රැවටුනේ කවුද .......(My 1st Post)

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    රැවටුනේ කවුද .......(My 1st Post)


    ආදරය කල දෙ වසර තුල

    කොපමණ ලං වුනිද අප
    මට ඔබව නැති
    ඔබට මා නැති
    ලෝකයක් ගැන සිතුවේ නෑ අප


    ඔබේ සිත මෙන්ම ඔබේ ගත අතර
    මගේ ආදරය සැරි සැරූ හැටි
    තවම ඇත ඒ සොදුරු මතකය
    පාරවයි හද නිමේෂයකම

    අදට ගෙවුණි ඒ දෙමස
    ඔබ මා තනි කර දමා ගිය
    පමා වැඩියි දැනගන්න විට
    මගේ දෙ වසරක ආදරය
    ඔහුගේ සිව් වසරක ආදරය තරම් බලගතු නැති බව


    රැවටුනේ කවුද
    මමද ?
    ඔහුද ?
    ඇයද ?





    යාලුවනේ මම කවදාවත් කවියක් නිසදැසක් ලියල නෑ
    මේ මං ජීවිතේටම ලිව්ව පලවෙනි එක
    හිතට දැනුන දේ වචන වලට පෙරළුවා
    ලස්සන නැතිනම් Charter කරන්න එපා හරිද?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    විරහව හැම පුද්ගලයෙක් තුලම ඉන්න ණිර්මාන කරුවාව අවදි කරන ඖෂධයක් වගේ නේද?

    එක දෙයක් කියන්නම ඕන..ආදරයේදි සිදු කරන රැවටීම් වලට අනිවාර්යෙන් දඬුවම් ඉබේම ලබෙනවා...මොකද අපි ගනු දෙණු කරන්නෙ තවත් හිතක් සමඟ නිසා..

    අපූරු ණිර්මානයක් :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය නොලෑබුනත්.. ඒ
    ආදරය පසු පස හඹා යෑමෙන් කෙදිනක හෝ තමාගේ
    ආදරයට සාර්ථකත්වයක් ලෑබෙයි කියන බලාපොරොත්තුව තියා ගන්න එකත් ලොකු දෙයක්.. :)
     
    ආදරේ හැටි ඔහොම තමයි.සමහරවිට අවුරුදු ගණනාවක් ආශ්‍රය කරලත් තේරුම් ගන්න බැරි අය ඉන්නවා.පළමු නිර්මාණය සාර්ථ්කයි.තවත් නිර්මාණ කරන්න මගෙන් සුබ පැතුම්.
     
    • Like
    Reactions: ravina