රිෂාඩ්ට_වාහන_7ක්
ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ අනුව ඇමැතිවරයකුගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු උපරිම වාහන ගණන තුනක් වුවද කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වැඩිපුර වාහන හතක් ලබා දී ඇතැයි අනාවරණය වේ.
මේ බව අනාවරණය වනුයේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයෙන් ලබා ගත් තොරතුරු වලිනි. කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ජූලි 11 වැනි තොරතුරු ඉල්ලීමක් යොමු කරමින් එම අමාත්‍යංශයේ වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි අතර එහි අතිරේක ලේකම් (පාලන) ටී ඩී පී එස් පෙරේරා මහතාගේ අත්සනින් එම තොරතුරු මුදා හැර තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබූ අංක සීඒ/1/17/1 සහ 2010.05.14 දින දරණ රාජ්‍ය විදයම් කළමනාකරණ චක්‍රලේඛයේ අංක තුන ඡේදයේ ප්‍රතිපාදන අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙන් කළ හැකි උපරිම නිල වාහන සංඛ්‍යාව තුනකි. අංක සීඑස්ඒ/1/5 හා 2016.04.19 දිනැති චක්‍රලේඛය අනුව එම වාහන සංඛ්‍යාව එලෙසින්ම රාජ්‍ය අමාත්‍යවරුන්ට ද වලංගු බව දන්වා තිබේ.
එසේ තිබියදී කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයෙන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාට ලබා දී ඇති වාහන ගණන 10ක් බව තොරතුරු දැන ගැනීමේ පනතින් ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වේ. කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාට ලබා දී ඇති රියදුරන් ගණන අට දෙනෙකි.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ සංචිතයේ වාහන 23ක් ඇති අතර තවත් වාහන 16ක් අමාත්‍යංශයේ නිලධාරීන්ට වෙන් කර තිබේ. නිලධාරීන් භාවිත කරන වාහනවලින් දෙකක් මෙහෙයුම් කල්බදු ක්‍රමයට පරිහරණය කරනු ලබන වාහන වේ.
එම අමාත්‍යංශයේ සංචිතයේ ඇති වාහනවලින් 9ක් සඳහා රියදුරන් නොමැති අතර නිල වාහන හමි නිලධාරීන්ට වෙන් කළ වාහන 16න් දෙකක් යොදාගෙන ඇත්තේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් රියදුරන් වේ. අමාත්‍යවරයාට අනියුක්ත කළ වාහන දෙකක් සඳහා යෙදවා ඇති රියදුරන් සහ ප්‍රාදේශීය රියදුරන් අට දෙනකු ද සමඟ අමාත්‍යංශ රියදුරන් සංඛ්‍යාව 28ක් වේ.
අමාත්‍යවරයාට ලබා දී ඇති වාහන අතර සී.ඒ.වී, සී.ඒ.ඊ, පීඑෆ්, පී.එච්, කේ.වයි සහ කේ.ජී යන ඉංග්‍රීසි අකුරුවලින් පටන් ගන්නා වහන ද වේ.
රාජ්‍ය විදයම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකුගේ නිල වාහනයක් සඳහා ඉන්ධන දීමනාව පහත වගුවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් විමසීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීට උත්සාහ කළද එය අසාර්ථක විය. අමාත්‍යංශ ලේකම් කේ ඩී එන් ආර් අසෝක මහතාගෙන් මේ ගැනවිමසීමේ දී ඔහු කීවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පාලන අතිරේක ලේකම් බැවින් ඔහුට කතා කරන ලෙසයි. කෙසේ වෙතත් මෙම තොරතුරු මුදා හැර ඇත්තේ අතිරේක ලේකම් පරිපාලන ටී ඩී පී එස් පෙරේරා මහතාගේ අත්සනිනි.