රාජ්‍ය කාරිය සහ දූත කාරිය

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
රාජ්‍ය කාරිය සහ දූත කාරිය

"තවද ඔවුන්ගේ නබි ඔවුන්ට "නියත වශයෙන්ම අල්ලාහ් තාලූත්ව ඔබට රජෙකු වශයෙන් යවා ඇත්තේය" යයි පැවසීමට, ඔවුන් "අප කෙරෙහි ඔහුට කෙසේ නම් රාජ්-උරුමය අත්වන්නේද? ඔහුට වඩා අපිම රජ කිරීමට ඉතාමත් සුදුස්සන් වන්නෙමු. (රජ කිරීමට අවශ්‍ය වූ) ඉමහත් ධනයද ඔහු අත් කරගත්තේ නැත" යයි පැවසූහ. (එයට ඔවුන්ගේ නබි වන) ඔහු "නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි (රජ කිරීමට) ඔහුව තෝරාගෙන ඇත්තේය. තවද (යුද) අධ්‍යාපනයෙහිද, දේහ (විශාලත්වයෙන්ද) ශක්තියෙන්ද, ඔබට වඩා ඔහුට වැඩි කර ඇත්තේය. අල්ලාහ් තමන් කැමැත්තන්ට තම රාජ්-උරුමය ලබා දෙන්නේය. අල්ලාහ් (දානමාන කිරීමෙහි) අති මහත්ය. (රජ කිරීමට සුදුස්සන්ව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය" යයි කීවේය."

"පසුව ඔවුන්ගේ නබි ඔවුන්ට "ඔහුගේ රාජ්-උරුමයට සළකුණ නම්, ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත්තෙන්ම මලායිකාවරුන් ඔසවමින් මංජුසාවක් ඔබ වෙත ගෙන එනු ඇත. එහි ඔබට සෑහීමට පත් විය හැකි දැයද, මූසා, හාරූන්ගේ පරම්පරාවේ දරුවන් අත්හැර දමා ගිය දැයෙන් ඉතිරිව ඇති දැයද තිබෙනු ඇත. ඇත්තෙන්ම ඔබ විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් නියත වශයෙන්ම ඔබට මෙහි එක් සාධකයක් ඇත (යන්න දකින්නෙහුය)" යයි කීවේය."
(කුර්ආණය 2:247-248)


පරිශුද්ධවූ කුර්ආණයේ 2:247, 248 වැනි ආයාවන්වල නබි මුහම්මද් නායකතුමාට (සල්) පෙර ජීවත්වුනු එක් නබිතුමාගේ ඉතිහාසික සිද්ධියක් සඳහන් වී ඇත. මේ නබිතුමාගේ සමූහකයන් සතුරන්ගේ කිය නොහැකි හිංසාවට ලක්වී, තම ප්‍රදේශයේ සිටද එළවගෙනු ලැබුවෝය.

ප්‍රදේශයේ සිට පිටත්කර ලැබුවත් ඔවුන් සතුරන්ට ඇරහිව සටන් කළේ නැත. මෙවන් තත්වයේ සතුරන්ට ඇරහිව සටන් කිරීමට තමුන් සඳහා අධිපතියෙක් පත්කරන්න ලෙස ඒ නබිතුමාගෙන් ඔහුගේ සමූහකයන් විමසුනෝය.මේ විමසුමට පසුව දෙවියා, තාලූත්' යන පුද්ගලයෙක් අධිපති ලෙස පත්කළ බවත් ඔවුන්ට ඇරහිව යුද්ධය නියම වුන බවත් මේ ආයාවන් කියෙන ඉතිහාසයයි.

මේ ඉතිහාසයේ ඉතා වැදගත් නීතියන් දෙකක් දෙනු ලදයි

1. ප්‍රථමයෙන් මෙයින් දක්නට ලැබෙන නීතිය වන්නේ, සේනාවන් ඇතිකර යුද්ධ කිරීමට රාජ්‍යයෙක් සහ අධිපතියෙක් අවශ්‍යයයි යන අදහසයි. මොකද මේ සමූහකයන් ඉතා විශාල පරිපීඩනයට මුහුණ දෙන්නට සිදුවුනත්, යුද්ධ කිරීමට සියළු යුක්තියන් තිබිලත්, ඔවුන් යුද්ධ කළේ නැත. ඔවුන් යුද්ධ කළේ, දෙවියා රජෙක් පත් කිරීමෙන් අනතුරුවයි.

යුද්ධ කිරීමට රජයෙක් හෝ අධිපතියෙක් අවශ්‍ය නැතිබැවින් ඔවුන්ගේ ඉල්ලීම පිළිගෙනීමෙන් අනතුරුව දෙවියා යමෙක් අධිපති ලෙස පත්කරන්නේ නැත.


2. දෙවි දූතයන් පෘතිවියට රාජ්‍ය කිරීමට පහළ කර ලැබුවේ නැත. වෙනුවට තමුන්ගේ සමාජය එකම දෙවියා යන ප්‍රතිපත්තිය වෙනුවෙන්ද, සදාචාරය වෙනුවෙන්ද පහළ කර ලැබුවේය යන කාරණයයි මෙම සිද්ධියෙහි දැකගත හැකි දෙවෙනි නීතිය.

එබැවින් මෙම සිද්ධියේ එක් දෙවි දූතයෙක් එම වකවානුවේ සිටියත් දෙවි දූතයෙක් නොවුනු තවත් කෙනෙක්, දෙවියා අධිපති ලෙස පත්කරයි. එම දෙවි දූතයාද අධිපති යටතේ යුද්ධ කිරීමේ අවස්ථාවද ඇති කරයි. නබිතුමාව පවා අධිපති ලෙස පත්කළේ නැත. සුළු කණ්ඩායමක් ඇතිකර අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධ කරමු' ලෙස ජනතාව බුද්ධිශෝධනය කර ආයුධ රැගෙන ත්‍රස්ථවාදකමේ යොදුනොහොත්, ඔවුන් ජිහාද් කරන්නන් නොමැත. ඔවුන් ත්‍රස්ථවාදියන්ය.

එක් දෙවි දූතයාගේ යටතේ ඇතිවුනු සමාජය පවා රාජ්‍යයෙක් ඇති නොකර යුද්ධ කිරීමට නොහැකි බව මේ ආයාව පැහැදිලිව කියා සිටීම ඔවුන්ගේ වාදය වැරදි බවට සිටින මනා සාක්ෂිය වේ.
 
Last edited:

RSPvector

Member
Nov 6, 2010
55
8
0
America and Islam are not exclusive and need not be in competition. Instead, they overlap, and share common principles of justice and progress, tolerance and the dignity of all human beings.
Barack Obama


:love::love::love::love:

ammatasiri mey allahth awilla thiyenne...:shocked::shocked:...allahth wadeta bahala wage ehenam aah......elakiri....:lol::lol: