රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිව

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිව

    406295_263754513725579_1325021002_n.jpg


    මෑතකදී ගල් විහාරයේ අරුම පුදුම පින්තූරයක් ගත් ප්‍රවීන ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා පසුගිය 6 වනදා පස්වරු 3:34 ට පමණ කලා වැව ආසන්නයේ සැරි සැරුවේ වන අලින්ගේ ඡායාරූප කීපයක් ගැනීමටයි. ශ්‍රී ලංකාවේ වන අලින් සමහර විට ඉතාමත් වේගයෙන් දිව යා හැකි නිසා නියම අවස්ථාවේදීම ඡායාරූපය ගැනීම සඳහා කාච විවරයේ වේගය තත්පරයෙන් 1/4000 තරමටම සැකසීමට ඒ මහතා අමතක කළේ නෑ. එතකොට තත්පරයෙන් 1/4000 තරම් අධික වේගයෙන් ගමන් කරන ඕනෑම වන අලියෙක්ව වුවත් කැමරාවට අහු වෙනව. ඊට අමතරව කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කළා. කලාවැව ඉස්මත්තේ ඔලොම්බෑව කොළකඳමුල්ල වැව් පිටියේදී කීර්ති අමරසේකර මහතාගේ ඡායාරූපයට නැගුන පින්තූරයයි දැක්වෙන්නේ. (පළමු වන පින්තුරය බලන්න)

    ඡායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ඡායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද ගොසිප්9 වෙත ඒ මහතා දන්වා සිටියා. තවද මෙම ඡායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු තවදුරටත් පැවසුවා.

    රාවණා පුවත පළ කරන ලේඛකයෙක් වන මා හටත් එම ඡායාරූපය ලැබුණ අතර මෙතෙක් වේලා අපගේ හෙළ දැනුම් සම්භාරය ඇසුරෙන් කරන ලද විශ්ලේෂණයන්ගේ ප්‍රතිඵල තමයි මා දැන් ඔබ සමග බෙදා ගැනීමට සැරසෙන්නේ.

    මහ කුඩුගල ගිරි ශිඛරයේ තාමත් සිහි මුර්ජා වී සිටින ශ්‍රී රාවණ අධිරාජ්‍යයා 2012 අගදී සිය නිද්‍රාවෙන් අවදි වෙන බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා ඇතුළු හෙළ ගවේශකයින් විසින් පැවසුව බවත්, දැන් එය ඒකාන්ත වශයෙන් සත්‍යයක් බව අනාවරණය වී අති බවත් ඔබ දැනටම දන්නවා ඇති. එහිදී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නිද්‍රාවෙන් අවදි වූ වහාම හිමාල වනයේ මහා දඹ ගස් අරණට යන අයුරු ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පුස්කොළපොතක් ඇසුරෙන් තවදුරටත් ප්‍රකාශ කරලා තිබෙනව.

    වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ රාවණකානේගනය නැමති ටීකාවට අනුව රාවණ රජතුමාට හිමාලයේ දඹ ගස් අරණට යාම සඳහා ජූලි මාසයේදී දඬුමොණර යාත්‍රාවක් ප්‍රාතීර්භූත වෙනව. ඒ අනුව ඉහත පින්තූරයේ දැක්වෙන යානය රාවණා රජතුමාව කැඳවාගෙන යාමට පැමිණි යානය බව අපට අනාවරනය වුණා.

    සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් ලංකා සී නිවුස් වෙබ් අඩවිය සඳහා අනාගත වාක්‍ය ලබා දෙන මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසය කරන තාපස තුමා මා හට පැවසුවේ මෙය පුෂ්පක වර්ගයට අයත් අධි සුකෝපභෝගී දඬුමොණර යානයක් බවයි. එසේම නියමුවෙක් සහිතව මෙන්ම රහිතවත් ගමන් කිරීමටත්, නියමුවාම දෑත යොදාගෙන පැදවීමෙන් මෙන්ම ඔහුගේ මනසෙන් දෙන විධාන අනුව ගමන් කිරීමටත් මෙම පුෂ්පක යානයට හැකියිලු.

    කලා වැව ප්‍රදේශයට මෙම යානය පැමිණියේ රාවණ රජතුමාගේ ඉපැරණි නිධානයක් මේ ප්‍රදේශයේ ඇති නිසා එය ස්කෑන් කිරීමටයි. ඊට අමතරව රාවණ රජතුමා 2012 අගදී හෙළදිවේ නැවතත් රාජ්‍යත්වයට පත් වුන පසුව කලා වැව ඉස්මත්තේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළක් ඉදිකිරීමට නියමිත බැවින් ඒ සඳහා භූමි පරීක්ෂාවක්ද කරලා. අදාල කර්තව්‍යයන් ඉ‍ටු කිරීමෙන් පසුව මෙම පුෂ්පක දඬුමොණර යානය දක්ෂින අධිවේගී මාර්ගයේත් අධිවේගයෙන් ගමන් කර තිබෙන අතර ඊට හේතු වූයේ යානයේ වේගය නියමාකාරයෙන් තිබෙනවාද කියා බැලීමටයි. නමුත් යානයේ සිදුවූ සුළු කාර්මික දෝශයක් නිසා එහි රේඩාර් පද්ධතිය අක්‍රීය වීමෙන් එය බද්දේගම පිවිසුම අසලදී මාර්ගාරක්‍ෂක රියක හැපීමෙන් රියට බරපතල හානි සිදුවී තිබෙනව. නමුත් දඬුමොණරයට කිසිදු හානියක් නොවූ අතර එය වහාම ඉහලට ගෙන වාරියපොළ (වායු+රිය+පොළ = දඬුමොණර යාත්‍රාංගනය - අරිසෙන් අහුබුදු) ප්‍රදේශයේ ඉතාමත් රහසිගත තැනක පිහිටි දඬුමොණර යාත්‍රාංගනය වෙත ගොඩ බා තිබෙනව.

    නමුත් දඬුමොණරය ගැන කිසිවක් නොදන්නා පොලිස් භටයින් එය දු‍ටුවේ මොණරෙක් ලෙසටයි. ඒ අනුව පුවත්පත් වල වාර්තා වූයේ මෙලෙසිනි.
    http://www.lankadeepa.lk/index.php/articles/52615 (04)


    එය දඬුමොණරයක් නොවන බවත් මොණරෙක්ම බවත් සමහරු කට කැඩිච්ච කතා කියාවි. නමුත්...

    1. මොණරා මිය ගියානම් ඒ ගැන ලිපියේ දැක්වෙන්න ඕනැ. ඒ සඳහා මොණරාගේ මළ කඳ හමු විය යුතුනේ, නමුත් එවැන්නක් හමු වී නැහැ. ඒ අනුව මොණරෙක් හැප්පීමෙන් මොණරාට කිසි දෙයක් සිදු නොවී මාර්ග ආරක්ෂක රියට විතරක් බරපතල හානි සිදුවෙන්නේ කොහොමද? වාහනෙකට බරපතල වෙන්න නම් මේක ඉතින් හෙලිකොප්ටරයක් තරම් මොණරෙක් වත් වෙන්න ඕනෙ නේ? එහෙම නැත්නම් ඒ මොණරා ටයිටේනියම් වලින් හැදුන මොණරෙක් විය යුතුයි නේද? ඔව් ඒ දඬුමොණරයයි.

    2. සාමාන්‍යයෙන් මොණරුන් සිටින්නේ කතරගම ප්‍රදේශය පැත්තේය. බද්දේගම ප්‍රදේශයේ කොයින්ද මොණරු?

    3. මොණරුන් ඉගිලෙන්නේ ඉහලිනි, නැතහොත් උන් සිටින්නේ උන්ට ආහාර තිබෙන ප්‍රදේශ වලයි. අධිවේගී මාර්ගයක මොණරෙක් අධි වේගයෙන් යන්නේ කුමටද?

    ඒ වගේම රාවණ විරෝධීන් විසින් මෙය කතරගම දෙවියන්ගේ වාහනය බව සැල කර සිටියත්, කතරගම දෙවියන් යනුත් රාවණ රජතුමාගේ හොරකුසක් හෙවත් "Horcrux" එකකි. ඒ අනුවත් පෙනී යන්නේ මෙය රාවණ රජතුමාගේම දඬුමොණරයක් බවයි.

    ඔබට මතකද වසර කීපයකට ඉහතදී ඔබ රූපවාහිනියෙන් නැරඹූ "සක්වල දඟකාරයෝ" ලෙසට සිංහලෙන් හඬ කැවූ "Space Cases" (http://www.spacecasestv.com/sc_crew.html)නැමති ඉංග්‍රීසි ටෙලි වෘත්තාන්තය?.
    (දෙවන පින්තුරය බලන්න 02)

    එය නිර්මාණය කළ Peter David සහ Bill Mumy යන දෙදෙනාට කලකට ඉහතදී ලන්ඩන් කෞතුකාගාරයේ තිබූ වෛමානිකශ්‍රාස්ත්‍රයේ හෙළ අ‍ටුවා සහිත පුස්කොළපොතක් කියවීමට ලැබුණ අතර එහි තිබූ සත්‍ය තොරතුරු ඇසුරෙනුයි ඔවුන් එම වැඩසටහන නිර්මාණය කළේ, පර සුද්දන් විසින් හදපු ටෙලි වෘත්තාන්තයක් වුවත් එය හෙළයින් අතර ජනප්‍රිය වුණේ, රාවණ යුගයේ මුළු විශ්වයම ශිෂ්ටාචාර කළා වූ හෙළයින්ගේ ලේ වල සක්වල ගමන් තැන්පත්ව ඇති නිසයි. එම පුස්කොළපොතේ තිබුණ ආකාරයට සක්වල තරණය කරන රාවණා රජතුමාගේ දඬුමොණරය පහත ආකාරයටයි තිබී ඇත්තේ.
    (තුන් වන පින්තුරය බලන්න 03)


    ක්‍රිස්ටා ලෙස හැඳින්වූයේ රාවණ රජතුමාගේ ක්‍රිසත නම් දඬුමොණර යානයයි. ක්‍රි=ක්‍රියාමාර්ගය, සත=සත්වයන්ට. ඒ අනුව සත්වයින්ව වෙනත් චක්‍රාවාට වල පදිංචි කරවීම පිණිස ක්‍රියාමාර්ගයක් ගන්නා යානය "ක්‍රිසත" නම් විය.

    කීරිති අමරසේකර මහතා ඡායාරූපයට නගා ඇත්තේ The Christa (http://www.tvacres.com/spacecraft_chrysta.htm) නමින් Space Cases හි හැඳින්වූ සක්වල තරණය කිරීමට පවා හැකි මෙම දඬුමොණර යානයයි. "සක්වල දඟකාරයෝ" ටෙලිනාටයයේ ඔබ දු‍ටු ආකාරයෙන්ම එය විශාල කිරීමටත් කුඩා කිරීමටත් හැකි බවත්, එය අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී කුඩා කර ගමන් කළ බවත් ඔබට අළුතෙන් කීමට ඇවසි නැහැ.

    මේ ආකාරයෙන් බලද්දී රාවණ රජතුමා ගැන ඉතිහාසයෙන් මකා දැමීමට නොහැකි බවත්, රාවණා රජතුම නුදුරදීම නින්දෙන් මතු වී හෙළයේ මහ රජු වෙන බවත්, මෙම රාවණ තාක්ෂණයේ ආශ්චර්යයන් දැක මුළු විශ්වමය අප හෙළදිව දෙස මුව අයා බලා සිටින බවත් රහසක් නොවෙයි.

    “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."


    රිපොස්ට්න්ම් සොරි හොදේ, ගත්තේ බුකියෙන් :):)
     
    • Like
    Reactions: akilar25

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ මේ මොනවද බං කියන්නේ...ආයේ ඡන්දයක් එනවා කියලද මේ කියන්න යන්නේ... ආයේ නම් මොකෙක් වත් එපා.........
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    mona reddakda yako me? ahinsaka Rawana rajjuruwanta e minihage paduwe inda diyalla. boru pathuruwannathuwa Rawana gana niyama deval hoyapallako wada naththan.:growl::growl::growl: (EK sahota nowe. mewa net ekei paththarawalai dana unta kiwwe)
     

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    රාවණා Rulezzzz.

    :yes::yes:

    යකෝ මේ මොනවද බං කියන්නේ...ආයේ ඡන්දයක් එනවා කියලද මේ කියන්න යන්නේ... ආයේ නම් මොකෙක් වත් එපා.........

    :lol::lol::lol:

    කෙස් පැලෙන තර්ක :eek::eek:

    :eek::eek::eek:

    mona reddakda yako me? ahinsaka Rawana rajjuruwanta e minihage paduwe inda diyalla. boru pathuruwannathuwa Rawana gana niyama deval hoyapallako wada naththan.:growl::growl::growl: (EK sahota nowe. mewa net ekei paththarawalai dana unta kiwwe)

    යකෝ මම කියපු එකක් නෙවෙයි යකෝ මේක, මේ දවස් ටිකේම මේ ගැන පොස්ට් තිබ්බ නිසා දැකලා දැම්මේ හොයන උන්ට කියවන්න :sorry::sorry:

    rawana... :lol: lol ithn

    :nerd::nerd:

    කෙස් පැලෙන තර්ක :eek::eek:

    :yes::yes::yes:
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    යකෝ මම කියපු එකක් නෙවෙයි යකෝ මේක, මේ දවස් ටිකේම මේ ගැන පොස්ට් තිබ්බ නිසා දැකලා දැම්මේ හොයන උන්ට කියවන්න :sorry::sorry:

    mona reddakda yako me? ahinsaka Rawana rajjuruwanta e minihage paduwe inda diyalla. boru pathuruwannathuwa Rawana gana niyama deval hoyapallako wada naththan.:growl::growl::growl: (EK sahota nowe. mewa net ekei paththarawalai dana unta kiwwe)

    Saho waraddagenane :sorry::sorry: mama kiwwe mewage original dana untane. :sorry::sorry::sorry::sorry:
     

    camolinx

    Junior member
  • Apr 10, 2012
    56
    2
    8
    බලාගෙන හිටපල්ලා රාවණා රජ වෙනකන්.......ඒවකොහෙද අපේ මහින්ද මාම ඉන්නකන්..:frown::frown::frown:
     
    • Like
    Reactions: Honest-killer

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    rep+
    වර්ග පූර්ණිකාව බ්ලොග් එක දැම්මේ නැත්නම් මිරැන්ඩෝ ල සූරිය ගුණසේකරලා කියපු ටොන් පච මිනිස්සු විශ්වාසකරලා ඒවා විෂය නිර්දේශවල උගන්වන්නත් පටන් ගන්නවා
    රාවන මිත්‍යාවෙන් මිනිස්සුන්ව ගැලව ගත්තේ වර්ග පූර්නිකව