රිදවන්නට මා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    alone.jpg

    මාගේ කනට කර මිමිනූ
    ආදරණීය වදන්
    දෙසවන් තුල තවමත්
    එහෙට මෙහෙට
    දොංකාර දෙනවා මිසක
    ඇසෙන්නේ නැත
    කිසිවෙකු පවසනා යමක්

    මුලු ලෝකයම අන්ධකාරයෙන්
    කිසිවෙක් නොපෙනේ මට
    එකම එක දෙයක් හැරෙන්නට
    නුඔගේ රුව මා දෑස් ඉදිරිපිට

    එක් වචනයක් ඇති රිදවන්නට මා සිත
    නුඔද ඒ බව දැන සිටියා නිසැකවම
    ඇයිද දැන් හැරදමා , මා කල වරද නම් කවරක්ද
    ඉවසන්නේ කෙලෙසකද , තවත් නම්
    හඬනාවා මහා හයියෙන් ඇසෙන්නට මුලු ලෝකයාටම
    සත්තමයි තව මොහොතකින්
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කසුන් ඔයා ගේ නිර්මාණ වලින් හොදම නිර්මාණයක් ෙම්ක. ලස්සනයි. තව ඉදිරියටත් නිර්මාණ කරන්න.
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :( සාර්ථක නිර්මාණයක් සහෝ.
    සුභ පැතුම් ඉදිරියත් නිර්මාණ කරන්නට:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කසුන් ඔයා ගේ නිර්මාණ වලින් හොදම නිර්මාණයක් ෙම්ක. ලස්සනයි. තව ඉදිරියටත් නිර්මාණ කරන්න.

    බොහොම ස්තූතියි යාළුවා
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    "එක් වචනයක් ඇති රිදවන්නට මා සිත - නුඔද ඒ බව දැන සිටියා නිසැකවම"
    adaraye swbawaya me padha deke apuruwata gabwela thiyanawa... dedenek athara athi thadabala bandeema ma yam yam awasthawan waladi owun ekineka ridawanna toda gannawa... harima apuruwata liyala thiyanawa mithraya...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දර ආදරයේ වියෝව සිතට ගෙනෙන විස්සෝපය.. අලුත් පිවිසීමක් ගැන නිනව්වක් කොහෙත්ම නැහැ.. සිත නිරන්තර අතීත සැමරුම් ආක්‍රමණයක.......

    ලස්සනට රහට ලියැවිලා තිබෙනවා..මල්ලියට ජය!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    "එක් වචනයක් ඇති රිදවන්නට මා සිත - නුඔද ඒ බව දැන සිටියා නිසැකවම"
    adaraye swbawaya me padha deke apuruwata gabwela thiyanawa... dedenek athara athi thadabala bandeema ma yam yam awasthawan waladi owun ekineka ridawanna toda gannawa... harima apuruwata liyala thiyanawa mithraya...

    ආදරය කරන දෙදෙනෙක් , බොහෝ විට එකිනෙකාගේ සියුම් ඉරියව් පවා හොදින් දැන සිටිනවා , බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සුන්දර ආදරයේ වියෝව සිතට ගෙනෙන විස්සෝපය.. අලුත් පිවිසීමක් ගැන නිනව්වක් කොහෙත්ම නැහැ.. සිත නිරන්තර අතීත සැමරුම් ආක්‍රමණයක.......

    ලස්සනට රහට ලියැවිලා තිබෙනවා..මල්ලියට ජය!!

    සැබැවින්ම කල ප්‍රේමයෙන් කෙසේනම් මිදෙන්නද? ස්තූතියි ඔබට