රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂ&#353

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණා උමග ගැන සීගිරිය අවටින් හමු වු සාක්ෂš

    48389823_360379844523092_1431393440184139776_n.jpg





    රාවණ යුගය ගැන අප දිගින් දිගටම කතා කළෙමු. රාවණ උමං තාක්ෂණය, ගුවන්යානා, න්‍යෂ්ටික බලය මෙන්ම රාවණගේ බලශක්ති කේන්ද්‍රය ආදී තොරතුරු පිළිබඳ නැවුම් තොරතුරු රැසක් අප ඔබ හමුවේ තැබුවෙමු. අප මේ වසර රාවණ වසර ලෙස නම් කරන්නට හේතු සාධක වූ විශේෂ කරුණු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් රාවණ ශක්තිය හෙළ පොළෝතලය පුරා ව්‍යාප්තවීමයි. දෙවැනි කරුණ රාවණ යුගයේ බොහෝ සම්පත් යළි පොළොව මතට පැමිණීමයි. අනෙක් කරුණ වනුයේ සැබෑ හෙළ තාරුණ්‍ය තුළ එක් එක් අයකුට වෙනස් හා ආවේණික ස්වරූපයන්ගෙන් අධි ශක්තීන් වර්ධනය වීමයි.අප රාවණගේ බලශක්ති කේන්ද්‍රය පිළිබඳ කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයක හමුවනු ඇතැයිද එමගින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිලි සාක්ෂි හමුවෙමින් පවතී. එහි පළමු සාක්ෂිය කළුගග ව්‍යාපෘතියට සමගාමි ප‍්‍රදේශයකින් හමුවී ඇත.

    ඒ න්‍යෂ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකි වනු ඇත. දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයෙන් අඩි දහතුනක් පොළව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. තවත් එක් තොරතුරක් එක්කළ යුතුව ඇත. බස්නාහිර හා වයඹ ප‍්‍රදේශයට අයත් එක්තරා පන්සලක පැරණි ළිඳක් තුළින් වූ උමගක තිබී රාවණ ද`ඩුමොණරයක කොටස් හමුවීමයි. මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්තන යුගයේ ස්වභාවයයි.අප හෙළ යුගයේ ජල තාක්ෂණ ක‍්‍රමවේදයන් පිළිබඳ කතා කිරීමට උත්සහ දරමු. ලංකාවේ ප‍්‍රධාන නගර විසිහතක් ආවරණය කෙරෙමින් ඉඳිවුණු උමං මාර්ග පද්ධතිය මෙන්ම ජල තාක්ෂණය භාවිත කරමින් ක‍්‍රියාත්මක වූ උමං පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතියි. මෙම උමං ප‍්‍රධාන වර්ග කිහිපයකි. ප්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප‍්‍රදේශයක් පෝෂණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය ඛෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ‘ගලීස්ස’ ලෙස හැඳින්වෙයි.

    ප‍්‍රවාහන කටයුතු උදෙසා ජල උමං – මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්ෂණය උපයෝගීකර ගනිමින් අධිවේගී ප‍්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප‍්‍රදේශය හරහා ඉඳිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය. මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර, බොහෝවිට පොළොවේ අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබුණි. මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන්ගගඟඅසල ලූණුගෙය නමින් ප‍්‍රසිද්ධ බිම්ගෙයක් දැකගත හැකිවෙයි.

    මෙම ස්ථානය රාවණ යුගයේ ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපොළකි. ගලිසි තොටුපොළක් යනු උමං ජල මාර්ග පද්ධතියක් ඔස්සේ ක‍්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පලකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයෙන් අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගය පිහිටි උමග වර්තමානයේදීද ශේෂ වෙමින් පවතියි.මෙම ජල උමගට එකල සුදුගග මුල්කරගනිමින් ජලය ඇතුළු කළ බව සිතිය හැකිය. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන් කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය.

    යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි. මෙහිදී ජලය තුළ ගමන් කළ හැකි (වර්තමාන කෝච්චිවල පෙනුමට සමාන) යානා විශේෂයක් මෙම උමං මාර්ගවල ගමන් කර ඇත.මෙම උමං මාර්ගවල ස්ථාන කිහිපයකින් දොරටු පිහිටා තිබුණි. ඒ හරහා ජල පීඩනය අවශ්‍ය දිශා වෙත යොමුකිරීමේ හැකියාව පැවතුණි. කඳුකරයේ සිට වර්තමාන යාපනය දෙසට ගමන් කිරීමට ජලයේ ගලායෑමේ වේගයට සමානව සුළු බලයක් ලබාදීමප‍්‍රමාණවත්ය. එහෙත් යළි පැමිණීම උදෙසා උපයෝගී කර ගනු ලැබුවේ මුහුදේ ජල පීඩනයයි. මේ සඳහා සුදු ගගෙන් ජලය ඇතුළුවන මාර්ග මෙන්ම අනෙකුත් පිටවීම් මාර්ගද වසා දැමුණි. මුහුදේ පීඩනය යොදාගනිමින් එයට සමානව යානයේ ඇතිකර ගනු ලබන සුළු බල ගැන්වීමක් හරහා කඳුකරයට යළි පැමිණීමට හැකියාව ලැඛෙයි.වර්තමානයේදීද මාතලේ අඹන් ගගේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. තාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්වැටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගම ආසන්නයේ පිහිටි පතුලක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේ ඇත්තේද එකම ජල සාන්ද්‍රණයකි.එකල වර්තමාන අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවති නීලගිරි දේශය හරහා මෙම ගලිසි මාර්ගය පැවතුණි. ප‍්‍රධාන ගලිසි තොටුපළක් නීලගිරියේ අභයවැව ආශ‍්‍රිතව පැවතුණේය. මාතලේ සිට රාවණ ඇල්ල දක්වා පවතින උමං මාර්ගය එහි දෙවැනි කොටසයි. මෙය දෙපසට ජලය ගෙන යා හැකි ලෙස නිර්මාණය කරන ලද ගලිසියකි. (ජල උමගකි) ප‍්‍රධාන දිසා දෙකට ජලය යොමු කළ හැකි ලෙස මෙම උමගේ දොරටු සවිකර තිබී ඇත. ඒ හරහා අවශ්‍ය විටෙක රාවණ ඇල්ලේ ජලය සුදුගග දෙසටත්, තවත් විටෙක සුදු ගගේ ජලය රාවණ ඇල්ල දෙසටත් හැරවිය හැකිවිණි. මේ හරහා මෙය ඉතා පහසු ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිවිය.

    තෙවැනි කොටස රාවණ ඇල්ලේ සිට යාල හතරවන කලාපයේ පිහිටි කුඹුක්කන් ඔය එකල මුහුදට වැටුණු ස්ථානයට ආසන්නයේ පිහිටි ගලිසි තොටුපළක් හා සම්බන්ධව පැවතියේය. මෙහිදීද භාවිත වූයේ මාතලේ හා නාවක්කන්නි ළිඳ අතර පැවති තාක්ෂණ ක‍්‍රමවේදයයි.වර්තමානයේදීද මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදුවුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත. එයට හේතුවූයේ වසර පන්දහසකට අධික කාලයක් තිස්සේ මේවා ටිකින් ටික මහපොළොවෙන් වැසී යෑමයි. අනෙක් ප‍්‍රබලම කාරණය වූයේ ලංකාපුරයේ භූමි ප‍්‍රමාණයෙන් දොළහෙන් එකොළහක් (11/12) විනාශ කරමින් රටට ගලා ආ මුහුද ගෙන ආ මහ වැලි කඳින් උමං මාර්ග වැසීයාමයි.උමං මාර්ගයන් ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වූ අධිවේගී ජලකර නැතහොත් ජල පීඩක යානාවලට අමතරව අභ්‍යන්තර ගංගා පද්ධතිය ආශ‍්‍රිතව ඉතා විශිෂ්ට ගමනාගමන පද්ධතියක් පැවති බවට ඇති හොඳම සාධකය බුදුහිමියන් ජල මාර්ගයක් දිගේ මහියංගනයට නැවකින් වැඩම කරවීමයි. එකල්හි වර්තමාන බෝට්ටුවලට වඩා වෙනස්, වඩා ආරක්‍ෂිත යාත‍්‍රා විශේෂයක් පැවතියේය. එය ජල මතුපිට මෙන්ම අවස්ථානුකූලව ජල අභ්‍යන්තරයේද ගමන්කිරීමේ හැකියාව පැවතියේය. එය පෙට්ටි 2 – 3ක වර්තමාන කෝච්චියක පෙනුමෙන් යුක්ත වූ මෙම ජලකර යාත‍්‍රාවල නම්‍යශීලි බවක් පැවතියේය. එබැවින් ඉතා පහසුවෙන් ජලමාර්ග හරහා ගමන්කිරීමේ පහසුවත් උමං ආශ‍්‍රිතව ගමන් කිරීමේදී වඩා නම්‍යශීලිවීමේ හැකියාව තිබේ.

    මාතලේ ආශ‍්‍රිතව අභ්‍යන්තර ගංගා පද්ධතියක් ඇති බවට ඈත අතීතයේ සිටම මතයක් පැවතිණි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමට යෝජනා වන්නේ අපේ හෙළ රාවණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකාදැමීමේ පරමාර්ථයෙන් යැයි පැවසුවහොත් එහි කිසිදු අතිශෝක්තියක් නැත. මන්ද අප හෙළ ලංකා පුරයේ මධ්‍ය ලක්ෂ්‍යය වූ නාලන්දා ගෙඩිගෙය පිහිටි බිමද මේ ජලාශයට යටවීමට නියමිතව පැවතුණි. පෙර රාවණ යුගයේදී මෙම ස්ථානයේ සූර්ය දෙවොලක් ඉදිකිරීම හරහා සිවු හෙළයටම ඇවැසි ශක්තිය ඒ හරහා උකහා ගැනීමට එකල පාලකයෝ උත්සුක වූහ. සූර්ය ශක්තිය යනු අග්නි ශක්තියයි. එසේනම් ලංකා පුරයේ මධ්‍යයේ ක‍්‍රියාත්මක වනුයේ ප‍්‍රබල අග්නි ශක්තියකි. එය විශ්ව නිර්මාණයට අදාළව සිතීමේදීද එය සත්‍යයක් බව පෙනීයයි. සෞරග‍්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ සූර්යයා සිටියි. පෘථිවිය මධ්‍යයේ ගිනිගෙන දැවෙන ලෝදිය ඇත. මෙලෙස බලන කල ලංකා පුරයේ මධ්‍ය ස්ථානයේ පවතිනුයේද අග්නි ශක්තියකි. එහෙත් අද පැරණි නාලන්දා ගෙඩිගෙය කැබලිවලට ගලවා අඩි 25-30ක් ඉහළට ගෙන මධ්‍ය මණ්ඩලයේ තුළ මහා ජලාශයක් ඉදි කළේය. යුරෝපීය සැලසුම වූයේ මධ්‍ය මණ්ඩලයේ අග්නි බලයටගගගගගප‍්‍රතිවිරෝධීත්වයක් ඇති කිරීමට හැකි මහා ජල ධාරිතාවක් එහි එක්රැස් කිරීමය.

    බෝවතැන්න ජලාශය එහි අවසන් ප‍්‍රතිඵලයයි.අපේ දේ පරසුද්දාට උගස් කළ අපේ පාලකයෝ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව අපේ උරුමයන් හාරා විනාශකර දමන්නට ඔවුනට ඉඩදුන්හ. අප මහා ඉහළින් වර්ණනා කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ස්ථානගත වූයේ අපේ රාවණ සාධක පැවති ස්ථානයන් කේන්ද්‍රගත වෙමිනි. එයට හේතුවූයේ එම සැලසුම් සියල්ලම යුරෝපා රටවල සකස්වුණු සැලසුම් වීමය. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියද මෙවැනිම ව්‍යාපෘතියකි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමෙන් මාතලේ ආශ‍්‍රිතව පැවති උමං පද්ධතිය දැඩි ලෙස විනාශ වීම සිදුවුණි. මෙයට අමතරව තෙල්දෙණිය ජලාශය ඉදිකිරීමේදීද පැරණි උමං ගුහා පද්ධතියක් සම්පූර්ණයෙන්ම කොන්ක‍්‍රීට් දමා වසා දැමුවේය. කොත්මලේ ජලාශයේ වැව් බැම්ම ඉදිකිරීමට හාරන ලද්දේද ප‍්‍රධාන උමං පද්ධතියක් බවට තොරතුරු පවතී. මේ අනුව බලන කල විදේශීය සැලසුම් බොහොමයක් සැකසී ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය මගින් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු පොළොව යට සැගවුණු හෙළ තාක්ෂණ ක‍්‍රමවේදයන් සොයා ගැනීම උදෙසා මිස අපට ඇති ආදරයකට නොවන බව පෙනී යයි. මෙවන් කැණීම්වලදී හමු වූ පැරණි ගලිසි තාක්ෂණයට අයත් වේළී, ජල උමං මිස වෙනත් කිසිදු ඓතිහාසික සාධකයක් මතුවීමට ඔවුන් ඉඩ තැබුවේ නැත. ඒ සියල්ල ඔවුන් වසා දැමුවේය.

    රාවණගේ ජල උයන් ආලකමන්දාව ඉතිහාසගත කරයි – අප හෙළ ගලිසි තාක්ෂණයට සාක්ෂි නැතැයි පැවසුවද සාක්ෂි අපට නොපෙනීම මිස නොමැතිවීමක් නැත. මාදුරු ඔය සංවර්ධනය කිරීමේදී හමුවූ සොරොව්ව ගලිසි සොරොව්වකි. ලාහුගල හැඩඔයේ තිබී හමුවූ ගල් අමුණට සමානම අමුණක් ඉන්කා ශිෂ්ටාචාරයෙන්ද හමුවිය. ඒ ගුවනින් ගිය සිංහ දේශයේ වැසියන්ගේ ඥානයයි.ජලය ගෙනයන උමං ප‍්‍රවාහන කටයුතුවලට අමතරව ජල හිගය හා බීමට සුදුසු ජලය නොපැවති ප්‍රදේශවලට ජලය ලබාදීම උදෙසා ක‍්‍රියාත්මක වූ විශේෂ උමං පද්ධතියක් එකල පැවතියේය. මෙම උමං පද්ධතිය එකල පැවති වරායන් වූ කුදිරමලේ, යාල, කේවෙන (යාපනය) ආශ‍්‍රිතව ව්‍යාප්තව පැවතියේය.කුදිරමලේ පිහිටි ගොන්ගේ විල තුළ වර්තමානයේදීද පිරිසුදු ජලය පවතියි.

    එසේම යාල මුහුදු සීමාවේ පිරිසුදු ජලය සහිත එක් ළිඳක් පවතියි. මේවා කාලයෙන් වැසී විනාශ වී ගොස් ඇති අතර, භාවිතයට අවශ්‍ය පිරිසුදු ජලය සැපයීම උදෙසා කඳුකරයේ සිට සකසන ලද උමං මාර්ග (ගලිසි) හරහා මෙම විල්වලට ජලය ලැබිණි. ජලය ගබඩා කිරීම උදෙසා විශේෂ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් නූතන ජල පෙරුම් තාක්ෂණයට සමාන වන අයුරින් පොළොව හාරා ගල් වැලි ආදී විවිධ ස්ථරයන් යොදමින් කෘති‍්‍රම විල් ගොඩනගා ඇත. මෙම විල් ගොඩනැගීමේදී විශේෂිත ක‍්‍රමවේද බොහොමයක් අනුගමනය කර ඇත. ජලයේ විෂ ස්වභාවයන් ඇතිවීම පාලනය කළ හැකි ‘මඩාර’ නම් විශේෂිත පස් මිශ‍්‍රණයක් භාවිත කරමින් විල්වල මතුපිට වැස්ම සකස් කිරීම හා ජලය ස්වභාවිකව පවිත‍්‍ර කළ හැකි මී, ඇටඹ, කුඹුක් වැනි ශාක ඒ වටා සිටුවීම කරනු ලබයි. එහිදී එම ශාකවල මුල්, ඇට, කොළ ජලය හා මිශ‍්‍රවීම හරහා ජලය පවිත්‍රවීම සිදුවිය.

    වර්තමානයේ ක්ලෝරීන් යෙදීම හරහා සිදුකරන දෙය මේවන් ක‍්‍රමවේද හරහා ඉතා සාර්ථකව ඉටුකරගත්තේය. වර්තමානයේදී ද රටපුරා දැඩි පාරිසරික තර්ජනයන් ඇතිවන අයුරින් ජලාශ ඉදිකර ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදවලට වඩා රාවණ යුගයේදී මෙන් වසර පුරාම ඇදහැළෙන දියඇළි ආශ‍්‍රිතව ඉදිකළ ජල උමං හරහා රටේ ඕනෑ තැනකට ජලය ගෙනයෑමේ ක‍්‍රමවේදයන් භාවිත කිරීම වඩා සුදුසුය. වර්තමානයේදී අපේ වරාය පද්ධති තුළින් නැව්වලට පිරිසුදු ජලය ලබාදීමෙන් පමණක් විශාල ආදායමක් උපයාගනු ලබයි. මෙය ඈත අතීතයේදී ද ක‍්‍රියාත්මක වූ අතර, ලොව පුරා ව්‍යාප්තව පැවති නාවික මාර්ගයන් බොහොමයක් ලංකාපුරය හරහා වැටී තිබුණි. එයට හේතු වූයේ එවකට ලංකාපුරය ලොව ප්‍රබල රාජ්‍යයක් වීමයි. විජය ලංකාවට පැමිණෙන්නේද පිරිසුදු ජලය සොයාගෙනය. අපේ රටවටා රාවණ යුගයේදී පැවති වරාය පද්ධතිය රාම රාවණ යුද්ධයේදී විනාශ වී ගියත් එය යළි ක‍්‍රියාත්මක වූ බවට ඇති හොඳම සාක්ෂිය විජයගේ පැමිණීම හා බුදුරජාණන්වහන්සේගේ පැමිණීමයි. වැව් අමුණු බැඳ ජලය රැස්කර ගොවිතැන් කිරීම අපට හුරුවූයේ විජයගේ පැමිණීමෙන් පසුව යැයි අපේ ඉතිහාසඥයෝ තලූ මරමින් පවසති. විජයගේ රටේවත් නැති වැව් අමුණු ඔහු මේ රටේ ඉදිකරන්නේ කෙලෙසකදැයි ඔවුන්ට නොවැටහෙන්නේ යුරෝපීය හැදෑරීම්වලින් ඔවුනගේ ඇස් බැඳ දමා ඇති නිසා විය යුතුය.

    කුඹුක්කන් ඔය රාවණ යුගයෙන් ශේෂ වී පැවති අවසන් අමුණයි. කුඹුක්කන් ඔය හරහා බඳින ලද අමුණක් උපයෝගී කර ගනිමින් වර්තමාන යාල, කුමන ප‍්‍රදේශයට අයත් රෝහණ දේශය සශ‍්‍රීක කිරීමට කුම්භකර්ණයන්ට හැකිවිය. කුම්භකර්ණ යනු රාවණගේ සොහොයුරකි. රාමායනගේ සඳහන් වන පරිදි එකදිගට මාස හයක් නිදියන ඔහු මුවන් හත්සියයක්, හාල් නැලි හත්සියයක් එකවර ගිල දමන මහා යකෙකි. මෙය සංකල්ප රූපයකි. රාවණ රාජ්‍යයේ කෘෂිකර්මය හා ආහාර සම්පාදනය භාරව පැවතියේ කුම්භකර්ණයන්ටය. මුවන් හත්සියයක් සහ හාල් නැලි හත්සියයක් කා මාස හයක් නිදාගැනීම යනු එක් කන්නයක් වැඩකර රැස්කරගන්නා ආහාරවලින් මාස හයක් රටේ ජනයාට කන්න දීමේ හැකියාව ඔහුගේ වගා ක‍්‍රමවේදයට පැවති බවය. වගා නොකරන මාස හය තුළදී පරිසර පද්ධතිය ස්වභාවික ලෙස වෙනස් වීමට අවස්ථාව සැලසීම ඔවුනගේ අපේක්ෂාවයි.

    කුඹුක්කන් ඔය අමුණ හරහා කුඹුරු අක්කර දහස් ගණනක් වගා කළේය. 1818 දී බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මෙම අමුණ පුපුරවා හැරීමට තීරණය කළේය. එයට හේතු වූයේ හෙළ ශක්තිය මෙම වාරි තාක්ෂණය හරහා වර්ධනය වීමයි. එකල වගාකළ දේ කල්තබාගැනීමේ ප‍්‍රබල ක‍්‍රම පැවතුණි (රාවණ කෘෂිකර්මය පිළිබඳ වෙනම ලිපියකින් මේ පිළිබඳ සාකච්ඡුා කරමු) මෙවන් වැදගත් මෙහෙයක් ඉටුකළ කුම්භකර්ණ නිදිකුම්බයකු බවට පත්කර ඔහු අලස බව හැඳින්වීමේ සංකේතය කළ ඉතිහාසය එය සූක්ෂ්ම ලෙස ඉදිරියට පවත්වාගෙන ඒමට සමත්විය.

    අලංකාරය උදෙසා ජල උමං – ජල උයන්, ජලමල් මෙන්ම සිසිල් කරන පද්ධති උදෙසා ජලය ගෙන යෑමට අධි පීඩනයක් සහිත ජල උමං භාවිතය බහුලව දැකගත හැකිවනුයේ ආලකමන්දාව ලෙස නම් කරන ලද සීගිරියේය. මෙය රාවණ රජුගේ පියා වූ විශ‍්‍රවස් මුණිගේ කාලය දක්වාම දිවෙයි. වෑවල ප‍්‍රදේශයේ පැවති විශාල වැවක් (අති විශාල වැව් මිරිය නදී ලෙස එකල හැඳින්වුණි) සිට උමං මාර්ගයෙන් සීගිරියට ජලය රැගෙන ඒම සිදුවිය. මේ සඳහා අඩි පහළොවක පමණ විශ්කම්භයක් සහිත උමගක් භාවිත කර ඇති අතර පුණිල තාක්ෂණයට සමාන ක‍්‍රමයක් අනුගමනය කරමින් වැව මධ්‍යයේ සිට මෙම ජල උමග (ගලිස්ස) ආරම්භ වී ඇත. එහිදී සිදුවනුයේ වැවේ ජලය දැඩි පීඩනය උපයෝගී කර ගනිමින් සීගිරිය මුදුනටම ගෙන යෑමයි. ජලමල්වලටද මෙම ක‍්‍රමයම භාවිත කර ඇති අතර එසේ රැගෙන එන ජල උමග ක‍්‍රමිකව කුඩා කිරීම හරහා පීඩනය වැඩි කර ජලය ඉහළට මලක් ලෙස විදීමට සැලැස්වීම මේ හරහා සිදුවෙයි.

    සීගිරියේ කඳු මුදුනේ පිහිටා තිබූ ගොඩනැගිලිවල බිත්ති අතර නිරන්තරව ජලය ගලායන අයුරින් සකසා තිබුණි. ඒ සඳහා ජලය ගෙන ගියේද ඉහත ක‍්‍රමයටමය. නිරන්තරව ජලය ගලායෑම හරහා නිවස තුළ සිසිලසක් ඇති කිරීමට එකල හෙළ නිර්මාණ ශිල්පීන් උත්සහ දැරුවේය. සීත මාලිගා සංකල්පය මෙන්ම නූතන වායු සමීකරණ පද්ධතිවල ආරම්භයද එය යැයි සිතිය හැකිය. වර්තමානයේදීද වරින් වර සීගිරියේ ජලමල් ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. ලංකාවේ සියලූ වැව් ගොඩවී හමාරය. මෙම උමං පද්ධති රොන්මඩවලින් වැසී ගොස් ඇත. එබැවින් මෙම ජල උයන් සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මකවීම සිදු නොවෙයි. මෙයට අමතරව වැසි ජලය ගලා එනවිට එම ජලය අධි පීඩනයක් ඇතිවන අයුරින් ක‍්‍රියාත්මක කරවීම නැතහොත් ගමන් කරවීමට සැලැස්වීම හරහා ක‍්‍රියාත්මක වන ජල මල්ද එකල නිර්මාණය වී පැවතුණි.එකල මිනිසුන් වැඩිපුර ගැවසුණු ස්ථානවල ඉදිකෙරුණ මූත‍්‍රා කිරීමේ ස්ථානයන්ද ජල පෙරුම් තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය වුණි. ඒ හරහා පස විසවීම වළක්වා ගැනීමට වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනීයයි.

    විවිධ ගල් පස් හා අගුරු ආදී සංඝටක භාවිත කිරීම හරහා පරිසරයට මූත‍්‍රා ටිකක් එක්නොකර පිරිසුදු ජලය ලෙස එය එක්කිරීමට වගබලා ගෙන ඇත. වර්තමාන ජලය පිරිසුදු කිරීමේ තාක්ෂණය පැරණි මූත‍්‍රා පෙරීමේ තාක්ෂණය ඉතා විශිෂ්ටය. අළුහුණු බඳුනකින් පසු බොරළු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක්, යළිත් අළුහුණු බඳුනක් ඉන්පසු බොරළු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක් හා අවසානයේ අගුරු පිරවූ මැටි බඳුනක් ලෙසින් මූත‍්‍ර කිරීමේ ගල යටින් ස්ථර කිහිපයක් පොළොව තුළ සකසා තිබුණි. අවසානයේදී පොළොවට එක් වන්නේ යූරියා සාන්ද්‍රණයක් වෙනුවට පිරිසුදු ජලයයි. මෙය ලොව කිසිම රටක දැකගත නොහැක්කකි. අපේ හෙළයෝ මාතෘ භූමියට එතරම්ම ආදරය කළෝ වූහ.

    අනුරාධපුරය, සීගිරිය, මාතලේ, රිටිගල, නාවක්කන්නි, යාපනේ ඖෂධ පොකුණ කුදිරමලේ, කොත්මලේ හා යාල ප‍්‍රදේශවල අදත් මෙම ගලිසි (භූගත ජල උමං) පිළිබඳ තොරතුරු සජීවීව දැකබලාගත හැකිවෙයි. දෙහිවල ප‍්‍රදේශයේ පිහිටි ගල්කිස්ස ද එවැනි ගලිස්සක් පිහිටි ස්ථානයක් වීමටද ඉඩ ඇත. එහෙත් මේ පිළිබඳ විදිමත්ව සොයා බැලිය යුතුව ඇත. පැරණි හෙළ වේළි තාක්ෂණය නැතහොත් බන්දර තාක්ෂණය ගැනද අප ඉදිරියේදී අවබෝධ කර ගැනීමට උත්සහ දරමු. වර්තමානයේදී සිදුවනුයේ වැව් තැනීමක්ද වැනසීමක්ද යන්න ඒ හරහා අපට අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.පුලතිසි ඍෂිගේ නගරය වූ පොළොන්නරුවද මෙම ජල තාක්ෂණ ක‍්‍රමවේදය උපරිම ලෙස උපයෝගී කරගත් නගරයකි. පුලතිසි යුගයේදී මෙන්ම පරාක‍්‍රමබාහු යුගයේදීද මෙම හෙළ වාරි ක‍්‍රමවේද උපරිම ලෙසින් ක‍්‍රියාත්මක විය. එයට බලපෑ ප‍්‍රධාන හේතුව වූයේ පරාක‍්‍රමබාහු රජුගේ ප‍්‍රධාන පුරෝහිතයා යක්ඛ ගෝත‍්‍රිකයකු වීමත් යක්ඛ ගෝත‍්‍රිකයන් උපරිම ලෙස පරාක‍්‍රමබාහු රජුට සහය දැක්වීමත්ය.

    පොළොන්නරුව නගරයට ජලය රැගෙන ඒමටද ජල පීඩන තාක්ෂණය භාවිත කර ඇති බව පෙනීයයි. නගරයට පහළ මට්ටමින් වැව පිහිටා තිබියදීත් වැවේ සිට නගරයට එලා ඇති මැටි හා ගල් නළ තුළින් ජලය ගලා ඒමට නම් අනිවාර්යයෙන්ම ජල පීඩනය උපයෝගී කරගත යුතුවෙයි. අනෙක් කරුණ වනුයේ මෙසේ රැගෙන එන ජලය ඉතා ක‍්‍රමානුකූලව නළ හරහා එක් එක් ගොඩනැගිලි වෙත යොමු කිරීමයි. පිරිසුදු ජලය රැගෙන ඒම මෙන්ම හෙළ ජල තාක්ෂණය තුළ හෙළයා ජල කළමනාකරණයටද මුල්තැන දුන්නේය. එයට ඇති හොඳම සාක්ෂිය නම් පොළොන්නරුවෙන් හමුවන වැසිකිළිවළවල් තුළ මැටි වළලූ බස්සවා තිබීමයි. එනම් අනෙක් කරුණ වනුයේ හෙළයන් ජලය සඳහා සෑණි වළවල්ද ඉතා ගැඹුරු හා විධිමත් ක‍්‍රමවේදයකට සකසා ඇති බවද පෙනීයයි. පොළොන්නරුවේ මෙම ජල තාක්ෂණය මතුකරගෙන ඇතත් වැව ගොඩවීම හේතුවෙන් ඒවා ක‍්‍රියාත්මක නොවෙයි. අනුරාධපුර ඇතුළු නුවරින් සොයාගත් පැරණි නගරය මතු කරගතහොත් මෙයට වඩා බොහෝ සාධක හමුවනු ඇතැයි අපි සිතමු.හෙළ ඉතිහාසයට ඕනෑතරම් සාක්ෂි හා සාධක අප පොළොව තුළම දක්නට ඇත. එහෙත් බහුතරයක් වූ උගතුන් සාධක හා සාක්ෂි සොයනුයේ කවුරුන් හෝ ලියන ලද පොතක් තුළිනි. අප ඉතිහාසය ගැන කතාකරන විට මූලාශ‍්‍ර ග‍්‍රන්ථ හෝ සාක්ෂි ඉල්ලා සිටින්නේ එබැවිනි. එහෙත් අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ‍්‍ර ග‍්‍රන්ථ අවශ්‍ය නැත. මක්නිසාද අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත‍්‍රභාවය පිළිගන්නට මූලාශ‍්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි.
    උපුටා ගත්තකි


    රෙප් ඔනි :)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    1. ගලිස යන වචනය හැදුන හැටි පැහැදිලි කිරීම වටිනවා. ගලි යන්න අපි ගලියක් හෙවත් ජලය ගලායන මාර්ගයක් බටයක් හැඳින්වීමට යොදන වචනයකි ගලිය + සිංහල = ගලිස යනු හෙළ වචනයකි.




    2. පේන විදිහට යුරෝපයේ නොදියුණු පර සුද්දන් අපේ හෙළ රාවණ තාක්ෂනය සහ ඒ විශ්වකර්ම නිර්මාණ හිතාමතා යටපත් කර සැඟවීමට පසු කාලීනව කල සංවර්ධන වියප්ති වලදී සිදු විය. එයින් ගම්‍ය වනුයේ අපිටත් කලින් රාවණයන් ගැන පර සුද්දන් දන සිටී බවය.




    3. හමුවූ රාවණයන්ගේ දඬුමොනරේ කොටස් වහා හමුදා ආරක්ෂාව යොදවා ආරක්ෂා කල යුතුව ඇත. දැනටමත් CIA වැනි සංවිධාන මෙම කොටස් සොරකම් කිරීමට මාන බලනවා විය හැක. මෙවැනි තොරතුරු සමජ මාද්‍ය වල පල නොකිරීමට පාලකයන් වගබලා ගත යුතුය.
     

    blue_in_rio

    Well-known member
  • 1. ගලිස යන වචනය හැදුන හැටි පැහැදිලි කිරීම වටිනවා. ගලි යන්න අපි ගලියක් හෙවත් ජලය ගලායන මාර්ගයක් බටයක් හැඳින්වීමට යොදන වචනයකි ගලිය + සිංහල = ගලිස යනු හෙළ වචනයකි.




    2. පේන විදිහට යුරෝපයේ නොදියුණු පර සුද්දන් අපේ හෙළ රාවණ තාක්ෂනය සහ ඒ විශ්වකර්ම නිර්මාණ හිතාමතා යටපත් කර සැඟවීමට පසු කාලීනව කල සංවර්ධන වියප්ති වලදී සිදු විය. එයින් ගම්‍ය වනුයේ අපිටත් කලින් රාවණයන් ගැන පර සුද්දන් දන සිටී බවය.




    3. හමුවූ රාවණයන්ගේ දඬුමොනරේ කොටස් වහා හමුදා ආරක්ෂාව යොදවා ආරක්ෂා කල යුතුව ඇත. දැනටමත් CIA වැනි සංවිධාන මෙම කොටස් සොරකම් කිරීමට මාන බලනවා විය හැක. මෙවැනි තොරතුරු සමජ මාද්‍ය වල පල නොකිරීමට පාලකයන් වගබලා ගත යුතුය.


    :shocked::shocked: Tahike bro
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ochchara tec ekak thibila ay machan oya tec gana ape kauruwath danne naththe?
    Aduma gane wayasak siyala achchila wath dana ganna onene.

    Kohomada unath rawana aye awa nam hari bn.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ochchara tec ekak thibila ay machan oya tec gana ape kauruwath danne naththe?
    Aduma gane wayasak siyala achchila wath dana ganna onene.

    Kohomada unath rawana aye awa nam hari bn.

    රාවණාට පස්සේ මේ දූපතේ ලොකු විනාශයක් වුනා .මුහුදු ගොඩ ගැලීමක් වෙන්නත් පුලුවන් .මද්යම කදුකරයේ තියෙන්නේ ගොඩක් භූගත මාලිගා..ඔය වගේ දේවල් නිසා තමයි මේ ශිෂ්ටාචාරේ යටපත් වුනේ..බුදුදහමත් හේතුවක් වුනා . ඉන්දියානුවන් රාමායනය ආගමක් වගේ අදහන නිසා ඉන්දියාවේ තියන රාවණාට පිලිගෑනීම මෙහෙ නෑ .වික්ටොරියානු කලුසුද්දෝ රාවණා ගෑන හොයන්නේ නෑ .රාජ් සෝමදේව මෙවන් සැගවුනු තැන් සෙවීමට ඉදිරිපත් වුනත් ආණ්ඩුව කෑනීම් බලපත්‍රයත් අහෝසි කලා . කේම්බ්‍රිජ්,ඔක්ස්ෆඩ් එකෙන්ම එන්න ඔනි ඉතින් මෙහෙ ඉන්න වහල්ලුන්ට පිලිගන්ට...:lol:
     
    • Like
    Reactions: KPZ

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    රාවණාට පස්සේ මේ දූපතේ ලොකු විනාශයක් වුනා .මුහුදු ගොඩ ගැලීමක් වෙන්නත් පුලුවන් .මද්යම කදුකරයේ තියෙන්නේ ගොඩක් භූගත මාලිගා..ඔය වගේ දේවල් නිසා තමයි මේ ශිෂ්ටාචාරේ යටපත් වුනේ..බුදුදහමත් හේතුවක් වුනා . ඉන්දියානුවන් රාමායනය ආගමක් වගේ අදහන නිසා ඉන්දියාවේ තියන රාවණාට පිලිගෑනීම මෙහෙ නෑ .වික්ටොරියානු කලුසුද්දෝ රාවණා ගෑන හොයන්නේ නෑ .රාජ් සෝමදේව මෙවන් සැගවුනු තැන් සෙවීමට ඉදිරිපත් වුනත් ආණ්ඩුව කෑනීම් බලපත්‍රයත් අහෝසි කලා . කේම්බ්‍රිජ්,ඔක්ස්ෆඩ් එකෙන්ම එන්න ඔනි ඉතින් මෙහෙ ඉන්න වහල්ලුන්ට පිලිගන්ට...:lol:


    :yes: මිහිඳු ඇවිල්ල ලංකාවේ මිනිස්සු එයාගේ ආගමට හරවල අව්රුදු 5000 ක රාවණ ශිෂ්ටාචාරය විනාශ කරා



    දැන් සිංහලුන්ට තියෙන්නේ එදායින් පස්සේ එන 2500 ක ෆේල් උන ශිෂ්ටාචාරයක්