රාවණ ඉතිහාසය

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාවද එසේමය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි. රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ 'හනුමාන්' නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින්ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් ගල්ලෙන් පහක සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපද්‍රිතව අපට දැකගැනීමට හැකිය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ රාගල සිට කිලෝමීටර් තුනක් පමණ දුරින්.

දුර්ලභ ඖෂධ වර්ග මෙන්ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬය. පාළුය. එතැන බෙහෙවින් ලිස්සන සුළුය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කඩාගෙන ගිහිල්ල තියෙනවා. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණයි.

මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්.

b2ap3_thumbnail_18_20131104-104541_1.jpg
 
  • Like
Reactions: lexieus

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රාවණා කියල කෙනෙක් හිටිය කියල රාමායනය ඇරෙන්න වෙන ලැබී ඇති ශාක්ෂි තිබේද ? :oo::oo:
    ගලිවර් හර්කියුලිස් වැනි අතීත කතන්දරත් ඔබතුමා විස්වාස කරනවද ? :confused::confused:

    • Like
    Reactions: lkqwd123

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    රාවණා කියල කෙනෙක් හිටිය කියල රාමායනය ඇරෙන්න වෙන ලැබී ඇති ශාක්ෂි තිබේද ? :oo::oo:
    ගලිවර් හර්කියුලිස් වැනි අතීත කතන්දරත් ඔබතුමා විස්වාස කරනවද ? :confused::confused:

    Well said :yes::yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    රාවණා කියල කෙනෙක් හිටිය කියල රාමායනය ඇරෙන්න වෙන ලැබී ඇති ශාක්ෂි තිබේද ? :oo::oo:
    ගලිවර් හර්කියුලිස් වැනි අතීත කතන්දරත් ඔබතුමා විස්වාස කරනවද ? :confused::confused:

    පුරාවිද්‍යා සාක්ෂි නම් ලැබිලා තියෙනවා නේද? ගලිවර් කියන්නේ ප්‍රබන්ධ කතාවක්නේ. හර්කියුලිස් නම් විශ්වාස කරන්න පුළුවන් අඩුම තරමේ එහෙම කෙනෙක් හිටියා කියලා ශක්තිමත් පුද්ගලයෙක්. :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පුරාවිද්‍යා සාක්ෂි නම් ලැබිලා තියෙනවා නේද? ගලිවර් කියන්නේ ප්‍රබන්ධ කතාවක්නේ. හර්කියුලිස් නම් විශ්වාස කරන්න පුළුවන් අඩුම තරමේ එහෙම කෙනෙක් හිටියා කියලා ශක්තිමත් පුද්ගලයෙක්. :yes:

    පුර විද්‍යාත්මක ශාක්ෂි ලැබිල තියනවනම් මෙතනට දාන්නකෝ අපිටත් දැන ගන්න ... රාමායනයේ එන නිසා කෝවිල් වල තියනවා ඇති සමහරවිට ..අත් දොළහයි මුණු දොළහයි කකුල් දොළහයි තියන රජ කෙනෙක්ගෙයි වදුරු රජ කෙනෙක්ගෙයි කතාවත් ගලිවර් වගේම පොඩ්ඩක් අබව්‍යයි වගේ මටනම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුර විද්‍යාත්මක ශාක්ෂි ලැබිල තියනවනම් මෙතනට දාන්නකෝ අපිටත් දැන ගන්න ... රාමායනයේ එන නිසා කෝවිල් වල තියනවා ඇති සමහරවිට ..අත් දොළහයි මුණු දොළහයි කකුල් දොළහයි තියන රජ කෙනෙක්ගෙයි වදුරු රජ කෙනෙක්ගෙයි කතාවත් ගලිවර් වගේම පොඩ්ඩක් අබව්‍යයි වගේ මටනම්
    මූනු දොළහ නං අතින් දාපු එකක් :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රාවණා කියල කෙනෙක් හිටිය කියල රාමායනය ඇරෙන්න වෙන ලැබී ඇති ශාක්ෂි තිබේද ? :oo::oo:
    ගලිවර් හර්කියුලිස් වැනි අතීත කතන්දරත් ඔබතුමා විස්වාස කරනවද ? :confused::confused:

    මෙන්න මෙතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ඕනම පුරාවිද්‍යා සාක්ෂියක් ලැබෙනකන් හැමදේම මිත්‍යාවක් තමයි. එහෙම උනා කියල සාක්ෂි නෑ කිය කිය ඒව විහිලුවට ගන්න එකත වඩා ඒ ගැන පර්යේෂණ කරන එකයි වැදගත්.මම දැකල තියන දෙයක් තමයි රාවණා කෙනෙක් ගැන හොයල තියන අය ගොඩක් ඒ ගැන සාධාරණ සැකයන් මත පදනම්ව හොයන අය. විහිලුවත ගන්න උන්නම් ඉතින් ඒක කරන්නෙත් පොරක් වෙන්න. තමන් මිත්‍යා මත විශ්වාස නොකරන ප්‍රබුද්ධයෙක් කියල ලෝකෙට පෙන්නන්න. රාවණා මිත්‍යාවක් උනත් නැති උනත් ඒ ගැන හොයන එක මම නම් අනුමත කරනව. මොකද අපි ලබ බොරු කියන්නවත් ඇත්ත කියන්නවත් සාක්ෂි නැති නිසා. මේ පුංචි රටේ ශිෂ්ටාචාරයක් මත තව එකක් ගොදනැගෙද්දි පැරණි ශිෂ්ටාචාරයේ අවශේෂ් සම්පූර්ණයෙන් මැකී යන්න පුලුවන්. ඒ වගේම භාවිතයත ගත හැකි දේ වැඩි දියුණු කරල භාවිතයට ගන්න පුලුවන්. මේ ලංකාවෙත් නොවන රුසියන් කාරයෙක් පිටස්තරින් ඇවිල්ල දැක්ක දේ. මොහුට ශ්‍රී ලාංකික ජාතිකත්වයේවත් රාමායනයේ වත් බලපෑමක් නෑ. නිරීක්ෂණ මත පදනම්ව ලිව්ව දේවල් ඔක්කොම. සුද්දො මෙහෙම ලියද්දි අපේම උන් පාච්චල් කරනව. අපේ උන්ට ඉතින් නූතන පොශ් ඩයල් එකක් කියල පෙන්නන්න රාවණා නෙමෙයි ශ්‍රී පාදෙ උනත් කමක් නෑ විහිලුවට ගනී.

    http://8916898.blogspot.com/2013/03/chapter-3-of-detailed-photo-essay-on.html
     
    • Like
    Reactions: sidathsaumya

    :confused: