රා මදින චුට්ටෙ අයියා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
රා මදින චුට්ටෙ අයියා

රා මදින චුට්ටෙ අයියා

වහින කළු වළාකුළු දොඩමළුව අප එක්ක
හීන් පොදයක් අරා පිනා යයි පිනි වැස්ස
අකුණු හඬ දී තහඩු මොර දිදී යළි සැණින
කළ වරද කිම තෙමන සිමෙන්තිය නැති ගෙබිම

ගඟට ඉනි කපන අපි සොයන්නේ විමුක්තිය
ගෙයි වහල අතරිනුත් පෙනෙන්නේ බෝධිය
සුවඳ දෙන්නේ දසත බියර් මුසු හඬමය
පෙරූ රා බිඳුවකට අකැපයිද දානය

සිංහල,සිව්හෙළය පන්සලේ විකුණා
පන්සලේ දානයත් තමන්ටම පවරා
ඡන්දයක් දිනන්නට ඉදිරියේ වැඩ තකා
පන්සලත් බදුගෙන ඇමැතිවරු රැස් කකා

හීන් හිරිපොද වැස්ස වහින්නේ අපට නොව
ගී කියන්නේ මොණරු අපට නොව ඔවුන්ටය
බඳ පටිය උරුම නම් සොයන් අපි ටයි පටිය
වැළළෙමුද නිදහසක් ලැබී ඇත මියෙන්නට

පත්තරේ හෙඩිමට ලියන්නේ නිදහසලු
රේඩියෝ ගිරව් ටික දොඩන්නේ නිදහසලු
ටෙලිවිෂන් ලොක්කෝ හැමදාම අපටලු
පොකැට්ටුව කියන්නේ ජීවිතය නෙමෙයිලු

බණ අහන්නට ලගින පන්සලේ හිඟන්නෝ
බණ අහයි දෙවේලක් ලැබේ යැයි දිනක් හෝ
නිවන් මග යන්නටම දුකින් ඉකි බිඳින්නෝ
කවදාක හමුවේද එළිය ලැබ සඳින් හෝ

මාලන් විදානපතිරණ