රිච්මන්ඩ් මාළිගාව

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    780A0F59-1C1D-4D84-A0F1-BE3AAAF67D3F.jpeg


    දරුවන් නොලද පියා |
    ඔයාලා රිච්මන්ඩ් මාළිගාව බලන්න ගිහින් නැත්නම් අනිවාර්යෙන්ම දවසක් වෙලාවක් වෙන් කරගෙන බලන්න යන්න. කොලඹ අවට ඉන්න කෙනෙක්ට නම් මහ දුරක් නැහැ. තියෙන්නේ කළුතර. කොලඹ ඉඳන් එන කෙනෙක්ට කළුතර බෝධිය පහු කරගෙන ගියාම හම්බවෙනවා ශාන්ත ජෝන් පල්ලිය. එතන ඉස්සරහා ලොකු ඔරලෝසු කණුවක් එක්ක වටරවුමක් තියෙනවා. එතනින් වමෙන් තියෙන ‘ගඟබඩ පාර’ දිගේ කෙලින්ම ගියාම හම්බවෙනවා පලාතොට - කෙත්හේන මාර්ගය. ඒ පාරේ කෙලින්ම ගිහින් භික්ෂු විවේකාරාමය පහු කරනවත් එක්කම හමුවෙනවා රිච්මන්ඩ් මාළිගාව.

    රිච්මන්ඩ් කියන වචනය එන්නේ Rich man, එහෙමන් නැත්නම් පොහොසත් මිනිසා කියන වචනයෙන්. කළුතර දිසාව භාරව හිටපු යුරෝපයට ගිහින් ඉගෙන ගත්තු මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා මේ මාළිගාව හදන්නේ විශේෂ හේතුවකට. ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා කසාදයක් බඳින්න පොහොසත් රූමත් තරුණියන්ගේ යෝජනා තියෙනකොට මේ තරුණයා මැටිල්ඩා සූරියබණ්ඩාර කියන කළුතර දිසා විනිශ්චකාරතුමාගේ දුවට කැමති වෙනවා.

    නමුත් මේ තරුණියගේ පාර්ෂවයෙන් මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ යෝජනාව ගෙනාපු තරුණයගේ පොහොසත්කම මදි කියලා. ඔය අතරේ ආදර් සිල්වා තරුණයා යනවා ඉන්දියාවේ ව්‍යාපාර කටයුත්තකට. මෙයාලා වැඩිමනක් කරේ රේන්ද ව්‍යාපාර. ඉන්දියාවේ දී රාම්නාද් හි රාජා කෙනෙක්ගේ මාළිගාවක් දැකපු ආතර් සිල්වා තරුණයා රාජාගෙන් ඒ මාළිගාවේ සැලැස්ම ඉල්ලනවා හදන්න.
    එච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා අවඥාවෙන් හිනා වුනා ඇරෙන්න සැලැස්ම දුන්නේ නැහැ. එවෙලේ ආතර් සිල්වා මේ රාජාත් එක්ක ඔට්ටුවක් අල්ලනවා මාළිගාව හදලා පෙන්නනවා කියලා. ඉතින් මේ තරුණයා ලංකාවට ඇවිදින් දක්ෂ බාස් උන්නැහේලා දෙන්නෙක්ව ඉන්දියාවට පිටත් කරලා කියනවා පිටතින් ඉඳලා මාළිගාව බලාගෙන එන්නෙයි කියලා.
    එහෙම බලාගෙන ඇවිත් තමා මේ බාස් උන්නැහේලා මේ මාළිගාව හදන්නේ. මාළිගාව අක්කරයක්. ඉඩම අක්කර 42ක්. මේ බලකොටුව දැකපු කළුතර දිසා විනිශ්චකාරතුමා තමන්ගේ දුවව ආතර් සිල්වා තරුණයට කසාද බන්දලා දෙන්න කැමැත්ත පලකරනවා. නිවසට ගෙවදීවමයි විවාහයයි සිද්දවෙන්නේ එකම දවසක. ආතර් සිල්වා එතනින් නතර වෙන්නෙ නැහැ. මාළිගාව විවෘත කරන්න ආරාධනා කරන්නේ තමන්ට සැලැස්ම නොදුන්න රාම්නාද්හි රාජාට. පල්ලෙහා මම අමුණලා තියෙන්නේ ඒ රාජා බලකොටුව විවෘත කරන්න ආපු වෙලාව ගත්තු ඡායාරූපයක්.
    619144D4-4F51-428F-A634-DC0114006D28.jpeg


    මේ මාළිගාවේ ගෘහ නිර්මාණ ශිල්පය අති විශිෂ්ටයි. එක කාමරයක කතා කරන දෙයක් තව කාමරයකට ඇහෙන්නේ නැහැ, කළු ගඟෙන් එන හුලඟ නර්තනශාලාවට පොලොව යටින් එන්න සලස්වලා දුන්න ස්වභාවික වායුසමීකරණය, මැද මිදුලේ සිංහ රූප කටින් වතුර වෑස්සීම, වැසි ජලය ක්‍රමවත්ව බැහැර වීම ආදී නොයෙකුත් දේවල් වලින් මේ මාළිගාව සමන්විත වෙලා තියෙනවා.
    මේ මාළිගාවේ කතාවට තියෙන්නේ ශෝකාන්තයක්. ආතර් තරුණයා විවාහ වෙනකොට වයස අවුරුදු 21යි. තරුණියට වයස 20යි. මේ දෙන්නා මාළිගාවේ ජීවත්වෙනවා අවුරුදු 30ක්. ආතර් තරුණයා ගොඩක් කැමැත්තෙන් හිටියා ළමයින්ට. නමුත් අවාසනාවකට මේ යුවළට ළමයි හිටියේ නැහැ.

    මේ නිසා ආතර් සිල්වා තරුණයා මාළිගාව ඉදිරියෙන් ගැහැණු ළමුන් දෙන්නෙක්ගෙත් පිරිමි ළමයි දෙන්නෙක්ගෙත් පිලිම හතරක් හදන්න නියෝග කරනවා. පිරිමි ළමයි දෙන්නා මාළිගාවේ උඩු මහළ දිහා බලාගෙන ඉන්නේ. ගැහැණු ළමයි දෙන්නා බිම බලාගෙන ඉන්නේ. ඒකට හේතු වුනේ තරුණයා වැඩියෙන්ම කැමති පිරිමි ළමයින්ට නිසා. ළමයි නැති ශෝකය නිසා මේ තරුණයා කාන්තාවන්ගේ රූප අඹන්න නියෝග කරනවා. නමුත් එයාලා ඉන්නේ බලකොටුවෙන් පිටත බලාගෙන.

    ජනප්‍රවාදයක තියෙනවා ආතර් සිල්වා තරුණයාගේ බිරිඳ සේවකයෙක් එක්ක පෙම් සබදතාවක් තිබුනා කියලා. ජනප්‍රවාදය කෙසේ වෙතත් මේ තරුණයා තමන්ගේ බිරිඳව නැවතත් ඇයගේ දෙමව්පියන්ට බාර දෙනවා.
    මාස්පතා එකල වටිනාකමින් රුපියල් 300කුත් පොල්ගෙඩි 250කුත් බිරිඳට දෙන්න කියලත් ඉතිරි දේපළ ළමයින්ගේ සුබසිද්ධිය සදහා යොදවන්න කියලත් ආතර් සිල්වා තරුණයාගේ අන්තිම කැමති පත්‍රයේ සදහන් කරලා තමන්ගේ දේපළ මහා භාරකාර දෙපාර්තුමේන්තුවට පවරනවා. මේ නිසා ළමා නිවාසයක් රිච්මන්ඩ් බලකොටුවේ තියෙනවා.

    බිරිඳ කන්‍යාරාමයක දී මියයනවා. බිරිඳව මාළිගාවෙන් පිටත් කරපු හැටියේ මාළිගාවට සමු දුන් මේ තරුණයත් මහනුව ක්වීන්ස් හෝටලයේ 75 වෙනි කාමරයේ අවුරුදු 6ක් ගත කරලා ජීවිතයට සමුදෙනවා.

    උපුටා ගැනීම - වාසිතය පිටුවෙන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,513
    113
    Colombo
    දකුනු රටේ එකෙක් වෙලත් ගේමක් ගහගන්න බැරි වෙලා :(
     
    • Like
    Reactions: reuse

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේකෙ ඉන්න උන්ගේ හෙන ලොකු කමක් තියෙන්නෙ. කිසිම දේක ෆොටෝ ගහන්න බැ. ෆොටෝ ගහන්න ඕනි නම් මහාභාරකාර දෙපාර්තමේන්තුවෙන් අවසර අර ගන්න ඕනි. අනිත් දේ තමයි, කපල් මෙතනට යන්නෙ නැ. කපල් එකක ගියොත් ඒ සම් බ්න් දේ එතනින් ඉවරයි. මේකේ ඇත්ත නැත්ත දන්නෙ නැ. ඒත් ගොඩක් උන් මේ කතාව කියනවා. ඉස්සර වෙඩින් ෂූට් එහෙමත් කරපු තැනක්. දැන් මොකෙක්වත් කරන්නෙ නැ. ෂූට් කරපු කසාදත් සැහෙන ලෙෆ්ට් වෙලා. හෙනම මූසල පෙනුමක් තියෙන්නෙ. මියුසික් වීඩියෝවලත් මේ ලොකේෂන් එක සැහෙන පාචිචි කරලා තියනවා. ඔබ ඇපල් මලක් වාගේ එකේ බංගලාවත් මේක. ඒවගේම සරිගම එකේ කෙල්ලො ටික බැහගෙන එන පඩිපෙළ තියෙන්නෙත් මේ බංගලාවේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    මෙයාලා වැඩිමනක් කරේ රේන්ද ව්‍යාපාර.
    විශේෂයෙන් සඳහන් කරන්න ඕන මෙතන මේ රේන්ද ව්‍යාපාර කියන දෙයින් අදහස් වෙන්නේ රෙදි සම්බන්ද රේන්ද නෙමෙයි. ඒ කාලේ රේන්ද කියන්නේ සීල් අරක්කු විකුණන තැබෑරුම් වලට.

    මාස්පතා එකල වටිනාකමින් රුපියල් 300කුත් පොල්ගෙඩි 250කුත් බිරිඳට දෙන්න
    රුපියල් 300 රෝල් කරලා ගහගන්න අනේ පුකේ කියයි අද එහෙමනම් :(
    ------ Post added on Feb 6, 2023 at 1:27 AM
     
    • Like
    Reactions: reuse