රාජ්‍ය සේවක කප්පාදුක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    අධික පාඩුවක් ලබන සංස්ථා සහ රජයේ ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි අනාවරණය වෙයි.

    මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කළ දැනුම්දීමකට අනුව එම කටයුතු සිදුකෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

    ඒ අනුව අදාළ ආයතන වෙත ජනාධිපති අරමුදල මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කෙරෙන ප්‍රතිපාදන සීමා කෙරෙන අතර, අනවශ්‍ය වියදම් පිළිබඳ සොයා බලා ඒවාට අදාළ සියලු ව්‍යාපෘති නතර කර දමනු ඇතැයි වාර්තා වේ.

    මෙම රාජ්‍ය ආයතන 39 ඇතුළත් අමාත්‍යාංශ භාර කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත මේ පිළිබඳව නිල නොවන මට්ටමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ දැනුම්දීමකට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිල වශයෙන් දැනුම්දීම සඳහා නව චක්‍රලේඛයක් සකස් කරමින් පවතින බව සඳහන් වේ.

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පිළිබඳව කළ විමසීමකදී, ජාත්‍යන්තර අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ණය කොන්දේසි යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරියේදී එම ආයතනවල අනවශ්‍ය සේවක කප්පාදුව. අමතර දීමනා අත්හිටුවීම, පාඩු ලබන ව්‍යාපෘති නතර කර දැමීම අනිවාර්යයෙන් සිදුවන බවද පැවැසීය.

    මුදල් අමාත්‍යාංශය ගත් එම තීරණය පිළිබඳව අධික පාඩුවක් ලබන අමාත්‍යාංශයක සිටි අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට කිසිදු කරුණක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා ජනතාව දැනුවත් කරන බවත්ය.

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර අරමුදල අතර ඇති වූ කොන්දේසි පිළිබඳව මේ වන තෙක් මුදල් අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කර නොමැති අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ පුරවැසියන් ලෙස ජනතාවට කිසිදු කරුණක් දැනුම් නොදීම අර්බුද හා සැකසංකා රැසක් නිර්මාණය වීමට හේතු වී ඇති බව කියැවේ.

    ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන 39 මෙසේය.

    විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,
    ජාතික වැටුප් කොමිසම,
    සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල,
    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,
    ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය,
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
    සිවිල් ගුවන් සේවා අධිකාරිය,
    සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම,
    විදේශගත රාජ්‍ය දූත මණ්ඩලය,
    කම්කරු දෙපාර්තමේන්තුව,
    සේවක අර්ථසාධක අරමුදල,
    ජාතික වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය ආයතනය,
    මාර්ග නඩත්තු භාර අරමුදල,
    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,
    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,
    රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන සංස්ථාව,
    දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය,
    රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
    රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා රේගුව,
    සුරාබදු දෙපාර්තමේන්තුව,
    වාණිජ දෙපාර්තමේන්තුව,
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය,
    සීමාසහිත ලංකා සතොස,
    සීමා සහිත ලංකා සිමෙන්ති සමාගම,
    ලංකා ධීවර සංස්ථාව,
    ශ්‍රී ලංකා තේ මණ්ඩලය,
    පොල් වගාකිරීමේ මණ්ඩලය,
    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,
    වී අලෙවි මණ්ඩලය,
    සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම,
    සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම්,
    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,
    රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල,
    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්,
    තැපැල් දෙපාර්තමේන්තුව
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

    ශ්‍රී ලංකාව මීට ඉහතදී ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගත් අවස්ථාවලදීද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුණේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වෘත්තීය සමිතිවලින් පැන නැඟුණු විරෝධතා නිසා බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

    මේ අතර ඉකුත්දා කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වූ අමාත්‍ය එස්.බී. දිසානායක, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන විශාල පාඩුව සහ එහි සේවකයන්ට ගෙවීමට නියමිතව තිබූ අමතර දීමනා පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් ලිපියක් ප්‍රසිද්ධියට පත් කොට තිබිණි.

    – මව්බිම
    8 pass pathweem lol
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අතිරික්ත රාජ්ය සේවකයන් ගෙදර යවන්න පුළුවන් නම් හොඳයි.. ලොකු දෙයක්.. අපේ නගර සභාවේ රැකියා ලක්ෂයෙන් දාපු එකක් ඉන්නවා. ඌට කරන්න වැඩක් නෑ. කරන්නේ සපත්තු 2ක මැද මැද ඉන්න එක..
    අනිත් එක ඔය තියන රැස්වීම් වලට කන්න බොන්න යන වියදම...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අතිරික්ත රාජ්ය සේවකයන් ගෙදර යවන්න පුළුවන් නම් හොඳයි.. ලොකු දෙයක්.. අපේ නගර සභාවේ රැකියා ලක්ෂයෙන් දාපු එකක් ඉන්නවා. ඌට කරන්න වැඩක් නෑ. කරන්නේ සපත්තු 2ක මැද මැද ඉන්න එක..
    අනිත් එක ඔය තියන රැස්වීම් වලට කන්න බොන්න යන වියදම...
    ඕක කරන්න ලේසි නෑ බන්. කොහොමද අයින්කරන එවුන්ව වෙන් කරන්නෙ?

    ඉස්සර පියානෝගෙ කාලෙ විශ්‍රාම ක්‍රමයක් ගෙනත් කැමති අයව විශ්‍රාම යැව්ව. ඊට පස්සෙ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙන් වැඩිපුර බඳවගත්ත
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක කරන්න ලේසි නෑ බන්. කොහොමද අයින්කරන එවුන්ව වෙන් කරන්නෙ?

    ඉස්සර පියානෝගෙ කාලෙ විශ්‍රාම ක්‍රමයක් ගෙනත් කැමති අයව විශ්‍රාම යැව්ව. ඊට පස්සෙ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙන් වැඩිපුර බඳවගත්ත
    එක තමයි බං.. අනිත් එක union වලින් strike කරනවා.
    සමහර ඒවගේ මචං එකම position එකට දෙන්න දෙන්න ඉන්නවා. ( දේශපාලන පත්වීම් මත දාපු අය) ඒ වගේ එකක කරන්න තියන්නේ senior ව තියාගෙන junior ව අයින් කරන්න

    දැන් ග්‍රාමසේවක exam තියනවා ජූලි වලද කොහේ.. බලපන් එක ග්‍රාමසේවක කෙනෙකුට බැරිද වසම් 2ක් බලන්න.. උන් වැඩිපුරම කරන්නෙත් ice ගහන එක නේ...