රිලා හිනා කථා වස්තුව

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රිලා හිනා කථා වස්තුව

    ඔන්න එකෝමත් එක කාලෙක පුරාණම පුරාණේ ඒ කියන්නෙ මහප්‍රාණ අතීතෙ, කෙළමලියයි රාජධානියේ හිටිය ඇට්ටරය කියල මහාණුභාව සම්පන්න රජ කෙනෙක්.බිසවුන්නාන්සේ සිරියාවතී දේවීන්නාන්සේ වූවාය. එතුමා පුත්‍ර රත්නය ද එසේම ආනුභාව සම්පන්නය හ. කොණ්ඩයේ විවිධාකාර කට් කපන හෙයින් ද, "ක්ලාස් යනවා " යැයි රජුට පච තෙපලා කට්ටි පනින හෙයින් ද කට්ටා නම් ලද්දාහුය. ඉදින් මේ කට්ටා වයසින් යන්තමින් පහළොවක් වුව ද මහම මහ නොසණ්ඩාලයෙකැයි ගම්මුන් කතා බස් කරන්නාහ. මේ වන විටත් කුමර තෙමේ කුමරි කෑලි හත අටක් ආංබාං කරමින් ෆුල් ත්‍රිල් එකේ දැහමෙන් සෙමෙන් සුවසේ ආතල් දිවියක් ගෙවන්නාහුය. දිනක් මේ කට්ටා හැකරාණි සිටු කුමරිය හා වෙල ළග ඇටඹ කැලේ දි මුණ ගැසීමට කතිකා කර ගෙන තිබුන ද වැඩ රාජකාරි බහුල වූ හෙයින් පැයක පමණ ප්‍රමාද දෝෂයක් සිද්ද වන්නට යෙදින. කුමාර තෙමේ එතනට යන විටත් කුමාරි ෆුල් අෆ්සෙට් ව ඔරොප්පු මූඩ් ගසා, මහා පතරංග ඇටඹ වෘක්ෂයකට පිට දී කුමරුන්ට ගෙනා චොකලටය අනුභව කරමින් ඉවත බලා සිටියාය‍. කට්ටා ද කිසිවක් නොවූවා සේ කුමරියට හායි කියමින් ඈ අසලින්ම ඈදි ගත්තාහුය. කුමරි නම් ඔහු ව තඹේකට වත් මායිම් නොකලාය. එයින් මහත් අමන්දානන්දයට පත් අසල ඇටඹ ගස් මත වූ රිලා රැල ගස් වලින් බිමට බැස ප්‍රීති ඝෝෂා පවත්වන්නාහ. චාටර් ස්මයිල් දමන්නාහ. හූ කියන්නාහ. විරිත්තන්නාහ.
    ඒ අතරෙහි වූ රිලා කපල් ද කුමරුනට ඉන්සල්ට් කරන්නාහ. රිලව් දැක මහත් සේ තැති ගත් කුමරි තෙමේ සියල්ල අමතකව "අනේ කට්ටා..මම බයායි.." කියමින් කට්ටාව බදා ගත්තාය.‍මෙයින් ටියුන් වූ කුමර තෙමේ එම රිලා රැලට මෙසේ බැන වදින්නට වූහ.

    අනේ පලයව් බොලව්,
    උඹලාට මල ඉලව්..
    කැඩුනාම මගේ ලව්,
    හිනාවීලා බලව්..
    තොපේ ලව්,
    පලහිලව්..
    හෙව්වා ද මම කියව්...
    මගේ ලව් එලම ලව්,
    උදලු දාලා බලව්..
    දැකල නෑ මම මෙහෙව්,
    හිනාවෙනවා රිලව්..

    කුමරාගෙ ආක්‍රෝෂ පරිභවයෙන් රිලවුන්ට ෆුල් ආතල්. එක රිලවෙකුදු එතනින් ගියේ නැත. නමුදු කුමරියගේ අෆ්සට් මූඩ් දූරින්භූත වී කුමරාට තවත් ලං වූවාය. නමට නොව සිරාවටම කට්ට වූ කුමර තෙමේ කෝචොක් හිනාවකින් රිලවුන්ට සංග්‍රහ කිරීමට මතක බැරි නොකලාහ.

    කතාව ද නිමියේය.:P






    සියලු හිමිකම් ඇවිරිණි. අයිතිය ~#TakurZ#~ සතුය.
     
    Last edited:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කාට හරි මඩක් ගහන්න කියාපු පෝස්ට් එක බන්!
    මැක්සා!!
    හොද වෙලාවට copyrights දාල තියෙන්නේ!
    නැත්තම් ගල් නගින අය උස්සයි ඕකත් හික්ස්!!
    Keep it up machan!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම කතාවක්.... :lol::lol::lol:

    වචන දෙකක් නෑ.. මැක්සා.... :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාට හරි මඩක් ගහන්න කියාපු පෝස්ට් එක බන්!
    මැක්සා!!
    හොද වෙලාවට copyrights දාල තියෙන්නේ!
    නැත්තම් ගල් නගින අය උස්සයි ඕකත් හික්ස්!!
    Keep it up machan!!

    :lol::lol::lol:

    මෙක කෙසේ වෙතත් මූව උස්සන්න නම් දැනටම ගේමක් දෙන්න හදනවා ඇති.... :P:P