මම ගියේ දැනට තිබෙන කලු සුදු ලයිසන් එක අපැහැදිලි නිසාත් බයිසිකල් ලයිසන් එක ගන්න ඕන නිසාත්ය. කලින් කිරියේ මිත්‍රයන් දීපූ උපදෙස් අනුව උප්පැන්නේ ඔරිජිනල් කොපි එකයි, අයිඩින්ටි කාඩ් එකයි, පරණ ලයිසන් එකයි අරගෙන නුගෝගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගියා උදේ 7.45 වෙද්දි. නිල් පාට අකුරු සහිත ඇප්ලිකේෂන් එකක් ගේට්ටුවේ මුර කුටියෙන් අරගෙන පුරවාගෙන් ආයතනය ඇතුළට ගොසින් උස බර සහන් කරන නෝනාකෙනෙකුගෙන් ඒ දේවල් සටහන් කරගෙන පෝලිමට ගියා.
ලැබුණු අංකය 215. අවශ්‍ය කටයුතු සියල්ල සිදු වන නමුත් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනාගේ ඥාතින් 200ක් පමණ දිනපතාම එහි පැමිණ ඥාතින්ගේ සාක්කු පුරවන නිසාදෝ වැඩි සැලකිල්ල ඔවුන්ටයි. ලංකාවේ වැඩියෙන්ම ඥාතී පරම්පරාවල් සිටින්නේ එහිය. මන්ද යත් දිනකට අවම 200ක් බැගින් සතියකට 1000කි. මාසයකට 4000කි.
කෙසේ නමුත් පෝලීමේ පැයක පමණ කාලයක් සිටගෙන සිටීමෙන් පසු මාගේ වාරය එළඹිණි. අයදුම් පත ලියාපදිංචි කරන ස්ථානයේ ඡයාරූප ගෙන අදාළ අයදුම් පත් පුරවා මුදල් අයකැමි වෙත යොමු කරයි.
ඉන් පසු යන එන තැනක් ගැන හාංකවිස්සියකවත් නොමැති නිසා එහි සිටි නිලධාරීයෙකුගෙන් ඊළඟට යන්නට ඕනෑ කවර ස්ථානයකටදැයි විමසූ විට ඔහුට හරිහරියට තරහා ගිය බැවින් සාමව බජනය කර ඉන් ඉවත්වී කටයුතු අවසන්වී වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් බලා සිටි අයෙකුගෙන් අසාගෙන ඉහළ මාලයට ගොස් රුධිර පරික්ෂාවට යොමු විය.
එතනත් ඥාතීන්ගේ සංග්‍රහයයි. කෙසේ හෝ කේන්තිය පිට කර උදහසට ලක් විණි නම් මා වෛද්‍ය පරික්ෂණය අසමත් වේදැයි සැක සිතු බැවින් නිසොල්මනේ කිසිවක් නොදකින ගානට සිටියෙමි. ඊළඟ ශාරීරික යෝග්‍යතාවය මනින රුසියානු වෛද්‍ය උපාධියක නාමපුවරුවක් සහිත තැනකට රැගෙන ගියේ අප 10 දෙනෙකු පමණ එක්වමයි.
වෛද්‍ය වරිය සූදානම් වූයේ අප සියලුදෙනාගේ වාර්තා නිසි පරීක්ෂා කිරීමෙන් ලබා දිය යුතුය යන්න අවශ්‍යතාවය බව ප්‍රකාශ කරමින්ය. එවිට ඇයට ලැබුණු දුරකථන පණිවිඩයකට පසු එහි අනෙක් සේවකයට කියා සිටියේ ඇගේ නැන්දාගේ පුතා පැමිණ ඇති බවයි. එතෙක් කරගෙන ආ සියලු කටයුතු පසෙකලා ඈ නැන්දාගේ පුතාට යුතුකම් ඉෂ්ට කරන ලද්දේ නිසි පරික්ෂණ විධි ක්‍රමවේද නොසලකාය.
නැන්දාගේ පුතා බැවින් ඇවස්ස මස්සිනාගේ අංගෝපාංග ගැන ඇයට අයිතිවාසිකමක් වන බැවින් අපට සියල්ල ඉවසාම සිටිය යුතුම විය. එතන සිටි කාර්යාල සහකයාට නැන්දාගේ පුතාගේ ගොනු දී ඔහුගේ සියලු කටයුතු ඉටු කර අවසන් කර වහාම පිටත් කරන ලෙස උපදෙස් ලැබිණි.
දැන් එහි කටයුතුවලට සහය දක්වන්නට කෙනෙකු නැතිය. දැන් මෙතෙක් වේලා බලා සිටි අප කලිසම් කකුල් උස්සාගෙන ෂර්ට් බොත්තම් ඇරගෙන ශරීර පරීක්ෂාවට ලක්විය. ඇය දැන් නම් නිතියට අනුකූලව ක්‍රියා කරන හරිම හොද කෙනෙකි. දෙතුන් දෙනෙකුම ඇස් කන්නාඩි සඳහා යොමු කරනු ලැබීය. ඒ අල්ලපනල්ලේ නැන්දාගේ පුතාගේ කටයුතු අහවර කර පිටත්කර යැවූ ද්‍රවිඩ ජාතික සේවකයා නැවත පැමිණියේ ඔහුගේ මුස්ලිම් නැන්දාගෙනෙකුගේ පුතාද කැටුවය. කෙසේ නමුත් 11 පමණ වන විට කටයුතු අවසන්ව 11.30 පමණ වන විට වෛද්‍ය වර්තාව බෙදා දෙනු ලැබීය.
ඒකත් අරගෙන මහාමාර්ගයට අවතීර්ණය වන අතර වේරහැර කැන්දාගෙන යන්නට ත්‍රීව්‍රීල් සහෝදරයන්ගෙන් බෙරෙන්නට බැරිය. අප දෙදෙනෙකු එක්ව 150 බැගින් බෙදෙගෙන ඒ ගමනත් පිටත් විමු.
යන ගමන් මගේ ගමන් සගයා ත්‍රීවීල් රියදුරා හා කථා බහට වැටී ඔහුට අවශ්‍ය වූ නව රියදුරු බලපත්‍රය අදම ලබා ගත හැකි ක්‍රමවේදයක් විමසූවේ ප්‍රායෝගික පරීක්ෂණ මගහරින අවශ්‍යතාවයක්ද ඉස්මතු කරමිනි. වැඩේ 7000කට තින්දු විය. වේරහැර ලර්නර්ස් එකකට පැමිණ මුදල් බැද යන ලෙස ඔහුට දැනුම් දීමක් ලැබිණි. මා අත එපමණ මුදලක් නැති නිසාත්, සාමාන්‍ය ක්‍රමවේදයට පරිභාහිර ක්‍රමවේදයක් ගැන මා තුළ ඇති අවිශ්වාසය නිසාත් ඔහු සමගම පරිශ්‍රයට පිවිස මා මගේ පාත් එකේ ගමන් කලෙමි. මා හට ලැබුණු අංකය 614යි. දැනට ක්‍රියාත්මක වී තිබුනේ 500දක්වායි.
මා කල් වෙලා ඇති බැවින්කැන්ටින් එකට ගොස් තේ එකක් බී ප්‍රායෝගි පරීක්ෂණය සිදු කරන දෙස බලා සිට නැවත පැමිණ පැය 2කට පමණ පසු අංකයට කැදවිමක් ලැබිණි.
අදාළ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු විණි. පැයක් අතුළත මා හට තාවකාලික රියදුරු බලපත්‍රය, එල් පර්මිට් එක, ප්‍රායෝගික පරීක්ෂණය පැමිණීමට දිනයක් ආදී සියලු කටයුතු අවසන් විය. මා කටයුතු අවසන්ව පිටතට පැමිණෙත්ම මා සමග ත්‍රීවිලර් එකේ පැමිණි කප්පම් ෂෝර්ට් කට් එකකින් අදම ලැයිසොම අතට ගන්නට ඇති සගයා මුණ ගැසුනු විට ඔහුගේ මුහුණේ දුටු සිනහවෙනම් මා සිතුවේ වැඩේ හරිය කියාය.
මා ඔහුගෙන් විමසූ විට ඔහු මහත් සතුටින් කීවේ ඔක්කොම හරි කියයි. ලයිසන් එක ලැබුණාද කියා විමසූ විට නැහැ ට්‍රයල් ඩේට් එක ලැබුණා යි පැවසූ නිසා මා අන්ද මන්ද විය. මා අත වූ ලිය කියවිලි සහ ඔහු අත ඇති ලිය කියවිලි අතරින් ඔහුට අඩු වූයේ තාවකාලික රියදුරු බලපත්‍රයයි. මන්ද යත් ඔහු නව බලපත්‍රයකට ඉල්ලූ නිසායි. මා 3600/-ක අදාළ ගාස්තු ගෙවා අදාළ පිළිවෙලට කටයුතු කරත්දී ඔහු 10000කට වඩා වියදම් කර විශාල ප්‍රෝඩාවක හසුව තිබිණි.