රාජිතට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ ඇයි?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,674
    13,422
    113
    රාජිතට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ ඇයි?

    රාජිතට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ ඇයි?


    rajitha%2Bwith%2Bcitizen%2Bmovement.jpg




    රාජිත සේනාරත්න ඇමතිවරයා පිළබඳව මේ හදිස්සියේ ලිපියක් ලියන්නට මා සිතා සිටියේ නැත . එහෙත් අනුර කුමාර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී ටොමි කතාවක් පැවැත්වීමත්, ඊට පසුදිනම ඒකාබද්ධ කෂ්ටියට රාජිත ගැන කිසිම විශ්වාසයක් නැතැයි යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දීමත් නිසා හිත කියතකින් පීරන්නාක් මෙන් දැනෙන්නට වුයෙන් මේ ලිපිය නොලියාම බැරි තත්වයට මා පත් විය.


    රාජිතව දෑහැට පෙන්නන්නට බැරි කණ්ඩායම් කීපයක් සිටි . එක කණ්ඩායමක් නම් ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකසහ දේශපාලන කොම්පැණියක් වූ මහින්ද සමාගම බව ඔබ අනුමාන කළානම් එය හරියටම හරිය . දෙවෙනි සමාගම වන්නේ කලක් දේශප්‍රේමය විකුණු ජනතා විමුක්ති පෙරමුණය . තුන්වෙනි කණ්ඩායම වන්නේ රෝගීන්ට වඩා නිදහස් අධ්‍යාපනයට පුදුම ප්‍රේමයක් වරින් වර පෙන්නන GMOA සමාගමය .හතවෙනි කට්ටිය නම් ලෙඩුන්ගේ ඉහ මොළ සුද්ධ කරන අවුෂධ මාෆියාවය

    ඒකාබද්ධ විපක්ෂය රාජිත සමග ඔරොප්පු වීමට හේතු දෙකක් තිබේ . මහින්ද පරාජය කිරීමට මුලිකත්වය ගත් ප්‍රමුඛයන් අතර ඔහුද එක් අයෙකු නිසාය .රාජිත මහින්දට වන්දි භට්ටකම් කරමින් දිගටම සිටියේ නම් මෛත්රිද මහින්ද අතහැර එනු ඇතැයි සිතීම උගහටය . මෛත්‍රී ආවේ නැත්තම් මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වරටත් ජනාධිපති වීමට තිබුණු ඉඩකඩ වැඩිය . රාජිත මහින්ද අත හැර ආවේ මෛත්රිගේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සහතිකයක් ඇතුව නොවේ. එමෙන්ම රාජපක්ෂට එරෙහිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා මාස ගණනක් තිස්සේ රහසිගතව ගෙන ගිය ක්‍රියාන්විතයේ මුලිකයෙකු වුයේ රාජිත සේනාරත්නය . තුන්වර වරට පමණක් නොව හතරවන වරටත් ජනධිපති වීමේ සිහිනය දකිමින් සිටි මහින්ද ඇඳෙන් ඇද දැමීමට රාජිත කළ මෙහෙය ගැන ලිපියක් දෙකක් නොව පොතක් ලිවිය හැකිය . රාජපක්ෂගේ මිනිස්සු රාජිත සමග නයි වෛර බැඳීම හේතුවූ පළමු කාරණාව එයය.

    ඒකාබද්ධ විපක්ෂයේ වයිරය ගිනියම් කළ දෙවෙනි කාරණාව වන්නේ හොරු දඬු කදේ ගැසිය යුතුයැයි යන මතයේ රාජිත දැඩි ලෙස පෙනී සිටීමත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධයේ දිගින් දිගටම හඬක් නගමින් සිටීමත්ය . විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ අය හොරු බව ප්‍රසිද්ධියේ කීම නිසා රාජපක්ෂ වරුන්ගේ ක්‍රෝධයට ඔහු පාත්‍ර වී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත . රාජිතට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ ඔවුන්ගේ හිත් වල පැසවන වයිරය තව දුරටත් හංගා ගෙන සිටීමට බැරිම තැනය.

    ජනතා විමුක්ති පෙරෙමුණ රාජිත සමග වෛර බැඳගෙන සිටින්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුමත් සමගය . එකල රාජිත සිටියේ විජය කුමාරතුංගගේ නායකත්වයෙන් තිබු මහජන පක්ෂයේය .මහජන පක්ෂය ඉන්දු ලංකා ගිවිසුම යටතේ පිහිටවූ පළාත් සභා ක්‍රමයට සහයෝගය දැක්වූයේය. ලංකා සමසාජ පක්ෂයද, කොමියුනිස්ට් පක්ෂයද ,වාසුදේව සහ වික්‍රමබාහු කරුණාරත්න නායකත්වය දැරූ නව සමසමාජ පක්ෂයද පළාත් සභාවලට පක්ෂ වුහ .

    පළාත් සභාවලට විරුද්ධවූ කණ්ඩායම් තුනකි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ සහ LTTE සංවිධානයයි . ශ්‍රීලනිපය එයට විරුද්ධ වීම සැලකිය යුත්තේ සම්ප්‍රදායිකව විපක්ෂය ආණ්ඩුවේ සෑම වැඩකටම විරුද්ධ වීම යන පදනම උඩය. 1977 සිට විපක්ෂයේ සිටි ඔවුන් හොඳටම හෙම්බත් වී සිටියහ . ශ්‍රීලනිපයට ඉදිරි මැතිවරණවලදී චන්ද ලබා ගැනීමට නම් ආණ්ඩුවේ ඕනෑම යෝජනවකට විරුද්ධ විය යුතුවම තිබුණි .
    ජනතා විමුක්ති පෙරමුණ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වුයේ පළාත් සභා හරහා රට කෑලි 8 කට කැඩෙන බව කියමිනි . එහෙත් LTTE සංවිධානය එයට විරුද්ධ වුයේ එමගින් ඔවුන්ගේ අපේක්ෂාව වූ ඊළම පිහිටුවීම නිකම්ම නිකම් හීනයක් වෙන බව හොඳින්ම දැන සිටි නිසාය.
    පළාත් සභා මගින් රට කැඩෙන්නේ නම් කොටි සංවිධානය දුවගෙන අවුත් එය බදා ගන්නා බව තුනේ පන්තියේ ළමයෙකු වුවද පිළිගනු ඇත .

    terror%2Bin%2B87.JPG

    පළාත් සභා වලට තරඟ කරන්නන් පමණක් නොව චන්දය දෙන අයටද මරණ දඬුවම දෙන බව ජවිපෙ හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියා සිටියේය. එම තර්ජනයට යට නොවුණු මහජන පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් සම සමාජ පක්ෂයත් , නව සමසමාජ පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පළාත් සභා සඳහා තරඟ කළහ .මැතිවරණ ව්‍යාපාරය පැවැත්වෙන අතර තුර අපේක්ෂකයන් රැසක් ජවිපෙ විසින් මරා දමන ලදී . මහජන පක්ෂයේ රැලියකට බෝම්බ ගසා වෙඩි තැබීම නිසා නායකයන් කීප දෙනෙකු මිය ගියහ . මහජන පක්ෂයේ නායකයෙකුවූ දේව බණ්ඩාර සේනාරත්නද ඒ අතර විය. මේ වන විට ජවිපෙ විසින් මහජන පක්ෂයේ නායකයාවූ විජය කුමාරතුංග මරා දමා තිබිණ.
    ( විජය මරා දැමු ලයනල් නැමැත්තා ජවිපෙ කඳවුරු වලදී හමුවූ බව w3 ලංකා බ්ලොග් රචක අජිත් පැරකුම් ජයසිංහ විසින් මෑතකදී ලිවූ ලිපියක සඳහන් කර තිබිණ ) 1987- 89සමයේදී ජවිපෙ විසින් මරා දමන ලද මහජන පක්ෂයේ නායකයන් සහ සාමාජිකයන් සංඛ්‍යාව 117 ක් බව විකිපීඩියා හි සඳහන් වේ .

    vijays%2Bfuneral.jpg

    විජය කුමාරතුංග අවමඟුල

    ජවිපෙ තුවක්කුවෙන් මිය ගියේ මහජන පක්ෂයේ අය පමණක් නොවේ. අනෙකුත් වමේ පක්ෂ නායකයන් සහ ක්‍රියාකාරිකයන්ද, එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහ සාමාජිකයන් රැසක් ද මිය ගියහ.

    එකළ රාජිත සේනාරත්න මහතා දේශපාලනය කළේ මහජන පක්ෂයේ නායකයෙකු ලෙසය. 1988 පැවති ජනාධිපතිවරණයට මහජන පක්ෂය ප්‍රමුඛ වමේ පක්ෂ පිහිටුවාගෙන තිබු එක්සත් සමාජවාදී සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඔසී අබේගුණවර්ධන ඉදීරිපත් කරනු ලැබීය. එම සන්ධානයේ ග්‍රෑන්ඩ්පාස් හි පැවති රැලියකට ජවිපෙ එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගියහ . තුවාල ලැබුවන් අතර රාජිතද විය .

    වමේ පක්ෂවලට එල්ලවූ මේ භීෂණය හමුවේ තුවක්කු ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අවසානයේදී ඔවුන් තීරණය කළහ . 'ප්‍රා ' (People's Revolutionary Red Army ) හෙවත් මහජන විප්ලවකාරී රතු හමුදාව පිහිටුවීම එහි ප්‍රතිපලය විය . ප්‍රා සංවිධානයේ නායකයා වුයේ පොඩි සිල්වා නමැත්තෙකි . ඔහු 1971 කැරැල්ලට සහභාගිවූ ජවිපෙ අනුගාමිකයෙකු වූ බව ධර්මන් වික්‍රමරත්න මහතා ලිවූ 'ජවිපෙ දෙවෙනි කැරැල්ල ' නමැති කෘතියේ සඳහන් කර තිබේ . රාජිත සේනාරත්න මහතා එම සංවිධානය පිටිපස සිටි අයෙකු බවට සැකයක් නැත . රුපවාහිනි වැඩ සටහනකදී මේ පිළිබඳව රාජිතගෙන් විමසු විට ඔහු කිවේ 'තමන් ප්‍රා සංවිධානයට ආශිර්වාද කළ බවත් තුවක්කුව රැගෙන තමන් මරා දැමීමට ගෙදරට එන තුරු බලා සිටීම මෝඩකමක් බවත්ය . ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබු වමේ මිනිසුන්ගේ අවමගුල් උත්සවලදී රාජිත , ජවිපෙ හතර අතටම පතුරු ගැසුවේ ඇතැම් විටෙක එම ස්ථානයේදී හෝ ආපසු යන ගමනේදී ජවිපෙ ඔහු මරා දැමීමට ඉඩ තිබෙන බව දැන ගෙනය.

    ප්‍රා සංවිධානය ජවිපෙ තුවක්කු කරුවන් තමන් වෙත ඒමට පෙර ඔවුන් සොයා ගියේය, සුප්‍රසිද්ධ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාට අනුව ප්‍රා සංවිධානය ජවිපෙ තුවක්කු කරුවන් 1222 ක් මරා දැමු අතර ජවිපෙ විසින් මරා දැමු සංඛ්‍යාව 6577 කි .ජවිපෙ විසින් 6000 කට අධික පිරිසක් මරා දැමු බව පසු කලකදී අනුර කුමාර විසින්ම ප්‍රසිද්ධියේ පිළිගත්තේය .

    ජවිපෙ නායකයා රාජිතට හිඟන්නෙක් ,ටොමියෙක් ආදී ලෙස පරිභව කරමින් ගැලරිය සතුටු කිරීමේ අපහාසාත්මක කතාවක් කළේ මේ පරණ කෝන්තර සුළුවෙන් හෝ පිරිමසා ගැනීමට තිබෙන උවමනාව නිසාය . ඊට අමතරව රාජිතට බැන වැදීම තුළින් සයිටම් විරෝධී සරසවි සිසුන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට ජවිපෙට හැකි වෙනු ඇති ජවිපෙ නායකත්වය නිගමනය කර තිබෙනවාද විය හැකිය . බොහෝ කලක් ජවිපෙ පාලනය යටතේ පැවතී අන්තරය දැන් ඔවුන් යටතේ නැත .එය දැන් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආසන්න සතුරා වන පෙරටුගාමින් යටතේය .එය ඔවුන්ගෙන් උදුරා ගැනීමට නම් සරසවි සිසුන්ගේ සහය ජවිපෙට අවශ්‍යය . සයිටම් ප්‍රශ්නයේදී රාජිත ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ මතය වුවත් රාජිත සයිටමය ආරක්ෂා කරතැයි යන මතය සිසුන් තුළට කවා ඇති බැවින් රාජිතට අපහාස ,උපහාස කිරීමෙන් සිසුන්ගේ ප්‍රසාදය ජවිපෙට දිනාගැනීමට හැකිවෙනු ඇතැයි ජවිපෙ ගණන් හදා තිබෙනවා විය හැක .


    doctor%2Bwith%2Bmoney.jpg


    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ( GMOA) ප්‍රධානීන්ට ද රාජිත පෙන්නන්නට බැරි කාරණා දෙකක් නිසාය. එකක් නම් ඔවුන්ගේ අයුක්ති සහගත ඉල්ලීම්වලට යටවීමට රාජිත සුදානම් නැති නිසාය . අනෙත් කාරණාව වන්නේ ඇතැම් වෛද්‍ය වරු කරගෙන ගිය ජාවාරම් වලට රාජිත වැටකඩොලු බැඳීම නිසාය .එක උදාහරණයක් පමණක් දක්වතොත් අක්ෂි කාච ඉස්සර වික්කේ එකක් රුපියල් 25000 බැගිනි . එය ගෙන ආ යුත්තේ ශල්‍ය වෛද්‍යවරයා කියන තැනින් ය. ඇතැම් විටෙක එම කාච විකුණන තැන අයිති කරුද එම වෛද්‍යවරයාමය. රජයේ රෝහල්වලින් අක්ෂි කාච නොමිලේ දීමට රාජිත සේනාරත්න මහතා පියවර ගැනීම නිසා එම දොස්තරලාගේ ආදායම විශාල වශයෙන් අඩුවූ බවට සැකයක් නැත.

    රාජිතට එරෙහිව සිටින අනෙක් සතුරා ඉතාම බලවත්ය . ඒ අවුෂධ මාපියාවයි. ලෝකයේ දෙවනුවට ලාභ ලබන ජාවාරම අවුෂධ ජාවාරම බව කියනු ලැබේ. අවුෂධ සමාගම් , ඇමතිවරුන්ගේ සිට වෛද්‍යවරු දක්වාම සන්තෝසම් බෙදති . ඔවුන් නිපදවන බෙහෙත් වලින් ලෙඩ රෝග සුව වෙනවා සේම ලෙඩුන් ලක්ෂ ගණනින් මරුමුවටද පත් වෙති. මා කියවූ ලිපියකට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ වැඩියෙන් ම ලෙඩුන් මිය යන්නේ හර්ද රෝගවලිනි . දෙවෙනුවට වැඩියෙන්ම මිය යන්නේ පිළිකා වැළඳීමෙනි. තුන් වෙනුව වැඩියෙන්ම මිය යන්නේ අවුෂධ වලිනි.. සෑම වසරකම ඇමරිකාවේ මිනිසුන් ලක්ෂ දෙකක් බෙහෙත් නිසා මිය යන බව එම ලිපියේ සඳහන් කොට තිබුනේ මෙසේය

    " Our prescription drugs are the third leading cause of death after heart disease and cancer. Our drugs kill around 200,000 people in America every year, and half of these people die while they do what their doctors told them—so they die because of the side-effects,” said Dr. Gotzsche in his recent interview. “The other half die because of errors—and it’s often the doctors that make the errors because any drug may come with 20, 30 or 40 warnings, contraindications, precautions…and then the patients die."

    අවුෂධ මාෆියාවට එරෙහිව කටයුතු කළ කිසිවෙකු වැඩි කලක් පන පිටින් සිටියේ නැත ජාතික අව්ෂධ ප්‍රතිපත්තිය සැකසු මහාචාර්ය සේනක බිබිලේ අවුෂධ මාෆියාව විසින් මර දැමු බව ප්‍රසිද්ධ කරුණකි. රාජිතට කෝටි ප්‍රකෝටි ගණනින් යටිමඩි ගැසීමට උවමනා නම් කළ යුත්තේ අවුෂධ සමාගම් වලට වාසි දායක වන ලෙස කටයුතු කිරීමය . එවිට කිසිදු අයෙකුට දැනගනීමට බැරිවන ලෙස දිනකට රුපියල් කෝටියක් හමාරක් ඔහු කියන ගිණුමකට අවුෂධ සමාගම් දමනු ඇත.. එහෙත් ඔහු කළේ අවුෂධ මාෆියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමය. අවුෂධ බොහෝ ගණනක මිළ බොහෝ සෙයින් අඩු කිරීමට රාජිත කටයුතු කිරීම නිසා කෝටි ගණනින් ලාභ අඩුවූ දේශීය අවුෂධ ව්‍යාපාරිකයෝත් ජාත්‍යන්තර අවුෂධ ජාවාරම් කරුවනුත් ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීමටත් එසේ නොහැකි වුවහොත් මරා දැමීමටත් කුමන්ත්‍රණය කරමින් සිටින බවට සැකයක් නැත . එබැවින් රාජිතට එරෙහි සියලු දේශපාලන ව්‍යාපාරවලට ඔවුන් මේ වන විට මුදල් පොම්ප කරමින් සිටිනු බවටද කිසිදු සැකයක් නැත .

    ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 100 ක් වැය කොට සිංගප්පුරුවේ රෝහලකින් බෙහෙත් ගැනීම ගැන අවලාද නැගු අනුර කුමාර මහතා ලංකාවේ රෝහලකින් බෙහෙත් ගැනීමට රාජිතට නොහැකි මන්දැයි ඇසුවේය. බැලු බැල්මට එය ඇත්තය. ඔහු සිංගප්පුරුවේ දොස්තර මහත්තුරු හමුවීමට ගියේ බෙහෙතුත් ගෙන සිංගප්පුරුවේ සංචාරයකුත් කොට හොටල් දෙක තුනකින් හොඳ හැටි කා බි ආපසු ඒමටද?

    මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට මහත් වෙහෙසක් දැරූ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වුයේ නිසි කලට නිසි ප්‍රතිකාර නොගෙන ප්‍රමාදවී ප්‍රතිකාර ගැනීමට යාම නිසාය . උන්වහන්සේ අපවත් වීම ආණ්ඩුවට බරපතල පාඩුවක් විය . උන්වහන්සේගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ආණ්ඩුවටද යම් තරමකට නරක නාමයක් ඇතිවීමට බලපෑවේය .රාජිතට හර්දයාබාධයක් ඇති වූ විට සෝභිත හිමියන්ගේ ඉරණම ඔහුට අත් වෙනු දැකීමට ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ලොක්කන්ට උවමනා නොවීය .GMOA ලොකු මහත්තුරු රාජිත සමග වයිර බැඳගෙන සිටියදී මෙහි රෝහලකින් ප්‍රතිකාර ලැබීම ජීවිතය පරදුවට තැබීමක් ලෙස ආණ්ඩුව කරවන්නන් සිතු බවට සැකයක් නැත . අනික රාජිත දොස්තර කෙනෙකි. දොස්තරලාගේ තරම හොඳින්ම දන්නේ දොස්තරලාය . එබැවින් පිටරට දොස්තරලාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසු යැයි රාජිතද සිතන්නට ඇත . මා දන්නා පරිදි රාජිතට සිංගප්පුරුවේ එලිසබත් රෝහලට අප්‍රමාදව ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස උපදෙස් දුන්නේ ජනාධිපතිවරයාය.
    මගේ මිත්‍රයෙක් අවුරුදු 6 කට පමණ පෙර හර්දයාබාධයක් වැළඳීම නිසා රෝහලට ඇතුළු විය .හර්දය වස්තුවට ලේ ගමන් කිරීමට බාධාවක් ඇතිවී තිබෙන බැවින් ස්ටෙන්ට් යනුවෙන් හඳුන්වන කුඩා ලේ පෙරනයක් සවි කිරීමට සිදුවී තිබෙන බව වෛද්‍යවරු කීහ. පවුලක් පන්සලක් වී නොතිබුණු බැවින් ඔහු අතේ මුදල් තිබිණ . ශල්‍යකර්මය කරගෙන ගෙදර එනවිට රුපියල් ලක්ෂ හය හතක මුදලක් ඔහුට වියදම් වී තිබුණු බව ඔහු මා සමග කීවේය. .

    stent.jpg


    ස්ටෙන්ට් උපකරණය

    drug%2Bprices.jpg


    අධික රුධිර පීඩනය සහ දියවැඩියාව සඳහා වන අවුෂධ මිළ අඩු කර ඇති ආකාරය

    රුපියල් ලක්ෂ තුනහමාරක් දී මිලදී ගත යුතුවූ ස්ටෙන්ට් පෙරහන නොමිලේ දීමට , පිළිකා රෝගීයෙකු වෙනුවෙන් වැය කළ රු.ලක්ෂ පහළොවේ සීමාව ඉවත් කිරීමට , අත්‍යවශ්‍ය අවුෂධ වර්ග 48 ක මිල අඩු කිරීමට ,වෙළඳ නමින් නොව අවුෂධ නමින් බෙහෙත් ලියන ලෙස නියම කිරීමට ,රුපියල් පනස් දහසේ අක්ෂි කාච දෙක නොමිලේ ලබා දීමට, සවුඛ්‍ය සේවාවන් වෙනුවෙන් වැඩි මුදලක් යෙදවීමට, පවුද්ගලික රෝහල් සපයන සේවාවන් සඳහා අය කළ ඉහල ගාස්තු යම් මට්ටමකින් පාලනය කිරීමට යනාදී හොඳ වැඩ රැසකට පියවර ගැනීම ට ඔහුට හැකි වුයේ සිංගප්පුරුවට ගොස් සුව වී පැමිණි නිසාය .

    ඉකුත් මහා මැතිවරණයේදී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවට පත් වුයේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගෙනය. ඒ ඔහු පක්ෂ කණ්ඩායමේ නායක කමවත් නොලැබය. මිනිස්සු ඔහුට චන්දය දුන්නේ ඔහුගේ මුහුණේ ලස්සනට නොවේ. රාජපක්ෂලා ගෙදර යැවීමට ඔහු කළ සේවයට කෘතගුණ සැලකීමටය . සවුඛ්‍ය සේවාවට ඔහු විසින් ඉකුත් අවුරුදු දෙකක කාලය තුළ කරන ලද සේවය නිසා ඔහුගේ ජනප්‍රියත්වය තව දුරටත් වැඩිවී තිබෙනවා මිස අඩු වී නැත .එබැවින් ඔහු බිම දැමීමට දඟලන අයට අන්තිමට සිදුවන්නේ හොම්බ බිම ඇනගන්නටය .
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    අඩු කරන ලද අවුෂධ වර්ග 48 මිල ගණන් පහත ලින්කුවෙන් බලා ගත හැක
    http://www.english.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2016/10/here-is-list-of-48-drug-items-under.html

    Source
    http://sudukukula.blogspot.com/2017/08/blog-post_28.html
     
    • Like
    Reactions: monson

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිත කියන්නෙ පල් හොරෙක්...හොරුන්ට කඩේ නොයා හිටපන් බන්..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දත්ම ගලවා නැව් මිලදී ගත් අපේ කාලයේ මානව හිතවාදියා......
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,422
    113
    රාජිත කියන්නෙ පල් හොරෙක්...හොරුන්ට කඩේ නොයා හිටපන් බන්..

    හොරුන්ට කඩේ යනකොට දන්නේ මොනවගේ ෆිලින් එකක්ද බ්‍රෝ ?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේවගේ පොස්ට් ලියනවට කීයක් ගෙවනවද බන්
    මටත් සෙට්කරලා දියන්කෝ
    මේ දවස්වල අතේ සතේ නැතුව ඉන්නේ
    :rolleyes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    .
    GMOA ලොකු මහත්තුරු රාජිත සමග වයිර බැඳගෙන සිටියදී මෙහි රෝහලකින් ප්රතිකාර ලැබීම ජීවිතය පරදුවට තැබීමක් ලෙස ආණ්ඩුව කරවන්නන් සිතු බවට...

    GMOA එකේ උන් ශුවර් නෑම කියමුකෝ.
    (හැබැයි ඉතින් ඩොකාල එක්ක ඊට වඩා ලෙඩ දාගත්ත ජේ.ආර්.ල ප්‍රේමදාසලා අගේට උන්ගෙන්ම බෙහෙත් ගත්තා) :confused:
    තමන්ගෙ ලේලි ඉන්න සයිටම් එකවත් පොරට විශ්වාස නෑනෙ. :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    යුද හමුදාවට කල් ඉකුත්වූ බෙහෙත් දීමට සම්බන්ද අයෙක් ලංකාවේ බෙහෙත් මාෆියාවට වැට බැන්දලු. :rofl::rofl::rofl:

    රාජිත සේනාරත්න නම් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්රීවරයකුටත් ඔහුගේ සහෝදරයකුටත් අයත් සේනාරත්න අසෝසියේට්‌ නම් වාණිජ ආයතනයක්‌ ගැනත්, එමගින් කරගෙන ගිය ව්යාපාරයක්‌ ගැනත් රහස්‌ පොලිසිය විසින් ඔවුන්ගේ ව්යාපාරය පිළිබඳ කරන ලද පරීක්ෂණයක්‌ ගැනත් සියලු තොරතුරු එම ලිපිගොනුවේ තිබිණි. එම ආයතනය මගින් එවකට කළේ පිටරටින් දන්ත වෛද්ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්රිවිධ හමුදාවටත් සැපයීමය.

    මේ අතරතුර රහස්‌ පොලිසිය විසින් මේ ආයතනයට අයත් ගබඩාවක්‌ වටලා කරන ලද පරීක්ෂණයකට අනුව කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවන ක්රියාන්විතයක්‌ද අත්අඩංගුවට ගැනින. එම බෙහෙත් දින වෙනස්‌ කළේ හමුදාවට සපයන්නට බවද හෙළිවිය.
    අභියාචනාධිකරණය 2000 වසරේ මාර්තු 31 වැනිදා නඩු තීන්දුව ප්රකාශයට පත්කරනු ලැබුවේය. චූදිත රාජිත වරදකරු කර පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක්‌ දරන්නට නොසුදුස්‌සෙක්‌ ලෙස නම් කරනු ලැබුවේය. වැරැදි ආකාරයේ වෙළෙඳ ව්යාපාරයක්‌ රජය සමඟ කර රජයට වංචාකර ප්රතිලාභ ලබා වරදකරු වී මන්ත්රී ධුරය අහෝසි කරගත් රාජිත එදා අපේ රටේ අධිකරණ තීන්දු අතරට එක්‌වූයේ මෙවන් වරදක්‌ කර හසුවී මන්ත්රී ධුරය අහිමි කරගත් ලංකාවේ පළමුවැනියා ලෙසටය.


    http://www.divaina.com/2017/08/27/politics01.html
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    යුද හමුදාවට කල් ඉකුත්වූ බෙහෙත් දීමට සම්බන්ද අයෙක් ලංකාවේ බෙහෙත් මාෆියාවට වැට බැන්දලු. :rofl::rofl::rofl:

    රාජිත සේනාරත්න නම් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්රීවරයකුටත් ඔහුගේ සහෝදරයකුටත් අයත් සේනාරත්න අසෝසියේට්‌ නම් වාණිජ ආයතනයක්‌ ගැනත්, එමගින් කරගෙන ගිය ව්යාපාරයක්‌ ගැනත් රහස්‌ පොලිසිය විසින් ඔවුන්ගේ ව්යාපාරය පිළිබඳ කරන ලද පරීක්ෂණයක්‌ ගැනත් සියලු තොරතුරු එම ලිපිගොනුවේ තිබිණි. එම ආයතනය මගින් එවකට කළේ පිටරටින් දන්ත වෛද්ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්රිවිධ හමුදාවටත් සැපයීමය.

    මේ අතරතුර රහස්‌ පොලිසිය විසින් මේ ආයතනයට අයත් ගබඩාවක්‌ වටලා කරන ලද පරීක්ෂණයකට අනුව කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවන ක්රියාන්විතයක්‌ද අත්අඩංගුවට ගැනින. එම බෙහෙත් දින වෙනස්‌ කළේ හමුදාවට සපයන්නට බවද හෙළිවිය.
    අභියාචනාධිකරණය 2000 වසරේ මාර්තු 31 වැනිදා නඩු තීන්දුව ප්රකාශයට පත්කරනු ලැබුවේය. චූදිත රාජිත වරදකරු කර පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක්‌ දරන්නට නොසුදුස්‌සෙක්‌ ලෙස නම් කරනු ලැබුවේය. වැරැදි ආකාරයේ වෙළෙඳ ව්යාපාරයක්‌ රජය සමඟ කර රජයට වංචාකර ප්රතිලාභ ලබා වරදකරු වී මන්ත්රී ධුරය අහෝසි කරගත් රාජිත එදා අපේ රටේ අධිකරණ තීන්දු අතරට එක්‌වූයේ මෙවන් වරදක්‌ කර හසුවී මන්ත්රී ධුරය අහිමි කරගත් ලංකාවේ පළමුවැනියා ලෙසටය.


    http://www.divaina.com/2017/08/27/politics01.html

    :rofl::rofl:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,407
    113
    Sri Lanka
    aluthen beheth wala ganan adu karanna genaapu aoushada panathe aththa ubata therenawa nam uba oya wage moda wenne na. beheth walata paalana milak genaawa madhyana agayak. eken une ganan wadi brand wala gana adu karanna una. ganan adu brand wala gaana wadi una. honda brand wala thibunu company walin beheth gena eka nathi una. bangalaadesheyi pakisthaaneyi swayan rakiyaa walata beheth packet karana beheth mehe gaana wadi una. zinnat kiyana anti biotic ekata une eka. kohomada rajithayage tikiri mole

    hospital wala beheth na. hoyala balapan iron tablet wath nathi hospital thiyenawa. maha loku soukya amathi........ ape arte henetama mun wage eun pathwenawane

    :rofl::rofl::rofl::rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,518
    113
    Achchara Ara Mahinda Rajapaksha Visikarapu Janathawata
    Rajtha Mona Hingannekda
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    උබ මොන බොරු ලීවත් වැඩක් නැ..උගෙ දේශපාලන ජීවිතේ ඉවරයි..උගෙ පුතගෙත් ඉවරයි..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    GMOA එකේ උන් ශුවර් නෑම කියමුකෝ.
    (හැබැයි ඉතින් ඩොකාල එක්ක ඊට වඩා ලෙඩ දාගත්ත ජේ.ආර්.ල ප්‍රේමදාසලා අගේට උන්ගෙන්ම බෙහෙත් ගත්තා) :confused:
    තමන්ගෙ ලේලි ඉන්න සයිටම් එකවත් පොරට විශ්වාස නෑනෙ. :lol:

    පවු යකෝ :rofl:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආටිකල් එක ඔක්කොම කියෙව්වේ නෑ මේ සෙට් එක දැක්කම තේරුම් ගන්න පුලුවන් ලැට් කටාට උක දෙන දාර පො** කියලා

    රාජිතව දෑහැට පෙන්නන්නට බැරි කණ්ඩායම් කීපයක් සිටි . එක කණ්ඩායමක් නම් ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකසහ දේශපාලන කොම්පැණියක් වූ මහින්ද සමාගම බව ඔබ අනුමාන කළානම් එය හරියටම හරිය . දෙවෙනි සමාගම වන්නේ කලක් දේශප්‍රේමය විකුණු ජනතා විමුක්ති පෙරමුණය . තුන්වෙනි කණ්ඩායම වන්නේ රෝගීන්ට වඩා නිදහස් අධ්‍යාපනයට පුදුම ප්‍රේමයක් වරින් වර පෙන්නන GMOA සමාගමය .හතවෙනි කට්ටිය නම් ලෙඩුන්ගේ ඉහ මොළ සුද්ධ කරන අවුෂධ මාෆියාවය