රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට් සිස්ටම්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට් සිස්ටම්



    රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට් සිස්ටම්

    නව ආරක්ෂිත උපාංග/විශේෂාංග මෝටර් රථ වලට ඇතුලත් කිරීම සහ ඒ‌වා සංවර්ධනය කිරීම ඉතාම ඉහල තලයකට ගමන්කරමින් තියෙන මේ යුගයේ රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට් කියන්නේ ඇ‌ඩ්වාන්ස් ඩ්‍රයිව් ඇ‌සිස්ට් සිස්ටම් එකට අයත් වෙන නවීන මෝටර් රථවල භාවිතා කරන තවත් අලුත් ආ‌රක්ෂිත විශේෂාංගයක් කියලා හඳුන්වලා දෙන්න පුලුවන්.

    මෝටර් රථ ආ‌රක්ෂිත විශේෂාංග/උපාංග ගැන කතාකරනකොට පැසිව් ආරක්ෂිත විශේෂාංග,ඇ‌ක්ටිව් ආරක්ෂිත විශේෂාංග සහ ඩ්‍රයිව් ඇ‌සිස්ට් තාක්ෂණය ලෙස මෝටර් රථයක් තුළ ආරක්ෂිත විශේෂාංග ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන්කර දක්වන්න පුලුවන්.

    පැසිව් ආරක්ෂිත විශේෂාංග යටතට හදිසි අනතුරකදී මෝටර් රථය තුල සිටින මගීන්ගේ ආ‌රක්ෂාවට සඳහා තියෙන එයාර් බෑග්,සීට් බෙල්ට් සහ බම්පර් බාර්/ක්‍රෂ් බාර් ආ‌දිය ඇ‌තුලත්වෙනවා.

    ඇ‌ක්ටිව් ආරක්ෂිත විශේෂාංග වලට මෝටර් රථයේ ධාවනයේ දී ඇ‌තිවිය හැකි අනතුරැ වැලැක්වීම සහ අධීක්ෂණය කිරීමට හෝ එහි බරපතලකම අඩු කිරීමට ක්‍රියාත්මක වෙන උපාංග ඇ‌තුලත් වෙනවා.ඒ‌ කියන්නේ ඇ‌ක්ටිව් ආ‌රක්ෂිත විශේෂාංග යටතට ඉලෙක්ට්‍රොනික් ස්ටැබිල්ට් කොන්ට්‍රෝල්,ඇ‌න්ටි ලොක් බ්‍රේක්,එමර්ජන්සි බ්‍රේකිං,ලේන් ඩිපාර්චර් වර්නින් සහ ෆෝවර් කොලිෂන් සිස්ටම් ආ‌දිය අයත් වෙනවා.

    රියදුරු හට පාරේ ඇ‌තිවිය හැකි ගැටලු හඳුනා ගැනීමට උපකාර සියලුම අංගයන් ඩ්‍රයිව් ඇ‌සිස්ට් තාක්ෂණයට අයත් වෙනවා.ඔටෝ සහ ඇ‌ඩප්ටිව් හෙඩ් ලයිට්,පාර්ක් ඇ‌සිස්ට් සිස්ටම්(පාර්කිං සෙනස්ර් සහ රිවර්ස් කැමරා),රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට්,බ්ලයින්ඩ් ස්පොට් මොනිටරිං,රියදුරු ට තෙහෙට්ටු ඇ‌තිවීමේ අධීක්ෂණ උපාංග ආ‌දිය මෙයට අයත් වෙනවා.

    ආ‌රක්ෂක අංග අතරින් රිවර්ස් කැමරා සහ පාර්කිං සෙන්සර් රියදුරන් හට විශාල වශයෙන් උදව්වෙන අතර රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට් ඩ්‍රයිව් ඇ‌සිස්ට් උපාංගය අනිත් හැම විශේෂාංගයකටම සාපේක්ෂව අලුත් විශේෂාංගයක්.

    මෝටර් රථය විශාල ගොඩනැගිලි හෝ විශාල මෝටර් රථ නැවතුම් අතරින් පටු මාර්ගයකින්,ගමන් මාර්ගයට රිවර්ස් කරනවිට මෝටර් රථයේ රියදුරාට අනෙක් පසින් එන මෝටර් රථ දැකගැනීම ඉතා අසීරැ වෙනවා.මෙහිදී මේ රියර් ක්‍රොස් ට්‍රැෆික් ඇ‌සිස්ට් රේඩාර් සෙනසර් මගින් මෝටර් රථයේ පිටු පස වම හෝ දකුණ පසින් මෝටර් රථය දෙසට ලඟාවෙන අනෙකුත් මෝටර් රථ හඳුනාගෙන ඒ‌බව රියදුරාට දැන්වීමේ හැකියාව මේ රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට් සිස්ටම් එකට තියෙනවා.

    රේඩාර් වර්ගයේ සෙන්සර් දෙකක් මෝටර් රථයේ පිටුපස බම්පරය තුල සවිකර තියෙන අතර අංශක 120 පරායක් තුල මෝටර් රථය දෙසට පැමිණෙන මෝටර් රථ හඳුනාගැනිමේ හැකියාව තිබුණත් මේ රේඩාර් සෙන්සර් මගින් මෝටර් රථයට කෙලින්ම පිටු පසින් ඇ‌ති බාධක හෝ ගමන් කරමින් තිබෙන බාධක සෘජුවම හඳුනා හඳුනාගැනීමේ හැකියාව නැහැ.ඒ‌ නිසා රියර් ක්‍රොස් ටැෆ්‍රික් භාවිතා කිරීමේ දී ද රියදුරු විසින් මෝටර් රථය ඉවතට ගැනීමට පෙර අවට පරිසරය පිලිබඳව දැනුවත් වීම සහතික කරගැනීම සඳහා රිවර්ස් කැමරා,පසු පස බලන කන්ණාඩි සහ හිස හරවා බැලීම ආ‌දිය කිරීම ද තව දුරටත් වදගත් වෙනවා.

    මෝටර් රථ පිටුපසට ගැනීමට රිවර්ස් ගියරයට දැමූ විට සහ සිග්නල් ලයිට් දැමූ විට රිවර්ස් කැමරාව සහ පාර්කිං සෙන්සර් සමග රියර් ක්‍රොස් ට්‍රැෆික් ඇ‌සස්ට් සිස්ටම් එක ද ඇ‌ක්ටිවේට් වීම සිදුවෙනවා.(මෝටර් රථයේ පාර්ක් ඇ‌සිස්ට් සිස්ටම් එක ක්‍රියාත්මක කරලා තියෙන අවස්ථාවල දී පමණක් මේ රියර් ක්‍රොස් ට්‍රැෆික් ඇ‌සිස්ට් ෆන්ෂන් එක ක්‍රියාත්මක වෙනවා)එවිට යම් මෝටර් රථයක්,මෝටර් රථය දෙසට ලඟාවෙමින් තියෙන බව රේඩාර් සෙන්සර් මගින් අනාවරණය වෙනවා නම් රතු හෝ කහ පටා අයිකන්එකක් මගින් මීඩියා ඩිස්ප්ලේ එක මත හෝ සයිඩ් මීරර් මත අනෙක් මෝටර් රථය පැමිණෙන දිශාව ද පෙන්වන ඊතලයක් මගින් දක්ව අතර සමහර මෝටර් රථ වල ඉදිරි පස ඩෝර් ට්‍රිම් ලයිට් සහ හසාර්ඩ් ලයිට් ෆ්ලෑෂ් වීම සහ බීබ් එලාර්ම් එකක් ශබ්ද වීමෙන් ද ඒ‌ බව රියදුරා දැනුවත් කිරීම සිදුකරන අතර අනතුරේ ත්‍රීර්ව තාවය මත ඇ‌න්ටිලොක් බ්‍රේක් සිස්ටම් එක මගික් බ්‍රේක් ජොල්ට් කිරීම ද සිදුකර ඒ‌ බව තවදුරටත් දන්වනවා.

    ඒ‌ අනුව පාර්ක් ඇ‌සිස්ට් සිස්ටම් එක මගින් මෝටර් රථයේ සමීප පරාසයක ඇ‌ති බාධක හා ගැටීම් හඳුනාගෙන ඒ‌ බව දෘශ්‍ය හා එලාර්ම් එකක් මගින් අනතුරු ඇඟවීම් කරන අතර රියර් ක්‍රොස් ට්‍රැෆික් එලාර්ට් එක ඊට වඩා වෙනස් ආ‌කාරයකට මෝටර් රථය දෙසට පැමිණෙන අනෙක් මෝටර් රථ හඳුනාගැනීම සඳහා ක්‍රියාත්මකවීම සිදුවෙනවා.

    වීඩියෝ සඳහා: https://youtu.be/xBKProEJfww

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    18/03/2017