රාජපක්ෂ පවුලේ දේශප්‍රේමී හෙළුව

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    රාජපක්ෂ පවුලේ දේශප්‍රේමී හෙළුව

    නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අසංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම භාරගනිමි… එසේ හෙයින් දෙවියනි, මට පිහිට වුව මැන.’’: ඇමරිකානු පුරවැසි භාවය ලබාගත් සියල්ලන් විසින් කළ යුතු දිව්රුම.

    බොරු ගෙතීම, රාජපක්ෂ රාජ්‍යකරණයේ ජන්ම අංගයකි.
    ‘‘ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු රටේ ඇති වෙමින් තියෙන සංවර්ධනය ඉවසගෙන ඉන්න බැරි මිනිස්සු බලන්නේ මාව විදුලි පුටුවට අරින්න.’’යි, මැතිවරණය දෙස ඇස ගසාගෙන, ජනාධිපතිවරයා ගෝරනාඩු කෙළේය. අපරාධයේ බරපතළකම කුමක් වෙතත්, කෙනෙකුට මරණීය දණ්ඩනය පැනවීමේ බලයක් ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණයට’ ඇත්තේ නැත. ජනාධිපති රාජපක්ෂ ලංකාවෙන් බාර දෙන ලදුව, ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ’ නඩු විභාගයකින් පසුව වැරදිකරු කරනු ලැබුවත්, ඔහු විදුලි පුටුවකට යන්නේ නැත. මන්ද යත්, හේග් නුවර එවැනි විදුලි පුටුවක් නැති බැවිනි.
    එහෙත් අපේ නළු ජනාධිපතිවරයා දැන් රඟපාමින් සිටින දිවි පිදීමේ වික‍්‍රමාන්විත රංගනයට ඒ ශුද්ධ ඇත්ත ගැළපෙන්නේ නැත. එබැවින් විදුලි පුටුව පිළිබඳ විකට මුසාවක් අවශ්‍ය කෙරේ. ඒ, ආර්ථික බරින් මිරිකී සිටින ඡුන්දදායකයා රවටා මේ මැතිවරණ කාලයේ ඔහුගේ/ඇගේ අනුකම්පාව දිනා ගැනීමට ය.
    ඇමරිකානු දේශපාලනඥයන් අල්ලසට ගැනීමට රුපියල් මිලියන 100කුත් වැය කොට අසාර්ථකව තිබිය දී, ලබන මාසයේ ජිනීවා නුවර ලංකාවට එරෙහි තවත් ඇමරිකානු යෝජනාවක් ගෙන ඒමට යද්දී, යැංකින්ට තඩිබෑමේ පුහු ඝෝෂාව නැවතත් කොළඹින් මතුවෙමින් තිබේ. සුපිරි දේශපේ‍්‍රමී ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට, ශ‍්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය නමින් මාතෘභූමි දෙකක් ඇති බව, ‘ඇමරිකානු අත පෙවීමට’ එරෙහිව අද උඩුබුරන රාජපක්ෂලාගේ පාබළ හේවායන් කී දෙනෙක් දන්නෙහුද?
    ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා විදේශිකයෙකු අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ගාස්තුවක් ගෙවිය යුතුය. අනතුරුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමෙන් පසු, ඇමරිකානු ඉතිහාසය සහ ප‍්‍රජාචාරය ගැනත්, ඉංග‍්‍රීසි භාෂාව ගැනත් වාචික පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය. එහි අවසන් අදියර වන්නේ, දිව්රුම් දීමයි. එහි දී, තමන් උපන් දේශයට ඇති සෑම බැඳීමක්ම අතහරින බවටත්, ඇමරිකා එක්සත් ජනපදයට මුළුමණින් පක්ෂපාතී වන බවටත්, ඔහු/ඇය සපථ කර සිටී.
    වාර්තා වන පරිදි, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියන් ය. එසේ නම්, ඔවුන් ඒ සඳහා අයදුම් කරන්ට ඇත. ගාස්තුවක් ගෙවන්ට ඇත. සම්මුඛ පරීක්ෂණයට මුහුණදී පුරවැසි පරීක්ෂණයෙන් සහ භාෂා පරීක්ෂණයෙන් සමත් වන්නට ඇත. ඉන් පසු දිව්රුම් දෙන්නටත් ඇත. එහි දී, ශ‍්‍රී ලංකාවට ඇති පක්ෂපාතීත්වය අතහැරීමට ප‍්‍රතිඥා දී, ඇමරිකාවට පක්ෂපාතී වන බවට සපථ කරන්නට ඇත.
    ඊටත් පසු අවස්ථාවක, යම් ගාස්තුවක් ගෙවා අවශ්‍ය ලේඛනවලට අත්සන් කොට, ඔවුන් ලංකාවේ පුරවැසි භාවයත් ලබාගන්නට ඇති. (ඒ කවදාදැ යි සොයා බැලීම වටී).
    ලංකාවේ උපත ලද්දවුන් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇමරිකානුවන් බවට පත්වුණේ ඔවුන්ගේම කැමැත්තෙනි. ඒ දෙදෙනාගෙන් කිසිවෙකු, වෙන රටක පුරවැසිභාවයක් ඉල්ලන්නට තරම් ලංකාවේ දී කිසි තාඩනපීඩනයකට ලක්ව සිටියේ නැත. දෙන්නාම රට හැර ගියේ සරුබිම් සොයාගෙන ය. ලෝකයේ ධනවත්ම රටේ පුරවැසිභාවය සඳහා ඒ දෙන්නාම තමන්ගේ මව්රට අතහැරියෝය. ඔවුන්ගේ සහෝදරයා ලංකාවේ ජනාධිපති නොවන්නට, ඔවුන් දෙන්නාම තමන්ගේ මුළු ජීවිත කාලයන්ම ගත කරනු ඇත්තේ ඇමරිකාවේ ය.
    ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ එක විට ලංකාවේත්, ඇමරිකාවේත් පුරවැසියන් නම්, ඔවුන්ගේ සැබෑ පක්ෂපාතීත්වය ඇත්තේ කුමන රට ද? හදවතින්ම සහ ආත්මයෙන්ම තමන් ශ‍්‍රී ලාංකිකයන් බවත්, වෙන කිසිවෙකු ආදරය කොට නැති තරමට තමන් ඒ මාතෘ භූමියට ආදරයක් කරන බවත් ඔවුන් ප‍්‍රකාශ කරන්නේ නම්, ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේ දී, ‘‘මෙතෙක් මා අයත් වූ වෙනත් ඕනෑම රටකට මගේ තිබූ සෑම පක්ෂපාතීත්වයක් සහ භක්තියක්ම, මුළුමණින්මත් සදහටමත් මා අතහැරීමට සපථ කරමි’’ යි ඇමරිකානු දිව්රුම දීමේ දී ඔවුන් කියා ඇත්තේ බොරුවක් නොවේ ද? උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ රට වන ඇමරිකාව, චීනය සමග ගැටුමකට ගියොත්, ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට ‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමටත්’, ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂට ‘ඇමරිකානු සන්නද්ධ සේවාවන් තුළ අසංග‍්‍රාමික සේවාවන් සැපයීමටත්‘, තමන් දුන් දිව්රුම් ප‍්‍රකාශය අනුව සිදු වෙතොත්, ඔවුන් කරන්නේ කුමක් ද?
    බවර් යුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය හමුදාවන් සඳහා සැපයූ සේවාව වෙනුවෙන් මහත්මා ගාන්ධිට බි‍්‍රතාන්‍ය කිරීටයෙන් ප‍්‍රදානය කොට තිබූ පදක්කම, බි‍්‍රතාන්‍යයේ යටත්විජිත පාලනයට එරෙහි සමාජ ව්‍යාපාරය පටන්ගන්නා අවස්ථාවේ ගාන්ධි විසින් ආපසු කිරීටයට භාර දෙන ලදි. තමන්ගේ ආදරණීය ශී‍්‍ර ලංකාව බෙදීමට සහ විනාශ කිරීමට කුමන්ත‍්‍රණය කරති’යි ඔවුන්ම චෝදනා කරන රටක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තවදුරටත් පුරවැසියන් වශයෙන් සිටින්නේ ඇයි? තමාගේ විශාල ජයග‍්‍රහණය ගැන ඊර්ෂ්‍යාවෙන් උමතු වී, තවත් ඉරිසියාකාර රටවල් සමග එකතුව, ඔවුන්ගේ බලපුළුවන්කාරකමින් තමන් විදුලි පුටුවට යැවීමට කැසකවන රටකට තමන්ගේ දෙසොහොයුරන් තවදුරටත් පක්ෂපාතීත්වයෙන් බැඳී සිටීම, ජනාධිපති රාජපක්ෂගේ හිතට තරමකවත් වධයක් හෝ කණාටුවක් වන්නේ නැත් ද?
    ‘‘දේශපේ‍්‍රමය, ගලක් තරමට අන්ධ ය. හිස සිඳ ගත් කිකිළියක් තරමට අතාර්කික’’ යැයි, ඇමරිකානු ලේඛක ඇම්බ්‍රෝස් බියර්ස් වරක් ලීවේය. හොර වෙද්දුන්ගේ ප‍්‍රථම අවිය එය වීම ඉතිං පුදුමයක් නොවේ.
    ජිනීවා යනු රාජපක්ෂගේ ප‍්‍රශ්නයකි
    ජනාධිපති රාජපක්ෂ 2012 දී වතිකානුවට ගියේය. එහි දී ඇති වු ‘සුහද සාකච්ඡුාවේ’ දී අපේ ජනාධිපතිවරයා සහ පාප් වහන්සේ, ‘‘අදාළ සෑම පාර්ශ්වයකම සුජාත අපේක්ෂාවන්ට අනුගත, ඒකාබද්ධ ජගත් විසඳුමක් සොයා ගැනීමට’’ හැකි වෙතැ’යි විශ්වාසය පළ කළහ.
    ‘ජගත් ඒකාබද්ධ විසඳුමක්’ තුළ පැහැදිලි ජාත්‍යන්තර අඩංගුවක් තිබේ. ‘දේශීය විසඳුමක්’ ගැන තමන් නිරතුරුව ජප කරන මන්ත‍්‍රයට පටහැනි වූ පාප් වහන්සේගේ ඒ සූත‍්‍රයට ජනාධිපතිවරයා අනුමැතිය පාන්ට ඇත්තේ, දෙකෙන් එකක්වත් කිරීමේ අදහසක් ඔහු තුළ නොතිබුණු නිසා ය. ඒවා සියල්ල, කාලය මැරීමට, එල්ල වන විවේචන වෙනතක හැරැුවීමට, කාගෙත් පැසසුමට ලක්වීමට හෝ, මේ කියන අවස්ථාවේ දී නම්, දේශපාලනික වශයෙන් ප‍්‍රයෝජනවත් ආශිර්වාදයක් ලබා ගැනීමට යොදාගත් උප්පරවැට්ටි ය.
    ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නය මතුවූ සෑම අවස්ථාවකම කොටි සංවිධානය දැක්වූ සරල ප‍්‍රතිචාරයක් තිබුණි: පළමුව, ‘‘අපි ළඟ එක ළමා සොල්දාදුවෙක්වත් නැහැ’’ යන්න ඔවුන්ගේ පිළිතුර විය. ඉන් පසු, ‘‘ළමා සොල්දාදුවෝ එක් කෙනෙක් දෙන්නෙක් ඉන්න එක ඇත්ත. මොකද, යුද්ධයෙන් අනාථ වෙච්ච දරුවෝ අපිට එකතු වෙන්න ඕනෑ කියලා බල කරපු නිසා’’ වැනි අනන්මනන් ය. ඊළඟට එන්නේ, ගම්භිර ප‍්‍රතිඥාව ය: ‘‘හැම ළමා සොල්දාදුවෙක්වම අපි නිදහස් කරනවා අහවල් දවස වෙනකොට’’. මේ සෑම බොරු මාලාවක්ම අවසානයේ දී ලස්සණ කෙරුණේ, ‘‘ඔබලාම ඇවිත් බලාගන්න’’ යන ආරාධනාවන්ගෙනුත්, ‘‘හමුදා සේවයෙන් මුදා හැරීමේ’’ නාටකයන්ගෙනුත් ය. (තොරණ ගසා ළමුන් දෙතුන් දෙනෙකු හමුදා සේවයෙන් නිදහස් කෙරෙන අතරේ හොර රහසේ තවත් ළමුන් බඳවා ගැනුණි.)
    කොටි ගිය පාරේම යන රාජපක්ෂලා
    ‘උගත් හා සංහිඳියා කොමිසම’ පිහිටුවීමේ අපේක්ෂාව වුණේ, දරුස්මාන් වාර්තාවට එරෙහි ‘විශ්වසනීය’ අලගුවක් වීම පමණි. එය, වගවීමේ ප‍්‍රශ්නයෙන් කට්ටි පැනීමේ ප‍්‍රයෝගයකි. ඒ යුතුකම එම වාර්තාවෙන් උත්කෘෂ්ට ලෙස ඉෂ්ට කෙරුණි. එහෙත් ඒ අතරේ, අවශ්‍ය ‘විශ්වසනීයත්වය’ රැුක ගැනීම සඳහා එම වාර්තාව තුළ ඇතැම් මෘදු විවේචන කිහිපයක් ද, විචාරශීලී නිර්දේශ කිහිපයක් ද ඇතුළත් කෙරුණි. ඒ නිර්දේශ වූ කලි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය සඳහා අත්‍යවශ්‍ය කෙරෙන අවම පොදු සාධකයන්ට අංශුවකින්වත් වැඩිමනත් කිසිවක් නොවේ. වර්තමාන ‘ජිනීවා අර්බුදය’ පැනනගින්නේ, තමන් විසින්ම පත්කරන ලද කොමිසම නිර්දේශ කළ ඒ අවම මට්ටමේ නිර්දේශ පවා ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අදිමදි කිරීම හේතුවෙනි.
    ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ගැන රාජපක්ෂලාම වවාගත් ප‍්‍රශ්නය සලකා බලන්න. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම තහනම් කිරීම ‘පශ්චාත් ගැටුම් සමගියට හිතකර නොවන ප‍්‍රධාන බාධකයක් වෙනු ඇතැ’ යි අවවාද කළ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’, ‘එකම වෙලාවේ භාෂා දෙකකින් ජාතික ගීය ගැයීම එක දිගටම පවත්වාගත යුතු සහ උනන්දු කැරැුවිය යුතු පුරුද්දක්’ විය යුතු යැයි නිර්දේශ කෙළේය.
    ‘සිංහල පමණයි’ ජාතික ගීයක් යළි ස්ථාපිත කිරීම, ජනාධිපති රාජපක්ෂගේ පළිගැනීමේ චෛතසිකයෙන් උපන් පහත් ක‍්‍රියාවකි. තමන් විසින් ඔක්ෆෝඞ් සරසවි ශිෂ්‍ය සංගමය අමතනු ලැබීම, බි‍්‍රතාන්‍ය/යුරෝපා දෙමළ සරණාගතයන්ගේ කොඩි ලෙළදෙන විරෝධතා මගින් දෙවැනි වරටත් වළක්වනු ලැබීමෙන් බලවත් කෝපයට පත් ඔහු, දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම, ‘නිවැරදි කළ යුතු වැරැුද්දක්’ වශයෙන් හෙළාදකිමින්, ‘ජාතික ගීය ගැයීම සඳහා එක භාෂාවකට වඩා යොදාගන්නා වෙනත් රටක් නැතැ’ යි බොරුවක් ද කියමින්, කැබිනට් තීරණයක් හරහා ඒ භාවිතය තහනම් කෙළේය.
    ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමේ සම්ප‍්‍රදායට ඉඩ හැරීමෙන් ජාතික සමගිය ප‍්‍රවර්ධනය කෙරෙන අතර එය පාලන තන්ත‍්‍රයට ජාත්‍යන්තර වශයෙන් උපකාරයක් ද වනු ඇත. මෙය, හුදු කැබිනට් තීරණයකින්, නොවලහා කළ හැක්කකි. එහෙත් රාජපක්ෂලා එය ප‍්‍රතික්ෂේප කරති. අපේ පාලකයන් ඒ තරමට ළදරුවන් ය.
    ජීනීවා ප‍්‍රශ්නය වූ කලි, තමන්ගේම කොමිසමක් යෝජනා කළ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට රාජපක්ෂ සහෝදරයන් පස්සාගැසීම නිසා ඇති වූ තත්වයකි. ඔවුන්ගේ මේ මුරණ්ඩු ප‍්‍රතික්ෂේපය, මොන විදිහකින්වත්, ජාතික ස්වෛරීත්වය හෝ ජාතික අවශ්‍යතාවන්ට සම්බන්ධ වන්නක් නොව, ‘උගත් හා සංහිඳියා කොමිසමේ’ අවම ප‍්‍රජාතන්ත‍්‍රීය නිර්දේශ පවා තමන්ගේ අත්තනෝමතික පාලන ව්‍යාපෘතියට යා නොදෙන බවට, කල්ගත වී ඔවුන් තුළ හටගත් යම් අවබෝධයක් නිසා ඇතිවූවකි.
    හුදෙක් බලකාමය, පවුල් අවශ්‍යතා සහ තනිකර කේන්තියත් විසින්ම උසිගන්වන ලද මේ ප‍්‍රතික්ෂේපය සඳහා, මූල්‍යමය වශයෙන් සහ වෙනත් ආකාරයෙන් ද ශ‍්‍රී ලංකාවට ගෙවන්නට සිදුවන්නේය.
    (පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි ජිවත්ව සිටින තුරු මේ ලංකාවෙ ජාතික ගීය බාශා දෙකකින් ගැයිම් අමරු වනු ඇත. සුද්දන්ගේ මාස් පඩි කාරයන් වන jvp මීහරක්ට මාර්තු 29 පලාත් සබා චන්ද්යෙන් උත්තර දෙනු ලැබේ. :):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    අපි ජිවත්ව සිටින තුරු මේ ලංකාවෙ ජාතික ගීය බාශා දෙකකින් ගැයිම් අමරු වනු ඇත. සුද්දන්ගේ මාස් පඩි කාරයන් වන jvp මීහරක්ට මාර්තු 29 පලාත් සබා චන්ද්යෙන් උත්තර දෙනු ලැබේ. :):)
    සුද්දන්ගෙන් පඩි ගත්තේ කවුද කියලා මේ ලිපියේ තියෙනවා .ආරක්ෂක ලෙකම් කියන එකයි ,බැසිල් කියන එකයි ඇමරිකාවට වෙලා එහෙ පුරවැසි භාවය අරගෙන මෙහෙට ඇවිල්ලා දැන් බණ දේශනා කරනවා .පල් හොර හැත්ත .රට පාවා දීලා පුරවැසි කම අරගෙන දැන් මෙතන බබා පාර්ට් දානවා .
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    අපි ජිවත්ව සිටින තුරු මේ ලංකාවෙ ජාතික ගීය බාශා දෙකකින් ගැයිම් අමරු වනු ඇත. සුද්දන්ගේ මාස් පඩි කාරයන් වන jvp මීහරක්ට මාර්තු 29 පලාත් සබා චන්ද්යෙන් උත්තර දෙනු ලැබේ. :):)

    අපි ජිවත්ව සිටින තුරු මේ ලංකාවෙ ජාතික ගීය බාශා දෙකකින් ගැයිම් අමරු වනු ඇත. ඇමරිකානු දිව්රුම දීමේ දී ඔවුන් කියා ඇත්තේ බොරුවක් නොවේ ද? උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ රට වන ඇමරිකාව, චීනය සමග ගැටුමකට ගියොත්, ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට ‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමටත්’, ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂට ‘ඇමරිකානු සන්නද්ධ සේවාවන් තුළ අසංග‍්‍රාමික සේවාවන් සැපයීමටත්‘, තමන් දුන් දිව්රුම් ප‍්‍රකාශය අනුව සිදු වෙතොත්, ඔවුන් කරන්නේ කුමක් ද? මේවටත් උත්තර බෑදපන් බලන්න.... එදාටත් උබ ජිවත් වෙල හිටියොත් මොකද කරන්නෙ කියලා.............:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි ජිවත්ව සිටින තුරු මේ ලංකාවෙ ජාතික ගීය බාශා දෙකකින් ගැයිම් අමරු වනු ඇත. ඇමරිකානු දිව්රුම දීමේ දී ඔවුන් කියා ඇත්තේ බොරුවක් නොවේ ද? උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ රට වන ඇමරිකාව, චීනය සමග ගැටුමකට ගියොත්, ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට ‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමටත්’, ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂට ‘ඇමරිකානු සන්නද්ධ සේවාවන් තුළ අසංග‍්‍රාමික සේවාවන් සැපයීමටත්‘, තමන් දුන් දිව්රුම් ප‍්‍රකාශය අනුව සිදු වෙතොත්, ඔවුන් කරන්නේ කුමක් ද? මේවටත් උත්තර බෑදපන් බලන්න.... එදාටත් උබ ජිවත් වෙල හිටියොත් මොකද කරන්නෙ කියලා.............:lol::lol::lol::lol:
    සුද්දන්ගෙන් පඩි ගත්තේ කවුද කියලා මේ ලිපියේ තියෙනවා .ආරක්ෂක ලෙකම් කියන එකයි ,බැසිල් කියන එකයි ඇමරිකාවට වෙලා එහෙ පුරවැසි භාවය අරගෙන මෙහෙට ඇවිල්ලා දැන් බණ දේශනා කරනවා .පල් හොර හැත්ත .රට පාවා දීලා පුරවැසි කම අරගෙන දැන් මෙතන බබා පාර්ට් දානවා .

    අනේ මිහරකුනෙ කවුරු කොහෙ පුරසියො උනත්,අපි ලංකාවෙ පුරවැසියො වශයෙන් රට රැක ගන්ඩ ඔනෙ. නැතුව අරු අරහෙ පුරවැසියෙක් එක හින්ද අපේ රටට කෙල උනාට කමක් නැ වගේ ගොන්,මිහරක්,වල්බුරු,@න්න කතා කියන්ඩ එපා.එහෙම කියන jvp බැල්ලියන්ටයි unp ගොබ්බයන්ටයි රටෙ බුද්ධිපත්ම චන්ද දායකයන් ඉන්න,බස්නහිර,දකුනු පලාත් වැසියන් කරන්නෙ මොකක් කියල බලගෙන හිටපල්ල. තොපි වගේ මීහරක්ට එදටවත් මොලේ පෑදෙයි සමර විට.
     
    Last edited:

    කොහේද යන්නේ මල්ලේ පොල්, නොදකින් අවජාතක වේසිගේ පුතා
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සුද්දන්ගෙන් පඩි ගත්තේ කවුද කියලා මේ ලිපියේ තියෙනවා .ආරක්ෂක ලෙකම් කියන එකයි ,බැසිල් කියන එකයි ඇමරිකාවට වෙලා එහෙ පුරවැසි භාවය අරගෙන මෙහෙට ඇවිල්ලා දැන් බණ දේශනා කරනවා .පල් හොර හැත්ත .රට පාවා දීලා පුරවැසි කම අරගෙන දැන් මෙතන බබා පාර්ට් දානවා .

    තව ටිකක් හොයලා බලපල්ලා ඔය රට වෙනුවෙන් මැරෙන්න හදන දේශපාලුවන් කී දෙනෙකුගේ ලමයි සුද්දන්ගේ රටවල ඉගෙන ගන්නවද කියලා. උන් ආයෙ මෙහෙ එන්නේ තාත්තලගෙන් පස්සේ චන්දේ ඉල්ලන්න. මොකද ආපහු ලංකාවේ දේවල් සුරගෙන කලා උන්ගේ පරපුර සුද්දන්ගේ රටවලට යවලා සැප විදින්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සුද්දන්ගෙන් පඩි ගත්තේ කවුද කියලා මේ ලිපියේ තියෙනවා .ආරක්ෂක ලෙකම් කියන එකයි ,බැසිල් කියන එකයි ඇමරිකාවට වෙලා එහෙ පුරවැසි භාවය අරගෙන මෙහෙට ඇවිල්ලා දැන් බණ දේශනා කරනවා .පල් හොර හැත්ත .රට පාවා දීලා පුරවැසි කම අරගෙන දැන් මෙතන බබා පාර්ට් දානවා .

    UNP anathayek ne ban mee........... munta reply karanawata wada hoda buuruwekuta ganan kiya denawa! :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    reputation_neg.gif
    රාජපක්ෂ පවුලේ...03-07-2014 08:05 PMithin dan ooka ai apita kiyanne
    කාටද රිදුනේ ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ ?:P:P:P:P:P:P
     
    • Like
    Reactions: jeewantha05

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සුද්දන්ගෙන් පඩි ගත්තේ කවුද කියලා මේ ලිපියේ තියෙනවා .ආරක්ෂක ලෙකම් කියන එකයි ,බැසිල් කියන එකයි ඇමරිකාවට වෙලා එහෙ පුරවැසි භාවය අරගෙන මෙහෙට ඇවිල්ලා දැන් බණ දේශනා කරනවා .පල් හොර හැත්ත .රට පාවා දීලා පුරවැසි කම අරගෙන දැන් මෙතන බබා පාර්ට් දානවා .

    :lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    UNP anathayek ne ban mee........... munta reply karanawata wada hoda buuruwekuta ganan kiya denawa! :lol::lol::lol::lol:

    එහෙනම් ඉතින් එරොසන් කාරයා අල්ලන් උට ගනන් ටිකක් කියා දිපන් මෙතන පුක දෙන් නැතුව..උ උබට ආර්තික විදාව කියල දෙයි