රාවණා පැමිනියේ තාරකා දොර‍ටුවෙන්ද?

sweets

Banned
Jul 2, 2011
297
160
0
රාවණා පැමිනියේ තාරකා දොර‍ටුවෙන්ද?

The Star Gate 03/18/2011
0 Comments


gate.gif
gate.gif
gate.gif
gate.gif


මෙම සටහන කියවීමට පෙර ,මීට පෙර ලියා ඇති සටහන කියවීම වැදගත් වෙනවා.සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජු සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් දැන ගත්තෙමු.එසේ නම් මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විය යුතුය. ඒ බව දැනටමත් සනාථ වෙමින් පවතිනවා.පෙර කී මිසර,සුමේරියන්,බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බව සනාථ වී ඇත.මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබද හෙළි වේ.මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී(අහසින් පැමිණි දෙව්වරුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි.මෙව්වා එකිනෙකට සම්බන්ධ කර දැක්විය හැක.අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට ,අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ.ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.


2124154.jpg



මේ හැරුනු කොට මුලු ලෝකය පුරාවටම තවත් "සක්වල දොරටු" කිහිපයක් සොයා ගෙන තිබෙනවා.එව්වායින්ද වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වීම පුදුම සහගත වේ.මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි.එහි ඇති "තාරකා දොරටුව" මීට වඩා විශාල වූ එකකි.නමුත් මෙතෙක් ලෝකය පුරාවටම සොයා ගත් තාරකා දොරටු අතරින්, අක්ෂර සහ රූප වැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙනි.අප රටට අයත් තාරකා දොරටුව අනුරාධපුරයේ ,ඉසුරුමුණිය විහාරය අසල ඇති "රන්මසු උයන" තුළ දක්නට ලැබේ.
3582094.jpg



දැනට පවතින "රාවණා" ඉතිහාස කතාව අනුව මෙය ඉදි කර ඇත්තේ රාවණා රජුගේ පියා වූ "වෙස්සවන" (වෙශ්‍රවණ ) විසිනි.එම නිසා පසුව රජ පැමිණි රාවණාට ,මෙයින් විශාල ප්‍රයෝජනයක් ගන්නට ඇතැයි සිතිය හැක.මොකක්ද මේ තාරකා දොරටුව කියන්නේ? ඔබ The Stargate , Night At The Museum 2 ,Sinhaawalokanaya,Spellbinder වැනි චිත්‍රපට බලලා තියෙනවා නම් මේ පිළිබදව දැනටමත් හදුනාගෙන අවසන් කියා සිතනවා.
question_mark_animated.gif
question_mark_animated.gif
question_mark_animated.gif
question_mark_animated.gif
question_mark_animated.gif
question_mark_animated.gif


දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති අක්ෂර සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්‍රාවටයක ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,ග්‍රහලෝක කිහිපයක් කරා යා හැකි සිතියමකි.කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ගය හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයයි.එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක.
9680630.gif


විද්වත් මත අනුව මෙම සිතියම සටහන් කර ඇත්තේ දොරකය.එනම් මෙම ගල විවෘත කළ හැකි තත්වයක අතීතයේ තිබී ඇත.මෙම දොරටුව විවෘත වූ විට එහි ඇතුළත ඇත්තේ කුමක් විය හැකි ද? මෙයටද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරිනුත් ප්‍රසිද්ධ මත 2කි.

1.වෙනත් චක්‍රාවාටයක ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,වෙනත් ග්‍රහලොවකට ඇතුල් විය හැක.

2.වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් විය හැක (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්)

9220310.jpg


1 වන කරුණ සත්‍යක් නම් ;
තාරකා දොරටුව යනු එක් ග්‍රහලොවක සිට තවත් ග්‍රහ ලොවකට ඇසිල්ලකින් පිවිසිය හැකි මාධ්‍යයකි.එය සිදු වන්නේ ඇසි පිය ගසන වේගයකිනි. පියවි ඇසට ගෝචර නොවේ.තාරකා දොරටුවෙන් මෙපිට තව ලෝකයකි.එපිට තවත් ලෝකයකි.මෙපිට සිට එපිටට පනින ඇසිල්ලෙන් අලුත් ලෝකයකට පිවිසිය හැක.ඇතැම් විට එම ග්‍රහ ලෝක වලද මෙවැනිම දොරටු තිබිය හැක.ඔවුන් මෙපිටට පැමිණ අපට දැවැන්ත තාක්ෂණයක් ලබා දෙන්නට ඇත.මිසර ශිෂ්ටාචාරයේ දැවැන්ත පිරමීඩ් එසේ මෙසේ මිනිසෙකුට ඉදි කළ නොහැක.එමෙන්ම මිසර පිරමීඩ් වල ඇති පිටසක්වල ජීවින්ගේ හා හදුනා නොගත් පියාසර වස්තු වල සිතුවම් නිසාද මෙම මතය වඩාත් කැපී පෙනේ.

1037455.jpg


2 වන කරුණ සත්‍යක් නම් ;
මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරමින්,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගෙන ඇත.

*උදා ;-
අහසින් පැමිණි සින්හ මිනිසුන් - බැබිලෝනියන් මැටි පුවරු {සීගිරිය පිළිබද ඇති සටහන කියවන්න}

කෙසේ හෝ මෙම මත පිළිගැනීම සහ පිළිනොගැනීම ඔබට භාරයි.

5150035.jpg



3754108.jpg



7190021.jpg



2448165.jpg




 

sweets

Banned
Jul 2, 2011
297
160
0
පහත ඇත්තේ පේරු සහ ඊජිප්තු යන රටවල තාරකා දොරටුය.අන්තර්ජාලය පුරාවටම මේවා පිළිබදවද පින්තූර සහ කරුණු ඇත.ඒවාද අධ්‍යනය කරන්න.
9354205.jpg
පේරු රාජ්‍යයේ තාරකා දොරටුව


9992421.jpg
මිසරයට අයත් විශාල තාරකා දොරටුව (ආකෘතියක් - චිත්‍රපටයක් ඇසුරෙන්)


3925888.jpg
මිසරයේ තාරකා දොරටු අතරින් එක් තාරකා දොරටුවක් {කුඩා ය}


ලක්දිව තාරකා දොරටුව පිළිබද අධ්‍යනය කරන විට මහා රාවණයනෙගි බල පරාක්‍රමය සක්වල කරා දිව යන බව පැහැදිලි වේ. රාවනා යුගයට අදාළ නොවුනද තවත් කරුණක් දෙකක් කිව යුතුය. වෙස්සවන රජ දවස ඉදි කළ අප රටේ තාරකා දොරටුව තවමත් සුරක්ෂිතව පවතියි.ඇතැම් විට රාවනා රජුගේ "දඩුමොනරය"ද පිටසක්වලින් ලැබුනු එකක් විය හැක.පෙර කීවා සේම "තාරකා දොරටුව" පිහිටියේ අනුරපුර ,ඉසුරුමුනි විහාරය අභියස ඇති රන්මසු උයනේ නිසා මෙය අනුරාධපුර රාජධානියේ රජවරුද භාවිත කළා විය හැක (මගේ මතය ) උදාහරණයක් ලෙස දුටුගැමුණු සමය ගනිමු.
378381105.jpg



මෙවැනි දැවැන්ත නිර්මාණයක් එතරම් පැරණි යුගයක එසේ මෙසේ මිනිසෙකුට කළ නොහැක.එවන් තාක්ෂණයකට වර්තමානයේ පවා අපට ළගා විය නොහැක.දැවැන්ත යුද්ධයක් නිම වී ඉතා කෙටි කාල සීමාවක මෙම සෑයේ වැඩ ඇරබිනි.දුටුගැමුණු අනුරපුරය ගොඩ නගන විට දෙවියන් හා සමාසනයේ සිට සාකච්ඡා කර ඇති බවත්,එදා විද්‍යා දැනුම ලබා ගැනීමට රහස් සන්විධානයක් තිබූ බවත් ඇතැම් පොත් පත් වල ඇත.රුවන්වැලි සෑය වැනි දැවැන්ත නිර්මාණයක් ක්‍රමානුකූලව ඉදි කිරීමද අසීරුය.මෙහි සැලසුම රජුට දෙවියන් විසින් තිළිණ කර ඇති බවද සදහන් වේ? අහසින් පැමිණෙන ඕනෑම ජීවියෙක් පැරැන්නන් දෙවියන් ලෙස හැදින් වූහ (වෙනත් රටව ශිෂ්ටාචාරවල පවා) දෙවියන්ට අමතරව "දේව" නමින් පැරැන්නෝ වෙනත් අසාමාන්‍යය ජීවින් පිරිසක්ද හදුන්වා ඇත.රුවන්වැලි සෑය විවෘත කරන විට වෙනත් වෙනත් ලෝක වලින් විවිධ වර්ගයේ ,විවිධ පෙනුමෙන් යුක්ත ජීවින් පැමිණි බව මහා වoශය පවා පවසයි.එවැනි දැවැන්ත නිර්මාණ කිරීමට දේශීය අමු ද්‍රව්‍ය සහ විද්‍යාවන් ඉක්මවා යා යුතුය.රුවන්වැලිය සෑදීමට රජුට අමු ද්‍රව්‍ය ලැබුණු ආකාරයද පුදුම සහගතය.දිවයිනේ නොයෙක් නොයෙක් පලාත් වල සෑයට අවශ්‍ය රන්,රිදී,මුතු,මැනික් දහස් ගණනක් ,එකවර ,ඉබේ පහළ වී ඇත. එමෙන්ම ජේතවනය,රුවන් වැලිය සහ මිරිසවැටිය යන මහා දාගැබ් ත්‍රිත්වය පිහිටා ඇත්තේද මිසරයේ මහා පිරමීඩ ත්‍රිත්වය පිහිටි රටාව අනුවමය.

මෙම මාතෘකා 2ක "YOUTUBE" එකේ ගසා ,ඊට අදාළ වීඩියෝ දර්ශන 2 බලන්න.

* විශ්ව සියපත Cosmic Lotus -part 1

* විශ්ව සියපත- Cosmic Lotus - part 2

මෙම වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ඔබට යම්කිසි නිගමනයකට ඒමට සිදු වේ. එහි සාරාoශය මෙසේ වනු ඇත.


ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක්වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි.... ...මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළිදරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමුවලදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි... "පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..." මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....
2414229.jpg



එසේ නම් දුටුගැමුණු රජු සමග සබදතා පැවැත්වූයේද බුදුන් සරණ ගිය,බුදු දහම වැළදගත් පිටසක්වල ජීවින් පිරිසක් නම් ,ඔවුන් දුටුගැමුණු රජුගේ බුදු දහම නගා සිටුවීමේ හා වෙහෙර විහාර ඉදි කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දැක්වීම පුදුමයට පත් විය යුතු කරුණක්ද නොවන්නේ ය.
රුවන්වැලිය ගොඩ නැගීමේ වැඩ කටයුතු හෙළයන් විසින් සිදු කළත්,ඒ සදහා අවශ්‍ය වූ තාක්ෂණය ,"ඇතැම් විට" සක්වල ගල ආධාරයෙන් අපට ලැබෙන්නට ඇති ඉඩකඩ ඇත.ඒ බව පහතා ඡායාරූප වලින්ද පැහැදිලි වෙයි.

විශේෂ ස්තූතිය ;-
වරුන නිරෝශන කමලවන්ශ


1517575.jpg



7325670.jpg



6503236.jpg



4784174.jpg


කෙතරම් පුදුම සහගතද...???? රුවන්වැලි මහා සෑය යනු,අප සිතනවාටත් වඩා විශාල ස්තූපයකි.මෙම පුරුක ඔස්සේ ගිය විට එය තවත් පැහැදිලි වේ ;- http://www.youtube.com/watch?v=c14hOZA_cmA&feature=share
4175351.jpg



doctor_computer.gif
doctor_computer.gif
doctor_computer.gif
doctor_computer.gif
doctor_computer.gif

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
රාවනා රජ දවස ,පිටසක්වල යානා නවතා තැබුවේ මෙම ස්තානයේ බවද කිය වේ.
සමහරුන් රාවනා රජු යනු සාමාන්‍ය මිනිසෙකු නොවන බවත් පිටසක්වලින් පැමිණි වෙනත් පිටසක්වල ජීවියෙකු බවත් තරයේ ප්‍රකාශ කරයි.එසේම ඔහු නව නිපැයුම් ශිල්පියෙකු වූ බවත් මායා ,ඇස්ටෙක්ස්,ඊජිප්තුව සහ මැද පෙරදිග පාලනය කළ බවත් කියයි.එමෙන්ම රාවනයන්ට ශක්තිමත් තල දෙකකින් යුක්ත බූමරෑන්ග පවා තිබූ බවට වාර්තා වේ.තවත් පිරිසක් මොහු කාශ්‍යප බුදුන්ගේ කාලයේ කාශ්‍යප බුදුන් සරණ ගොස් මස් මාoශ අනුභවයෙන් තොර වූ බවත් කියයි.එසේම තවත් පිරිසක් මීට වෙනස්ම මතයක් ප්‍රකාශ කරයි. එනම් රාවණාගෙන් හෙවත් (අසුර / හෙළ ශිෂ්ටාචාරයෙන්) මිදීමට "සුර" නම් ශිෂ්ටාචාරයක් (රාමා ඇතුළු පිරිස ) රාවණාට එරෙහිව දැවැන්ත යුද්ධයක් ආරම්භ කර ඔහුව විනාශ කර දැමූ බවයි.මෙවැනිම කතාවක් ලෝක ඉතිහාසයේද ඇත.එහි ඇත්තේ මොවුන් පරමාණු යුද්ධයක් (
Nuclear War)ගෙන ගිය බවයි.රාවණාටද පරමාණු බලැති ,විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් මෙම කතාවන් 2ක් නොව 1ක් වන බවට උගතුන් සැක පහල කරති.
Wikipedia වැනි වෙබ් අඩවි මගින් මෙවැනි දේ පිලිබද අධ්‍යනය කරන්න.

0043.gif


 
Jun 27, 2011
330
38
0
WIKIPEDIA පාවිච්චි කරන්න එපා අපේ බුද්ධාගමට,ඉතිහාසයට සම්බන්ධ ඒවා බලන්න. ඒකේ තියෙන්නේ අමු බොරු,Edit කරපු හෑලි.
කඩේ කට ගිහිල්ලා හොද විශ්වාස කරන කෙනෙක් ලියපු පොතක් කියවනවා.Internet බහුතරයක් තියෙන්නේ බොරු බුද්ධාගමට,ඉතිහාසයට සම්බන්ධ. එක පැත්තකින් බටහිර එවුන් English වලින් ZEN බුද්ධාගමේ ඒවා,Christian එක්කක් එකතු කරලා තමන්ගේ මත දානවා,අනෙක් පැත්තෙක් බුද්ධාගමත් එක්ක තරහා අය බොරු පටවනවා. ඕවා ගොඩක් පේන්න තියෙන්නේ English Sites වල. about.com එක ගෑණියෙක් ලියලා තිබුන එකකට මම බැනලත් යැව්වා බොරු දාන්න එපා කියලා. :P (කුණුහරුපෙන්
7.gif
)
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    WIKIPEDIA පාවිච්චි කරන්න එපා අපේ බුද්ධාගමට,ඉතිහාසයට සම්බන්ධ ඒවා බලන්න. ඒකේ තියෙන්නේ අමු බොරු,Edit කරපු හෑලි.
    කඩේ කට ගිහිල්ලා හොද විශ්වාස කරන කෙනෙක් ලියපු පොතක් කියවනවා.Internet බහුතරයක් තියෙන්නේ බොරු බුද්ධාගමට,ඉතිහාසයට සම්බන්ධ. එක පැත්තකින් බටහිර එවුන් English වලින් ZEN බුද්ධාගමේ ඒවා,Christian එක්කක් එකතු කරලා තමන්ගේ මත දානවා,අනෙක් පැත්තෙක් බුද්ධාගමත් එක්ක තරහා අය බොරු පටවනවා. ඕවා ගොඩක් පේන්න තියෙන්නේ English Sites වල. about.com එක ගෑණියෙක් ලියලා තිබුන එකකට මම බැනලත් යැව්වා බොරු දාන්න එපා කියලා. :P (කුණුහරුපෙන්
    7.gif
    )


    ඇත්ත විකිපිඩියාව දැන් එක එක් එනාට ඔන විදිහට දැන් වෙනස් කරනවා
     

    palitha96

    Member
    Jul 12, 2008
    121
    0
    0
    mewage post dana aya atthatama godak watina aya degatama ,mewage post ekak danna godak mahansi wela thorathuru hoyanna ona apekama gana loketama kiyanna oyata dawasaka puluwan wae,,,,,,,good post ,,,
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    ම‍චෝ එකකිරි එකේ මම දැකපු එලම පෝස්ට් එක. මචං මේ ගැන අවබෝධයක් තියන උන්ට මේකෙ තේරුනත් ගොඩක් එවුන්ට තේරුමක් නෑ. උඹ දිගට‍ම මේ ගැන හොයපන්, විස්තර ඔක්කොම පොස්ට් කරපන්. පුළුවන් සපෝට් එකක් දෙන්නම්. rep+++++++++
     
    • Like
    Reactions: sweets

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මමත් Elakiri1 දැකපු හොඳම post1 මචං...
    Keep it up...we all are with you...
    එලම එල... :)