන මත්තල ගුවන්තොටුපොල සාදන්නට වියදම් වූයේ රුපියල් බිලියන් 30ක් පමන මුදලකි. එසේ නම් මේ ඉතිරි මුදලින් තවත් එවැනි ගුවන් තොටුපොලවල් 20 ක් සෑදිය හැක.

    ඉතින් ඔබඇසිය යුතු ප්‍රශ්ණයනම මේසා විශාල මුදලක් එකතුකල වත්මන් රජයට තවමත් ණය බරක් ගැන කතා කිරීමට සාධාරණ අයිතියක් තිබෙන්වාද යන්නයි.

    මීට අමතරව අනාගත පරපුර ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ වසර දෙකක් තුල යහපාලන රජය ගත් රුපියල් බිලියන් 2,371 හෙවත් කෝටි 237,100 ණය ගෙවන්නේ කවුද කියායි. 2017-2020 අප විසින් ගෙවිය යුතුයැයි ඔය කියන ණය වාරික තුල කෙතරම් මුදලක් යහපාලන සමයේ ගත් ණයද ?

    2014දී දල ජාතික නිශ්පාදිතයෙන් 70.7% වූ ණය බර අද 81% කි.

    මම දේශපාලඥයෙකු නොවෙමි.මම මේ රටේ සාමාන්‍ය පුරවසියෙකි. මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ මගේ මිතුරන් හෝ හතුරන් නොවේ. ඔවුන් මටත් අනෙකුත් ජනතාවටත් වග කිව යුතු රටේ නායකයන්ය. මට ඇති ගැටලුව පුර වැසියෙකු වශයෙන් මා වැඩි ණය උගුලක පටලවා ඇත්තේ කොයි නායකයාද යන්නයි. නිදහසින් පසු මේ රට පාලනය කල සියලු නායකයින් එක්ව 2014 වන විට තනි පුර වැසියෙකු වශයෙන් මා රුපියල් 353,630/- ලෝකයට ණය කොට තිබුණ අතර වසර දෙකකට පසු මෛත්‍රී /රනිල් පාලනය මගේ එම ණය බර රුපියල් 464,210 දක්වා ඉහල දමා ඇත. එය 2014 සාපෙක්ෂව 32% ක වැඩි වීමකි. එය පෞද්ගලික මෙන්ම පොදු ප්‍රශ්ණයක් ලෙස දකින ලෙස මගේ බුද්ධිය මට බල කරයි.


    https://www.facebook.com/nalaka.godahewa/posts/10154053300176986
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    හැමදමා අපි මේ *සිගේ පුතාලාගේ කරුම ගොවනවා බන්. ගෙඩ යෑමක් නැ ලංකාවටනම් ආයේ :dull:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕව ගැන මන් දන්නෙ නෑ. ඒත් මහින්දල ගත්තු ණය හින්ද රටට වෙන හානිය ගැන නිර්මාල් රංජිත් එහෙම හොදට විග්‍රහ කරල තියනව. දන්න එකෙක් ඉන්නවනම් දාන්නකො ලින්ක් එකක්. මට හොයාගන්න බෑ.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕව ගැන මන් දන්නෙ නෑ. ඒත් මහින්දල ගත්තු ණය හින්ද රටට වෙන හානිය ගැන නිර්මාල් රංජිත් එහෙම හොදට විග්‍රහ කරල තියනව. දන්න එකෙක් ඉන්නවනම් දාන්නකො ලින්ක් එකක්. මට හොයාගන්න බෑ.
    දන්නෙ නැත්තං පොඩ්ඩක් කල්පනා කරල බලන්න තේරෙයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔච්චර ණය තියෙනව කියල හොයාගත්තු source පුලුවන්නං දාන්න :dull: :dull:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔච්චර ණය තියෙනව කියල හොයාගත්තු source පුලුවන්නං දාන්න :dull: :dull:

    ඔබතුමා මේ සතියෙ සතිඅන්ත මවුබිම පත්තරේ බලන්න.මුල් පිටුවෙම ආටිකල් එකක් තියනව ආර්තික විශේෂඥයෝ රජයට අනතුරු අගවයි කියල රටේ ආර්තිකේ ගැන.ඉලක්කම් එක්කම තියනව.නැත්නම් මහ බැන්කු වාර්තාව ගන්න.කොයි කවුරුත් එකයි.දරන්න බැරි නය අරගෙන සන්දර්ශන දානව.තමුන් ගෙදරින් ගෙනාපුව වගේ හදන ඒවට ලොකුවට නම් දානව.ඒත් උපදින දරුවත් ලක්ශ ගානක් නය වෙලා ඉපදෙන්නෙ.රටේ කිසිම නිශ්පාදනයක් දිරිගන්වන්නෙ නෑ.ඔක්කොම නය වලින් දුවන්නෙ.හැමදාම අයවැය ශේශය හිගයි.මේ රටට ගොඩ ඒමක් නෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔබතුමා මේ සතියෙ සතිඅන්ත මවුබිම පත්තරේ බලන්න.මුල් පිටුවෙම ආටිකල් එකක් තියනව ආර්තික විශේෂඥයෝ රජයට අනතුරු අගවයි කියල රටේ ආර්තිකේ ගැන.ඉලක්කම් එක්කම තියනව.නැත්නම් මහ බැන්කු වාර්තාව ගන්න.කොයි කවුරුත් එකයි.දරන්න බැරි නය අරගෙන සන්දර්ශන දානව.තමුන් ගෙදරින් ගෙනාපුව වගේ හදන ඒවට ලොකුවට නම් දානව.ඒත් උපදින දරුවත් ලක්ශ ගානක් නය වෙලා ඉපදෙන්නෙ.රටේ කිසිම නිශ්පාදනයක් දිරිගන්වන්නෙ නෑ.ඔක්කොම නය වලින් දුවන්නෙ.හැමදාම අයවැය ශේශය හිගයි.මේ රටට ගොඩ ඒමක් නෑ.

    ආං ඒක හොයාගන්නෙ කොහෙන්ද කියල තමා මට දැනගන්න ඕනෙ :yes: :yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ආං ඒක හොයාගන්නෙ කොහෙන්ද කියල තමා මට දැනගන්න ඕනෙ :yes: :yes:

    මහ බැන්කු වාර්තාව මුද්‍රිත පිටපත් ගන්න පුලුවන් මහ බැන්කුවෙන් මිලදී ගන්න ඕන මගෙහිතේ.2016 එක බලන්න නම් අප්‍රේල් වෙනකම් ඉන්න වෙනව.

    මෙතන පරන වාර්තා එක්ක තියනව.

    http://www.cbsl.gov.lk/htm/english/10_pub/p_1.html

    2015 වාර්තාව ඉලක්කම් එක්ක තියනව.MONETARY POLICY, MONEY, CREDIT AND
    INTEREST RATES හෙඩින් එක යටතේ නය වැඩිඋන හැටි බලාගන්න පුලුවන්.

    http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/AR2015/English/content.htm
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මහ බැන්කු වාර්තාව මුද්‍රිත පිටපත් ගන්න පුලුවන් මහ බැන්කුවෙන් මිලදී ගන්න ඕන මගෙහිතේ.
    මෙතන පරන වාර්තා එක්ක තියනව.

    http://www.cbsl.gov.lk/htm/english/10_pub/p_1.html

    2015 වාර්තාව ඉලක්කම් එක්ක තියනව.MONETARY POLICY, MONEY, CREDIT AND
    INTEREST RATES හෙඩින් එක යටතේ නය වැඩිඋන හැටි බලාගන්න පුලුවන්.

    http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/AR2015/English/content.htm

    එල :D :D
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    16195044_2211227332435829_5523304666838603362_n.jpg