රාවණා-මිත්‍යාව
රාවණා මිත්‍යාව
මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා රජු පිළිබදව ලිපි මතුපිටින් බැළු විට විහිළුවක් හෝ මානසික රෝගයක් ඇති අය විසින් ලියන්නේදැයි හැඟුනත් ගැඹුරින් බැළුවිට අතීතකාමයේ ගිලී මනංකල්පිත ලෝකයක හෝ ඇත්ත තත්ත්වයෙන් ඔබ්බට සිතන්නට යන අයට මෙම ලිපිය ගෝචර වෙන්නේ යයි සිතමි.මේ ලිපියෙන් කිසිවිටක අපගේ හෙළ මුතුන්මිත්තන් අපහාසයට හෝ අවමානයකට හෝ හෑල්ලු කිරීමකට ලක්කිරිමට අදහස් නොකරන අතර යථාර්තය පිළිබදව යම් පණිවිඩයක් දීමට පමණක් අදහස් කරමි.
මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වන කරුණක් නම් රාවණා රජු පිළිබදවයි. අපගේ කුඩා කාලයේ මෙතරම් හාහුවක් මේ ගැන නොතිබුන අතර දැන් යුද්දයත් ඉවරවුන පසුව කතාකිරිම දෙයක් නැති කමටදෝ බොහෝ මෘධිත හා බ්ලොග් වැනි විද්‍යුත් මාධ්‍ය වලද රාවණා රජු පිළිබදව කතා කරනවා බොහෝ විට දැකිය හැකිය. අප සාමාන්‍යයෙන් දන්නේ රාවණ නමින් ඉතා ඈත අතීතයේ ලක්දිව රජකම් කළ බවත් ඔහු සතුව දඬුමොනරය නම් ගුවනින් ගමන් කළ හැකි යානාවක් තිබූ බවත්, එම යානයෙන් ඉන්දියාවට ගොස් එහි සිටි රාම කුමරුගේ බිරිය වූ සීතා කුමරිය පැහැරගෙනවුත්, අඩම්තේට්ටම් කිසිවක් නොකර රඳවා ගෙන සිටි බවත්, ඉන්පසු හනුමා නම් දැවැන්ත වදුරු රාජයා මෙරටට පැමිණ මහත් අලකලංචියක් කොට ගිය පසුව දැවැන්ත හමුදාවක්ද රැගෙන පැමිණෙන රාම කුමරු හා යුද්දයෙන් රාවණා රජු පැරදුන බවත්ය.
බොහෝ දෙනා විශ්වාස කරන්නේ රාවණා යනු මීට වසර දහස් ගණනකට පෙර ලංකාව පාලනය කල බලවත් රජෙකු බවයි. පොළොව දිගේ යාමට වාහන නිපදවා නොමැති කාලයක හෝ අඩුම තරමේ රෝදයක්වත් නිපදවා නොමැති කලක රවණා රජතුමා අහසින් යන්න අහස් යන්තර තැනුවේ යයි බොහේ රවණා ලෝලීහු උදම් අනති. ඊට අමතරව නාමික බෞද්ධ තාලිබාන් පිරිස් ද රාවණා නම පට බැඳගෙන අර බල සේනා මේ බල සේනා නිර්මාණය කරගෙන ඩෙගා නටයි. අඩුම තරමේ මේ බලකයවල් රවණා සාහිත්‍ය පවා කියවා ඇතිදැයි සැක සිතේ. රාවණා යනු හුදෙක් මනංකල්පිත චරිතයකි තවද අහසින් යන්න වාහන තැනීම අමුලික බොරුවකි. හැකිනම් ඔය රාවණා ලෝලීන්ට කියන්න දඬුමොනරයකින් ගමන් ගත්තා යයි සාක්ෂි ගෙන හැර දක්වන්න කියා. අද වෙන තුරු ඉදිකටු තුඩක ප්‍රමනයකවත් මේ සඳ සාක්ෂියක් නොමැත.
සීතාඑළිය, දොළුකන්ද, රූමස්සල කන්ද, වාරියපොල වැනි ස්ථාන අදටත් ඒවාට සාක්ෂි දරන බවට බොහෝ පිරිස් විශ්වාස කරන අතර තවත් අය පවසන්නේ රාවනා පුවත සත්‍යයක් නම් පොළව උසුලාගන සිටි බවට පැරණි මිත්‍යා කතා වල සඳහන් ඇට්ලස් යෝධයාගේ පුවතද සත්‍යයක් වියයුතු බවයි
හෑගොඩ විපස්‌සි හිමියන් සඳහන් කරන ආකාරයට මෙම වකවානුවේ රාවණා රජ කෙනකු ගැන නිතර කතාබහට ලක්‌වනු පෙනේ. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති, මේ රට පාලනය කළ, දඬුමොනර හදපු එපමණක් නොව චෛත්‍ය පවා ඉදිකළ බව කියන රාවණා රජ කෙනකු ගැන මෙසේ උලුප්පා දක්‌වමින් ඇතැමුන් විවිධ ප්‍රකාශ නිකුත් කරනු ද දැකිය හැකිය.
ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවද සලකා බැලීමේදී අනුරාධපුර යුගයේ මෙන්ම පොළොන්නරු යුගයේද රාවණා රජෙකු ගැන කිසිදු සඳහනක් නැත. ශිලා ලේඛනයක් හෝ සොයා ගැනීමට නැත.
දඹදෙනි යුගයේදී මිථ්‍යා කතා ලෙස මෙම "රාවණා" පුරාවෘත්තය බුදු දහමේ සාකච්ඡා කෙරෙන්නේද මිථ්‍යා කතා ලෙසයි. දීපවංශය, මහාවංශය, අට්‌ට කතා ආදී කිසිදු ඉතිහාස ග්‍රන්ථයක මෙම රාවණා ගැන කිසිදු සඳහනක් නැත. එසේ නම් අප සොයා බැලිය යුත්තේ මෙම මිථ්‍යාව සාකච්ඡා කෙරෙන්නේ කවර පදනමක් මතද යන්නයි.
එය හුදෙක් අපගේ බෞද්ධ පදනම සුනු විසුනු කිරීම සඳහා ගොතන ලද බොරුවක් බව මෙහිදී අවධාරණය කළ යුතුය. තව වසර ගණනකින් හින්දු - බෞද්ධ ගැටුමක් නිර්මාණය කිරීමේ අන්තවාදී වුවමනාව මේ තුළ ගැබ්ව පවති. එම නිසා මෙම රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කළ යුතු කාලය දැන් එළඹ තිබේ. මීට හුදු විරෝaධය දැක්‌වීමෙන් පමණක් පලක් නැත. මෙම රාවණා මිථ්‍යාව පැතිරීමට බලපෑ හේතු සාධක ගැඹුරින් විමර්ශනය කොට පරීක්‍ෂණ පවත්වා මෙම මිථ්‍යාසහගත වැරැදි ඉතිහාසය ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කළ යුතු කාලයයි මේ.
රාවනා කෙනෙක් හිටියේ නෑ- එල්ලාවල මේධානන්ද හිමියන්
රාමායනයේ හා මහා භාරතයේ "ලංකා" නම් වූ සඳහනක් තියනවා. නමුත් ඒ ලංකා කියලා සඳහන් වෙන්නේ අපේ ලංකාව නෙවෙයි. වෙනත් දූපතක් ගැන පටලවාගන මේ සංකල්පයක් හදාගන තියෙන්නේ.
රාවනා නම් රජ කෙනෙක් ලංකාවේ හිටියේ නෑ. රාවනා පුවත සනාථ කිරීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් හමුවෙලා නෑ. ඒ නිසා එය ජනප්‍රවාදයක් පමණයි.
ඉන්දියාවේ සිට ආර්යයන් මෙරටට පැමින ඇත්තේ වයඹ දිග ඉන්දියාවෙන් මිස දකුණු ඉන්දියාවෙන් නෙවෙයි. මෙරටට පැමිණි ආර්යයන් තමන්ගේ දෙවි දේවතාවුන්ට වැඳුම් පිදුම් කලත් ඒවා හින්දු කෝවිල් ලෙස සඳහන් කළ නොහැකියි. විජය, පණ්ඩුකාභය හෝ දේවානම්පියතිස්ස යන රජවරු කිසි දිනෙක හින්දු ආගම ඇදහූ බවට සාධක හමුවන්නේ නෑ
අපි අති විශාල ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකිකයින් හැටියට මේ මිත්‍යා විශවාස තව තවත් අපේ දරුවන්ට ඉගැන් වියයුතු ද? මොහොතක් සිතා බලන්න.

Last edited:

matath e wagee ban sinhala kotanna try ekak dennam 