"රාජ මාලිගේ" ගීතය අධිකරණයට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    "රාජ මාලිගේ" ගීතය අධිකරණයට

    මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයට පත් රෙඩ් නම් ගායකයා විසින් ගායනා කරන "රාජ මාලිගේ" ගීතය සම්බන්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ. පරෙවියා වගේ රාජ මාලිගේ ගීතය 1968 වර්ෂයේදී රේඩියෝ සිලෝන් ගුවන් විදුලි සේවය සඳහා ෆ්‍රෙඩි සිල්වා විසින් ගායනා කරන ලද ගීතයකි. ගීතයේ පද රචනා කොට ඇත්තේ එවක ප්‍රවීන ගේය පද රචකයෙකු වූ සිරිල් ඒ සීලවිමල මහතා විසිනි.

    රාජ මාලිගේ ගීතය නව සංගීතය යටතේ එළිදැක්වීම සඳහා ෆ්‍රෙඩි සිල්වා අනුස්මරණ පදනමෙන් හෝ වගකිවයුතු පාර්ශවයන්ගෙන් අවසර නොගැනීම නිසාවෙන් එම ගීතයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ෆ්‍රෙඩි සිල්වාගේ දියණිය වන චාන්දනී ෆ්‍රෙඩි සිල්වා සූදානමින් පසුවන බව අප වෙත වාර්තා වේ.

    ෆ්‍රෙඩි සිල්වා විසින් ගැයූ රාජ මාලිගේ ගීතය පැරණි දමිල ගීතයක තනුවකට අනුව නිර්මාණය කරන ලද්දකි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    එතකොට ඕකට මියුසික් වලට නඩු දාන්න පුලුවන්ද? ඔරිජිනල් මියුසික් ෆ්‍රෙඩී සිල්වාගෙ නෙමේනෙ.:eek:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට ඕකට මියුසික් වලට නඩු දාන්න පුලුවන්ද? ඔරිජිනල් මියුසික් ෆ්‍රෙඩී සිල්වාගෙ නෙමේනෙ.:eek:
    ඉන්දියාවෙන් පොරගෙ දුවට නඩු දායිද දන්නෙ නෑ :rofl: