රියැදුරන්_සහ_පදිකයන්_විසින්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රියැදුරන්_සහ_පදිකයන්_විසින්

    රියැදුරන් සහ පදිකයන් විසින් පිළිපැදිය යුතු මෝටර් වාහන හා මාර්ග සංඥා තුන්සියයක්‌ ඇතුළත් අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක්‌ රජය විසින් නිකුත් කර ඇත. #SLtraffic_News
    මෙතෙක්‌ පැවැති මාර්ග සලකුණු හා සංඥ මෙන්ම අලුත් සලකුණු හා සංඥා රැසක්‌ද මෙම ගැසට්‌ පත්‍රය මගින් හඳුන්වා දී තිබේ.


    15894229_612415218948370_1461201797911890080_n.png


    වාහන හා මාර්ග සංඥ 300 ක්‌
    ඇතුළත් නව ගැසට්‌ පත්‍රය මැතිසබයට


    අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

    රියෑදුරන් සහ පදිකයන් විසින් පිළිපැදිය යුතු මෝටර් වාහන හා මාර්ග සංඥා තුන්සියයක්‌ ඇතුළත් අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක්‌ රජය විසින් නිකුත් කර ඇත.

    මෙතෙක්‌ පැවැති මාර්ග සලකුණු හා සංඥ මෙන්ම අලුත් සලකුණු හා සංඥා රැසක්‌ ද මෙම ගැසට්‌ පත්‍රය මගින් හඳුන්වා දී තිබේ.

    මාර්ග හා මෝටර් වාහන සලකුණු අලුත් කරමින් මින් පෙර ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබෙන්නේ මීට වසර තිහකට පෙරය.

    ඒ 1987 මාර්තු 13 දිනැති අංක 444/18 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රයයි. මෙවර මාර්ග සලකුණු තුන්සියයක්‌ ඇතුළත්ව නිකුත් කර ඇත්තේ අංක 1940/21 දරන අතිවිශේෂ ගැසට්‌ නිවේදනය වන අතර එය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිකුත් කර තිබේ.

    මෝටර් වාහන (සලකුණ, සංඥ සංකේත හා මාර්ග ලකුණු කිරීම්) නියෝග ලෙස සඳහන් කර ඇති මෙම ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වීමෙන් පසුව 1987 මාර්තු 13 දිනැති අතිවිශේෂ ගැසට්‌ පත්‍රයේ ඇතුළත් මෝටර් වාහන (සංඥ) පරිච්ජින්න වේ.

    මෙම නියෝග යටතේ අනතුරු ඇඟවීමේ සලකුණු, නියාමන සලකුණු, මඟපෙන්වීමේ තොරතුරු සලකුණු, තහනම් සලකුණු, සීමාකාරී සලකුණු, විධාන සලකුණු, ප්‍රමුඛතා සලකුණු හා ඊට අදාළ රූපසටහන් ද ගැසට්‌ පත්‍රය මගින් පැහැදිලි කර ඇත.

    මාර්ග පද්ධතිය හා රථවාහන වැඩි දියුණු වීමත් සමඟම මෙසේ මාර්ග හා වාහන සංඥ, සලකුණු සංශෝධනය කර ඇති අතර රියෑදුරන්, පදිකයන්, පාපැදිකරුවන් මෙන්ම පොලිස්‌ නිලධාරීන් සඳහා ද මේ යටතේ උපදෙස්‌ ලබාදී තිබේ. මෙම අතිවිශේෂ ගැසට්‌ පත්‍රය පෙරේදා (09 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


    source: http://www.divaina.com/2017/01/11/news05.html

    Download Link http://www.cmtalanka.com/downloads/1940-21_E 12 Nov 2015 Traffic Signs.pdf
     
    • Like
    Reactions: AnuradhaRa

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉංග්‍රීසියෙන් ඉස්සර තිබුණෙත් මෙහෙමද දන්නෙ නෑ
    සිංහලෙන් නං තිබුණෙ වාහන නැවැත්වීම, බඩු බෑම හා පැටවීම තහනම් කියල :lol:


    View attachment 67412

    හිටං බෑ කියලා තියේන්නේ..... :rolleyes::rolleyes: