රියදුරු_බලපත්‍රය_SMS updates

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රියදුරු_බලපත්‍රය_SMS updates


    රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා SMS තාක්ෂණය උපයෝගි කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස් කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව අයදුම්කරුවන් හට SMS මාර්ගයෙන් දැනුම් දිමටයි එම වැඩපිලිවල යටතේ සැලසුම් කර ඇත්තේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර සඳහන් කලේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ සහය ඇතිව මෙම නව ක්‍රියාවලිය සති දෙකක කාලය තුලදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බවයි.

    " රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය යම් ඉල්ලුම්කරුවෙක් විසින් තමන්ගේ අයදුම්පත්‍රය භාර දුන්නාම අපේ නිලධාරීන් කියන්නේ පැය 02 කින් ආපසු පැමිණෙන්න කියලා. නමුත් ඇතැම් අවස්ථාවලදී එම කාලය ඉක්මවා යන නිසා මේ අලුත් ක්‍රමය හරහා අදාළ ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සකස් කොට අවසන් වූවායින් පසුව ඒ ගැන SMS මාර්ගයෙන් ඔවුන්ට දැනුවත්වීම් කිරීමටයි සැලසුම් කර ඇත්තේ" මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපාලි ජයසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) දිනයේදී නොදන්වා නිරීක්ෂණ චාරිකාවකට පැමිණියා. එහිදී එහි සිටි ජනතාව ජනාධිපතිවරයාට ප්‍රකාශ කලේ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටළු හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

    ඒ අනුව ජනාධිපතිවරයා එහි සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ප්‍රකාශ කලේ ජනතාවට ක්‍රමවත් රාජ්‍ය සේවයක් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කොට ඉදිරි මාසයක කාලය තුලදී එය ක්‍රියාවට නංවන ලෙසයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදේ 6 ඉඳල ඔතන රස්තියාදු වෙන එක මිනිස්සුන්ට කියන්න අමතක උනා. නැත්නම් ඒකත් සුටුස් ගාල විසඳල. 3%ට රිදෙයි මේකට
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ජනාධිපති තුමා ඊයෙ RMV එකට ගියා අද වෙද්දි විසදුමක් දුන්නා 3% මහත්වරුන්ට නම් මේවා දරාගන්න බෑ


    නව ක්‍රියාවලිය සති දෙකක කාලය තුලදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බවයි.


    anyway superb move!
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1577447064881.jpg
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Ow hutto mama ranilta puka denawa.
    Thopith mahindata puka denawa.
    Mata hithenne API dennama political
    Ganikawooo