ඉතින් මඩ මඩ කියන්නේ උඹ කියපන්කො ඔය මම කිව්ව ඒවගෙන් වැරදි මොනවද කියලා? ලාල්කාන්තගේ වගකීම වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා ලාල්කාන්ත කැම්පස්වල ජෙප්පෝ කරපු කැම්පේන් වලින් නිදහස් වෙන්නේ නෑ. අනික 2011 වෙනකල් කැම්පස්වල ළමයින්ගේ ඔලු කාපු උන් 2012දි එකපාරම "දැන් ඒවා අපේ නෙවෙයි, අපිට කියන්න එපා. ඒවා පෙරටුගාමී. අපේ ළමයි දැන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යවලා අපි උගන්වන්නේ" කිව්වම හරිද?
ඔය කියපු සියලුම කතා හරියටම හරි, කිසිම දේක වැරද්දක් නෑ. උඹලගේ මහා එකාගේ පුතා ස්ලිට් එකේ ඉගෙනගෙන රනිලගේ ආණ්ඩුවෙන් මිහින් ලංකා පැනලා දැන් ඉන්නේ රට. බැඳලා ඉන්නේ air hostess කෙනෙක්. උඹලාට ඒවා පෙන්නන්නේ නෑ. ඌ නිර්ධන පන්තියේ බයිලේ ගහගෙන ළමයින්ටත් හොඳට උගන්නගෙන උන්ව රට යවලා සැපට ඉන්නවා. තොපි උන් කියන ඒවා විස්වාස කරගෙන මුන් අපි වෙනුවෙන් ඉන්නේ කියලා හිතාගෙන තවම උන්ගේ පස්සේ යනවා.
//ජවිපෙ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක පසුගියදා විවාහ විම ගැනත් ඔහු ස්ලිට් පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන මිහින් ලංකා ආයතනයේ රැකියාව කිරීම ගැනත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද ලංකාදීප පුවත්පත සමග මෙසේ අදහස් පල කරයි.
සාකච්චාව අනුව ජවිපෙට ගැටුළුව ඇත්තේ සයිටම් ආයතනය සමග මිස පුද්ගලික අධ්‍යාපනය සමග නොවේ. ඔහු පවසන්නේ රාජ්‍ය ආධ්‍යපනයෙන් ඉගෙන ගන්නට බැරි වූ දෙයක් පුද්ගලික ආයතනයකින් කර ගත හැක. ජවිපෙ මෙම මතය මීට පෙර ඉදිරිපත් කල බවක් පැහැදිලි නැත.
මිහින් ලංකා හා ශ‍්‍රී ලන්කන් එයාර් හි රාජපක්‍ෂ හෙංචයින් පුරවාගෙන සිටින බවට එකල ජවිපෙ කල විවේචනය මෙම සාකච්චාවෙන් බොරු වෙයි. එදා කතා අනුව අනුරගේ පුතා එක්කෝ රාජපක්‍ෂ හෙංචයියෙකි. නැතොත් අද කතාව අනුව සුදුසුකම් මත රැකියාව ලැබූ අයෙකි. එමෙන්ම මිහින් ලංකා හා ශ‍්‍රි ලන්කන් එයාර්හි සිටින්නේ රාජපක්‍ෂ හෙංචයිනන් නොව සුදුසුකම් මත රැකියාව ලැබූ පුද්ගලයින්ය.//
https://lankacnews.com/9305-2/comment-page-1/