රාත්‍රී කාලයේදි වාහන පැදවීමේදි මේ ගැන සිතන්න

Auto Man Transmission

Junior member
  • Jul 5, 2023
    55
    49
    18
    අද අපි කතා කරන්නෙ රෑ වාහනේ පදවද්දී අමරුවේ නොවැටී පරිස්සමෙන් ඔබේ ගමන යන්න අවශ්‍ය වන්නේ මොනවාදැයි සලකා බැලීමටයි. රාත්‍රී කාලය කියන්නේ වාහන අනතුරු තුන් ගුණයක් වැඩියෙන් වෙන වෙලාවක් බව සමීක්ෂණ වලින් හොයගෙන තියනවා.

    Windshield

    අපිරිසිදු වින්ඩ්ශීලඩ් එකක් නිසා ඉදිරියෙන් එන වාහන වල ආලෝකයත් එක්ක ඔබේ පෙනීම අඩු කරන්න පුලුවන්, ඒ නිසා වරින් වර ඔබේ වීදුරුව වතුර විදිනය හා වයිපර් ක්‍රියාත්මක කර පිරිසිදු කරගන්න.

    පාර අවට සිටින සතුන්

    විශේෂයෙන් වනාන්තර ආසන්නයෙන් වාහනෙ පදවද්දී නොයෙක් සතුන් පාරට පනින්න පුලුවන්, ඔබ අධික වේගයෙන් යනවා නම් ලොකු අනතුරක් වෙන්න උනත් මේ නිසා ඉඩ තියනවා. නමුත් නාගරික ප්‍රදේශ වලත් පාරට සුනඛයින් පැනීම නිසා අනතුරු සිදු වී තිබෙනවා.
    මේ වගේ වෙලාවක ගොඩක් අය කරන වැරැද්දක් තමයි ආපු වේගයෙන්ම බාධකය මගඅරින්න හදන එක, මේක කරන්න ගිහින් වාහනෙ ලොකු අනතුරකට ලක් වෙන පුලුවන්, හොඳම දේ වාහනේ වේගය පුලුවන් තරම් අඩු කරන එක.

    මධ්‍යම රාත්‍රී වෙලාවේ ධාවනය

    නිදිමත නිසා සිද්ධ වෙන අනතුරු වැඩිම ප්‍රමාණයක් රාත්‍රී 12ත් උදේ 6ත් අතර සිද්ධ වෙනවා. දන්නෙම නැතුව නින්ද ගිහින් වාහනේ හැපෙන්න ගිය වෙලාවල් අපි කොතෙකුත් අහල ඇති, ඒ නිසා මේ අවදානම් වෙලාවේ ගමන් පුලුවන් තරම් අඩු කරන්න.
    අධික නිදිමතක් තියන වෙලාවක වාහනේ ආරක්ෂිත තෑනක නවත්වලා විනාඩි 10-20 අතර නැප් එකක් අරගෙන ගිමන් හරින්න. සමහර අයට සංගීතය ඇසීම, පිලිසඳර, පොඩි විවේකයක් හෝ තේ කෝපි පානය, වාහනේ ජනෙල් ඇරල පිරිසිදු වාතය ඇතුලට ඒමට සැලැස්වීම වගේ දේවල් වලින් නිදිමත ගතිය සමනය වෙනවා. ඉතින් ඔබට සුදුසු දේ අඳුන ගෙන පරිස්සම් වෙන්න.

    ඉදිරියෙන් යන වාහන

    රෑට ගොඩක් අනතුරු වෙන විදිහක් තමයි ඉදියෙන් යන වාහනය හදිසියේ වේගය අඩුකරොත් ඔබට අඳුන ගන්න වෙලා ගිහින් අනතුරක් වෙන එක, ඉතින් මදක් වැඩිපුර ඉඩ තබාගෙන වාහනය පදවන එක ඇඟට ගුණයි.

    For More details - https://automantransmission.com
    https://automantransmission.com/tips-for-night-ride/
    3b1989f4-98ec-49ff-a413-d4bdbe3025f5-1170x400.jpg
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,590
    113
    ලංකාවෙ තව ඇක්සිඩන්ට් වෙන්න හේතුවක් තමයි වෙලාවට වැඩ කරන්නෙ නැති පුරුද්ද ගමනක් වෙලාවට යන්නෙ නැතිව පාරෙදි තමයි වෙලාව අල්ලන්න හදන්නෙ ස්පීඩ් ගිහින්.