ඒ ක්‍රිස්තු වර්ෂ 1638..! ශ්‍රී ලංකාවේ අඳුරු යුගය විදියට ඉතිහාසඥයන් විසින් හඳුන්වපු යුගය.
මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කලේ පෘතුග්‍රීසි පාලකයන් විසින්. ස්වදේශිකයන් විසින් මහනුවර රාජධානිය පාලනය කරා, මහනුවර රාජධානිය සියළු සම්පත්වලින් අනූනව සශ්‍රීක රාජධානියක් ලෙස නැගී සිටියත් පෘතුග්‍රීසි පාලනයේ බලපෑම සහ බයිනෙත්තුවේ අඳුරු සෙවනැලි මේ රාජධානියට වැටෙමින් තිබුණා.
1593 දී මහනුවරට තමන් විසින්ම බෞතීස්ම කළ පාලකයෙක්ව පත්කරගන්න ඔවුන් කළ උත්සාහය අසාර්ථකවීමෙන් පස්සෙ 1603දීත් 1630දීත් ඒ සඳහා ඔවුන් උත්සාහ කළත් ඒ සියළු උත්සාහයන් ව්‍යාර්ථ උනේ සිංහල හමුදා සොල්දාදුවන්ගේ ඉමහත් කැපවීම් සහ දක්ෂතාවය නිසා.
1630දී මහනුවර ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වූ පසුව එම සටන මෙහෙයවූ මහා අස්ථාන කුමරු දෙවන රාජසිංහ නමින් මහනුවර පාලකයා බවට පත්වුනා.
මේ දෙවන රාජසිංහ කියන්නේ මහනුවර රාජධානියේ බිහිවූ ප්‍රබලතම පාලකයා කීවොත් නිවැරදියි. ඔහුගේ අදහස වුනේ පෘතුග්‍රීසි ආක්‍රමණිකයන්ව සම්පූර්ණයෙන් රටින් පලවා හැරීම. මේ සඳහා ඔහු ලන්දේසීන් සමඟ ඒ වනවිටත් සාඛඡ්ඡා පවත්වමින් තිබුණා.
නුවර රජු වෙනත් ජාතියක් වූ ලන්දේසීන් සමඟ සබඳතා පැවැත්වීම පෘතුග්‍රීසින්ට එතරම් හිතකර තත්වයක් උනේ නැහැ. මේ නිසා පෘතුග්‍රීසි ජනරාල් දියාගෝ ද මේලෝ ද කැස්ත්‍රෝ විසින් අවසන් තීරණයක් ගනු ලබනවා.
ඒ තමයි ඉතිහාසයේ දැවැන්තම ආක්‍රමණයක් කන්ද උඩරට වෙත මෙහෙයවීම.!
ඉතා අසීරු දුර්ග තරණය කරමින් පෘතුග්‍රීසි සෙබළුන් සහ ස්වදේශිකයන් ඇතුලත් පන්දහසක පමණ හමුදාවක් මහනුවරට ලඟා වන්නේ 1638 මාර්තු මාසයේදී. නමුත් ඔවුන්ට හමුවන්නේ සම්පූර්ණයෙන් හිස් වූ නගරයක්.
මිනිස් පුළුටක් නොමැති සම්පූර්ණයෙන් පාළුවට ගිය මහනුවර නගරයට ගිනි තැබීම මිස ඔවුන්ට කරන්න දෙයක් ඉතිරිවෙන්නේ නැහැ.
නගරය ගිනිබත්කර නැවත කොළඹට යාමට පිටත්වුනු සේනාංකයට ගමන්කළ හැකිවන්නේ ගන්නොරුව දක්වා පමණයි. ගන්නොරුවේදී ඔවුන්ගේ ගමන් මාර්ගය සිංහලයන් විසින් අවහිර කරනවා. ඉතා සුළු කාලයකදී සියළු දෙසින්ම තමුන්ව වටකොට ඇතිබව පෘතුග්‍රීසි හමුදාවට වැටහෙනවා.
පිටවීමේ හෝ පලායාමේ මාර්ගයක් නොමැතිව මෙතෙක් මහනුවරට ආ සියළු විදේශීය සේනාංකවලට අත්වුනු ඒ මරණීය උගුලේ වැටෙන්න ඔවුන්ට සිදුවෙනවා.
මෙතෙක් කාලයක් ලෝකයේ කුමන හෝ තැනකදී විජයග්‍රහණයන් වෙනුවෙන් සටන් කළ පෘතුග්‍රීසීන් පළමුවරට තමුන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කරනවා.
මේ සටන අවසන් වෙද්දී පන්දහසක පෘතුග්‍රීසි සේනාංකයෙන් ඉතිරිවන්නේ තිස්තුන් දෙනෙක් පමණයි. ඒ තරම් විශාල සමූලඝාතනයක් මේ ගන්නොරුවෙදී එදා සිදුවුනු බව කියනවා.
මේ ඓතිහාසික සටන සිදුවුනේ හරියටම අදවගේ දවසක, එනම් 1638 මාර්තු 28 වෙනිදාවක.
ගන්නොරුවේ සටන තමයි පෘතුග්‍රීසින් අවසන් වරට මහනුවරදී සිදුකළ ආක්‍රමණය. ඉන් පස්සෙ ඔවුන් කන්ද උඩරට රාජධානිය පෙනෙනා මානයක්වත් නොබැලීමට වගබලාගන්නවා.
ඉතිහාසය ගැන පම්පෝරි ගැසීම ඵලකට ඇති දෙයක් නොවූවත්, අපි දැනගතයුතුයි අපේ මුල් කොතරම් ශක්තිමත් ද යනවග, එදා සිංහලයා කියන්නේ සතුරාව තමුන්ගේ භූමියටම කැඳවාගෙන ඇවිල්ලා සතුරාව පරාජය කරපු ජාතියක්..!!
මේ රටේ බොහෝ දෑ සිදුවී තිබෙණවා, සිදුවෙමින් ද පවතිනවා. ඉදිරියට සිදුවෙන්න නියමිතව ද තිබෙණවා.
පහල ඡායාරූපයේ දැක්වෙන්නේ මේ සටන මෙහෙයවූ දෙවන රාජසිංහ රජුගේ සිතුවමක්. ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්වය අනුව වර්තමානයේත් ලංකාවට දෙවන රාජසිංහ කෙනෙකුගේ අඩුවක් තිබෙනවා..!!
|සජිත් පුෂ්පකුමාර|