රැව්වත් ඇති. පොලිසිය බයයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
රැව්වත් ඇති. පොලිසිය බයයි

පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී පොලිස්පති බබා වෙයි ප්‍රධාන පුවත 2010 මාර්තු 20 වෙනි සෙනසුරාදා, 09:06
mahinda_balasooriya.jpg
ඊයේ රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැති පක්ෂ ලේකම්රවරු හා මැතිවරණ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවේදී නීති විරෝධී ප්‍රචාරක පුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පවසා ඇත්තේ එම පුවරු ගැලවීමට යන අවස්ථා වලදී යම් යම් පුද්ගලයන් පොලීසියට ඔරවන බැවින් එය සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි.


එහිදී එසේ පොලීසියට තර්ජන කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි පක්ෂ ලේකම්වරු ප්‍රශ්න කල අවස්ථාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ එලෙස තර්ජනයට ලක්වූ කිසිම නිලධාරියකු ඒ පිළිබදව පැමිණිලි කොට නැති නිසා පොලීසියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිවී ඇති බවයි.

පොලිස්පතිවරයා මේ පවසන්නේ පොලීසියේ නොහැකියාවද නොඑසේනම් පොලීසියේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයද යන්න ගැටළුවකි. මක්නිසාද යත් මේවන විට නීතිවිරෝධී කටවුට් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ පොලීසි ඉදිරි පිටය. මාතර පොලීසිය මීට හොදම උදාහරණයකි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා පවසන ආකාරයට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ ඔවුන් ආයුධ සන්නද්ධව සිටි බැවින් යැයිද, ස්ත්‍රී දූෂකයන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ඔවුන් ඔරවා බැලූ නිසා යැයිද, මිනීමරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූයේ ඔවුන් තමන්ද ඝාතනය කරනු ඇතැයි සිතුණු නිසාද යැයි පොලීසිය යම් දිනක පැවසීම අරුමයක් නොවනු ඇත.
 
  • Like
Reactions: Renesas

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,128
    4,280
    113
    Sri Lanka
    wili lajjai. oya polis pathiya ape police department ekatama agawurawayak. nila anduma andan rate naayakayanta salute karanawa misak cap eka galawala wandinna yanawada. oka agamethita dawasak wanda nila andumen.
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ෆොන්සේකාට මනාප දෙන්න එපා
    - ජවිපෙ කුප‍්‍රකට මෙහෙයුමක
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට ඉදිරි මැතිවරණයේ දී කොළඹින් එක් මන්ත‍්‍රී ධුරයක් හිමිවුවහොත් එය ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයෙකු වෙත ලබා ගත යුතු බැවින් ෆොන්සේකා වෙනුවෙට සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මනාප සංඛ්‍යාව වැඩි කර ගැනීම කෙරෙහි උපරිම අවධානය යොමු කරන ලෙස තම සාමාජිකයන් සමග පැවැත්වූ සාකච්ඡ වට ගණනාවක දී අවාධරණය කොට තිබේ.
    මෙවර මැතිවරණයේ දී උපක‍්‍රමයක් ලෙස ෆොන්සේකා පෙරට ගත්ත ද ඔහු පාර්ලිමේන්තු යැවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බැවින් ෆොන්සේකා හරහා ලබා ගන්නා ඡන්ද ප‍්‍රමාණය පක්‍ෂයට බැර කර ගත යුතු බව මේ සාකච්ඡුා වලදී පෙන්වා දී ඇති අතර මේ අනුව සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මනාප සටන උපරිමයෙන් දියත් කරන ලෙසත් ෆොන්සේකාට මනාප සටහන් කිරීමෙන් වළකින ලෙසත් පක්‍ෂයේ සියලූ විශ්වාසදායක ඡන්දදායකයන්ට දැනුම්දෙන ලෙස ජවිපෙ සාමාජිකයන් වෙත උපදෙස් ලබා දී තිබේ.
    සරත් ෆොන්සේකා මෙන්ම කොළඹින් තරග කරන ජයන්ත කැටගොඩ හා කළුතරින් ඉදිරිපත් වන අර්ජුන රණතුංග මහතා සම්බන්ධව ද මේ ප‍්‍රශ්නය වලංගු වන බැවින් මනාප ලබා ගැනීමේ දී ජවිපෙ අපේක්‍ෂකයන් කෙසේ හෝ පෙරට ගත යුතු බවත් එසේ නැතහොත් කුසලානයට හිමිවන මන්ත‍්‍රී ධුර එක දෙක හෝ ජවිපෙන් පිටතට යාමට ඉඩ ඇති බව මේ සාකච්ඡ වලදී අවධාරණය කර තිබේ.;)
     

    Similar threads