රැස නිසා අලාභය ලක්ෂ 670යි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,635
    113
    colombo
    රැස නිසා අලාභය ලක්ෂ 670යි!

    "රැස" නිසා ලක්ෂ 670 ක අලාභයක්..!
    ====================================
    පාර්ලිමේන්තු මන්ත්‍රී
    ගරු සුනිල් හදුන්නෙත්ති මැතිතුමා
    සභාපති,
    පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව,
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
    2019/02/21
    “ රැස පුවත්පතේ අලාභය “
    2018 වසරේ ලේක්හවුස් මුළු අලාභය රුපියල් මිලියන 150 යි.
    ඉන් හරි අඩකට ආසන්න මුදලක් එනම් රුපියල් මිලියන 67 ක් රැස පුවත්පත නිසා සිදු වු අලාභයකි.
    “ රැස පුවත්පත වැසුවොත් ලේක්හවුස් අලාභයෙන් භාගයක් ඉබේ අහෝසියි“
    ලේක්හවුස් ආයතනයට 2018 වසරේ රුපියල් මිලියන 67 ක
    ( රුපියල් ලක්ෂ 670 .) පාඩුවක් සිදු කළ රැස පුවත්පත සම්බන්ධයෙන්
    විශේෂ පරික්ෂණයක් ඉල්ලා සිටීම.
    ලේක්හවුස් පනත අනුව සභාපතිට ඇති බලය අනුව පරීක්ෂණයක් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පමණයි.
    කමිටු සභාපතිතුමනි.
    මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මහාබාරකාරතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ පාළනාධිකාරියේ සංකල්පයක් අනුව 2018 වසරේදී ආරම්භ කරන ලද රැස පුවත්පත පසුගිය වසරේදී රුපියල් ලක්ෂ 670 ක පාඩුවක් ලබා තිබේ. ලේක්හවුස් ආයතනය මේ වන විට දැවැන්ත මුල්‍ය අලාභයක් ලබමින් පවතී. ඒ අනුව 2018 වසරේ ලේක්හවුස් ආයතනයේ මුල්‍ය අලාභය රුපියල් මිලියන 150 කි ( රුපියල් ලක්ෂ 1500 කි). එම මුල්‍ය අලාභයෙන් හරි අඩකට ආසන්න මුදලක් එනම් රුපියල් මිලියන 67 ක අලාභයක් සිදුව ඇත්තේ රැස දිනපතා පුවත්පත නිසාය. එනම් රුපියල් ලක්ෂ 670 කි.

    එම අලාභය මසකට රුපියල් ලක්ෂ 57 කට ආසන්නය. ලේක්හවුස් ආයතනයේ රැස දිනපතා පුවත්පතේ මාසික සහ වාර්ෂික අලාභය පහත දැක්වෙන ලයිස්තුව අනුව මනාව ඔබතුමා වෙත පැහැදිලිවනු ඇත. ( සත්‍ය ලිපි ලේඛනවලින් උපුටා ගන්නා ලදී. අවශ්‍ය ඕනෑම මොහොතක මෙම ලිපි ලේඛන ඔබ කමිටුව වෙත අප විසින් ඉදිරිපත් කරමු.)
    රැස පුවත්පතේ මාසික ආදායම් ලැයිස්තුව .
    දිනකට අළෙවිවන පුවත්පත් සංඛ්‍යාව – පුවත්පත් 1000 අඩු පුවත්පත් ප්‍රමාණයක්.
    *මාසික දැන්වීම් ආදායම – රුපියල් ලක්ෂ 8 කි.
    ( එය දින 22 ක පුවත්පත් සඳහා ලැබෙන දැන්වීම් ආදායම වෙයි. )
    *මාසික ( දින 22 ක) පුවත්පත් අළෙවි ආදායම – රුපියල් ලක්ෂ 12 කි.
    රැස පුවත්පතේ වාර්ෂික වියදම් ලැයිස්තුව.
    වාර්ෂික අමුද්‍රව්‍ය වියදම – රුපියල් ලක්ෂ 408 යි.
    වාර්ෂික මුද්‍රණ වියදම – රුපියල් ලක්ෂ 156 යි.
    වාර්ෂික වැටුප් වියදම – රුපියල් ලක්ෂ 216 යි.
    වාර්ෂික විකුණුම් වියදම – රුපියල් ලක්ෂ 132 යි.
    රැස පුවත්පතේ වාර්ෂික මුළු වියදම – රුපියල් ලක්ෂ 912 යි.
    රැස පුවත්පතේ වාර්ෂික ආදායම් ලැයිස්තුව.
    වාර්ෂික දැන්වීම් ආදායම – රුපියල් ලක්ෂ 96 යි.
    වාර්ෂික පුවත්පත් අළෙවි ආදායම- රුපියල් ලක්ෂ 144 යි.
    වාර්ෂික මුළු ආදායම – රුපියල් ලක්ෂ 240 යි.
    වාර්ෂික මුළු අලාභය.
    වර්ෂික මුළු වියදම – රුපියල් ලක්ෂ 912 යි.
    වාර්ෂික මුළු අදායම – රුපියල් ලක්ෂ 240 යි.
    වාර්ෂික මුළු අලාභය – රුපියල් ලක්ෂ 672 යි.
    එනම් වාර්ෂික අලාභය රුපියල් මිලියන 67.2 කි.
    ඉහතින් දැක්වු මුල්‍ය අලාභය අප ආයතනයට දැරිය නොහැකි පාඩුවකි. රැස පුවත්පත නිසා ආයතනයට වාර්ෂිකව රුපියල් ලක්ෂ 670 ක පාඩුවක් සිදු වීම අප ආයතනයේ මුල්‍ය අස්ථාවරත්වයට සෘජුවම බලපානු ලබයි. රැස පුවත්පතේ මුල්‍ය අලාභය වන මුදල අප ආයතනයේ සේවකයන් , කොටස්කරුවන් සහ මහජනතාවගේ මුදල් ය.
    ලේක්හවුස් ආයතනයට අති විශාල පාඩුවක් සිදු කරනු ලබන “රැස පුවත්පත “ දිනපතා පත්‍ර 9000 ක් පමණ මුද්‍රණය කළද ඉන් අළෙවි වනුයේ පුවත්පත් දහසකටද (1000) අඩු ප්‍රමාණයකි. එවැනි පුවත්පතක් තව දුරටත් පවත්වාගෙන යනනේ මන්දැයි සොයා බැලිය යුතුය.

    සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සංකල්පයකට අනුව ඇරැඹි මේ පුවත්පත ලේක්හවුස් ආයතනයේ අලාභයෙන් භාගයකට හිමිකම් කීවද මේ පුවත්පත වසා නොදැමීමට හේතුව ලෙස සභාපතිවරයා දක්වා ඇත්තේ රැස දිනපතා පුවත්පත ආරම්භක කර්තෘ අභාවප්‍රාප්ත වු චාමර ලක්ෂාන් මාධ්‍යෙව්දී මහතාගේ මෑණියන් සහ පුතණුවන්ගේ ඉල්ලීමකට අනුවය.
    එහෙත් ලේක්හවුස් වැනි ආයතනයක් දැවැන්ත මුල්‍ය අර්බුදයකට ලක්ව තිබියදි එක් අයකුගේ සිත සතුටු කිරීමට රුපියල් ලක්ෂ 670 ක් පාඩු ලැබීම දුෂිත කටයුත්තකි. එපමණක් නොව මේ වන විට ලේක්හවුස් දිනපති දිනමිණ පුවත්පතට රජයෙන් ලැබෙන දැන්වීම් දිනමිණ පුපත්පතේ නොමිලේ පළ කර රැස පුවත්පතේ දැන්වීම් ලෙස පළ කරනු ලැබෙයි. ඊට හේතුව වී ඇත්තේ රැස පුවත්පත පාඩු නොලබන බව කෘතීමව පෙන්වීමය. අවසානයේ සිදු වනුයේ දිනමිණ නැමැති ජාතික පුවත්පත අලාභ බව පෙන්වීමය. වසර 100 කටත් වඩා පැරැණි දිනමිණ පුවත්පත විනාශ කිරීම අපරාධයකි.
    මුල්‍ය අලාභයක් සහිතව පුවත්පතක් පවත්වාගෙන යාම ලේක්හවුස් ආයතනයේ අනාගත අස්ථාවරත්වයට සෘජුවම බලපානු ඇත. එබැවින් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස ලේක්හවුස් ආයතනයේ ඉදිරි පැවැත්ම සහ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් රැස පුවත්පත සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගතයුතුය.
    එබැවින් රැස පුවත්පතේ මුල්‍ය අලාභය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්
    ‍යාපාර පිළිබද කාරක සභාවේ අවධානය යොමු කර විශේෂ පරීක්ෂණයක් සිදු කරන මෙන් අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    ස්තුතියි.
    මීට
    ලේක්හවුස් සේවක/ සේවිකාවන්.
    ================

    අපි දැන් බලමු හඳුන්නෙත්ති සහෝදරයා රටේ ජනතාව වෙනුවෙන්ද නැත්නම් ජවිපෙ මංජුල සහෝදරයා, මාධ්‍යවේදියා හෙවත් මධුක ඇතුළු නඩය වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අවුරුදු 5ක ශ‍්‍රී ලංකන් පාඩුව රුපියල් මිලියන ලක්ෂයක්! - 22 May, 2016
    පසුගිය 2010 වසරේ සිට 2015 වසර දක්වා වූ කාලය ඇතුළත ගුවන් යානා 21ක් ගුවන් ගමන්වල නොයෙදීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 97,849ක මුදලක් පාඩු ලබා ඇත.

    2013 සිට ගුවන් සමාගම් වලින් පාඩුව රු.මි. 55,000
    නොවැ 15, 2014 – ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම 2013 ජනවාරි සිට 2014 ජූනි දක්වා ලැබූ පාඩුව රු.මි. 55,000 කට අධික බව සිවිල් ගුවන් සේවා ඇමති පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම රු.මි. 51,029.6ක අලාභයක් ද, මිහින් ලංකා ගුවන් සමාගම රු.මි. 4,175.2ක අලාභයක් ද වාර්තා කොට ඇත.

    :(:(:(:(:(
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිලුමින ඔබ්සර්වර් පත්තර නම් අවුරුදු 70ක් විතර හොඳට අල්ලගෙන ආවා.නමුත් 2005න් පස්සේ හිටපු හොරු ටික හැම එකකටම කෙලලා ගියා වගේ ඕකටත් කෙලලා නැති කරලම ගියා.මල්කුමාර තමයි ඕක කාබසිනියා කරේ.දැන් ඉතින් ඕක හදන්න බෑ.ඕක විකුනලා දාන එක තමයි හොඳ වැඩේ.ඒකෙන් ණය ටික හරි අඩු කර ගන්න පුලුවනි.එහෙම නැත්නම් 60%ක් ආන්ඩුවට තියාගෙන 40% විකුනලා දාන එක.ආන්ඩුවේ දැන්වීම් ඔක්කොම ඔය පත්තර වලට විතරක් අවුරුදු පහක් යනකම් වත් දෙන්න ඕන.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    සිලුමින ඔබ්සර්වර් පත්තර නම් අවුරුදු 70ක් විතර හොඳට අල්ලගෙන ආවා.නමුත් 2005න් පස්සේ හිටපු හොරු ටික හැම එකකටම කෙලලා ගියා වගේ ඕකටත් කෙලලා නැති කරලම ගියා.මල්කුමාර තමයි ඕක කාබසිනියා කරේ.දැන් ඉතින් ඕක හදන්න බෑ.ඕක විකුනලා දාන එක තමයි හොඳ වැඩේ.ඒකෙන් ණය ටික හරි අඩු කර ගන්න පුලුවනි.එහෙම නැත්නම් 60%ක් ආන්ඩුවට තියාගෙන 40% විකුනලා දාන එක.ආන්ඩුවේ දැන්වීම් ඔක්කොම ඔය පත්තර වලට විතරක් අවුරුදු පහක් යනකම් වත් දෙන්න ඕන.


    ආ පොනිල් උබත් කිරියටත් ආවද



    ඇයි 40% ක් විකුනන්නේ ඔක්කොම විකුනපන්



    තෝ වික්කේ නැති උනොත් තමයි පුදුමේ
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පත්තර ගන්නවද බං මිනිස්සු දැන්?

    ඉස්සර මිනිහෙක්ගේ ආදායම බලන්කොට පත්තේරෙට සොච්චමයි යන්නේ.අපි හැමදාම පත්තර දෙකක් ගත්තා.ලංකාදීප,ඩේලිනිව්ස්.ඉරිදා පත්තර ඔක්කොම ගත්තා.දැන් ආදයමට සාපේක්ෂව මිනිසුන්ට ඕක දරන්න බෑ.ඉස්සර බලන්න හැමදා උදේට පත්තර සයිකලයක් යනවා.:lol: