රාජ්‍ය සේවකයො රටට බරක්..!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    "මේ අවස්ථාවේ කිසිඳු වැටුප් වැඩිවීමක් කරන්න බැහැ. රාජ්‍ය සේවකයො රටට බරක්"

    ඔහොම කිව්වෙ ඉතිං එයාගෙ අයියත් ඉස්සර රාජ්‍ය සේවකයෙක් කියල අමතක වෙලා වෙන්ටැ
    2005 මයිනගෙ ආණ්ඩුව එන්න කළින් රාජ්‍ය සේවයට බඳව ගත්තෙ ඒ ඒ කාලවලට අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදෙන්න පුළුවන් සුදුස්සන් විතරයි..
    ඒ කාලෙ රාජ්‍ය සේවයේ හිටියෙ සීමිත පිරිසක්.. ඒ වගේම දැන් වගේ නෙමෙයි හොඳ පිළිගැනීමක් තිබුන ගෞරවනීය සේවයක්..
    ඒත් 2005න් පස්සෙ ඒ සේරම වෙනස් උනා..
    බුරුතු පිටින් රජයෙ විශ්ව විද්‍යාලවලින් එලියට එන කලා, වාණිජ උපාධිදාරීන් රටේ සේවා අවශ්‍යතා ඉක්මවා බඳවගන්න පටන් ගත්ත
    ඒ වෙනකන් තිබුන තරඟ විභාග පදනමින් බඳවාගන්න එක අඩු කලා
    2013, 2014 ඒ වගේ බඳවාගත්ත සංවර්ධන නිලධාරීන් කොටසක් ඵලදායී රාජ්‍ය සේවාවල නිරත උනත් බහුතරයක් වසම් මට්ටමින් අනුයුක්ත කිරීම් කරල ගෙවල් වල ඉඳන් පඩි ගන්න තත්වෙට පත්කලා
    අලුත්ම සිද්ධිය තමයි 2020 අඩු අදායම්ලාභී පවුල්වල තරුණ තරුණියෝ රැකියාගත කරනව කියල පොහොට්ටුවෙ ප්‍රාදේශීය දේශපාලකයින්ගෙ ලැයිස්තුවකට කිසිඳු අධ්‍යාපනයක් නැති කොල්ලො කෙල්ලො ලක්ෂයක් රාජ්‍ය සේවයට ගත්ත එක..
    එයාලට මාස හයක පුහුණු කාලෙදිත් 23500ක පඩියක් ගෙවනව.. පුහුණුවෙන් පස්සෙ 35,000ක් දෙනව කියනව.. ඒත් දෙන්න වැඩක් නෑ
    ඉතිං ඔය සේරම කරල දැන් ඒ ආණ්ඩුවේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගල මුදල් ඇමැතිකමත් අරගෙන "රාජ්‍ය සේවකයො රටට බරක්" කියන එක කොච්චර සාධාරණද? ඔයාලගෙ අදහස් කියාගෙන යන්න :P
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හ්ම්ම් ඔය බල්ක් බදවා ගැනීම නම් හරි
    නමුත් සිරිමාවෝගෙ කාලෙ ඉදන් තමයි
    රජ්‍ය සේවයේ කොන්ද කැඩුවෙ.

    පස්සෙ ජේ ආර් හාන්සි කරලම දැම්මා
    ඌ තමයි ඇමතිගෙ ලිස්ට් එක දාන ඒවා වගේ
    පටන් ගත්තෙ.

    ඔහොම ඇවිත් මහින්ද ජොබ් හදලා උගේ හෙන්චයියො
    දාගන්න තත්වෙට ආවා.

    රාජ්‍ය සේවය බරක් නෙමෙයි , ඒ තැනට පත් කළා දේශපාලකයෝ.

    අනෙක මචන් ප්‍රයිවෙට් ගවර්න්මන්ට් කියලා
    මරාගන්න එපා. මුන්ට ඕනේ නැති අර්බුද හදලා
    මිනිස්සු කොටවන්න.
    ------ Post added on Nov 17, 2021 at 9:04 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    රාජ්‍ය සේවය බරක් නෙමෙයි , ඒ තැනට පත් කළා දේශපාලකයෝ.

    අනෙක මචන් ප්‍රයිවෙට් ගවර්න්මන්ට් කියලා
    මරාගන්න එපා. මුන්ට ඕනේ නැති අර්බුද හදලා
    මිනිස්සු කොටවන්න.
    ------ Post added on Nov 17, 2021 at 9:04 PM
    aniwaryenma machan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන ගියාම ජොබ් ට්ක හරි දිල තියෙන්නෙ මහින්දගෙ ආණ්ඩු විතරයි, පොන්න ගුපියො හැමදාම පරදින්නෙ නිකන්ද ඉතින්..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: pasansnoop