රැක ගනිව් ලත් උරුමය

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    අදට ගැලපෙන නිර්මාණයක් මචං. බොහොම පින්


    ලක් මවගේ පිනට පහළ වු හෙළ විරුවන්
    ගාමිණි විජයබා යුග සිට දිවි පිදුවන්
    මැරුණත් සුර ලොවේ හිඳ හෙළනා සුසුමන්
    සුන් කර ලමුද කිසි ලෙසිනේ ඒ පැතුමන්
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://


    වෛරයේ ගිනි පුපුරු මත
    බුර බුරා නැගෙන විදෙස් හදවත්
    උත්සුකව මරා විරුවන්
    පත්කරනු තැත යලිත් රූකඩ




    හොඳ නිර්මාණයක් මචන්

    විදේශ බලපෑම් වලට යටත් නොවෙන පාලකයෙක් තමයි අපිට ඕනෙ :yes:
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    හොඳ නිර්මාණයක් මචන්

    විදේශ බලපෑම් වලට යටත් නොවෙන පාලකයෙක් තමයි අපිට ඕනෙ :yes:

    සහ එකම ප්‍රතිපත්ති ප්‍රකාශයකට එකඟ වූ කණ්ඩායමක් සිටින නායකයෙක්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් නිර්මාණයක් විදියට නෙවෙයි රටක්-ජාතියක් විදියට අපේ එකමුතුබව රැකගැනීම වෙනුවෙන් දෙන ඔවදනක්.අපි හැමෝම ඒ සිතිවිල්ලේ ඒකාත්මික විය යුතුමයි.
    නමුත් මේ අසමඟිකම් හැමදාමත් වැපුරුවේ කාලකන්නි පක්‍ෂ දේශපාලනයයි.එය වෙනස් වන දාක රට -ජාතිය එකමුතු වේවි.


    ස්තූතියි ඔබට.............
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Indipendancesigreflectcopy.png


    හතිලිස් අටෙන් පසුවට

    නැගුනු ජාතියේ වීර හඬ
    පරයන් පරදවා නැගෙමින්
    ලැබූ ජය එක් සේසතින් රට

    වෛරයේ ගිනි පුපුරු මත
    බුර බුරා නැගෙන විදෙස් හදවත්
    උත්සුකව මරා විරුවන්
    පත්කරනු තැත යලිත් රූකඩ

    අවදිවව් මව් කිරි බිවූ මිනිසුන්
    පෙළ ගැසෙව් උතුම් ලක්දෙරණ වෙනුවෙන්
    තබා සිහිනුවන කටයුතු කරන් නිතැතින්
    රැක ගනිව් අප ලත් උරුමයම සියතින්

    niyamayi machan