රිය අනතුරින් අයෙක් මරුට:7 ක් රෝහලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_aaa04623c2.jpg




    කොළඹ - කුරුණෑගල මාර්ගයේ දඹදෙණිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ලොරි රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් අද (13) උදෑසන සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව වෑන් රථයේ ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි .

    ගිරිඋල්ලේ සිට නාරම්මල දෙසට ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් මෙසේ යකඩ පැටවූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

    යකඩ පැටවූ ලොරි රථය ඉන්ධන පිරවුම්හලේ සිට මහා මාර්ගයට දැමීමේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගිය වෑන් රථයේ රියදුරු විලගෙදර,ගොනවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයෙකු බවත් වෑන් රථයේ ගමන්ගත් ඇඟලුම් සේවකයින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

    අනතුරෙන් ලොරි රථයේ රියැදුරු ද තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත් ගිරිඋල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැවසීය.

    අනතුර සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



    image_fe9b0966f5.jpg


    image_7ce558046a.jpg


    image_8fc9d256e8.jpg


    image_d949eb500b.jpg


    image_4fff19ea20.jpg



    http://www.lankadeepa.lk/provincial_news/රිය-අනතුරින්-අයෙක්-මරුට:7-ක්-රෝහලේ/59-590525
     
    • Wow
    Reactions: shadow134

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වෑන් එක කෙලගෙන ඇවිත්ද ඔච්චර ඩැමේජ් එකක් වෙන්ඩ තරම්