රාජපක්ෂ පට්ට පල් හොරු එක්ක මොන සාකච්ඡාද?

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Mun me thakahaniyak ratata salli ewanna kiyanne adaheta gewanna thiyana bonds tikak gewanna neda? definitely rajapakshalage ekek wenna ethi oya bonds aragena thiyenne.

    අනිවා. :yes:
    කොතනින් බැලුවත් මුන්ගෙ හොරකම.
    මේ පාර මුන්ගෙ දේශපාලනේ ඉවර වෙනව නං රට ගොඩ එන්න පටන් ගනියි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    අනිවා. :yes:
    කොතනින් බැලුවත් මුන්ගෙ හොරකම.
    මේ පාර මුන්ගෙ දේශපාලනේ ඉවර වෙනව නං රට ගොඩ එන්න පටන් ගනියි.
    All these bastards should be taught a lesson and kicked out - so that the would be future bastards would think twice & be more accountable.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    "ගාලු මුවදොර විරෝධතාවල නියුතු තරුණ තරුණියන් සමග සාකච්ඡාවට සූදානම්" - අගමැති මහින්ද කියයි.

    - ප්‍රවෘත්තියක්

    මට මෙහි අනතුරු කිහිපයක් පෙනෙනවා.

    මෙතැන තියෙන වැදගත් ම වචනය හෙවත් keyword එක 'තරුණ තරුණියන්' කියන එක.

    මහින්ද මේක කියන්නේ හරියට ම තාත්තා කෙනෙක් ගෙදරින් තරහ වෙලා ගිය පුතෙක් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නය බේරගන්න කැමතියි කියන tone එකකින්.

    ඒ වගේ ම 71 කැරැල්ලෙන් පස්සේ සිරිමාවෝ කිව්ව විදියට "නොමඟ ගිය දරුවන්" පිරිසක් ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණය කරන්න හදනවා වගේ කතන්දරයක් මහින්ද මෙයින් නිර්මාණය කරන්න උත්සාහ කරන බව පෙනෙනවා.

    මහින්ද මේ උත්සාහ කරන්නේ කතන්දර යුද්ධයක් (a war of narratives) නිර්මාණය කරලා එයින් ජයගන්නයි.

    ඉන්පසු ඒ කතන්දර යුද්ධයේ 'පීතෲ චරිතය' වෙලා මහජන අනුකම්පාව යම්තාක් දුරකට තමන් වෙත හරවාගන්නයි.

    මේ වගේ සෙල්ලම් හරියන්නේ මහින්දලාගේ ගෝලබාලයන් ගේ ටීවී චැනල්, පත්තරවලින් ලෝකය දකින නාකි සොකඩයන් එක්ක මිස ඩිජිටල් පරම්පරාව සමග නෙවෙයි.

    මෙතැන හුඟක් ඉන්නේ තරුණ පරපුර බව ඇත්ත. ඒත් ඔවුන් මෙහි සිටින්නේ 'තරුණ තරුණියන්' හැටියට නොව ලංකාවේ පුරවැසියන් විදියටයි. ඔවුන්ට මෙතැන තියෙන්නේ පුරවැසි අයිතියක්. ඔවුන් කරන්නේ පුරවැසි සටනක්.

    ඒ හින්දා මහින්ද, වැඩි කයි කතන්දර නැතිව මුලින් ම ඔවුන් ගේ 'පුරවැසිභාවය'වත් පිළිගන්න.

    ඒ වගේ ම මෙහෙම සාකච්ඡාවක් ආරම්භ වුණු අරගලකරුවන් වෙනුවෙන් සාකච්ඡා කරන්න ඉදිරිපත් වන පිරිස මෙහි "නායකයන්" බවට පත්වෙනවා.

    අරගලයේ අයිතිය ඒ අයට පවරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා.

    ඒ පිරිස ඉලක්ක කරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා. අරගලය බිඳවන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා.

    මේ අරගලයේ ලස්සන ම කොටස තමයි මෙයට අයිතිකාරයෙක් නැති එක. සංවිධායකයෙක් නැති එක. නායකයෙක් නැති එක.

    ඒ නිසා පහර දෙන්න ඕනෙ කාටද, අතුරුදහන් කරන්න ඕන කාවද, මරාදාන්න ඕනෙ කාවද, මඩ ගහන්න ඕනෙ කාටද කියලාවත් කාටවත් හිතාගන්න බැහැ. එහෙම ඉලක්ක කළ හැකි කෙනෙක් නැහැ. ඒ කියන්නේ අරගල මර්දනය කරන 'සාම්ප්‍රදායික ක්‍රම' කිසිවක් දැන් වලංගු නැහැ.

    ඒත් ඔය කියන 'සාකච්ඡා' හරහා මේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කළ හැකි මොඩලයක් නිර්මාණය කරගන්න ආණ්ඩුවට පුළුවන්.

    ඒ නිසා මහින්ද, විරෝධතාකරුවන් ගේ ඉල්ලීම් පැහැදිලියි.

    ඔබත් ඔබේ පවුලත් පවුල වටා සිටින කල්ලියත් යා යුතුයි.

    තවත් පව් නොදී, කොන්දේසි විරහිතව, කාලය නාස්ති නොකර යා යුතුයි.

    අරගල බිමට නිතර යන එන නිකම්ම නිකම් පුරවැසියෙක් විදියට මට මේ සාකච්ඡා ඇරයුම ගැන කියන්න තියෙන්නේ “Thanks but no thanks” කියලා විතරයි.

    -

    රසික ජයකොඩි
    13 - 04 - 2022

    #lka #SriLanka


    tv එකේ පෙන්නයි මයිනා තරුණ තරුණියෝ හතර පස් දෙනෙක් එක්ක කතා කරනවා.
    ඒ තරුණ තරුනියොත් මොනවහරි ගොන් ප්‍රශ්න අහල පොඩි පොඩි ඉල්ලීම් දෙක තුනක් කරයි.
    මයිනත් ඒවාට කැමති වෙයි.
    ප්‍රශ්නේ ඉවරයි.
    අරගලය කරන එවුන්ට ගෙවල් වලට යන්න තියෙන්නෙ.

    මයිනා අරගලය තියෙන නැතනට යන්නෙ නැති වෙයිනෙ. ඌ එක්ක ගිහිං කතා කරන එවුන් කවුද කියල කවුරුත් දන්නෙ නැති වෙයි.

    ඕකට තමයි දැන් එන්න හදන්නේ කියල මට හිතෙන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    tv එකේ පෙන්නයි මයිනා තරුණ තරුණියෝ හතර පස් දෙනෙක් එක්ක කතා කරනවා.
    ඒ තරුණ තරුනියොත් මොනවහරි ගොන් ප්‍රශ්න අහල පොඩි පොඩි ඉල්ලීම් දෙක තුනක් කරයි.
    මයිනත් ඒවාට කැමති වෙයි.
    ප්‍රශ්නේ ඉවරයි.
    අරගලය කරන එවුන්ට ගෙවල් වලට යන්න තියෙන්නෙ.

    මයිනා අරගලය තියෙන නැතනට යන්නෙ නැති වෙයිනෙ. ඌ එක්ක ගිහිං කතා කරන එවුන් කවුද කියල කවුරුත් දන්නෙ නැති වෙයි.

    ඕකට තමයි දැන් එන්න හදන්නේ කියල මට හිතෙන්නේ.

    ඔව්.

    කවුරු හරි ගිහින් කතා කරාට අරගලය කරන උන් ගෙදර යන්න ඕන නෑනෙ. අපේ කෙනෙක් නෙවෙයි ඒ කියල ඉන්න තියෙන්නෙ දිගටම.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ගෝටට වඩා ගොඩක් හොඳට මහින්දට රඟපාන්න සහ කතාවෙන් මිනිස්සු රවට්ටන්න පුළුවන් කියල දන්න නිසා තමයි මේ වෙලාවෙ ගෝට එලි බහින්නේ නැතුව අයියට ගේම් එක බාර දීල තියෙන්නේ.. අහුවෙන්න නම් එපා පුතේ :)
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ඕකා හෙන කපටියා. අපිට අරගල අමුතු ඒවා නෙවෙයි කියලා, එළිපිට ගාඩ්ස්ල නැතුව (සිවිල් ඇඳුමෙන් ගාඩ්ස්ල දාල) තනියෙන් ඒවිද දන්නේ නැහැ ගෝල් ෆේස් එකට. :lol:
    කොහොම උනත් හැම possibility එකටම සූදානම් වෙලා ඉන්න ඕන. පුළුවන් තරම් surprises අඩු කරගන්න ඕන.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එහෙම කතා කරන අතරේ නාකි සාටකයියලා අරහෙන් ඇමතිලා බාගන්නේ අයි. මේකේ කියන එක හරි. මේකෙන් බැරි උනොත් ඊළගට පාර්ලිමන්ට් එකේ ගේමක් ගහන්න යන්නේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Geri Amana Gota & Ata Nathi Maina Pala Horakapuwa Dila Kalakanni Amana Ballo