යුද හමුදාවට කල් ඉකුත්වූ බෙහෙත් දීමට සම්බන්ද අයෙක් ලංකාවේ බෙහෙත් මාෆියාවට වැට බැන්දලු.
රාජිත සේනාරත්න නම් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්රීවරයකුටත් ඔහුගේ සහෝදරයකුටත් අයත් සේනාරත්න අසෝසියේට් නම් වාණිජ ආයතනයක් ගැනත්, එමගින් කරගෙන ගිය ව්යාපාරයක් ගැනත් රහස් පොලිසිය විසින් ඔවුන්ගේ ව්යාපාරය පිළිබඳ කරන ලද පරීක්ෂණයක් ගැනත් සියලු තොරතුරු එම ලිපිගොනුවේ තිබිණි. එම ආයතනය මගින් එවකට කළේ පිටරටින් දන්ත වෛද්ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්රිවිධ හමුදාවටත් සැපයීමය.
මේ අතරතුර රහස් පොලිසිය විසින් මේ ආයතනයට අයත් ගබඩාවක් වටලා කරන ලද පරීක්ෂණයකට අනුව කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවන ක්රියාන්විතයක්‌ද අත්අඩංගුවට ගැනින. එම බෙහෙත් දින වෙනස් කළේ හමුදාවට සපයන්නට බවද හෙළිවිය.
අභියාචනාධිකරණය 2000 වසරේ මාර්තු 31 වැනිදා නඩු තීන්දුව ප්රකාශයට පත්කරනු ලැබුවේය. චූදිත රාජිත වරදකරු කර පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක් දරන්නට නොසුදුස්‌සෙක් ලෙස නම් කරනු ලැබුවේය. වැරැදි ආකාරයේ වෙළෙඳ ව්යාපාරයක් රජය සමඟ කර රජයට වංචාකර ප්රතිලාභ ලබා වරදකරු වී මන්ත්රී ධුරය අහෝසි කරගත් රාජිත එදා අපේ රටේ අධිකරණ තීන්දු අතරට එක්‌වූයේ මෙවන් වරදක් කර හසුවී මන්ත්රී ධුරය අහිමි කරගත් ලංකාවේ පළමුවැනියා ලෙසටය.
http://www.divaina.com/2017/08/27/politics01.html



