රාධ සංයුත්තය - සත්ත සූත්‍රය
මේක ටිකක් වටිනා සූත්‍රයක්. ඉතාම වැදගත්, සත්යාවබෝදයට ඉවහල් වෙන සූත්‍රයක්.
මේ සූත්‍රයෙන් කියන්නෙ සැම දේටම මුල 'තණ්හාව' කියල.
2. රාධ සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
1. මාර සූත්‍රය
2. සත්ත සූත්‍රය
161
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
“රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශෙෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ.
“රාධය; යම්සේ මැටිවලින් කුඩා ගෙවල් සාදාගෙන සෙල්ලම් කරන කුඩා දරුවෝ හෝ දැරියෝ හෝ යම්තාක් ඒ මැටි ගෙවල්වලට පහනොවූ ආශාව ඇත්තෝ වෙත්ද, පහනොවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද, පහනොවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා දාහය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, ඒ තාක් ඒ මැටි ගෙවල් කෙරෙහි ඇලෙත්, ක්‍රීඩා කරත්, ධනයක් යයි සිතත්, මගේ මගේ යයි සිතත්.
“රාධය, යම් හෙයකින් ඒ දරුවෝ හෝ දැරියෝ හෝ මැටි ගෙවල්හි පහවූ රාග ඇත්තාහු වෙත්ද, පහවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද පහවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහවූ දාහය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, එකල්හි ඒ මැටි ගෙවල් අත්වලින්ද, පාවලින්ද විසුරුවා දමත්. විනාශ කරත්, කඩා බිඳ දමත්. ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරත්.
“රාධය, එසේම තොපිද රූපය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසු වූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“වේදනාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සඤ්ඤාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සංස්කාරයන් විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“විඤ්ඤාණය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.” රාධය, තෘෂ්ණාවගේ විනාශය නිර්වාණයයි වදාළේය.
(දෙවෙනි සත්ත සූත්‍රය නිමි.)

Last edited: