පුර පෝය හඳ විතරක් එවා
නුඹ නෑවිදින් හිටියට ගමේ
අමනාපයක් නෑ දරුවනේ
යහතින්ද නුඹලා සෙයිලමේ
සතපා උකුළේ උණුහුමේ අම්මා මිහිරියට ගැයූ
මමයි පුතේ ඒ කවියා නැළැවිලි ගී ලියූ
දුක්බර කවි කොයි තරම්ද මේ දිවිමග ලියූ
නුඹට ඇහෙන්නට නොතබා මම රහසින්ම ගැයූ
නෙළා දෙන්න අත දිග මදි වුණාට ඉර හඳ තරු පොකුරු
ගතේ වෙහෙස මවු කිරිවල උල්පත කොට දුනි සරු
නුඹලා නමින්ම පේවනු මිස හසරැලි දකින තුරු
පතා නොසිටියෙමි කිසිදා බුදුබව පියවරු
ගී පද - රවී සිරිවර්ධන
ගී තනු - කරුණාරත්න විජේවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ
එකම අදහසක් ගැන පද වැලක් වෙනත් කෙනෙක් ලියද්දී ඒක "පට්ට අවුල්" වෙන්නත් ඒ අදහසම තමන් ලියද්දී "පට්ට සිරා" වෙනව කියල හිතන්න කොයිතරම් ඉරිසියාවක්, කුහක කමක් හිත ඇතුළෙ තියෙන්න ඕනද?
ජෙප්පෙක් කියන්නෙ මොන වගේ කුහක, තක්කඩි, සමාජය ගැන දැවෙන වෛරයෙන් පෙළෙන අංගවිකල ජීවියෙක්ද කියන එකට තවත් උදාහරණයක් තමයි මේ!