රැඩිකල් කැලැන්ඩරය.

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    *ජනවාරි -
    ජනවාරි යනු රැඩිකල් සහෝදරයන්ගේ අවුරුදු සමයයි. බක් මසේ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද ඔවුන් පිළිනොගන්නා නිසා ජනවාරි මාසයේ සැමට සුබ පතමින් අලුත් අවුරුද්ද පිළිගැනීම සිදුකරයි. අවුරුද්ද මෙසේ ගත කළ යුතු යැයි රටටම උපදෙස්ද බෙදාදෙයි.

    *පෙබරවාරි -
    පෙබරවාරි ඇරඹෙන්නේම රැඩිකල්වාදීන්ට අපූරු කටගැස්මක් ලබා දෙමිනි. ඒ නිදහස් සමරුවයි. නිදහසක් තිබෙනවාද නැද්ද ? ජාතික ගීය සිංහලෙන් විතරක් කිව යුතුද? දෙමළෙන් කියන්නේ නැද්ද ? ජාතික ගීයට දෙමළ හා සිංහල දෙකම කලවම් කරන්න ඕනෑය, සුද්දා ආවේ නැත්නම් අපි තවමත් හෙලුවෙන්ය... යනාදී පණ්ඩිතකම් කියවමින් ඔවුහු පෙබරවාරියේ පළමු දෙසතිය ගතකරති. පෙබරවාරි මැද හරියේ එළැඹෙන පෙම්වතුන්ගේ දිනයද රැඩිකල්වාදීන්ට මගුල් දිනයකි. ලංකාවේ අනිත් සියල්ලෝම ආදරය කරන්නට, ආදරය විඳින්නට දන්නේ නැතිය, දන්නේ අප පමණක්මය, අනිත් උන්ට සමාජය සමග ඇරියස් එකක් තිබෙනවාය, ආදරය වපුරන්නට ඕනෑය, නිරුවතින් පාරේ ඇවිදින්නට ඕනෑය, යනාදී දහසක් දේ කියමින් පෙබරවාරි අවසන් කරයි.

    *මාර්තු -
    මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන සමයයි. ඉතින් ඒ වෙනුවෙන් ලංකාව මානව හිමිකම් කඩ කරා යනුවෙන් ඔප්පු කිරීම මාර්තුවේ ඔවුන්ට පැවරෙන වගකීමයි. යුද්ධයේදී ආරක්ෂක හමුදාව සිවිල් වැසියන් මැරුවාය, දේපළ විනාශ කරාය, කාන්තාවන් දූෂණය කරාය, මාධ්‍යවේදීන් අතුරුදන් කරාය... යනුවෙන් කියන්නට දේ දහසකි. ඒ ටික කියන්නට මාර්තු මාසයම මදිය.

    *අප්‍රේල් -
    අප්‍රේල් සිංහලයන්ගේ අලුත් අවුරුදු සමයයි. දැන් ඉතින් රැඩිකල්වාදීන් එය විවේචනය කරන්නට පටන් ගනී. අවුරුද්ද සිංහලයන්ගේ නොවේය, තිරික්කල් රේස් පැදීම තුළින් ගවයන්ට හිංසා වන්නේය, කණාමුට්ටිය, අන්ධයාට කිරි කැවීම වැනි ජනක්‍රීඩා මගින් ආබාධ සහිත පුද්ගලයන්ට අපහාස වන්නේය, අවුරුද්දට නිවාඩු දීම මගින් ජාතික ආර්ථිකයට හානි වන්නේය... යනුවෙන් කියවමින්ම හොර රහසේ කැවුම් කොකිස් රහ බැලීමටද රැඩිකල්වාදීහු අමතක නොකරති.

    * මැයි -
    මැයි වල තියෙන්නේ වෙසක්ය. මැයි පළමු වෙනිදා රැඩිකල්වාදීන්ට වැඩ වැඩිය. එදාට බොහෝ රැඩිකල්වාදීහු රතු කමිස හැඳ කම්කරුවන්ගේ දිනය සැමරීමට එක්වෙති. අනතුරුව ටික දිනක් යනවිට වෙසක් ළං වෙත්ම බුදුහාමුදුරුවන් කියා කෙනෙක් සිටි බව රැඩිකල්වාදීන්ට සිහි වන්නට පටන් ගනී. වෙසක් කූඩු බොරු වැඩක් යැයි කියයි. පහන් දැල්විය යුත්තේ හදවතේ බව කියයි. තොරණ හදන්නට පුවක් ගස් කපන්න එපා යැයි කියමින් බිම පෙරළෙයි. දන්සැල් දීම බොරු වැඩක් යැයි කියයි. දන්සැල් වලින් කන්නේ පොහොසත් සල්ලිකාරයන් බවත් ඔවුන්ට කෑම බීම හොඳහැටි තිබෙන බවත් කියමින් කාර් වෑන් වලින් ගොස් අඳුරන දන්සැලකින් කෑම කා එති. හොරෙක්, මිනීමරුවෙක් ආවත් දන්සැලෙන් බත් කටක් නොදී පිටත් නොකරනා සිංහල බෞද්ධයෝ මේ ආවේ තමන්ට ගරහන රැඩිකල්වාදියෙක් බව දැන දැනම සංග්‍රහ කරති. ඒ සිංහල බෞද්ධයන්ගේ හැටිය. දන්සැලෙන් හොඳ හැටි කා බී ගෙදර යන ගමන් මුහුණු පොතේ දන්සැල් දීමට එරෙහිව පෝස්ටුවක් පළ කරන්නටද රැඩිකල්වාදීහු අමතක නොකරති.

    * ජුනි - මැයි,
    ජුනි මාස දෙකම බෞද්ධ ආගමික කටයුතු පැවැත්වෙන කාලසීමාවන්ය. විශ්වවිද්‍යාල, පාසල්, රජයේ කාර්යාල..මේ සෑම තැනකම විවිධාකාර බෞද්ධාගමික ක්‍රියාකාරකම් පැවැත්වේ. ඉතින් රැඩිකල්වාදීන්ට මේවා පෙන්නන්නට බැරිය. විශ්වවිද්‍යාල , පන්සල් කරන්නට එපා යැයි මොරදෙති.වෙසක් කූඩුව හතර පැත්තේ සර්වාගමික ලාංඡන ඇලවීමට යෝජනා කරති. මේ මාස දෙකේ ඔවුන්ට තව වැඩක් පැවරී ඇත. එනම් යුධ විජයග්‍රහණය පැවැත්වෙන නිසා එයට එරෙහි වීමයි. මාර්තු මාසයේ වාදනය කළ තැටිය නැවත වාදනය කෙරේ, යුද්ධයකින් ජය ගන්නේ කවුදැයි අසයි, අපි හැමෝම පැරදුණා යැයි කියයි, රණවිරුවා කියා කෙනෙක් නැති බව තහවුරු කිරීමට වෑයම් කරයි. වැඩ ගොඩකි

    * ජූලි - අගෝස්තු -
    මේ එළඹෙන්නේ ඇසළ පෙරහැර සමයයි. මේ කාලයට රැඩිකල්වාදීන් බුදියන්නේද මහනුවර දළදා මාළිගාව දෙස බලාගෙනය. ඇහැරෙන්නේද දළදා මාළිගාව දෙස බලාගෙනය. ඒ දළදා හාමුදුරුවන් කෙරෙහි ඇති සැදැහැයෙන් කියා ඔබ සිතනවා නම් එය වැරදිය. ඔවුන් ඒ හොයන්නේ පෙරහැරට පැමිණි හීලෑ අලි ඇතුන් ගැනය. පෙරහැරේ යන අලියා ඔවුන්ගේ ප්‍රධානම තේමාව වේ. මහා සත්ත්ව හිංසනයක් වන බව කියයි.ධාතු කරඬුව ලොරියක ගෙන යෑමටද යෝජනා කරයි. ඒ මාස දෙක හීලෑ අලි වෙනුවෙන්ය.ඒ කුණු කා මියැදෙන වන අලි මාකට් කළාට ඩොලර් නොලැබෙන නිසාය.

    * සැප්තැම්බර් -
    සැප්තැම්බර් යනු සාහිත්‍යය මාසයයි. රැඩිකල් සාහිත්‍යකරුවන්ද එළියට බහින්නේ මේ කාලයටය. අගක් මුලක් නැති ප්‍රලාප මහා සාහිත්‍යය නිර්මාණ සේ හුවා දක්වමින් රැඩිකල් විචාර ද ලියැවේ. පිංපෙට්ටි කඩා දමා හෝ නාට්‍ය තනන්නට යෝජනා කරයි. රැඩිකල් බුක් ලෝන්ච් හැමතැනමය. ඒවායේ පැය ගණන් රැඩිකල් දෙසුම්ය. දෙසුම ඉවර වෙද්දී කියුවේ මොනවාදැයි කාටවත්ම වැටහී ද නැත.

    *ඔක්තෝබර් -
    විශේෂ වැඩසටහනක් නොමැති මෙවැනි මාසවල රැඩිකල්වාදීහු පාරේ යන කැහැටු බල්ලන් අල්ලාගෙන උන්ට සත්කාර කරති. බිස්කට් කවති. බෑග් එකෙන් කෝප්පයක් ගෙන වතුරද බොන්නට දෙති. කොහේ හෝ තැනක බල්ලෙක් දෙන්නෙක් මියගොස් සිටියහොත් ආණ්ඩුව බල්ලන් මරා දමා ඇතැයි විරෝධතා පෙළපාලිද යති. මේවා වෙනුවෙන් විකාර නම් සහිත සංවිධාන ද පිහිටුවාගෙන තිබේ. බුද්ධ පූජාව තහනම් කර පූජා කරන ආහාර මෙවැනි සතුන්ට දිය යුතු යැයි යෝජනා කරයි.

    * නොවැම්බර් -
    නොවැම්බර් යනු තවත් වැඩ අධික මාසයකි. මන්ද උතුරේ ඇතැම් අන්තවාදීන් මහවිරු සැමරුම් පවත්වන මාසයයි. ඉතින් දකුණේ එය සාධාරණීකරණය කරන්න පැවරෙන්නේ රැඩිකල්වාදීන්ටය. උතුරේ පහන් දල්වන විට දකුණේත් පහන් දැල්විය යුතු බව කියයි. ත්‍රස්තවාදීන්ද මව්වරුන්ගේ දරුවන් බව කියයි. හමුදාව යුධ අපරාධ කළ බවත් ත්‍රස්තවාදීන්ට ඒ වෙනුවෙන් වන්දි දිය යුතු බවත් කියයි. නොවැම්බරයේ හැලොවීන් නමින් මළවුන් සමරන කෙළියකටද ඇතැම් රැඩිකල්වාදීන් මහත් අභිරුචියකින් එක්වනු පෙනේ.

    * දෙසැම්බර් -
    මේ නත්තල් සමයයි. නිරාගමික රැඩිකල්වාදීන්ද හොරෙන්ම වගේ නත්තලද සමරයි. වෙසක් කූඩුවේ කුරුසය ඇලවීමට යෝජනා කරත් නත්තල් ගස මුදුනේ ධර්ම චක්‍රය සවි කිරීමට යෝජනා කරන්නේ නැත. එය රැඩිකල්භාවයට හානියකි. රැඩිකල් වන්නේ බුද්ධාගමට හා හාමුදුරුවන්ට තඩි බෑවොත් පමණකි.

    රැඩිකල්වාදීන්ගේ වාර්ෂික සැලැස්ම ඔයාකාර වන්නේය.
    1645703855992.png