UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඉන්නේ Skilled Worker Visa එකක (Supply Chain Management). මම වැඩකරන company එක මාව Sponsor කරා. London ඉන්නේ. London living cost එක ගොඩක් වැඩි, හැබැයි out of London cost එක අඩුයි. මට යන්න විදියක් නෑ office යන්න ඕන නිසා. උබට දැනගන්න ඕන දේවල් කියපන් මම දන්න දෙයක් කියල දෙන්නම්. ඕනනම් private massage එකක් දාපන්. මෙහෙ ඉන්න ගොඩක් උන් කියන්නේ අපෝ යුකේ එන්න එපා හරි නෑ වගේ බයිලා. ගොඩක් උන් කැමති නෑ වෙන එකක් ගොඩ යනවට. එන්න එපා කියන අයියල එකෙක් වත් මේක දාල යන්නේත් නෑ. හොද ස්කිල් එකක් තියනවනම් language එක පුළුවන්නම් බය නැතුව එන්න. ලගදි ගොඩක් immigration rules වෙනස් උනා සහ වෙනස් වෙමින් තියනවා. PR එක දැනට අවුරුදු 5න් ගන්න පුළුවන් ඒත් ඒක අවුරුදු 10 කරන්න යනවා. තාම නීති සම්මත වෙලා නෑ නමුත් 10 වෙන්න ඉඩ තියනවා. Youtube channels තියනවා ඒවගෙන් Immigration update බලන්න. ගොබ්බ channel බලන්න එපා ලංකාවෙන් ආපු අඩුකුලේ උන් channel අටෝගෙන ඉන්නවා උන් දන්න මගුලක් නෑ. හරිහමන් channel බලන්න. වෙන අවුලක් නෑ. Racism කෙස් එකක් යනවා මෙහෙ විතරක් නෙමෙයි හැම රටකම. හොද පැත්තක ජිවත් වෙනකොට Racism අවුලක් වෙන්නේ නෑ. අපිටනම් කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. මම මෙහෙ හිටියට ලංකාවට ගරහන්නේ නෑ ලංකාව ඉපදුන රට පන වගේ ආදරෙයි. කාලකන්ණි දේසපාලුවෝ කාබාසිනියා කරාට ලංකාව වගේ රටක් ලෝකේ කොහෙවත් නෑ. ඒත් ලංකාවේ ඉදල ගොඩ යෑමක් නෑ. ගොඩ යන උන් ඕන තරම් ඉන්නවා, ඒත් සල්ලිම නෙමෙයි ජිවිතේ. මේ රටවල නීතියක් තියනවා, කවුරුත් අනුන්ගේ දේවල් හොයන්නේ නැ. ඊරිසියාකරයො නෑ. යන වාහනෙන් කරන රස්සාවෙන් අදින ඇදුමෙන් මිනිස්සුන්ව මනින්නේ නෑ, වාහනයක් අතට අරන් හැතැම්ම 500ක් ගිහින් ආවත් ඔලුවට stress එකක් නෑ. එහෙම ජිවත් වෙනකොට පුදුම නිදහස්, ජිවිතේ සරලයි. Quality of life සල්ලි වලට ගන්න බෑ මචන්. චප්ප චොර පැති තියනවා. Birmingham වගේ පැති ගන්නම දෙයක් නෑ. කළු උන්, Asian උන් නැති පැත්තක ඉන්න ඕන. එතකොට අවුලක් වෙන්නේ නෑ. ලංකාවෙත් එහෙමනේ බන්, චාටර් පැති ඕන තරම් තියෙන්නේ. වරෙන් මචන්. inbox massage එකක් දාපන් දැනගන්න ඕන දේවල් දාල.

    ජය වේවා!

    London
    මටනං මේ ඉන්න රට හොඳයි.
    දන්න ඉන්දියන් යාලුවෙක් ඉන්නවා පොර සොප්ටෙයා ඉන්ජිනියර්, වයිෆ් ටීචර්. ස්පොන්ස කරන්න කෙනෙක් නැතිව ගෙදර යන්න ලෑස්ති වෙනවා. 😑
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,728
    113
    London, United Kingdom
    මටනං මේ ඉන්න රට හොඳයි.
    දන්න ඉන්දියන් යාලුවෙක් ඉන්නවා පොර සොප්ටෙයා ඉන්ජිනියර්, වයිෆ් ටීචර්. ස්පොන්ස කරන්න කෙනෙක් නැතිව ගෙදර යන්න ලෑස්ති වෙනවා. 😑
    අවාසනාවකට ගොඩක් උන්ට තියන ප්‍රශ්නේ ඕක තමයි. sponsorship එකක් ගන්න ලේසි නෑ.
     
    • Like
    Reactions: wpril5

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    //
    මිනිස්සු.
    UK වල racism නෑ මට දැනිච්ච විදිහට හැමෝටම එක වගේ තමා සලකන්නේ. පෝලිම් වල එහෙම හරියටම ඉන්නවා නිතරම ඉඩ දෙනවා අනිත් කෙනාට. උදව්වක් කරත් "Thankyou my love" කියල තමා ගොඩක්ම අය කියන්නේ.//
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මම ඉන්නේ Skilled Worker Visa එකක (Supply Chain Management). මම වැඩකරන company එක මාව Sponsor කරා. London ඉන්නේ. London living cost එක ගොඩක් වැඩි, හැබැයි out of London cost එක අඩුයි. මට යන්න විදියක් නෑ office යන්න ඕන නිසා. උබට දැනගන්න ඕන දේවල් කියපන් මම දන්න දෙයක් කියල දෙන්නම්. ඕනනම් private massage එකක් දාපන්. මෙහෙ ඉන්න ගොඩක් උන් කියන්නේ අපෝ යුකේ එන්න එපා හරි නෑ වගේ බයිලා. ගොඩක් උන් කැමති නෑ වෙන එකක් ගොඩ යනවට. එන්න එපා කියන අයියල එකෙක් වත් මේක දාල යන්නේත් නෑ. හොද ස්කිල් එකක් තියනවනම් language එක පුළුවන්නම් බය නැතුව එන්න. ලගදි ගොඩක් immigration rules වෙනස් උනා සහ වෙනස් වෙමින් තියනවා. PR එක දැනට අවුරුදු 5න් ගන්න පුළුවන් ඒත් ඒක අවුරුදු 10 කරන්න යනවා. තාම නීති සම්මත වෙලා නෑ නමුත් 10 වෙන්න ඉඩ තියනවා. Youtube channels තියනවා ඒවගෙන් Immigration update බලන්න. ගොබ්බ channel බලන්න එපා ලංකාවෙන් ආපු අඩුකුලේ උන් channel අටෝගෙන ඉන්නවා උන් දන්න මගුලක් නෑ. හරිහමන් channel බලන්න. වෙන අවුලක් නෑ. Racism කෙස් එකක් යනවා මෙහෙ විතරක් නෙමෙයි හැම රටකම. හොද පැත්තක ජිවත් වෙනකොට Racism අවුලක් වෙන්නේ නෑ. අපිටනම් කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. මම මෙහෙ හිටියට ලංකාවට ගරහන්නේ නෑ ලංකාව ඉපදුන රට පන වගේ ආදරෙයි. කාලකන්ණි දේසපාලුවෝ කාබාසිනියා කරාට ලංකාව වගේ රටක් ලෝකේ කොහෙවත් නෑ. ඒත් ලංකාවේ ඉදල ගොඩ යෑමක් නෑ. ගොඩ යන උන් ඕන තරම් ඉන්නවා, ඒත් සල්ලිම නෙමෙයි ජිවිතේ. මේ රටවල නීතියක් තියනවා, කවුරුත් අනුන්ගේ දේවල් හොයන්නේ නැ. ඊරිසියාකරයො නෑ. යන වාහනෙන් කරන රස්සාවෙන් අදින ඇදුමෙන් මිනිස්සුන්ව මනින්නේ නෑ, වාහනයක් අතට අරන් හැතැම්ම 500ක් ගිහින් ආවත් ඔලුවට stress එකක් නෑ. එහෙම ජිවත් වෙනකොට පුදුම නිදහස්, ජිවිතේ සරලයි. Quality of life සල්ලි වලට ගන්න බෑ මචන්. චප්ප චොර පැති තියනවා. Birmingham වගේ පැති ගන්නම දෙයක් නෑ. කළු උන්, Asian උන් නැති පැත්තක ඉන්න ඕන. එතකොට අවුලක් වෙන්නේ නෑ. ලංකාවෙත් එහෙමනේ බන්, චාටර් පැති ඕන තරම් තියෙන්නේ. වරෙන් මචන්. inbox massage එකක් දාපන් දැනගන්න ඕන දේවල් දාල.

    ජය වේවා!

    London

    ඔව් බං මේ කතාව හරි. මාත් 2022 student ඇවිත් PSW ඉඳල දැන් තමයි skilled worker එකට මාරු වෙන්නෙ. මං ඉන්නෙත් London වලට පහලම sea side එකට වෙන්න. සැහෙන හොඳ පැත්තක්. කිසි කරදරයක් නැතුව ඉන්නව. මාසෙට දවස් 2 වගේ London එනව train එකේ. ඒකත් හෙන ආතල්

    ILR එකනම් 10 years වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. බලමුකො
     
    • Like
    Reactions: wpril5

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,728
    113
    London, United Kingdom
    ඔව් බං මේ කතාව හරි. මාත් 2022 student ඇවිත් PSW ඉඳල දැන් තමයි skilled worker එකට මාරු වෙන්නෙ. මං ඉන්නෙත් London වලට පහලම sea side එකට වෙන්න. සැහෙන හොඳ පැත්තක්. කිසි කරදරයක් නැතුව ඉන්නව. මාසෙට දවස් 2 වගේ London එනව train එකේ. ඒකත් හෙන ආතල්

    ILR එකනම් 10 years වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. බලමුකො
    කොහෙද Southend, Ramsgate, Folkestone පැත්තේද උබ ඉන්නේ?
    උබට මාසෙට දවස් දෙකක් එන නිසා ආතල්, මම සතියට දවස් තුනක් යනවා එපා වෙනවා. ILR 10yrs උනේ නැත්නම් හොදයි. එත් උබ දැක්කද Nigel Farage කාරයා ILR එක ගැන කියල තියන එක.
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    කොහෙද Southend, Ramsgate, Folkestone පැත්තේද උබ ඉන්නේ?
    උබට මාසෙට දවස් දෙකක් එන නිසා ආතල්, මම සතියට දවස් තුනක් යනවා එපා වෙනවා. ILR 10yrs උනේ නැත්නම් හොදයි. එත් උබ දැක්කද Nigel Farage කාරයා ILR එක ගැන කියල තියන එක.
    Farage karayata pissu machan. Votes grab karaganna baila kiyanawa. Uu hithana tharam lesi naa owa karanna. Muu kiyanawa ILR Revoke karanawa lu.

    ILR eka ganna minissu £4000 wage spend karanawa. Muu ooka cancel kaloth aye return pay karanna wei. NHS, Business all other services okkoma collapse wenawa.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,728
    113
    London, United Kingdom
    Farage karayata pissu machan. Votes grab karaganna baila kiyanawa. Uu hithana tharam lesi naa owa karanna. Muu kiyanawa ILR Revoke karanawa lu.

    ILR eka ganna minissu £4000 wage spend karanawa. Muu ooka cancel kaloth aye return pay karanna wei. NHS, Business all other services okkoma collapse wenawa.
    ඔව් ඒක ඇත්ත. ඌ කිව්වට ඕක කරන්න බෑ. මේ රට තනිකරම දුවන්නේ Immigrant skilled workers ලගෙන්. Health sector එක තනිකරම කඩන් වැටෙනවා. අනිත් හැම Industry එකක්ම වැටෙනවා. ඊට වඩා human rights කේස් එකක් වෙනවා. අපි මේ රටට ඇවිත් ඉන්නේ අපි එන දවසේ තිබ්බ immigration rules වලට අනුව. මුන්ට හිතුන හිතුන විදියට වෙනස් කරලා ඒක back date කරන්න බෑ. අනික මුන්ට ලොකු tax income එකක් නැති වෙනවා. වැඩේ වෙන එකක් නෑ ඒත් මූ කියන කතා අහල සුද්දෝ ෆෝම් වෙනවා.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,772
    93
    කොහෙද Southend, Ramsgate, Folkestone පැත්තේද උබ ඉන්නේ?
    උබට මාසෙට දවස් දෙකක් එන නිසා ආතල්, මම සතියට දවස් තුනක් යනවා එපා වෙනවා. ILR 10yrs උනේ නැත්නම් හොදයි. එත් උබ දැක්කද Nigel Farage කාරයා ILR එක ගැන කියල තියන එක.

    Farage karayata pissu machan. Votes grab karaganna baila kiyanawa. Uu hithana tharam lesi naa owa karanna. Muu kiyanawa ILR Revoke karanawa lu.

    ILR eka ganna minissu £4000 wage spend karanawa. Muu ooka cancel kaloth aye return pay karanna wei. NHS, Business all other services okkoma collapse wenawa.

    ෆරාජ් කියන්නේ ගෝඨාබය ගේ සුදු වර්ෂන් එක. එච්චරයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,545
    8,907
    113
    මේකේ මුල් කොටස කලින් දැම්මා, මේ ඉතුරු ටික සහෝදරවරුනි..

    UK වල වාහනයක් ගැනීම

    මෙහෙ වාහනයක් නැතුව මොනවත්ම කරන්න බෑ. ඉතින් මන් වාහන online බැලුවා එත් බලන්න යන්න අමාරුයි ගොඩක් දුර තියෙන්නේ. බස් වල යන්නත් බෑ එහෙම හැම තැනටම බස් නෑ පයින් යන්න ඕන. යාළුවා හිටියේ ටිකක් දුර පොරට එන්නත් අමාරුයි. බස් එකේ කෙටිම දුර අඩුම පවුම් 2-3ක් වෙනවා. ඒවාට වෙනම ඇප්ස් තියෙනවා එකෙන් තමා ටිකට් ගන්නේ. බස් එකට සල්ලි දෙන්නත් පුළුවන් ඩ්‍රයිවර් තමා ටිකට් එක දෙන්නේ. හැබැයි එයාල එකට කැමති නෑ වැඩිය මොකද සල්ලි ගන්න මාරු කරන්න එයාලට කරදරයි. ඉතින් app එකෙන් ගෙවන එක ලේසියි.

    මන් හිතන් හිටියේ වයිෆ් එන්න කලින් වාහනයක් ගන්න නමුත් ඒක කරගන්න බැරි උනා. මන් මුලින්ම Tesla කාර් එකක ආවේ එදා වයිෆ්ව අරන් එද්දී ඒ uber කාර් එක. මෙහෙ uber දුවන්නේ හොදම වාහන jagurar, benz වගේ.

    දවසක් uber එකේ යද්දී ඒ driver ගෙන් ඇහුව වාහන ගන්න තියෙන්නේ කොහෙද කියල. පොර කිව්වා උගේ යාලුවෙක් ලග එකක් තියෙනවා කැමතිනං ඇවිත් බලන්න කියල. ඒක ලග තිබ්බ නිසා මන් බැලුව ගිහින්. එක Benz C180 2007 එකක්. හොදටම තිබ්බා. සාමානයෙන් මෙහෙ වාහන පවුම් 800 වගේ ඉදන් උඩට තියෙනවා ඒ කියන්නේ ඇපල් phone එකක් ගන්න ගාන වගේ . අපිට පුළුවන් Government site එකකින් වාහන වල සේරම දත්ත බලන්න reg no එක දුන්නම සේරම පෙන්නනවා කොහොමද service කරේ කවද්ද තියෙන ලෙඩ ඔක්කොම පෙන්නනවා. ඒ ඔක්කොම බලල සැටිස් උන නිසා මට තිබ්බ හදිසිය නිසාත් යන්න එන්න අමාරු නිසාත් මන් එකට OK එක දුන්නා. මට benz එක දෙන්නන් කිව්වා පවුම් 3300 කට ඒ කියන්නේ ලක්ෂ 15ක් වගේ. ලංකාවේ වගේ එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ ඔක්කොම government site online ඒ වෙලාවේම පොත transfer කරලා road tax පවුම් 280 ගෙවල මට වාහනේ ගෙදරටම ගෙනත් දුන්නා. මෙහෙ ඉන්ෂුවරන්ස් දාන්නෙත් ඔන්ලයින් කවුරුත් එන්නෙත් නැ පෙන්නන්න යන්නේ ඕනෙත් නැ, ලංකාවේ ලයිසන් එකට අවුරුද්දක් දුවන්න පුළුවන්. මම තියෙන ඔක්කොගෙන්ම බලල අඩු එකක් දාගත්ත. insurance හැබැයි ටිකක් ගණන් වාහනේ පොත සතියෙන් ගෙදරට ආවා. Benz කියන්නේ මොන වගේ වාහනද කියල තෙරුන් ගත්තේ ඊට පස්සේ. 2007 වාහනේ තියෙන options toyota 2020 වාහන වලත් නෑ. fuel ගැන කිව්වොත් පැට්‍රොල් ලීටර් 1, පවුම් 1.46 මේ වෙද්දී මෙහෙ.

    වාහනේ මුලින්ම පාරට දැම්මේ පට්ට බයේ, මොකද මෙහෙ නීතියට එලවන්නේ. දකුණත් නීතීය හරියටම පිලිපදිනවා. අනිවා දකුණෙන් එන වාහන වලට ඉඩ දෙන්න ඕන, එයාලත් හිතනවා අපි නවත්තනවා කියලා. නිකමට හරි දැම්මොත් අනිවා වදිනවා කුඩුවෙන්න උන් slow කරන්නේ නෑ. මෙහෙ මිනිස්සු ගොඩක් respect කරනවා හරියට drive කරනවට. අතුරු පාරවල් වල එහෙම අපි ඉඩ දුන්නොත් අත වනල හිනාවෙලා සැලියුට් ගහල යන්නේ, හැමෝම එහෙමයි පට්ටම සිරා.

    paking මෙහේ හරිම වාතයි සමහර තැන වල paking 2 hrs ෆ්‍රී. ටවුන් එකට ඇතුලත අනිවා ගෙවන්න ඕන පැයට පවුමයි. එතන මැෂින් තියෙනවා ටිකට් ගන්න නැත්තන් වෙනම apps තියෙනවා ඒවගෙන් ගෙවන්නත් පුළුවන්. ගෙව්වේ නැත්තන් දඩේ ගෙදරටම එනවා.

    View attachment 199057View attachment 199058View attachment 199059

    කෑම.
    මෙහෙ ලංකාවේ වගේ අඩියෙන් අඩියට සිල්ලර කඩ නෑ ගොඩක්ම අඩුයි. ඉතින් බඩු ගන්න අනිවා ASDA, ලිඩ්ල්, ALDI වගේ ලොකු සුපර්මාකට් වලට යන්න ඕන. ඒවායේ ඉතින් නැති දෙයක් නෑ ඕනෑම දෙයක්. එළවලු එහෙම ගෙදර ගෙනත් හොදන්නවත් ඕනේ නෑ. ලංකාවේ රස කෑම ඒ කියන්නේ අඹ, පැපොල්, අන්නාසි, කෙසෙල් ගොඩක් මෙහෙ රස නෑ, හැබැයි අනිත් අතට ඇපල්, දොඩන්, මිදී, චෙරි, strawberry එහෙම පට්ටම රසයි හෙනම ලාබයි. කෑම ගොඩක්ම quality. මස් මාළු, ඉස්සෝ ඕන දෙයක් හෝදලා පැක් කරලා තියෙන්නේ, හාල් බාස්මතී තමා ගොඩක් තියෙන්නේ වෙන ඒවත් තියෙනවා. අපිට 3 දෙනාට මාසෙටම පවුම් 400ක් හොදටම ඇති අම්බානෙක එපා වෙන්නම කාල ඉන්න. චෝකොලට් වගේ ඒවා ඇති වෙනකන්.. මුලින් මුලින් ගොඩක් කෑවා දැන් එපා වෙලා ඉන්නේ. පොඩි උන්ට එහෙම නැති දෙයක් නෑ. සති අන්ත වල පොළවල් එහෙම තියෙනවා ඒවගේ ගොඩක්ම ලාබයි. ඉලෙක්ට්‍රික් බඩුත් ලංකාවේ ගණන් වගේම තමා හැබැයි හොද quality බඩු. සමහර ඒවා ලංකාවට වඩා ලාබයි. ඇත්තටම ලංකාවේ මොනාද තියෙන්නේ කියල හිතෙනවා මිනිස්සු ඇත්තටම පව්. බොන උන්ට බීලා මැරෙන්නම පුළුවන්, සාමානයෙන් Jack Daniel එකක් රුපියල් 7500ක් වගේ. බියර් තියෙන්නේ 4 හෝ 6 පැක් ලංකාවේ ගනන්ම තමා.

    View attachment 199060

    ඉස්කෝල සහ අධ්‍යාපනය
    මන් හිතන්නේ UK ඉන්නේ ලෝකේ දෙවෙනි තැන අද්‍යාපනය අතින්. මෙහෙ ආවම අපිට ලගම ඉස්කෝලේ දෙන්න රජය බැදී ඉන්නවා. කොහවත් යන්න පගාව දෙන්න නෑ online apply කරන්න තියෙන්නේ. එතැනදී පුළුවන් වටේ තියෙන ලග ඉස්කෝල select කරන්න. වෙකන්සි තිබ්බොත් අපිට අනිවා ඉස්කෝලේ දෙනවා, mail එකක් එවනවා. අපිට දුර එකක් අවොත් ඉඩ නැතුව, ආයේ ඉල්ලන්නත් පුළුවන්. දැන් අපේ කෙල්ලට අවේ 5km වගේ දුරින්, ලගම එකේ ඉඩ නෑ. අපි කිව්වම එයාල waiting list එකට දාගන්නවා. කල් ගන්න බැරි නිසා අපි මුලින් ආපු ඉස්කෝලෙට දැම්මා පස්සේ මාසෙකින් වගේ අනිත් ලග ඉස්කෝලයක් ආවා ඒ වෙද්දී අපේ එකා අර ඉස්කෝලෙට හුරු වෙලා. ටීචර්ල කිව්වා දැන් මාරු කරන්න එපා ඒක එයාට මෙන්ටලි බලපායි ඒ නිසා තියන්න කියල.

    මන් හිතන්නේ මෙහෙ අධ්‍යාපනය ලබන්න කෙනෙක් වාසනාවන්ත වෙන්න ඕන කියලා. එක කියන්න බැරි තරම් පට්ට. ලංකාවේ වගේ අකුරු ගිල්වන්න හදන්නේ නෑ. සමාජයේ ජිවත් වෙන හැටි මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි තවකෙනෙක්ට උදව් කරන හැටි, ගරු කරන හැටි practically කියල දෙනවා. බලන්න මේ තියෙන දේවල් පහල.

    View attachment 199061

    ඉස්කෝල සම්බන්ධ apps 3ක් වගේ තියෙනවා. 2 වසර වෙනකන් ඉස්කෝලෙන් කෑම ෆ්‍රී දෙනවා. එක app එකක් තියෙනවා කෑම තෝරාගන්න සහ book කරන්න event, trip වගේ ඒවාට payments එහෙමත් එකෙන්ම පුළුවන්. තව app එකක් තියෙනවා ටීචර් ළමයාගේ progress එක අපිට එවනවා weekly. එතැනදී ෆොටෝ එහෙම ගහල ළමයා කරපු දේවල් ඉගෙන ගත්ත දේවල් එවනවා. පන්තියේ කරන හොද දේවල් වලට ළමයින්ට ඉස්ටිකර් දෙනවා excellent කියලා. තව app එකක් තියෙනවා අපිට information එවනවා meetings වලට තව events වගේ දේවල්. ළමයින්ට සතියකට දවසක් තියෙනවා ඔය book, movie characters වගේ ඇදුම් ඇදන් යන්න පුළුවන්, අපේ එකා එහෙම fairy වගේ එහෙම යනවා ඉතින් හරි සතුටින්. මෙහෙ එද්දී කෙල්ලට අවුරුදු 5යි ගොඩක් ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඉස්කෝලේ ගිහින් දැනට මාස 2ක් වගේ හැබැයි දැන් සුද්දෙක් වගේ හරිම ලස්සනට ඒ ඇක්සන්ට් එකටම කතා කරනවා අපිටත් පුදුමයි කොහොම අල්ල ගත්තද කියලා. parent meeting එකේ ටීචර් කිව්වා එයාගේ කිසිම අවුලක් නෑ හැමදේම හොදට කරන්න ගොඩක් මහන්සි වෙනවා ඉස්කෝලෙදි කියලා.
    මෙහෙ ළමයින්ට ගහන්න බනින්න තහනම්. ළමය නිකමට හරි ඉස්කෝලේ ගිහින් යාලුවෙක්ට හරි කිව්වොත් බඩුම තමා. ඔප්පු උනොත් ලමයව අපෙන් අයින් කරලා අරන් යනවා. අල්ලපු ගෙදර එකා හරි කමක් නෑ කෝල් එකක් දුන්නොත් එත් ඇති. ඉතින් හරි පරිස්සමින් තමා ඉන්න ඕන. හිතහන්කෝ ලමයව එහෙම අරන් ගියොත් අපිටත් පිස්සු හැදිලා තමා නතර වෙන්නේ. ඉතින් මෙහෙ ළමයින්ට දඩුවම් දෙන්නේ එයාලට ලැබෙන ප්‍රතිලාබ අඩු කරලා තමා, ඒ කියන්නේ TV නෑ, ෆෝන් දෙන්නේ නෑ , කැමති කෑම අරන් දෙන්නේ නෑ වගේ කියල තමා.

    මිනිස්සු.
    UK වල racism නෑ මට දැනිච්ච විදිහට හැමෝටම එක වගේ තමා සලකන්නේ. පෝලිම් වල එහෙම හරියටම ඉන්නවා නිතරම ඉඩ දෙනවා අනිත් කෙනාට. උදව්වක් කරත් "Thankyou my love" කියල තමා ගොඩක්ම අය කියන්නේ. කැෂියර් එකේ බිල ගෙවන්න ගියත් ගොඩක් ආදරෙන් පිලිගන්නවා යද්දී greeting කරලා තමා යන්නේ. මෙහෙ good morning කියන්නේ නෑ මුනට හම්බුනාම "You all right" කියල තමා අහන්නේ. ලොකුම අවුලකට තියෙන්නේ UK accent එක තේරෙන්නේ නෑ ඉතින් කියන සමහර දේවල් තේරෙන්නේ නෑ. UK මිනිස්සු ගොඩක් ලස්සන නෑ කෙල්ලෝ කොල්ලොත් එහෙමයි. උන් හැබැයි ලස්සනට exercise කරලා ඇඟවල් තියාගන්නවා. ජෝක් කරලා සතුටින් තමා ඉන්න හදන්නේ ගොඩක් අය. මෙහෙ සිංහල community එක පට්ටම ගොඩක් උදව් කරනවා . අපි එහෙම පවුල් කීපයක් එක්ක සෙට් උනා. අපිට dinner එහෙමත් කීපයක්ම දුන්න, අපිත් දුන්න. නිදාගන්න අලුත් හොද ඇඳක් එහෙම නිකන් දුන්න ගෙදරටම ගෙනත් මිනිස්සු එකිනෙකා ගැන care කරගන්නවා.

    අපිට දුන්න ඇඳ, dinner එහෙම
    View attachment 199062View attachment 199063

    රජය
    මෙහෙ අය කියන්නේ government එක corrupt කියල. එත් අපිට එක තේරෙන්නේ නෑ මොකද ඒ operations හරියටම වෙනවා. මන් දැන් vote කරන්න register උන ඒ verification letters එහෙම වෙලාවට ආවා. අපේ ගෙවල් වල කුණු එහෙම අරන් ගිහින් නැත්තන් අපිට පුළුවන් council එකට ඔන්ලයින් කියන්න එදාටම වගේ ඇවිත් ආයේ අරන් යනවා. ගෙදර කුණු දාන බින් එක කැඩිලා මන් කිව්වම ෆ්‍රී වෙන එකක් ගෙදරටම ගෙනත් දුන්නා. පාරවල් එහෙම ලස්සනට පිරිසිදුව තියෙනවා. දැන් මේ ඉස්කෝල, ගමනාගමනය එහෙම හරියටම වෙනවා. උදහරනක විදිහට මගේ මාසික utility බිල් එකට පවුම් 67ක් (Rs30000 වගේ) රජය ගෙවනවා. එහෙම බැලුවම ලංකාවේ මොනාද වෙන්නේ කියල මට හිතුනා. කුණු ලොරියේ එකාට සල්ලි දුන්නේ නැත්තන් කුණු ටික අරන් යන්නේත් නෑ.

    තාම ඇවිත් මාස 3යි ඒ අත්දැකීම් තමා මේ බෙදාගත්තේ. මොනාහරි කියන්න පුළුවන් උන කියල හිතනවා. තාමත් මගේ අදහස තියෙන්නේ ඔසී යන්න තමා බලමු තව ටිකක් ඉදලම.
    එහෙනං ආයුබෝවන් බුදුසරණයි !
    bump.
    update ekak danna
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,079
    4,635
    113
    But I feel it's not the same United Kingdom it was 20 years ago. Yes it will correct itself but it will take at least another two decades by that time we will be old. Lots of people are coming to Australia and working we don't recognize them because they look similar to Australians when we speak with them they are from UK and it's very hard to be successful and the cost of living is very high. The same goes to people from New Zealand anyway good luck
     
    • Wow
    Reactions: asbestos

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඔව් ඒක ඇත්ත. ඌ කිව්වට ඕක කරන්න බෑ. මේ රට තනිකරම දුවන්නේ Immigrant skilled workers ලගෙන්. Health sector එක තනිකරම කඩන් වැටෙනවා. අනිත් හැම Industry එකක්ම වැටෙනවා. ඊට වඩා human rights කේස් එකක් වෙනවා. අපි මේ රටට ඇවිත් ඉන්නේ අපි එන දවසේ තිබ්බ immigration rules වලට අනුව. මුන්ට හිතුන හිතුන විදියට වෙනස් කරලා ඒක back date කරන්න බෑ. අනික මුන්ට ලොකු tax income එකක් නැති වෙනවා. වැඩේ වෙන එකක් නෑ ඒත් මූ කියන කතා අහල සුද්දෝ ෆෝම් වෙනවා.
    Mama inne Chelmsford wala.....E paththe inna thawa kawuru hari innawada mekey??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටො ටිකට දිගටම ෂකබුං වෙලා නේද? ෆේස්බුක් වල පොටෝ දාපු එවුන් දැන් කිසි සබ්දයක් නෑ.🤔 එහේ උන් ලැට් එකට ගිහිං එන පරක්කුවට නීති වෙනස් කරන නිසා මට්ටො මිට්ටියොන්ගේ ෂතුට නැතිවෙලා😑
     
    • Haha
    Reactions: sami_boy

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මිට්ටො ටිකට දිගටම ෂකබුං වෙලා නේද? ෆේස්බුක් වල පොටෝ දාපු එවුන් දැන් කිසි සබ්දයක් නෑ.🤔 එහේ උන් ලැට් එකට ගිහිං එන පරක්කුවට නීති වෙනස් කරන නිසා මට්ටො මිට්ටියොන්ගේ ෂතුට නැතිවෙලා😑
    Dan eyaala Citizenship aragena UK wala Elakiriye thamayi post daanne.....oyaa kalabala wenna epaa aney...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Dan eyaala Citizenship aragena UK wala Elakiriye thamayi post daanne.....oyaa kalabala wenna epaa aney...
    කලබල වෙන්න දෙයක් නෑ, අරගලේ කාළේ ආපු උන්ට සිටිසන් නෙමෙයි ILR ගන්ටත් බැරි පොටක් තියෙන්නේ🙄