NPP යේ ඇතැම් සාමාජිකයින් යටවෙලා ද? ලේඛනගත කරුණු හා අන-පනත් වලටද පටහැනිව සමහර රාජ්ය ආයතන වල දූෂිත නිලධාරීන් ක්රියාත්මක වන විට, ඇතැම් NPP සාමාජිකයින් නිහඬව එකී දූෂිත නිලධාරීන් නිවැරදි කිරීමකින් තොරව ඔවුන්ගේ වංචනික කටයුතු වලට ඉඩහසර ලබාදෙමින් ඇත. ජනාධිපති සහෝදරයාගේ දැක්ම වංචාව, දූෂණය මුලින් උපුටා දැමීම උවත් NPP ඇතැම් සාමාජිකයින් මෙසේ ක්රියා කිරීමෙන් ජනපතිවරයා හා ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගේ විස්වාසය බිඳෙමින් ඇත. ඇත්තෙන්ම NPP ඔවුන්ගේ සාමාජිකයින් මෙකී දූෂිත රාජ්ය නිලධාරීන්ට යටවී ක්රියා කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතුයි. මේවයින් සිදුවෙන්නේ ආණ්ඩුවේ ප්රසාදය දිනෙන් දින පළුදුවී යාමයි. වගකීමෙන් තොර නොවන පක්ෂයක් නම්, මෙවැනි NPP තුලම සිටින සාමාජිකයින් සම්බන්ධයෙන් ක්රියාකලයුතුයි.