රාජ්‍ය පාලනය TNL-ASP පැදුරු පාටිය වගේද?
සිය උපන් බිමට ප්‍රමුඛතාවය දෙනු වෙනුවට තම තමන්ගේ ක්‍රීඩා සමාජවලට ප්‍රමුඛතාවය ලබාදෙන ක්‍රීඩකයින් ද්‍රෝහීන් ලෙස සැලකිය යුතු බවට යෝෂිත රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට දැනට දින කිහිපයක් ගතව තිබේ.පිලිපිනයේ පැවැත්වෙන ජාත්‍යන්තර රගර් තරගාවලියකට (HSBC Five Nation rugby Asiad) සහභාගී වනු වස් දිවයිනෙන් නික්මීමට පෙර ජනමාධ්‍ය අමතමිනි යෝෂිත මහතා මෙම ප්‍රකාශය කරන ලද්දේ.යෝෂිත මහතා යනු හුදු ජනාධිපති පුත්‍රයෙක්,නාවික හමුදා නිලධරයෙක් පමනක් නොව ශ්‍රී ලංකා ජාතික රග්බි කන්ඩායමේ අභිනව නායකයා ද වන්නේය.
රග්බි නායක යෝෂිත මහතා උරන වී තිබෙන්නේ දිවයිනේ ජ්‍යෙෂ්ඨ රගර් ක්‍රීඩකයින් විශාල පිරිසක් පිලිපීන තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට තිබෙන නිසාය.බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට කන්ඩායම් නායකත්වය පිලිබද ආරවුලක් මෙම වර්ජනය කිරීමට හේතු වී තිබේ.ෆාසිල් මරීජා සහ රොෂාන් වීරරත්න නැමැති ක්‍රීඩකයින් දෙදෙනා පිලිපීනයට යනු වෙනුවට නවසීලන්තයේ පෞද්ගලික තරග සංචාරයකට සහභාගී වී සිටින අතර හිටපු කන්ඩායම් නායක ප්‍රදීප් ලියනගේ,ගයාන් වීරරත්න,දුෂාන් ලෙව්කේ වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ද විවිධ හේතු දක්වා තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට තිබේ.වසර අටක් තිස්සේ මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන මරීජා දක්ෂතාවය සහ පලපුරුද්ද අතින් නායකත්වය සදහා වඩාත්ම උචිත බවට සැලකෙන තැනැත්තාය.ඒ වෙනුවට යෝෂිත මහතා පත්කිරීමට ගත් තීරනය ක්‍රීඩකයින් අතර අසන්තෝෂයක් ජනිත කොට තිබෙන බව පැහැදිලිය.
සීමිත සමාජ කවයක් අතර පමනක් ජනප්‍රිය යැයි සැලකිය හැකි දේශීය රගර් ක්‍රීඩාව මෑතකාලිනව උග්‍ර රාජපක්ෂකරනයකට ලක්වූ ක්ෂේත්‍රයකි.නාමල් හා යෝෂිත රාජපක්ෂ දෙපල නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම අරඹන තාක් එම ක්ෂේත්‍රය තුල ජයග්‍රාහීව පසුවූයේ මහනුවර ක්‍රීඩා සමාජයයි.ඉක්බිති මහනුවර ක්‍රීඩා සමාජයට හිමි තැන උදුරා ගනු වස් මුදල් විසිකොට ක්‍රීඩකයින් මිලදී ගැනීමේ සිට ක්‍රීඩකයින් සිර අඩස්සියට ගැනීම දක්වා විවිධ දේ සිදුකෙරුනි.රග්බි ක්‍රීඩා විකාශනයන් හිදී නිවේදකයින් ඉස්පාසුවක් නැතිව කතාකරන්නට වූයේ ක්‍රීඩක යෝෂිත මහතා ගැනය.තනි පුද්ගලයෙකු වෙත ලැබුනු මෙම අසාමාන්‍ය අවධානය විකාරරූපී ස්වභාවයක් එම විකාශනයන්ට ගෙන දුන්නේය.හොදින් හෝ නොහොදින් සියලු ක්‍රීඩා සමාජ අතර අග්‍ර ස්ථානය දිනාගැනීමේ සිහිනය මේ වනවිට සියලු ක්‍රීඩකයින් අතර අගතැන දිනා නායකත්වයට පත්වීමේ යථාර්තය දක්වා දීර්ඝ වී තිබේ.
මෙම මානසිකත්වය කවරක්ද?එය වටහා ගනු වස් ටීඑන්එල් රූපවාහිනී සේවයේ විකාශය වන ඒඑස්පී පැදුරු පාටිය නම් වැඩසටහන කදිම සාදෘශ්‍යයකි.විවිධ ශිල්පින් ගෙන්වා ඔවුන් ලවා පැදුරු සාජ්ජයක විලාශයෙන් ගීත ගායනා කරවන ඒඑස්පී පැදුරු පාටිය වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය දක්වනුයේ ඒ.එස්.පී.ලියනගේ නම් ව්‍යාපාරික මහතාය.ඔහුට ලංකා කම්කරු පක්ෂය නමින් පක්ෂයක් ද තිබේ.වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය දක්වනවාට අමතරව එහි නිවේදන කටයුතු කරන්නේත් ඒ.එස්.පී මහතාය.ඔහුගේ දියනිය ද නිවේදනයෙන් සහය දක්වයි.වැඩසටහන යන අතර ප්‍රචාරය වන්නේ ඒ.එස්.පී ගෲප් ආයතනයේ වෙලද දැන්වීම් වන අතර ඒවායේ පෙනී ඉන්නේ ද ඒ.එස්.පී මහතාය.ඊට අමතරව ඒ.එස්.පී මහතා විසින් රචිත ගීත ද විකාශය කෙරේ.එම ගීත ගායනා කරනුයේ ඔහුගේ දියනියයි.ගීත රූප රාමු වල නැවතත් දියනිය සමග පෙනී සිටින්නේ ඒ.එස්.පී මහතාය.
සොක්කන් ලොක්කන් වනුයේ මානසික හීනමානයක් සහිතවය.අලුත ප්‍රභූ පංතිය වෙත බඩ ගාගත් කල්හි තමුන් සොක්කන්ව සිටි සමයේ නොලැබූ සියල්ල කෙසේ හෝ වින්දනය කිරීමේ ආශාව පහල වූ විට ලොක්කන් වෙතින් අතාර්කික හැසිරීම් ප්‍රදර්ශනය වන්නට ගනී.දේපල වෙලදාම හරහා ධනවතෙකු වන ඒඑස්පී මහතාට එක්වරම ගායකයෙක්,නිවේදයෙක්,පක්ෂ නායකයෙක් බවට පත්වීමට මෙන්ම සිය දියනිය ගායිකාවක් කිරීමේ ආශාව ද පහල වේ.මෙම අතාර්කික ආශාවන් ඉෂ්ට කරගැනීමට යාමේදී පිටත සමාජයට එය කෙතරම් විකාරයක් ලෙස දිස්වේද යන්න එහිදී අදාල වන්නේ නැත.
මායාබන්ධන නමින් කලෙකට ඉහත රූපවාහිනියේ ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක් විකාශය වූ අතර එම කතාමාලාවේ බල ඇදුම ( power suit) නමින් සංකල්පයක් එයි.මෙම බලඇදුම් මගින් ශක්තිය ඉපදවිය හැක.ඒවා පාවිච්චි කරනුයේ (සමාන්තර ලෝකයක ජීවත් වන) මායාබන්ධකයන් නම් ඒ සදහා විශේෂිත පුහුනුවක් ලැබූ පිරිසකි.එම කතාපෙලෙහි එක් ජවනිකාවක වැරදීමකින් මෙම බලඇදුමක් කත්‍රිනා නම් - මායාබන්ධකයෙක් නොවන - වර්තමාන ලෝකයේ තරුනියක් අතට පත්වේ.ඇයට එම ඇදුම භාවිතය පිලිබද ශික්ෂනයක් නැත.එය කෙරෙහි හුදු ආශාවෙන් ඇය තම නිවස තුල එය බලගන්වයි.බල ඇදුමේ ශක්තියට නිවසේ සියලු යන්ත්‍රෝපකරන එක්වර ප්‍රතික්‍රියා දක්වන අතර දුරකථන,පරිගනක,විදුලි පංකා සියල්ල පිස්සු වැටුනාක් මෙන් ස්වයංක්‍රීයව එකවිට ක්‍රියාත්මක වී මුලු නිවෙසම විකාරයක් බවට එහිදී පත්වේ.
රාජ්‍ය බලයේ අවකාශයට රාජපක්ෂ පවුල ඇතුලු වනුයේ කොලඹ කේන්ද්‍රීය සාම්ප්‍රදායික ධනේශ්වරයට පිටතිනි.එම පවුල ප්‍රධාන වශයෙන් ගැමි ඉඩම් හිමි ස්ථරය නියෝජනය කරයි.අලුත හිමිවුනු බලය මේ නිසා එක්තරා ආකාරයක භ්‍රාන්තිමය අත්දැකීමකි.රාජපක්ෂ පාලනය යටතේ අප මේ මුහුන දෙමින් සිටින්නේ ආශ්කා වෙනුවෙන් නිමැවුනු බලඇදුම කත්‍රිනා අතට පත්වූ විට සියල්ල විකාරයක් බවට පත්වූවා හා සමාන අත්දැකීමකටය.යෝෂිත මහතා ජාතික රග්බි නායකයා වන්නේත්,නාමල් මහතා නීතිඥ විභාගයේ වාර්තාගත ඉහල ලකුනු ලබා සමත් වන්නේත් ඒ අනුවය.හීනමානී මනෝභාවය සහිත කල්ලියක් අත ආන්ඩු බලය සංකේන්ද්‍රනය වූ කල්හි ආන්ඩුකරනය ඒඑස්පී පැදුරු පාටිය වැනි විහිලුවක් බවට පත්වීම වැලැක්විය නොහැක.