ඔයගොල්ලො දන්නවනේ ජාතික රුපවාහිනිය. මේක ඉතිං ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ජපන් රටෙන් ලංකාවට දුන්නු තෑග්ගක්නේ. ඉතිං මේ විදියට ලංකාවට රුපවාහිනී සංස්ථාව දුන්නු ජපන් රටේ උදවිය එතනින් නතරවෙන්නේ නැතිව කලින් කලට කොළඹ ඇවිත් එකේ තත්වේ හොයලා බලනවනේ.
ඉතිං පහුගිය දවසකකත් ජපානේ ඉදලා ආපු මහත්තුරු කට්ටියක් ජාතික රුපවාහිනියේ වැඩ කටයුතු ගැන සොයා බලමින් ටික දවසක් මෙහෙ හිටියා. ඔහොම ඉතිං ඉන්නකොට අතරින් පතර සිංහල එහෙමත් ඉගෙන ගන්නවනේ. ඔතන හිටපු ජපන් මහත්තරු ඉංග්‍රීසි එහෙමත් දන්නා නිසා ඉංග්‍රීසියෙන් සිංහල ඉගෙන ගන්න කල්පනා කරා. ඉතිං එයාලා කලේ ඔය අපේ කට්ටිය ඉංග්‍රීසි අකුරු වලින් සිංහල එස්එම්එස් යවනවා වගේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහල වචන කොළකෑලි වල ලියලා ඒවා කතාබහ කරන එක.
ඉතිං දවසක් රුපවාහිනියේ හරිම කලබලෙන් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටපු ජපන් මහත්තයෙක් රුපවාහිනී නිවේදිකාවක් ලගට ඇවිත් සිංහලෙන් ඇහැව්වා 'රෑට ගෙදර ඉන්නවද?' කියල.
නිවෙදිකාවත් ඉතිං අඟර දගර පාල, මුහුණ රතු කරන් 'ඔව් ඉන්නවා' කියලා කිව්වා.
එතකොට ජපන් මහත්තයා 'කොහෙද ඉන්නේ? රෑට ගෙදර මාත් එක්ක ඉන්න එපයි'
එතකොට ලජ්ජාවෙන් වටපිට බලපු නිවේදිකාව 'නාරාහේන්පිට ෆ්ලැට්ස් වල සර්' කියලා කිව්වා.
බලද්දී මේ නිවේදිකාව වෙන මොකවත් හිතුවට ජපන් මහත්තයා අහලා තියෙන්නේ අපේ දයාරත්න රටගෙදර මහත්තයා කොහෙද කියලනේ. ඒත් ඉතිං රටගෙදර කියන එක ඉංග්‍රීසියෙන් ලියාගෙන කියවනකොට කියවෙන්නේ රෑට ගෙදර කියලනේ.

ioi