රාජිත 13 සංශෝධනයට එකඟ වෙලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රාජිත 13 සංශෝධනයට එකඟ වෙලා


කෝ මේ කළුතර අය’ – ජනපති පෙරට, රාජිත අකුලාගනී


June 26, 2013 at 5:15 pm | lanka C news

‘කෝ මේ කළුතර අය’ – ජනපති පෙරට, රාජිත අකුලාගනී
පක්‍ෂයේ මතයට පිටින් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතුමන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.

ජනධිපතිතුමන් රැස්වීම ආරම්භ කර ඇත්තේම ‘කෝ මේ කළුතර කට්ටිය’ යනුවෙන් විමසමිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මතයට පිටින් මත දැක්වීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එසේ මත දක්වන්නන්ට පක්‍ෂයෙන් පිටව ගොස් ඒ අදහස් පල කිරීමේ හැකියාව ඇති බවත් රාජපක්‍ෂ මතතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හමුවේ දැඩිව අවධාරණය කර ඇත.

එහිදී ප‍්‍රශ්ණයක් නඟා ඇති නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා 13 වන සංශෝධනය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන බවට ලද පොරොන්දුවක් මත තමන් ආණ්ඩුවට එක් වූ බව රාජිත සේනාරත්න මහතා විසින් තැන තැන කියමින් යන බවත් එසේ පොරෙන්දුවක් දී ඇතිදැයි ජනාධිපතිතුමන්ගෙන් විමසා තිබේ.

ඒ අවස්ථාවේ තමන් ඉල්ලා සිටියේ කොටි පරදන සටනට සහය දෙන ලෙස මිස අන් කිසිවක් නොවන බවත් ඔවුන් ආණ්ඩුවට එක්වන්නට ඉල්ලූ දේවල් මේ අවස්තාවේ තමන් කියන්නට කැමති නැති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊට පිළිතුරු ලෙස අදහස් පල කර ඇත.

ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අදහස් පලකරමින් 13 වන සංශෝධනය වෙනස් නොකිරීම යනු යූඑන්පී සටන් පාඨය බවත් මෙම සංශෝධනය වෙනස් නොකර ගමේ ශ‍්‍රී ලංකා කාරයාට මුහුණ දෙන්න විදිහක් නැති බවත් පෙන්වා දී තිබේ. එදා යුඑන්පීයෙන් පැන්න වුන් මේ ආණ්ඩුව වැටුනොත් කිසි විලි ලැජ්ජාවක් නැතිව යූඑන්පීයට යළිත් රිංගනු ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය ක‍්‍රියාත්මක කරන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීය

බොහෝ වේලාවක් නිහඩව සිටි ශ‍්‍රීලනිප බේරුවල ආසන සංවිධායක රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් අවසානයේ කියා ඇත්තේ තමන් එවන් අදහස් පල කලේ සුළු පක්‍ෂ විසින් සිංහල බෞද්ධ ඡන්ද පදනම කඩා ගනීවි යයි සිතූ නිසා වුවද දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මතය දන්නා බැවින් ඉදිරියේදී ඒ අනුව කටයුතු කරන බවයි. ඊටම සමාන අදහස් පානදුර ශ‍්‍රීලනිප සංවිධායක අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේද දක්වා ඇත
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අන්තිමට වාසුලා රාජිතලා පරද්දලා විමල්වීරවංශලා,නානසාරලා දින්නා.අපරාදේ සල්ලි.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar438906_7.gif
    avatar438906_7.gif
    avatar438906_7.gif

    avatar438906_7.gif
    avatar438906_7.gif
    avatar438906_7.gif