පැන්ඩෝරා ( Pandora) තමයි ප්‍රොමේතූස්ගෙ ( Promethuse) බිරිඳ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,915
    3,252
    113
    පැන්ඩෝරා නොහොත් බණ්ඩා මාමගෙ සිඩ්නි හෝටලේ හැදෙන හැටි

    පැන්ඩෝරා ( Pandora) තමයි ප්‍රොමේතූස්ගෙ ( Promethuse) බිරිඳ. (නෑනා.. පෙම්වතියක්. හිතවතියක්. හෝ අනියම් අනියම් බිරිඳ විය හැකියි) කවුද මේ ප්‍රොමේතූස්... එයා එසේ මෙසේ ග්‍රීක දෙවියෙක් නෙවෙයි... දෙවියන්ගෙන් රහස් හොරකම් කරල මිනිසුන්ට බෙදා දුන්නු කෙනෙක්. එයා තමයි දේව රහසක් වෙච්ච ගින්දර හොරකම් කරල මිනිස්සුන්ට දුන්නෙ.

    මේකට හොඳටම තරහ ගත්ත සියුස් පෙට්ටගමක් වගේ.. වහල සීල් කරපු පෙට්ටියක් දෙනව තෑග්ගක් විදිහට ප්‍රොමේතූස්ට. මේ රහස් පෙට්ටියේ පිරිල තියෙන්නෙ ලෙඩ රෝග .. දුක් කරදර... මරණ.. ඊරිසියාව.. මානසික ගැටළු.. වගේ දහසක් දේවල්. මේ පෙට්ටිය විවෘත්ත කරන්න එපා කියල තිබුනත් දවසක් පැන්ඩෝරා මේක විවෘත්ත කරනව. මේ තමයි ග්‍රීක පුරාවෘත්තයේ පැන්ඩෝරා.. හරියට රාමායනය වගේ නාඩගමක්. ඒත් අද කතාකරන්නෙ පැන්ඩෝරා ලිපි ගොනු ගැන. මුළු ලෝකෙම අද මේ ගැන කතා කරනව. ලංකාවට මේක වැදගත් වෙන්නෙ මහා මුදල් වංචා වලට ඈඳුනු පවුලක නමක් මේ ලිපි ගොනුවලින් එලියට ඇදුනු නිසයි. පැන්ඩෝරා ගැන කතා කරන්න බැහැ විමර්ශණ මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ගැන කතා නොකර. ( International Consoritum of Investigative Journalists ) ( ICIJ)

    මොකද්ද මේ එකමුතුව. මහා මුදල් වංචා.. මාෆියා සම්භන්ධ මුදල් හා දේපල වංචා.. රජ පවුල් හා දේශපාලන පවුල් .. ලෝක ප්‍රසිද්ධ නළු නිලියන්.. ව්‍යාපාරිකයින් බදු නොගෙවා මුදල් හංගන විදිහ වගේ බොහෝ දේවල් හෙලිදරව් කරන ස්වේච්ඡා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයක් තමයි මේ එකමුතුව. මේ එකමුතුව පිහිටෙව්වෙ දක්ශ මාධ්‍යවේදියෙක් වෙන ජෙරාඩ් රයිල් මහත්තයාගෙ ප්‍රධානත්වයෙන් 1997 දි. මෙයා තමයි අදත් මේ කණ්ඩායමේ අධ්‍යක්ශක.
    ලෝකයේ මේ බොරු සුචරිතවාදීන්ගේ වෙස්මූණු ගලවල ඇත්ත පෙන්නන්න රයිල මහත්තයාට හිතුනෙ… හොරකම් වංචා ඉවසන්න බැරි හින්ද විතරක් නෙවේ…. “කුනුගොඩ” වගේ පත්තර වලින් මේ හොරුන්ට දේශපාලකයන් වර්ණනා කරන එක හිස රදයක් වුණු හින්දයි. රටවල් 117 කට අයිති ජනමාධ්‍යවේදීන් 120 කට ආසන්න සංඛ්‍යාවක් මේ කණ්ඩායමට අයිතියි. බොහෝ දෙනා බොහොම අමාරු ජීවිත ගත කරන අය. සමහරුන්ට මේ නිසාම රහසිගත ජීවිත ගත කරන්නත්.. වෙනත් නම් වලින් පෙනී ඉන්නත් සිද්ධ වෙලා තියෙන්නෙ ඒ අයට ලැබෙන මරණීය තර්ජන කෙලවරක් නැති නිසයි.
    ඒ ඔක්කොම තියාගෙන ඒ නිර්භීත ගෑනු මිනිස්සු ටික බොහොම මහන්සි වෙලා වැඩ කරනව ලෝකෙට ඇත්ත එලි කරන්න. හේතුව වංචා කරන ධනවත් මිනිස්සු නිසයි දුප්පතුන්ට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ. අමතක කරන්න එපා.. ධනවතුන් කියන්නෙ තට්ටු දෙකේ ගෙයක් හදල වාහනයක් හෝ දෙකක් තියන මධ්‍යම පාන්තිකයො නෙවෙයි. එතකොට මේ ජනමාධ්‍ය වේදියො මොකද කරන්නෙ. ඒ අය කරන්නෙ ලෝකෙ වටේ තියන මන්දිර.. හෝටල්.. ආපන ශාලා.. වතු.. උයන්.. ක්‍රීඩාංගණ.. ක්‍රීඩා කණ්ඩායම් වගේ දේපල වල නියම අයිති කරුවන් හොයන එකයි.
    මේ අයිති කාරයො ඉන්නෙ බොහෝ විට වෙන රටවල. මේ ලෝකෙ තියන පිලිගත් නීතියක් තමයි කොල්ල කාල... හොරකම් කරල.. බදු වංචා කරල.. මුදල් උපයන්න බැහැ කියන එක. නමුත් බොහෝ ධානපතියන් සහ දේශපාලකයො කරන්නෙම මේක. කොහොමද මේ අය වංචා කරන්නෙ.? එක ක්‍රමයක් තමයි.. මුලින්ම පවුලෙ කෙනෙක් මාර්ගයෙන් ව්‍යාපාරයක් තියන පුද්ගලයෙක් සම්භන්ධ කර ගන්නව තමන්ගෙ පවුලට. ඊට පස්සෙ හොරකම් කරන මුදල් අර
    ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් විදිහට පෙන්වනව. මේකට කියන්නෙ කළු මුදල් සුදු කිරීමේ ක්‍රමය කියල. තවත් ක්‍රමයක් තමයි මුදල් ආයෝජනය කරන ව්‍යාපාර ආයතන මගින් මුදල් හංගන එක. අපි මෙහෙම හිතමු... රත්නපුරේ බණ්ඩා මාම රජයට අයිති කැලේ කපල .. ගස් විකුණල.. අනුන්ගෙ ඉඩම් විකුණල සල්ලි හොයනව. මේ තරම් සල්ලි ගොඩක් ලංකාවෙ වියදම් කරන්න බෑ. හේතුව වික්‍රමතුංග මහත්තයා වගේ පත්තරකාරයො ඉන්න්වනෙ තවම එක්කෙනෙක් හරි. දැන් මේ සල්ලි වලින් සිඩ්නි නගරයේ හෝටලයක් ගන්න බණ්ඩා මාම කල්පනා කරනව.

    මේ වගේ සල්ලි ආයෝජනය කරන තැනක් තමයි ත්‍රීකුණාමලේ ජයරාම් ඉන්වෙස්ට්මන්ට් සමාගම. බණ්ඩා මාම යනව ජයරාම් ගාවට. ජයරාම්ගෙ මුල් සමාගම තියෙන්නෙ මදුරාසියේ. ඔන්න මදුරාසි ජයරාම් සමාගම මොස්කව් නුවර තියන බැංකුවක දානව බණ්ඩා මාමගෙ සල්ලි ජයරාම්ගෙ ආදායමේ කොටසක් කියල. ඊට පසෙ මොස්කව් බැංකුව සිඩ්නි හෝටලේ මිළට ගන්නව. හැබැයි බැංකුව විතරයි දන්නෙ ජයරාම් තමයි හෝටලේ අයිතිකාරයා කියල. හේතුව බැංකුවට තියන නීති රීති .. ජාත්‍යන්තර ගිවිසුම් අනුව එයාලට ජයරාම්ගෙ නම හංගන්න පුළුවන්. නමුත් ජයරාම් විතරයි දන්නෙ මේ සල්ලි එන්නෙ ත්‍රීකුණාමලයෙන් කියල.. සමහර විට ත්‍රීකුණාමලේ ශාඛාව විතරයි දන්නෙ රත්නපුරේ බණ්ඩ මාමා තමයි සිඩ්නි හෝටලේ අයිති කාරයා කියල. කලින් කතාකරපු ජනමාධ්‍යවේදී කණ්ඩායම සිඩ්නි හෝටලේ හරහා තොරතුරු හොයනව එකින් එකට රත්නපුරේ ඉන්න අයිති කාරයා හමුවෙනකල්. මේව කාටවත් බොරු කරන්න බැහැ.
    හේතුව හැම ලියවිල්ලකම අත්සන් එක්ක තමයි මේ අය පෙන්වන්නෙ. ඔන්න දැන් කුණු ගොඩ පත්තරේ මැද පිටුවක දානව විස්තරේ රත්නපුරේ බණ්ඩා මාමගෙ නමත් පැන්ඩෝරා ලියවිලි වල තියනව කියල. මාර ලෙඩේ මේක.. හේතුව බණ්ඩා මාම තමා දායක සභාවේ සභාපති. ඔන්න ඉතිං මුළු ගම ඉස්සරහම බණ්ඩා මාම අඬනව.. මේව බටහිර බලවේග. මේ අය තමයි අපිව යටත් කර ගත්තෙ.. අපේ රට කෑවෙ.. ආයෙත් ඇවිත් අපිට ගරහන්න.. බුද්ධාගමට ගරහන්න.. අපේ ජාතිය විනාශ කරන්න. ජාතිය.. බුද්ධාගම.. විදේශ බලවේග කියන වචන ටික අහපු ගමන් ප්‍රශ්ණෙ ඉවරයි. ඊලඟ අවුරුද්දෙත් බණ්ඩා මාම තමයි දායක සභාවෙ සභාපති. හොඳයි ..ආපහු අපි යමු අපේ මාතෘකාවට..

    මෙන්න මේ විදියට එකතු කරගත්ත තොරතුරු සාක්ශි සහිතව ජන මාධ්‍යට වගේම සමාජ මාධ්‍යටත් මුදාහැරිය අවස්ථාවක් තමයි පැන්ඩෝරා ලිපි එහෙමත් නැත්නම් පැන්ඩෝරා පේපර්ස් කියල හඳුන්වන්නෙ. මීට අවුරුදු කීපයකට කලින් පැනමා පේපර්ස් Panama Papers විදිහටත් මේ වගේ ලිපිගොණු එලියට ආව. මේ ජනමාධ්‍යවේදියො “කුමණ්ත්‍රණයක ප්‍රථිඵලයක්ද ? “.. “නැගෙනහිර හෝ බටහිර උගුලක්ද.? “ කොහෙත්ම නෑ. මේ පැන්ඩෝරා ලිපි හරහා නැගෙනහිර මෙන්ම බටහිර ලෝකයේද වැදගත්.. අවංක නිර්ලෝභී විදිහට ප්‍රසිද්ධ සිය දාස් ගාණකගෙ හොරකම් එලි කරල තියනව.

    අනික කලින් සඳහන් කරා වගේ මේ ස්වේච්ඡා මාධ්‍යවේදීන් රටවල් 107 කට අයිතියි. මේ තොරතුරු ලැබෙන්නෙ ලෝකය පුරා තියන සමාගම් 27000 ක පමණ ප්‍රමාණයකින්... 29,000 ක් විතර ව්‍යාපාර හෝ දේපල හිමියන්ගෙන්. ඒ අතරෙ ප්‍රධන තොරතුරු සපයන සමාගම් එකොලහක් තියනව . මේ වංචාකාරයන් කොටස් දෙකකට අයිතියි.. පලවෙනි කොටසට තමයි බණ්ඩා මාමා අයිති වෙන්නෙ. ඒ කියන්නෙ පිළි නොගත් .. නීති විරෝධී විදිහට උපයාගත්ත සල්ලි තියන ඛාන්ඩෙ. දෙවනි ඛාන්ඩෙ තමයි.. ව්‍යාපාර වලින් ලාභ විදීහට සල්ලි හෙව්වත්.. බදු ගෙවන්න වෙන නිසා මේ සල්ලි පොත් පත් ..ලේඛණ වල නොපෙන්වා හංග ගන්න ඛාන්ඩෙ. මේ හංගන මුදල් වෙන රටවල ආයෝජනය කරනව.

    මේ තොරතුරු අනුව වැඩිම වංචාකාරයින් පිරිසක් ඉන්නෙ රුසියාවෙ හා ලතින් ඇමරිකානු රටවල. සමහරු දේපල මිළට ගන්නව.. සමහරු ව්‍යාපාර වල හංගනව.. සමහරු විදේශ බැංකුවල තැන්පත් කරනව. විදේශ මුදල් මේ විදිහට භාර ගන්න රටවලට කියන්නෙ ටැක්ස් හාවන්ස් කියල.. බදු පාරාදීස , තෝතැන්න හෝ බදු දිව්‍යලෝක වෙන්න පුළුවන් සිංහල තේරුම. මේ රටවල් අතර පෙරමුණේම ඉන්නෙ.. ස්විට්සර්ලන්තය ලක්සම්බර්ග් පැනමාව නෙදර්ලන්තය සිංගප්පූරුව සී ශෙල්ස් දූපත් කේමන් දූපත් බර්මියුඩා බ්‍රිටිශ් වර්ජින් දූපත් වගේ රටවල්. නමුත් මේ රටවල් ඛාන්ඩෙට රටවල් 63ක් අයිති වෙනව. පාකිස්ථානය..මැලේසියාව.. ඉරානය වගේ රටවල් මේ ලිස්ට් එකේ ඉන්නව. ඇයි අපි මේ රටවල් ගැන කතා නොකරන්නෙ. හේතුව කවුරුත් මේ රටවල මුදල් තැන්පත් කරන්නෙ නෑ විශ්වාසයක් නැති නිසා. දැන් අපි දන්නව පැන්ඩෝරා පේපර්ස් ලෝකයට මුදා හැරියෙ ජනමාධ්‍ය වේදීන් කන්ඩායමක් බව. මේ කණ්ඩායමට නීති වේදීන්.. තොරතුරු තාක්ශණයේ විශේෂඥ්ඥයින්.. තොරතුරු හා දත්ත ඇතුලත් කරන්නන් .. සේවා ස්පයන ආයතන වගේ බොහෝ දෙනෙක් සහයෝගය දීල තියෙනව.

    ඒ වගේ මිනිස්සු හා අයතන නිසා තමයි ලෝකෙට බොරු මූණු පෙන්නන කපටින්ගෙ තොරතුරු ලෝකෙට දැනගන්න පුළුවන් වෙන්නෙ. මේ ලිපිගොනුවල තියෙන්නෙ ලිපි විතරද..? නැහැ. ලිපි වලට අමතරව පිංතූර... ඊ මේල් පණිවිඩ.. ප්‍රස්ථාර.. වීඩියෝ හ හඬ පටි වගේ දේත් මීට ඇතුලත්. පොඩ්ඩක් බලමු කවුද මේ පැන්ඩෝරා පෙට්ටියෙන් එලියට පැනපු සුපිරි ධනපතියො කියල. අමතක කරන්න බැහැ නම් ප්‍රසිද්ධ නැති උනත් දේශපාකයො 336 දෙනෙක් මේ කපටි ලැයිස්තුවට ඇතුලත්.
    ජෝර්දානයේ රජතුමා. (දෙවන අබ්දුල්ලාහ්) ලෙබනනයේ අගමැතිවරුන් වූ නජීබ් මිකාති.. හසින් ඩියාබ්.. රියාද් සලාමේහ් පාකිස්ථාන මුදල් ඇමති ශෞකාත් තරින් හා ජල සම්පාදන ඇමති මූනිස් එලාහි චෙක් ජනරජයේ අගමැති අන්ද්‍රෙස් බාබිජ් ( මේ මහත්තයා නම් නියම දේශපාලකයෙක්... වංචාවට දූශණයත් තිත කියමින් විප්ලව කරල බලයට ආපු මේ මහත්තයා ප්‍රංශයේ දකුණු පලාතෙ තියන මහා බලකොටුවක් මිළට අරන් තියෙන්නෙ ඩොලර් මිලියන විසි දෙකකට... නමුත් ඒ මහත්තයාගෙ බොරු ප්‍රචාරණ යන්ත්‍රය කොයි තරම් බලවත්ද කියනව නම් මේ ලෝක්ක තමයි රටේ ජනප්‍රියම)
    කෙන් යානු ජනාධිපත් උහුරු කෙන් යාටා. බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්. රුසියානු ජනාධිපතිගේ ලඟම හිතවතිය හා කාර්‍ය සහායිකාව වන සුරූපී ස්වෙත්ලානා ක්‍රිවෝනෝගික්. ( සාමන්‍යා ආදායමකින් ජීවත්වන ස්වෙත්ලානා එක් වරම මොනාකෝ.. බහමාස් හා ටෝර්ටොලා දූපත් වල සුපිරි මාලිගා ගණනාවකම හිමි කාරියයි. පුටින් සර්ගෙන් ඉගෙන ගත් කපටි දේශපාලකයො
    බොහෝ දෙනා හිතවතුන් හෝ පවුලේ සාමාජිකයන් මාර්ගයෙන් සල්ලි හංගල තියන බව ප්‍රසිද්ධ කරුණක්). මේ වගේ නම් සිය ගාණක් දෙන්න පුළුවන්.. සුපිරි ගායිකා ශකිරා... සර් එල්ටන් ජෝන්... ඉන්දියානුවන්ගේ සිහින කුමාරයා සචින් තෙන්ඩුල්කාර්.. අපි දන්න අය අතරෙ පෙරමුණේ ඉන්නව. නම් ප්‍රසිද්ධ නොවුනත් ඇමරිකානු සුපිරි ධනවතුන් .. ව්‍යාපාර හිමියන්.. විශේෂඥ්ඥ වෛද්‍යවරු .. නීති වේදීන්.. ආයෝජකයන් සිය ගාණක් මේ ලයිස්තුවේ ඉන්නව. එකම පොදු ලක්ශණය තමයි මේ

    අය සුපිරි ධනවතුන් වගේම ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන ඉන්න අය වීම. ඔය නම් තියන නෝනා මහත්තුරු ඇරෙන්න තව වංචා කාරයො ගොඩාක් ඉන්නව.. ස්විස් බැංකු හිමියන්ගෙ නම් බැංකු විසින් හෙලි කරමින් ඉන්නව.. උදාහරණයක් විදිහට 60% කට අධික ඇමරිකානුවන්ගෙ ගිණුම් විස්තර ඇමරිකා එක්සත් ජනපදයට ඉදිරිපත් කරල ඉවරයි.. මේ ආරම්භය විතරයි. තවත් රටවල් ඉල්ලීම් කරමින් ඉන්නව. ( ස්විට්සර්ලන්තයේ මේ ප්‍රතිපත්තිය ගැන මගේ පැහැදීමක් නෑ.. නමුත් මේ අයගෙ නීති රීති හා ක්‍රමය මම කලින් ලිපියක පැහැදිලි කලා) පැනමා අයෝජකයො පරිස්සමෙන් සැකෙන් දැන් ඉන්නෙ. සී ශෙල්ස් දූපත් වල තැන්පත් කරල තියෙන මුදල් හා ඒවගෙ හිමි කාරයො ප්‍රසිද්ධ වුණු දවසට තමයි සමහරු ශැම්පේන් බොන්නෙත් තවත් සමහරු කිරිබත් උයන්නෙත්. මිලියන් 11.9 ක තරම් ලිපිගොනු තොගයක් හදන්න මේ මිනිස්සු බොහොම මහන්සි වෙලා වැඩ කරා.
    මේ කිසිම දෙයක් බොරු කියල කාටවත් කියන්න බෑ.. හේතුව මේ හැම එකක්ම සාක්ශි සහිතවයි මාධ්‍යට ඉදිරිපත් කරල තියෙන්නෙ. බොරු නම් ඔය ලෝක බලවතුන්ට නඩු දාන්න පුළුවන්. සුචරිත වාදීන්... දේශීය චින්තකයන්... භික්ශූන් විදිහට වෙස්වලාගත් මිනිසුන් සම්ප්‍රම්පලාප ලියාවි, ජාතිය... ඉතිහාසය.. බුද්ධාගම .. ඊනියා... බටහිර වගේ දිලිසෙන බැබලෙන වචන උළුප්පල. ඒ කරන්නෙ හොරුන්ගෙ රෙදි හෝදන එක විතරයි. විශ්වාස කිරීම හෝ නොකිරීම කියවන්නාගෙ අයිතියක්. තොරතුරු මූලාශ්‍ර. ICIJ වෙබ් පිටුව. වොශින්ගටන් පෝස්ට්.. ඩේලි ටෙලිග්‍රාෆ්.. අල් ජසීරා. ICIJ කණ්ඩායමේ ප්‍රධාන ජනමාධ්‍ය වේදීන්ගෙන් ඕනෙම කෙනෙක්ට තොරතුරු ගන්න පුළුවන්. ඒ අයගෙන් ප්‍රශ්ණ අහන්නත්
    ..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    අවටාර් ෆිල්ම් එකෙත් පැන්ඩෝරා කියල ග්‍රහලෝකයක් තිබ්බ නේද බන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මෙහෙමයි මචං ඔය මිඩියා , ඔය සංවිධාන තමයි ජිනීවා වල ලන්ඩන් වල ලංකාවේ මානවහිමිකම් කඩ උනා කියල කෑගැහුවේ
    පේනවනේ ඒ පිටිපස්සේ ඉන්නේ කව්ද කියල ?රට බේරගත්ත විරුවන්ට උන් නැගිටින්න දෙන්නේ නෑ.
    දැන් බලපන් ඔය නඩේෂන් කියන්නේ යුද්දේ කාලේ කොටින්ගේ බුද්ධි තොරතුරු තමන්ගේ මිතුරන් හරහා අරගෙන හමුදාවට දුන්නේ. ඒ මහත්තය දෙමළ නිසයි කව්රුත් සැක හිතුවේ නැත්තේ. මේවට තමන්ගේ බිරිඳගෙන් ලැබුන සහය කියල නිමකරන්න බෑ
    නඩේෂන් වගේ අයගේ තොරතුරු මෙහෙම ඊනියා බටහිර මිඩියා වල ලෝකෙටම විවුර්තවිම අපේ මාර්තුභූමියේ ජාතික ආරක්ෂාවට බලවත් පහරක් මේක මිලේනියම් සිටි 2 කිව්වත් නිවැරදි.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,915
    3,252
    113
    මෙහෙමයි මචං ඔය මිඩියා , ඔය සංවිධාන තමයි ජිනීවා වල ලන්ඩන් වල ලංකාවේ මානවහිමිකම් කඩ උනා කියල කෑගැහුවේ
    පේනවනේ ඒ පිටිපස්සේ ඉන්නේ කව්ද කියල ?රට බේරගත්ත විරුවන්ට උන් නැගිටින්න දෙන්නේ නෑ.
    දැන් බලපන් ඔය නඩේෂන් කියන්නේ යුද්දේ කාලේ කොටින්ගේ බුද්ධි තොරතුරු තමන්ගේ මිතුරන් හරහා අරගෙන හමුදාවට දුන්නේ. ඒ මහත්තය දෙමළ නිසයි කව්රුත් සැක හිතුවේ නැත්තේ. මේවට තමන්ගේ බිරිඳගෙන් ලැබුන සහය කියල නිමකරන්න බෑ
    නඩේෂන් වගේ අයගේ තොරතුරු මෙහෙම ඊනියා බටහිර මිඩියා වල ලෝකෙටම විවුර්තවිම අපේ මාර්තුභූමියේ ජාතික ආරක්ෂාවට බලවත් පහරක් මේක මිලේනියම් සිටි 2 කිව්වත් නිවැරදි.
    🙏🙏🙏
     
    • Haha
    Reactions: Didy

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මෙහෙමයි මචං ඔය මිඩියා , ඔය සංවිධාන තමයි ජිනීවා වල ලන්ඩන් වල ලංකාවේ මානවහිමිකම් කඩ උනා කියල කෑගැහුවේ
    පේනවනේ ඒ පිටිපස්සේ ඉන්නේ කව්ද කියල ?රට බේරගත්ත විරුවන්ට උන් නැගිටින්න දෙන්නේ නෑ.
    දැන් බලපන් ඔය නඩේෂන් කියන්නේ යුද්දේ කාලේ කොටින්ගේ බුද්ධි තොරතුරු තමන්ගේ මිතුරන් හරහා අරගෙන හමුදාවට දුන්නේ. ඒ මහත්තය දෙමළ නිසයි කව්රුත් සැක හිතුවේ නැත්තේ. මේවට තමන්ගේ බිරිඳගෙන් ලැබුන සහය කියල නිමකරන්න බෑ
    නඩේෂන් වගේ අයගේ තොරතුරු මෙහෙම ඊනියා බටහිර මිඩියා වල ලෝකෙටම විවුර්තවිම අපේ මාර්තුභූමියේ ජාතික ආරක්ෂාවට බලවත් පහරක් මේක මිලේනියම් සිටි 2 කිව්වත් නිවැරදි.
    Are you serious? 😂