රාජපක්ෂ පවුලට අලුතින් රූපවාහිනි නාළිකාවක්…
ඊයේ (13) ජාතික රූපවාහිනියේ චැනල් අයි ඔස්සේ යෝෂිත රාජපක්ෂ සහභාගී වූ රග්බි ක්‍රීඩා තරඟය සජීවීව විකාශනය කර තිබෙන්නේ සුප්‍රීම් ටීවී නමින් මෙම මස අවසානයේ සිට දිවයින පුරා විකාශයන කිරීමට නියමිත නවතම රූපවාහිනි චැනලයේ පරීක්ෂණ කටයුතු සඳහා බව හෙළිවේ.
මෙම රූපවාහිනී නාලිකාව යෝෂිත රාජපක්ෂට අයත් බව විවිධ අන්තර්ජාල ප්රවෘත්ති වෙබ් අඩවිවලින් හෙළිකර තිබේ. චැනල් අයි නාළිකාවෙන් විකාශනය කළ රග්බි තරඟය ලබා ගෙන ඇත්තේ සුප්‍රීම් ටීවී නම් මෙම නාළිකාවෙන් ය. අධ්‍යාපන වැඩ සටහන් නවතා දමා නොමිලේ මෙම තරඟාවලිය විකාශනය කර තිබිණි. කොරෝනා සම්බන්ධයෙන් දැඩි ආරක්ෂණ විධිවිධාන මධ්‍යයේ මෙම තරඟය නැරඹීමට මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ පවුලේ ලේලිවරුන් දෙදෙනා ද සහභාගී වී සිටියෝ ය.
meka true da?
------ Post added on Aug 15, 2021 at 10:08 PM