~~~රාසිං දෙයියන්ට මරු කැදවු උණ කටුව~~~
කටේ කිරි සුවද යන්නට පවා බැරි උනා
යුදට උපන් කුමාරා යයි නමක් ඇති උනා
මුල්ලෙරියා වෙලෙහි වතුර ලෙයට හැර උනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ උනා
නිතර නිතර සිතාවක රණබෙර නැගුනා
කොලඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගනන් උනා
පරංගි දේසෙ රජුටත් මර උන ගැනුනා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ උනා
රුසිරු පෙතන්ගොඩ උයනට අනෙ ලං උනා
නපුරු උණ කටුව පතුලෙ ඇනී වණ උනා
එ......... ........ මතුරා විසද වැඩි උනා
රාජසිංහ දෙවි නාමෙ ගියා නැති උනා
(මෙ ගීත්යේ අවසන් අන්තරා කොටසේ 3වන පදය මට පැහැදිලි නැත)
ධර්මදාස වල්පොල මහතා ගායනා කරන මෙ ගිතය ඔබ අසා ඇතුවාට සැකයක් නැ නමුත් මෙ ගීතයෙන් කියවෙන ලංකා ඉතිහාසයේ බිහිවූ රණකාමී ශ්රෙශ්ඨ නරපතියෙකු වන සීතාවක රාජසිංහ රජු ගැන විස්තර ටිකක් තමා කියන්න යන්නෙ

මහාවංශයෙ මෙතුමන්ව නිර්දය ලෙස විවේචනය කලද ලංකා තලයෙන් පරංගින් පැන්නීමට අනුපමේය මෙහෙයක් කල රජෙකු ලෙසට මෙතුමන්ව හැදින්විය හැක.මෙතුමන් රජකමට පත් විමට පෙර සිංහලයන් පරංගින් සමග කල ඓතිහාසික මුල්ලේරියා සටනට ඉතාම ලාබාල වයසකදි සහභාගී වු මෙතුමන් මහා රණ ශුරයෙකුගෙ ලක්ශන මනාව පෙන්වමින් පරංගින් සමූල ඝාතනය කල බව ඉතිහාසයේ සදහන්ය.මෙම සටනින් පරංගින් හෙලූ ලේ වලින් මුල්ලෙරියා වෙල් යායේ ජලය ලේ පැහැයට හැරවුනු බවද සදහන්ය

.
ඉන් අනතුරුව පරංගින් සමග කල සටන් ගනනාවකින් පරංගින් කොලබ කොටුව තුලට සිරකිරිමට මෙතුමනට හැකිවු බව සදහන්ය.නැව් මගින් පරංගීන්ට සහය නොලැබෙන්නට මෙතුමන් අප දේශයෙන් පරංගි මුලිනුපුටා දමනු නිසැකය
.
කෙසේ නමුත් මෙතුමන් සිය පියා මැරු පාපයෙන් ගැලවීමට ශිව භක්තිකයෙකු බවට පත්වි භික්ශූන් මැරීමටටත් බොදු වෙහෙර විහාර විනාශ කිරිමටත් ගත්පසු සිංහල රදල ප්රදානීන් මොහු සමහ වෛර බැදගන මොහු පැන්නීමට කුමන්ත්රන කල බව ජනාප්රවාද වල දැක්වේ.
මෙතුමන්ගෙ මරණය සිදුවී ඇත්තේ කන්ද උඩරට විමලදර්මසූරිය රජු සමග කල සටනින් පරාද වි ඉන්පසු පෙතන්ගොඩ නම් උයනට ගිය අවස්තාවක පයේ ඇනුනු විශ උණ කටුවකින් බවය.උණ කටුව ඇනුනු පසු මන්ත්ර කරුවන් විශ බැන්ද බවද ජනප්රවාද වල දැක්වේ (මෙතුමන්ගෙ මරණය උණ කටුව ඇනුනු තුවාලය හෙතුවෙන් ඇතිවූ පිට ගැස්ම නිසා සිදුවුවක් බවද එක් මතයකි)
රාසිං දෙවියන් ගැන කෙටි සදහනක් කලෙ මෙතුමනට විශ උණ කටුව ඇනුනු පෙතන්ගොඩ උයනට යාමට මට ලැබුනු අවස්තවක් නිසාය,එම උණ කටුව ඇනුනු කටු උණ පදුරු දෙක අදටත් එම ස්තානයේ දකින්නට ඇත.
මෙම ඓතිහාසික ස්තානය පිහිටා ඇත්තෙ කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෑගල්ලෙ සිට 25km පමන ගිය විටය.
ඉහත බෝඩ් එක ඇති තැනින් ඇතුලු වි 3km පමන ගොස් එම ඓතිහාසික උණ පදුර දැක ගත හැක
ජායාරුප ගත් කැමරාව නම් එතරම් උසස් එකක් නොවන නිසා මේවාගේ තත්වය පිලිබදව සමාවෙන්න ඕන
මෙම උණ පදුර ඉතා පුදුමාකාර ලෙස කරු සහිත් උණ පදුරකි ඇතැම් කටු අගල් 3-4ක් පමන වෙ.
යුදට උපන් කුමාරා යයි නමක් ඇති උනා
මුල්ලෙරියා වෙලෙහි වතුර ලෙයට හැර උනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ උනා
නිතර නිතර සිතාවක රණබෙර නැගුනා
කොලඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගනන් උනා
පරංගි දේසෙ රජුටත් මර උන ගැනුනා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ උනා
රුසිරු පෙතන්ගොඩ උයනට අනෙ ලං උනා
නපුරු උණ කටුව පතුලෙ ඇනී වණ උනා
එ......... ........ මතුරා විසද වැඩි උනා
රාජසිංහ දෙවි නාමෙ ගියා නැති උනා
(මෙ ගීත්යේ අවසන් අන්තරා කොටසේ 3වන පදය මට පැහැදිලි නැත)

ධර්මදාස වල්පොල මහතා ගායනා කරන මෙ ගිතය ඔබ අසා ඇතුවාට සැකයක් නැ නමුත් මෙ ගීතයෙන් කියවෙන ලංකා ඉතිහාසයේ බිහිවූ රණකාමී ශ්රෙශ්ඨ නරපතියෙකු වන සීතාවක රාජසිංහ රජු ගැන විස්තර ටිකක් තමා කියන්න යන්නෙ

මහාවංශයෙ මෙතුමන්ව නිර්දය ලෙස විවේචනය කලද ලංකා තලයෙන් පරංගින් පැන්නීමට අනුපමේය මෙහෙයක් කල රජෙකු ලෙසට මෙතුමන්ව හැදින්විය හැක.මෙතුමන් රජකමට පත් විමට පෙර සිංහලයන් පරංගින් සමග කල ඓතිහාසික මුල්ලේරියා සටනට ඉතාම ලාබාල වයසකදි සහභාගී වු මෙතුමන් මහා රණ ශුරයෙකුගෙ ලක්ශන මනාව පෙන්වමින් පරංගින් සමූල ඝාතනය කල බව ඉතිහාසයේ සදහන්ය.මෙම සටනින් පරංගින් හෙලූ ලේ වලින් මුල්ලෙරියා වෙල් යායේ ජලය ලේ පැහැයට හැරවුනු බවද සදහන්ය

.ඉන් අනතුරුව පරංගින් සමග කල සටන් ගනනාවකින් පරංගින් කොලබ කොටුව තුලට සිරකිරිමට මෙතුමනට හැකිවු බව සදහන්ය.නැව් මගින් පරංගීන්ට සහය නොලැබෙන්නට මෙතුමන් අප දේශයෙන් පරංගි මුලිනුපුටා දමනු නිසැකය
.කෙසේ නමුත් මෙතුමන් සිය පියා මැරු පාපයෙන් ගැලවීමට ශිව භක්තිකයෙකු බවට පත්වි භික්ශූන් මැරීමටටත් බොදු වෙහෙර විහාර විනාශ කිරිමටත් ගත්පසු සිංහල රදල ප්රදානීන් මොහු සමහ වෛර බැදගන මොහු පැන්නීමට කුමන්ත්රන කල බව ජනාප්රවාද වල දැක්වේ.
මෙතුමන්ගෙ මරණය සිදුවී ඇත්තේ කන්ද උඩරට විමලදර්මසූරිය රජු සමග කල සටනින් පරාද වි ඉන්පසු පෙතන්ගොඩ නම් උයනට ගිය අවස්තාවක පයේ ඇනුනු විශ උණ කටුවකින් බවය.උණ කටුව ඇනුනු පසු මන්ත්ර කරුවන් විශ බැන්ද බවද ජනප්රවාද වල දැක්වේ (මෙතුමන්ගෙ මරණය උණ කටුව ඇනුනු තුවාලය හෙතුවෙන් ඇතිවූ පිට ගැස්ම නිසා සිදුවුවක් බවද එක් මතයකි)

රාසිං දෙවියන් ගැන කෙටි සදහනක් කලෙ මෙතුමනට විශ උණ කටුව ඇනුනු පෙතන්ගොඩ උයනට යාමට මට ලැබුනු අවස්තවක් නිසාය,එම උණ කටුව ඇනුනු කටු උණ පදුරු දෙක අදටත් එම ස්තානයේ දකින්නට ඇත.

මෙම ඓතිහාසික ස්තානය පිහිටා ඇත්තෙ කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෑගල්ලෙ සිට 25km පමන ගිය විටය.
ඉහත බෝඩ් එක ඇති තැනින් ඇතුලු වි 3km පමන ගොස් එම ඓතිහාසික උණ පදුර දැක ගත හැක
ජායාරුප ගත් කැමරාව නම් එතරම් උසස් එකක් නොවන නිසා මේවාගේ තත්වය පිලිබදව සමාවෙන්න ඕන

මෙම උණ පදුර ඉතා පුදුමාකාර ලෙස කරු සහිත් උණ පදුරකි ඇතැම් කටු අගල් 3-4ක් පමන වෙ.
a una gaha thama thiyanawada...