රාවණා යුගයේ උමගක් මතුවෙයි

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    රාවණා යුගයේ උමගක් මතුවෙයි

    485776_214840701952740_205797516190392_253333_892856306_n.jpg

    සීගිරිය අලූත්යාය ප‍්‍රදේශයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑබද ප‍්‍රදේශයක පිහිටා ඇති සුදු තිරුවානා කන්දකින් රාවණා යුගයට අයත් බවට සැක සිතිය හැකි රහසිගත උමං මාර්ගයක් හමු වී තිබේ.

    පෞද්ගලික සමාගමක් විසින් කරන ලද කැණීමකදී අඩි 13ක් යටින් මෙම උමං මාර්ග මතු වී ඇත. රාවණා යුගයේදී සීගිරිය මෙරට පාලන මධ්‍යස්ථානයක්ව පැවති බවට සාධක වන නිසා මෙම උමං මාර්ගය රාවණා කතා ග‍්‍රන්ථයේ සඳහන් වන සීගිරියේ සිට ලග්ගලට දිව යන රහසිගත උමං මාර්ග විය හැකි යයි ඉතිහාසඥයෝ මත පල කරති.

    කාශ්‍යප රජ සමයේදීද වෑවල සිට සීගිරිය බලකොටුව වෙත උමං මාර්ගයකින් ජලය ගෙනගිය බවට ජනප‍්‍රවාදයක් පවතී. එකල සීගිරිය බලකොටුවේ ජලකර සැලැස්මකට අවශ්‍යව පැවති වැඩි පීඩනයෙන් යුතු ජල ධාරාවන්ද මෙවන් උමං මාර්ගයන්ගෙන් ලබා ගෙන තිබේ.

    Source : Internet
     
    • Like
    Reactions: Mr.Truth and Bender

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඉතිහාසෙ ගැන කතාකරන අපේ රටේ ඉන්න පණ්ඩිතයෝ (ත්‍රෙඩ් එක පටන්ගත්තු කෙනා නැමේය්)

    රාවනා කියල රජ කෙනෙක් ලංකාවෙ ජීවත්වෙල හිටියොත් එය මොන යුගයෙද හිටියෙ කියල ටිකක් පැහැදිලි කරොත් හොන්දයි.නිකම්ම නිකන් රාවන යුගය කියල කියන්නෙ නැතිව,

    මෙච්චරක් කල් රාවනාට උරුමකම් කියන්නෙතුව ඉන්දල දෙන් හිටපු ගමන් අවුරුද්දක් දෙකක් තිස්සේ රාවනාගේ ඇට කටු හොයන් ඉන්නවා!

    අපිට උගන්නපු ගුරුවරුනම් රාවනා කියන්නේ දෙමල, සහ ඉන්දියානුවන්ගේ මිත්යාවක් කියලයි කියලා දුන්නේ.

    තව ටික කලක් යනකොට රාවනා සිංහල වෙනවා.රාවනා කතා කරපු භාශාවත් සිංහල වෙනවා.අන්තිමට එයා ලංකාවෙ හිටපු බෞද්ද රජ කෙනෙක් කියලා කියන්න පටන්ගන්නවා.